5.30.2011

ගෙදරටම පැමිණ උගන්වනු ලැබේ.....


පදින්නා හරි පෝරිසාදයා උණාට හිත හොඳ එකා....
ඒනිසාම තමයි ඌ ළමයින්ගෙ ඇස් පාදන්න හිතාන පන්ති කරන්න පටන් ගත්තේ.... ඒකම කොච්චර පිනක්ද අම්මපා, මං අහන්නෙ පැයට දාහක් විතර ගත්තට මොකෝ ගෙදෙට්ටම යනවා නෙව. ඉතිං කොහොමද දැං පන්තිය පටන් ගන්නෙ.. ඉස්ඉස්සෙල්ලාම දෙන්ට ඔනැ හොඳ ප‍්‍රචාරයක්, ආයෙ පොරි හැලෙන්ට...
හොඳවැයින් කැලෑපත්තර ටිකක් හෙම ගහලා කාරිය වැඩට බැස්සා... ඔන්න ඉතිං තව එකෙක් දෙන්නෙක් සෙට් කරගෙන ගියා ඒවා අලවන්න... ඒ පුණ්‍ය කරුමෙට අපිට සහභාගි වෙන්ට පින නැති උණාට බොක්කෙන්ම ආශිර්වාද කලා..... දවසක් ගියා දෙකක් ගියා ම්හු තාම බල්ලෙක්වත් කතා කලේ නෑ... තුනක් ගියා..... හතරවෙනි දවසෙ යාන්තම් කෝල් එකක් ආවා...

"හේලෝ....... මේ..... ක්ලාස් කරනවා කියලා පොස්ටරයක් ගහලා තියෙනවා නේද....?"

"ආ ඔව් ඔව්...... කීය වසරෙද.....?"

"මටනම් දැන් අවුරුදු 28ක් වෙනවා.... මම මෙ පොලිසියෙන් කතා කරන්නෙ...... අර පෝස්ටර් ගහලා තියෙන්නෙ ප‍්‍රසිද්ධ තැන් වල කරුණා කරලා ඒවා ගලවන්න......"

පදින්නාගෙ අහවල් පැත්තෙන් ඉක්කා යන්න ගත්තෙ එතකොට.....
ඉතිං ආයෙත් මහ රූ ගියා පෝස්ටර් හොයා ගෙන
ඔන්න ඒ කරුමෙට නම් කර ගැහවා අපිත්.....!!

Read more »

5.25.2011

තේරුමට තේරුමක්..............



ජීවිතය එක්ක දුර යන්න
එන්න කිව්වම ආවට මොකද
ඇහුවද ඇයි කියලා
මම කව්ද කියලා දන්නවද
අඩු තරමේ අඳුරනවද....
කඳුලු හංගන්න එපා කිව්වට
ඇහුවේ නෑනේ
ප්‍රශ්ණ නැත්තේ කාටද...........
එන්න කලින් තව පාරක් හිතන්න තිබුනනේ
හිතුවෙ නෑ නේද ?........
හිත රිදෙයි කියලා
පුරුදු වෙනකන් ඔහොම තමා
කාලයක් යනකොට තේරේනවා
ඔක්කොම කරන්නේ බොරුව
සෝබනේ විතරයි..
හැමතැනම මෙහෙම තමා
සම්මත රාමුවෙන් පිට පැන්නම
රණවිරුවෝ කියන්නේ හැමෝම නෙමේ
මමත් නෙමේ
පොලවට ලේත් එක්ක ජීවිතය දුන්න
පොඩි එකත් නෙමේ
කැරකෙන පුටුවේ ඉන්න
පරිමාව වැඩි ලොකු එකත් නෙමේ
උගේ...................
තෙරුනේ ආවට පස්සේද....
ඇහුවේ නෑනේ කියපු දේ
හොඳ වැඩේ.....................

Read more »

පාට පාට නිල් පාට.................


නිල් වන් නෙත් යුගට
නීල වර්ණ සයුරට
සහ නුඹට මෙන්ම
රේඛිය ජීවිතයට
උපමා සෙව්ව.........

