2.28.2012

ආමි කාරයා ත‍්‍රීවීල් කාරයා වීම ( ආමි කාරයා නොහොත් රස්තියාදුකාරයා 2 )


 කලිං කැල්ලත් බලලාම එන්න නැත්තං තේරෙන්නෙ නැතිවෙයි..


"මම එදා ඉටිපන්දම් අනංමනං ටිකක් පෙට්ටියක දාගෙන එද්දි අර පටු බිත්තිය ගාවින් මාව පිටිපස්සෙන් ඇවිත් බදා ගත්තා... බලද්දි මේජර්."
"මං ඔක්කොම ටික බිමදාලා අනිත් පැත්ත හැරිලා දුන්නා කොහොමද දන්නවද.... 
හැබැයි මට බය හිතුණා.... මොකක් උණත් ඌ සීනියර් ඔෆිසර්නේ..... 
මම කෙළින්ම දුවලා ගිහින් නැවතුනේ මේජර් කරුණාරත්න ගාව...
 ඌ එළ අපිට කතා කරේ පුතා කියලා.. ඌට මම සීන් එක කිවුවා... 

මගේ අත පැළිලා තිබ්බෙ එතෙන්දි දැක්කෙ.. මූ මාව බෙහෙත් දාන්න සී එම් සී ගාවට යවලා මූ අරූට කේස් එක ඇද්දා.. !!
දැන් මචං මම පොර.. හෙන ලොකු වැඩක් කරා වගේ.. ඒ උණාට කරුමෙ කියන්නෙ.. කරුණාරත්නට ප‍්‍රමෝෂන් එකක් හම්බුණා, 
පොර ගියා දැං අපිට කවුරුවත් නෑ... 

චපී අයියගේ හිතේ තිබ්බ ආවේගයෙන් කියාගෙන ආපු කතාව තරම්ම දිග ෂොට් එකක් උගුරෙන් පහළට හලා ගෙන මූණ අකුල ගෙන 
"ෂැන්ඩි දාන්න බැරි උණානේ.." කියා හිණා උණත් උගේ ඇස්වල කඳුළු ආවේ ගල් සැරටනං නොවන බව සහතිකය.. 
"ඊට පස්සෙ බං මට කෙළඋණා හොඳම එකෙන්.. ඌ පලි ගත්තා කියන්නෙ මට සිරාවටම මැරෙන්ඩ හිතුණා.. මං කවදා හරි මැරෙන්නෙ  මූවත් මරලාම තමයි කියලා එතකොට මං හිත හදා ගන්නෙ.. .. 
සාමාන්නෙං බං ඔය පොඩි පොඩි වැඩවලට දාන්නේ පොඩි උංනෙ.. මූ වතුර ගේන්ඩයි තේ ගේන්ඩයි තණකොළ කපන්නයි හැම හු***ම මටම කතා කරනවා.. නිකං ඉන්නම නෑ... පී.ටී ඉවර වෙච්චි ගමන් මොකක් හරි වැඩක් මං පැය විසි හතරෙ කොයි වෙලාවෙත් පී ටී නැත්තං ඩියුටි එහෙමත් නැත්තං කඩේ යනවා..

 සාමාන්‍යයෙන් ඩියුටි ඉවරවෙලා වෙපන් එක බාර දෙන්නෙ සුද්දකරලා මැදලා තෙල් දාලා නැත්තං කන්න වෙනවා.. දවසක් මං කෑම්ප් එකට එනකොටම අල්ලගත්තා. නවරත්න කැප්ටන් සමරෙ කොල්ලෙක් මදිව හොයනවා 3ට කලින් එතෙන්ට යනවා. යස් සර් තමයි ඉත් වෙන මොනවා කියන්නද.. 
3ට විනාඩි 5යි පාන්දර නිදි මතේ බං මං ගියා වෙපන් එක සුද්ද කරන්න වෙලාවක් නෑ ඒක දුන්නා  ඒක අරූ බාරගන්ඩ බෑ කිවුවා.. ඉතිං හෙන ගේමක් දීලා ඔන්න ඒකත් මැදලා දිලා යනකොට කැප්ටන් කාරයා වෙන එකෙක්ව වැඩේට සෙට්කරගෙන මං ආපහු ආවා...  අර ප*** සීන් එක බලං ඉඳලා නිදා ගද්දිම අරූ ආවා 

