7.31.2012

බඩු ගියා බන්....

මට එදා ටුටුවා හම්බෙලා ඉස්කොලේ කාලේ වෙච්ච ආතල් ටිකක් එහෙම මතක් කලා........ වැඩේ කියන්නේ මට ඔ්වා සුටුස් ගාලා අමතක වෙන එකනේ.... 
මම ඉතිං ඌට කිවුවා "ඔය කතා ටික ලියලා එවපංකො.." කියලා 
"ඔව් ඔව් මට හොඳ...ට ටයිපිං පුළුවංනේ.. මට පුළු පුළුවං වෙලාවට උඹට පුක දෙන්නං.." කියලා බැන බැන ගියා... අනේ අපරාදේ කියන්න බෑ.. කතා දෙකක් තුනක් ලියලා එවලා තිබ්බා... මේකත් එයින් එකක්...


ඔන්න දවසක් සුදු මල්ලියි(තඩි සුපුනා)  ටුටුවයි(උදිත) ජනකයයි පට්ටලයයි නන්දෙ මාමයි ටුටුලාගේ ගෙදර කවුරුත් නෑ කියලා බොන්න ගියා.... ඉස්කොලෙ සුපුරුදු ගහ දිගේ ගිහින් තාප්පෙන් පැනලා රෝයල් එකේ බැජ් ටික ගලවලා තෝපාවැව ඉස්කෝලෙ බැජ් සෙටි කරගෙන බස් එකට නැග්ගා දැන් කොහෙ ද ඉතින් බොන්න සල්ලි...? 
සුපුනා කිව්වා 
"හරි හරි ඒවා හරි බහිමු.... "
පොළොන්නරැවෙ පොළ ගාවින් බැස්ස 

තඩි සුපුනා ඇද්දා බැංකූ කාඩි 1 ක්...... සුපුනා අයියා වගේ ගියා ඇතුලට අපි එතනම කඩේක පිටිපස්සෙ සිගරටි 1 බොනවා.... බොද්දි පොරක් ආවා 
"ආ.... පුතාලා ඉස්කෝලෙ ඇදුමින්.....??"
අවුලක් නෑ අපි ගහන් ඉන්නෙ අනිත් ඉස්කොලෙ බැජ්නේ.... ටුටුවයි පටිටලයයි පොරව අදුනනවා අනිත් වුන් දන් නෑ... අර පොර අහනවා 
"පුතාලා දන්නවාද මං කවුද කියලා...??" 
එක පාරටම ගොන් පටිටලයා කිවිවා 
"රම්‍යා මැඩම්ගේ මහත්තයානේ...." 
අපේ සාමාන්‍යයපෙල  සමාජ අධ්‍යයනය මැඩම්ගෙ හබියා වැඩේ දෙල්.... අපි නොකර සද්දෙ මාරු වුනා 

සුපුනා ආවා එලියට... උගේ මූන කැන්ටමේ පැටිස් එක වගේ...කරවෙලා හැඩෙත් අවුල් මොකක් හරි අවුලක් කියල ෂුවර්... 
"බඩු ගියා බන්...."  
බලද්දි කාඩි එක ඇතුලෙ.. 
"අම්මගේ පර්ස් එකෙන් උස්සං අපු කාඩ් එක බං අම්මගේ පාස්වර්ඩ් එක ගහද්දි ඇතුලට ගියා.." 
ඇතූලට ඔක්කොම ගිහින් වැන්දෙ නැතූව විතරයි  කියන්නෙම කාඩි එක අයිතිකාරයා එක්ක එන්න කියලා 
අපේ ගෙවල් ලග අදුරන ඇන්ටි එකක් හිටියා වැඳලා වැඳලා 3.00 ට විතර කාඩි එක ගත්තා සුපුනා අඩනවා දැක්කෙ එදා තමයි කදුලු පිරිලා....

බලද්දි අම්ගෙ පර්ස් එකේ තිබිලා තියෙන්නේ අයියගෙ කාඩි එක මූ ගැහුවෙ අම්මගෙ පාස් වර්ඩි එක.. 
මූ කැනහිලා බව උගෙ අම්මට වඩා කවුද දන්නෙ... 



