8.04.2010

ඔබ රණවිරුවෙකි පණ සටනට හල....!!

යුද්දෙ බරටම ඇවිලෙන දවසක පාරක් හරහට එල්ලිලා තිබුණු ලස්සන පාඨයක් දැක්කා.... "ඔබ රණවිරුවෙකි පණ සටනට හල....!!" ඒක බොක්කටම වදිනවා අපේ රණවිරුවන් ගැන හරි අභිමානයක් දැනෙනවා.. ඇයි මගේ සහෝදරයත් රණවිරුවෙක්නෙ... මං ආඩම්බර වෙන්නම එපෑ.. පාරෙදි දකින කොට උණත් ආමි යුනිෆෝම් එකට ආස හිතෙනවා... මුන්ට කොච්චර 'මොරාල්' එකක් ඔනේ ඇත්ද...
ඉතින් මිනිස්සු තමන්ට ආදරෙයි කියලා දැනෙන එක කොච්චර ලොකු දෙයක්ද...
ළගදි ජන හද හඳුනන රාජ්‍ය බැංකුවකට ගියා.... එහෙ සූ ගාලා සෙනග. ආමි පඩිදවස හින්දද කොහෙදෝ.. ඒ කලබල අස්සෙ ආමිකාරයෙක් බැංකු මහත්තයෙක් එක්ක රණ්ඩුවක පැටලිලා.. තවටිකක් හොඳට ලංවෙලා බැලුවා.. ඔව් ආමිකාරයෙක් තමයි රණවිරුවො කොයින්ද දැන්. යුද්දෙ ඉවරයිනෙ...
"ඇයි මොකද එහෙම කියන්නෙ... මං ආණ්ඩුවෙ ස්ථිර රස්සාවක් කරනවා.. මටත් පුලුවං වෙන්න ඔනෙ..."
මං හෙමින් සැරෙ ස්ලිප් එකක් අරන් ලියන්න ඔන දේවල්ටික එහෙම ලියාන කවුන්ටරයක් ගාවට කිට්ටු උණා.. කවුදෝ කෙනෙක් මගේ පිටට අත තියනවා දැනිලා පිටිපස්ස බැලුවා
"මල්ලී කවද්ද ආවෙ...?"
"ආ බණ්ඩාර අයියා මොකෝ මෙපැත්තෙ.. පඩිය අරංයන්න වගේ.."
බණ්ඩර අයියා ගෙවල් ලගපාතම ඉන්න හිතවතෙක්.. ආමි එකට ගිහිල්ලා දැන් අවුරුදු විස්සක් විතර ඇති මයෙ හිතේ.
"නැ මල්ලි පොඩි වැඩකට ආවා...."
"ගෑණිට මැෂින් එකක් අරං දෙන්න ණයක් ගන්න ආවා... ණයට දෙන කඩවල් වල ආමි අයට දෙන්න බෑලු.. ඉතිං බැංකුවෙන්වත් ගන්න පුලුවන්ද බලන්න ආවෙ...."
"ඉතිං මොකෝ උණේ....?"
සිද්ධිය දන්නවා උණත් දන්නේ නෑ වගේ මං ඇහුවා.
"පරණ කතාවම තමා...."
කියාගෙනම කැප් එක ගලවලා කිහිලලෙ ගහගත්තා..
"ඔළුවෙ කැලල තාම තියෙනවා නේ...."
මං එහෙම ඇහුවෙ කතාව වෙන පැත්තකට හරවන්න ඔනේ නිසා. මිනිහගේ ඇහැට ඇවිත් තිබුණු කඳුලු බින්දුව බිමට වැටෙනවට මං කැමති උණේ නෑ..
"ඔවු මෙක ආයෙ කොහොමත් මැකෙන්නෑ.. මෝටාර් කෑල්ල වැදුනට පස්සෙ මැහුං අටක් දැම්මනේ.."
නිර්ව්‍යාජ හිනාවකුත් එක්ක හරි ආඩම්බරෙන් කියාගෙන ගියා..
"ආමිකාරයන්ට ණය දෙන්නෑ මල්ලී.. කොයිවෙලාවෙද ෂුවර් නෑනෙ.."
"මං යන්නං මල්ලි...."
කියලා ඉක්මනට හැරිලා ගියාට මොකද අර කඳුල බිමට පනිනවා හංගන්න පුලුවන් උණේ නෑ.. මං ආපහු යන ගමන් පරණ බැනර් එක දිහා බැලුවා ඒකේ නූලක් ගැලවිලා පැත්තක් එල්ලෙනවා
පණ සටනට හල විරුවන්..
වාසනාවන්තයි
ගැලවුනු
ආමිකාරයන්ට වඩා
ඒත් අපි ජීවත් වෙන්නෙ උංගෙ කඳුලු උඩින් කියලා මතක එකෙක් හරි ඈතිනෙ.....!