තෝ මොකෝ ගියෙ නැත්තේ... 
සර් වෙපන් එක.. 
වෙපන් එක.. !! පළ ගිහින් ඔක්කොම වෙපන් ටික ආයෙ මැදපිය..!!
ආයෙත් 'යස් සර්' කියලා ගියා... 
මං ඒවෙනකොට දවස් තුනක් නිදියලා හිටියෙ නෑ.. මට වෙපන් එක මැද මැදම නින්ද යනවා...

මට ඒ වෙලාවෙ හිතුණා බට්ටෙක්  ගලවලා දාන්ඩ හැත්ත බුරුත්ත ඔක්කොම හැඳිගෑවිලා යන්ඩ.. ඒ ප්ලැටූන් එකේ බොක්ක දෙන්ඩ හිටපු කොල්ලො හින්දා බොහොම අමාරුවෙන් අදහස අත ඇරියෙ.. 
 ආයෙ ඉතිං ග්‍රෙනේඩ් පෙට්ටියකට දැම්මනං ඉතිං පළාතම ඉවරයි.. මං එකක් සාක්කුවෙත් දාගත්තා... 
හරි කමක් නෑ... තව දවස් 5නෙ..  හිටපංකො නිවාඩු දෙනකං කියලා කාගෙන හිටියා...
පහුවදා රූ අපි සෙට් එක ඩියුටි දැම්මෙ ලයිට්හවුස් එකේ.. මට දැං ඉන්ඩම බෑ.. කොමාන්ඩෝ කෝස් එක කරා වගේ.. ඇවිදගන්නත් පණනෑ.. 
මුං ඔක්කොම මට වෙන සීන් එක දැනගෙන හිටියෙ... එකෙක්ටවත් කරගන්ඩ දෙයක් නෑ බයයි.. 

පස්සෙ සාජන් මට කතා කරා.. නවරත්න තමුසෙ නගිනවා උඩට.. !! 
මාව උඩට නග්ගන්න හදන්නෙ.. එතකොට මට නිදාගන්න පුළුවන් හින්දා මුං මගේ අතේ ගෙජ්ජියක් බැඳලා නූලක් ගැට ගහලා උඩ නිදාගනින් කියලා යැවුවා... කවුරු හරි එනවනං නූලෙන් ඇදලා ඇහැරවනවා මමත් පාඩුවේ ඉන්නවා.. 
අන්තිම වතාවෙ ගියපු නින්ද ගියාම තමයි ඇහැරුණේ නෑ වැඩේ මාට්ටු.. එදා නං පුක පැලෙන්න ගුටිකෑවා සෙට් එකම.. 
හෙළුවෙං පෝට්රෝල් ගැස්සුවේ බොරළුගොඩේ.. 
කරවල් හමගිහින් ලේ බේරෙනවා.. 
එදා නිදාගන්නෙත් නැතිව ඉඳලා පහුවෙනිදා නිවාඩු හම්බුණා... එදා ආවට පස්සෙ තමයි මේ... 
මට මල්ලි වෙන රස්සාවකට යන්නත් නෑ... මාව ගත්තෙ නෑ..
කුලී වැඩ කරන්ඩත් බෑනෙ හැමදාම... අන්තිමට ත‍්‍රිවිල් එකක් ගත්තෙට ඒකටත් ගෑණු එහෙම නගින්නෙ නෑ.. මං ආමි එකෙන් පැන්න එකෙක් හින්දා.. 

එතනින් එහාට මං මොකුත් ඇහුවෙත් නෑ.. ඌ මොකුත් කිවෙත් නෑ... බීලා ඉවර වෙනවෙනකල්ම..
 