බ්ඳිමට ප්‍රථම
බහු විද සංකල්පයට මැදි වූ
ඒකාන්තර ජීවිතයට.....
පෙම් නොබැඳි පෙම් බැඳුන
දෙකේ පාදයෙන් කරදියට
පොඩි කර දැමුන සිතිවිලි
සමග වූ ඒකාන්තර නොවන
දෘශ්‍ය ලෝකය බිඳ දමා
අවර්ණ නිල් පැහය හා මුසුව
නැවත සයිබර් සංහතියට
පා තබන්නට පැකිලෙන
අනන්‍ය නීල වර්ණකයා
නරකයා හමුවට

Read more »

මෙහෙමත් ගෑණු....




හප්පා රසනෙ.....
අනිත් ඉර දැම්ම පායලාද මන්දා... ඔන්න රෑට වහිනවා පට්ට ආතල්......
නිදා ඉද්දි ඔලුවට වතුර පාරකුත් වැටෙනවා... කුණු හරුපයක් කියලා ආතල් එකේ ආයෙ නිදා ගත්තා පුහ් තියෙන සැප....

හුට්ප්පරයයි...
උදේට නැගිටින කොටත් වහිනවා... දැං කොහොමද යන්නේ..
මොන ලබ්බක්ද මන්දා මෙ වැස්ස... ආච්චිට හුරුල්ලො පුච්චන වැස්ස.....
ගේ ඉස්සරහා මඩ වලේ තැන් තැන් වලින් ගොඩැලි මතු වෙලා...... ඒ උඩින් හෙමින් අඩිය තියලා යනකොට සපත්තු ඇතුලට වතුර යන්නෙ චුට්ටයි....

පාරෙ හැම තැනම කෙල්ලො...
එහෙ බැලුවත් කෙල්ලෙක්... මෙහෙ බැලුවත් කෙල්ලෙක්... මගෙ කණ්නාඩි දෙක මාරු කරන්න වෙයි වගේ... ම්හු.. ඒක ගලවලා බැලුවත් කෙල්ලොම තමයි මම වල් වැඩි වෙලාවත් ද....? මම ඇහුවා සියුස් දෙයියන්ගෙන්....
අද පිරිමින්ගෙ දවසවත්ද... අපිට නිවාඩුවත් ද......??
හා.......... නෑ... මෙ ඉන්නෙ... බස්හෝලට් වල... කඩ එළිපත්තේ..... වහලයක් පේන පේන තැන් වල මුං පොදි ගැහිලා.... වැස්සට කොටු වෙලා..

ගෑනුන් ට පිස්සු...
උං කුඩ ඉහලං වැඩට යනවා... මාත් දුවලා ගියා කඩයක් ඇතුලට..... මෙ ගෑණුන්ට පිස්සු.....!!

Read more »

5.22.2011

ලෝකයාට හොඳ වැඩෙ......


සුමිහිරි ස්කූටර් නළා හඩ මැද්දෙන් මතුවන ධූලි පුසුඹ නාස් ගොබ සිසාරා යන හිමිදිරියේ... පස්සට අව්ව වැටෙන්නටත් මත්තෙන් නැගුනු ගොරහැඩි කටහඩක් ලෝකයාව කීද්දුවා.... කොටින්ම කියනවනම් ජොබා කොලුවා උදෙන්ම ඇවිත් මෙකට කතා කලා..

"තොට ලයිසන් තියෙනවා නේ.. මාත් එක්ක වරකො ගමනක් යන්න...."