මේ ගමන් මේ වීඩියො එකත් බලපල්ලා.....!!!!



Read more »

8.02.2010

ඩිස්කවරියක්ද......


ලෝකයාගේ බ්ලොග් එකේ ඇක්සස් නැතිඋනාට පස්සේ සිද්ධි ගොඩක් තිබුණා උනත් ලියන්න තැනක් නැතිව කරවෙවී හිටියා....
දැන් ඉතින් අච්චාරුවක් වගේ කලවම් වෙච්ච නරකයාගේ පිහිට තමයි...

එදා මෙදා තුර ආස්සරේට වැටිච්චි කැනහිලෝ රංචුවක් ඉන්නවා එකට හාකුට්ටර වෙච්චි. ඉතින් පුළුවං විදියට මතක්වෙන වෙලාවට එක එකා ගැන ලියන්න හිතුනා. ඔතනින් එක වසුපැටියෙක් ඉන්නව අල්ලි කියලා. ඌ කටකම සිරියාවෙ ප‍්‍රතිමූර්තිය. කියලා වැඩක් නෑ ඌත් මැරිලා අපිවත් මරවන කතාවක් කියලා ඇති කට ඇරියොත්. මෙ ලගදි දවසක අපි හිටියා බස් එකක් එනකන් (මේ පාරෙන් බස් එන්නෙ පොයට උණත් සාඩම්බර ශ‍්‍රීලාංකිකයන් විදියට බලාපොරොත්තු අතහරින්නේ නෑ කවදාවත්). මෙහෙම ඉන්නකොට අපි දකිනවා කාන්තාවක් ඇහැටයි කනටයි දකින්න පුලුවන් හැමතැනටමයි පේන. ඉතිං බස්එකක් එනකන් මේ සක්කරවට්ටම ගැන කියව කියව ඇද හොයනවා මුං ටික.....
අනේ හාංකවිසියක්වත් නරක හිතකින්නම් නෙවෙයි. ඔය කතන්දර අස්සෙ අපේ කතානායකයා කියුවා මෙයාව මං අඳුනනවා කියලා...... ඇත්ත වෙන්න ඇති රටේ ලෝකේ හැම ගෑණියෙක් පාහෙම අඳුනන ජාතියේ පොරක්....... මූට එකෙක් කියුවා.......
"වෙන්න බෑ...."
"නෑ නෑ ඒකිම තමා මොකෝ මං නොදන්නේ....."
"කවුද හා.......?"
"අර අහවල් දිහා.... අරූ බැඳලා ඉන්නෙ....." කියලා මූ නම් දෙකකුත් කියුවා....
අනේ ඉතිං අපිටත් වැඩ නැතිව මේ වල් පල් අහංඉන්නවනෙ දෙයියනේ... ඒ මදිවට මෙ ගැස්තරයෝ හූ මිටිත් තියනවා..
"කවුද....?"
"අර අරූ බං මේ ළගදි ඩිස්කවරියක් (බයික් එකක්) ගත්තේ....?"
"ෂුවර්ද....?"
"හිටපිය අහලා බලන්නං.... තොපිට මාව ෂුවර් නෑනේ......!!"
මෙකා හෙමිං අරකි ගාවට කිට්ටු කලා අපේ කටෙ කෙල පුළුං වෙලා....මෙකා මොන ඉලවුවකට මේ බැඳපු ගෑණියක් පස්සෙ යනවද මන්දා..
ළගට ගිහින් කෙල්ලගෙන් අහනවා........
"ම්..... නංගී......!!"
අරකිත් හැරිලා බැලුවා...
"නංගි බැඳලා ඉන්නෙ ඩිස්කවරියක්ද......?"

අපි පයින්ම ගමන් පටන් ගත්තා.......!!

Read more »

8.01.2010

මම නුඹෙ නොවූ....


මම නුඹට ආදරෙයි....
සත්තමයි
ඒත් නුඹ මට දුරයි..
හිතන්නත් බැරිතරම්
නුඹ අහස...
මම පොළොව..
නුඹ කියූ වග සැබැයි
ඇත්තමයි මම පොළොව
එහෙම නූනොත් හෙට..
මම කොහොම දරන්නද,
නුඹෙන් ලද තනිකම.
ඒත් මම ආදරෙයි..
සදහටම නුඹේ නමට.
පොළොව කොහොමද ඉන්නෙ
අහස නැති විශ්වයක
ඉතින්....
නුඹ මගෙමයි...
මම නුඹෙ නොවූ නමුත්.



සටහන-
අයිතිකාරයෙක් නැති කවියක්.... පරණ ලාච්චුවක තිබුණු.....!

Read more »

Followers