Read more »

7.29.2012

ටුටුවා යි නන්දයයි මතකද...??? නෙදකිං

ටුටුවා යි නන්දයයි මතකද...  මෙ දෙන්නා තමයි කතාවේ චරිත ටික.... මේ ළගදි ටුටුවා සෙට් වෙලා අපේ අම්මටත් එක්ක හොඳ කිවුවා මන් උන් ගැන බ්ලොග් එකේ දානවා කියලා... කොහොම හරි අළුත් ආරංචි ටිකකුත් හම්බුණා.. මේ වෙලාව මදි කාලේ නිවාඩුවක් දාගෙන හරි මේ ටික ලියන්න හිතුනා.... 


මෙන්න කතාව උගෙ වචන වලින්ම..... 

"මමයි  කොටියායි දවසක් අහම්බෙන්  වගේ නන්දෙලාගෙ ගෙදර ගියා  අයි.ආර්.සී.කාරයො හතර දෙනෙක් නන්දයා වට කරගෙන..... 
අම්මට සිරි අපි උගෙ ළගට ගියා.... ගේමක්ද දන්නෑනෙ, 
නන්දයා ලැජ්ජාවෙන් අපි දිහා බලලා ඇබරෙනවා බලද්දි සීන් එක මොකද්ද දන්නවද....?? මූ මුගේ බයික් එක විකූනන්න සෙටි කරලා.....!! 
අපි ගාවට අසරණයා ඇවිත් වැන්දෙ නැතුව විතරයි අනේ බන් පත්තූ වෙන්න යන්නේ උබලා හිනා වෙලා වැඩේ කන්න එපා  කියලා... අපි ඈතට වෙලා උන්නා.... 
ඔන්න ඉතින් වැඩේ සෙට්. ගාන 13000 - 12000 අතර දොලනය වෙනවා.... 
 12500 වැඩේ ගොඩ ගියා.

එකෙක් නැග්ගා බයික් එකට අර ගෙවල් වල තියනවා වගේ ස්විචය දැම්මා, ගහනවා එකසිය ගානට.... ස්ටාර්ට් නෑ... !!
කික් පැටල් එක අඩනවා......  
නන්දෙ කියනවා එහෙම වෙන්න බෑ මම උදේ අම්මවත් දාලාලු ආවෙ,
ඊටපස්සෙ මූ අපි දෙන්නට කියනවා පෙටිටුල් ½ අරන් එන්නළු සල්ලි දුන්නෙත් නෑ...
අව්ලක් නෑ විකුන්නාම පාටියක් දෙයිනේ කියලා අපි අපේ බයික් එකේ ගිහින් ගෙනත් දුන්නා. 

අර ආපු එකා දැන් ආයෙත් කික් එකට ඔටිටු වෙලා 100 විතර ගහලා දුම දාගෙන උන් ගියා...

දැන් නන්දෙට සිරාවටම දුකයි මොන දර වැට වූනත් පයින් හරි තල්ලු කරන් යන්න එකක් තිබුනනෙ තනිවට. අපි දෙන්නත් පාටියට සෙටමොල් වෙලා ඉන්නවා.... 
මූ කිවිවා චුටිටක් බයික් එක දියන්කො කදුරුවෙලට ගිහින් පටස් ගාලා එන්නං කියලා...
අපේ එක ඌට දීලා දැන් මමයි කොටියයි පයින් කොටියලාගෙ ගෙදර ගියා අර නසරානියා ගල් තඩියක් උස්සන් එයි කියන සිහියෙන්..... 

මූ මෙන්න පැයකට විතර පස්සෙ ආවා...  සාක්කූවට අත දැමිමා....  ගත්තා එලියට හම්පඩ ගැහිචිච ඇන් 70 එකක් අපි දෙන්නාට ඉතින්  මලේ මල් 
"කෝ ගල් බෝතලේ....??"
"ගල් ගන්න සල්ල ඉතුරු උණෙ නෑ බං..." 
"දීපන් හුත් පෙට්ටෝල් ½ සල්ලි.."
" පිස්සුද බන් අම්මටත් 2000 ණයයි..." 

මෙ ගල් වැද්දා බයික් එක 12500 දීලා අතිනුත් 2000ක් දාලා  14500 කට N70ක් අරන්   

දවස් දෙක තූනකට පස්සේ අපේ ගෙදර එනවා මල්ලිගේ පුටාර් එකේ දාඩිය දා ගෙන දිව එලියට දාගෙන.... මොකද බන් මෙ හදිසියෙ ඇහුවම පෝන් එකට පොටෝ දාලා දියන්ලු.... කිලො මිටර තුනහමාරක් පැදලා රූප දා ගන්න...
නෙදකිං


Read more »

Followers