ඉතින් අපේ ලෝකයා කොකටත් රෙඩි හන්දා ලැස්ති වෙලා ආදර ජොබාට උදවු කරන්න ගියා. ලෑස්ති උණා කීවට කොහොමත් මූ කොණ්ඩෙ පීරන එකෙක් නෙවේ, ඩෙනිම ඇඳගෙනම නිදියන්නෙ.. ඉතිං කමිසෙ විතරයි ඇඳගන්න ඔ්නෙ.. මූණත් රූට හෝදලානෙ ඉන්නෙ, කට විතරයි හෝදන්න තියෙන්නෙ.. ඔය විදියට උදේ තේ එකටත් කෙලවපු මේ කැනහිල් රාජයාගේ අම්ම අප්පට මොකූත් නොකියා දෙන්නාම ලෝකයාගෙ ගෙදරින් එලියට බැස්සා.... මමනම් ලෝකයත් එක්ක කොහෙවත් යන්නෙ නෑ.. එදා පොලිසියෙන් නැවතුණාට පස්සෙ (ඒ කතාව පසුවට දාන්නම්) මුන් දෙන්නා පැයගානක් බයික් එක පස්ස පැත්තෙ ගහගෙන ඉන්නකොට ලෝකයාගෙ ලොවෙත් පොඩි බන්ඩියෙන් රේඩාර් සිග්නල් එන්න ගත්තා..... අනේ ඉතින් මේ බන්ඩිය වයිබ්‍රෙට් වෙන සද්දෙට ජොබා ගෙ පාණ්ඩු ෙසෙලාසනේ උණු වෙන්න ගත්තා.. ඇත්තටම උගේ බයික් එකේ තියෙන්නෙ ෙසෙලාසනයක් තමයි.. ඉඳගත්තාම පස්ස ඉක්කා ගහනවා.. අනේ ඉතින් ලෝකයාගෙ රිළා මූණට අවඅටවක සඳ පැව්වා වගේ උණා කඩයක් ගාව නවත්තන කොට... දත් මැදලා නැති උණාට මොකද දත් තිහම පෙන්න ගෙන කඩේ ඇතුලට ගියා (මුගේ එක දතක් තාම ඇවිත් නෑ.. තව එකක් ඉස්කෝලෙ තාප්පෙන් පනිද්දී කැඩුණා) මෙසෙක මූ ඉඳගත්තෙ හොඳට කන්න කියලා.. වේටර් කොළුවා ළගට එන කොට මූ බත් එකක් දෙන්න කියන්න යද්දිම කවදත් ඉස්සර වෙන ජොබාගේ කට ඉස්සර උණා....

"බනිස් ගේන්න...."

ලොකයාගේ කට දෙකොනින් කඳුලු පනින්න ගත්තා.... කමක් නෑ ගේන වට්ටක්කයක් හොඳට අනුමත කරලා සැනසෙන්න හිතා ගත්තා.. වෙටර් කොළුවා අත් දෙකෙන්ම බදාගෙන අවා... බනිස් ගොඩාක්.... සීනි බනිස්, ජෑම් බනිස්, ඩබල් බනිස්.... ලෝකයා තීරණය කලා සීනි බනිස් වලින් වැඩේ පටන් ගන්න... ඇස් දෙක පියාන කිඹුලා කිරිමැටි ගිලිනවා වගේ දවස් දෙකකට වඩා පරණ නැති මැටි වගේ රසම රස බනිසෙ ගිලින්න ගත්තා...ඒක ඉවර කරලා තව එකක් දිහා බලන්න මත්තෙන් ජොබා....

"ඇති නේද මචං අපි මොනවා හරි බොමු...."

කියුවා... ලොකයා කාපු බනිසෙ හිස්පොල්ලෙන් ගියා.. අහින්සක හීන ලෝකෙ බිඳවැටෙද්දි කිරි එකකින් බඩ සනසා ගන්න හිත දැඩිකර ගත්තා...

"ප්ලේනටි දෙකයි..."

ජොබාගේ නාදය කන විනිවිද යද්දී මූට මල පැන්නා ඇත්තටම කලින් පැනලා තිබ්බ මල අතට ගත්තා

"මචං මගේ බඩ පිරිලා තේ බොන්න බෑ..."

මලපැනපුවාම ඔකා හෙන මෝඩයා..... ඉතිං ගෙදර එනකන්ම ඩෙනිමෙ පටිය තදකර ගෙන ආවා... අනේ සාධු....... මොනවා උණත් හොඳ වැඩෙ.......

Read more »

5.08.2011

මැයි පලවැනිද

විකාර


කම් කරු අයිතිවාසිකම් පසෙක ලා ජාත්යන්තර අභියෝග හමුවේ ජනපති දෑත් ශක්තිමත් කරන්න........

රට බේරගත්ත විරුවට උපහාර දක්වන්න මේ මේමැයි දවසෙ හැමෝම එන්න ලු................

රූපවාහිනි යෙන් ඇහුනා........

කිරිඅප්පොච්චියේ දැන් මෙ මොන විරුවා ගැනද කියන්නෙ මන්දා..... යකෝ කම්නරුවන්ට උපහාර දක්වන්නේ කවද්ද එතකොට........අප්රෙල් පලවැනිද වෙන්ටෑ..........

දරුස්මාන්ට විරුද්ධව ලියපු එස්'එම්'එස් එක 6797 සෙන්ඩ් කරා....

හෙහ් දැන් කොහෙද මූන් උන්නැහේ අපිට කෙලවන්නේ........ හනේ අම්මා පල්ලා........

Read more »

Followers