ප.ලි නම් ගම් හා සිද්ධි සියල්ල සත්‍යයි..

Read more »

2.25.2012

ආමි කාරයා නොහොත් රස්තියාදුකාරයා

පොඩිකාලේ සිටම දෙමවුපියන් අපගැන තැබූ විශ්වාසයට පිං සිදුවන්නට ගමෙහි හැම අස්සක් මුල්ලක සිටින විවිධ තරාතිරම්වල මිනිසුන් සමග ආශ‍්‍රය කිරීමට හැකියාව ලැබුණි. අවශ්‍යයෙන්ම හොඳට හො නරකට ස්වයං සමාජ අධ්‍යනයකට අපව යොමු කරවීම, දැන් සිටින තත්වයට හේතු වූ සිදධාන්ථයකි.. 
මාගේ හා සහොදරයාගේ යහළුවන් සමග "ගැන්සි ගැහිමෙන්" පොල්ගස් නැගිමේ සිට පිහිනීම හා සාමාන්‍ය පෙල ගණිතයට ඒ සාමාර්ථ දැක්වීම දැක්වීම දක්වා හපන්කම් පෙන්වීමට හැකි විය. 

මේ සිද්ධියද ගැන්සියෙ එක් රස්තියාදුකාරයෙකුගේ කතාව සැකෙවින් කිවු හැටිය. 
රස්තියාදුකාරයෙකු හෙවත් ත‍්‍රි වීලර් ඩයිවරයෙකු පමණක් නොව ආමි කාරයෙකුද විය එයත් හමුදාවෙන් පැනපු එකෙකි. සමාජ අවශ්‍යතාව අනුව සෙල්දාදුවා ජාතික විරයෙක් මෙන්ම විටෙක හමුදාකාරයෙකු වන සේම ඩයිවරයෙකු රස්තියාදු ගසන්නෙකුව හංවඩු ගසා ඇත. 

හමුදාවෙන් පැන ගිය එකෙකු දුටුවිට "අපරාදෙනෙ..  ඔච්චර හිටපු එකේ තව ටිකක් හිටියනම්..." කියන්නට අපිට කට කහන්නේය. ඒ බව හොඳින් අත් වින්දෙ මා හා එක පන්තිවල සිට පසුව විශේෂ බලකායට ගිය 'දයාන්' ඉන් පැන විත් හන්දියේ දැමූ තේ කඩයේ කාලේ කෑ නිසාම නොව "දැන් යුද්ධෙ අහවර නිසා හිටියනම් පැන්ෂන් එකකුත් හම්බෙනවා නොවේදැ"යි මටද කියන්නට සිත්වී ඇති නිසාය... 
මක් නිසාද යත් මගේ එකම අයියා ආමිකාරයෙකු සේම හොඳම මිතුරා නේවි කාරයෙකු නිසාවෙන් උන් ඒ විදියට රාජකාරිය නිමා කරනු දකින්නට ඇති කැමැත්ත නිසාවෙනි. 

යටගිය කතාවකින් පසුව කටේ හලාගත් ගල් ෂොට් එක වැහෙන්න මස් කෑල්ලක් කටේ ඔබා ගත් චපී.. 
"අපි ඉතිං බං කොහොමත් චාටර් එවුන්නෙ." යි පවසා වීදුරුව මා අතට දුන්නේය. 
"මං 7 වසරට එනකං මල්ලි පන්තියෙ 1 නැත්තං දෙක." 

ඉන් පසු ඔහු පසුබෑ බව පැවසුවත් ඔහු කිසිවෙකුටත් ඒ ගැන දොස් කීවේ නැත 

"එකොළහේදි මාව ගොඩ දැම්මෙ මැණිකෙ ටීචර්. අනිත් ටීචර්ලට මාව පෙන්නන්න බැරුව හිටියෙ. රිසාල්ට් දැකලා ටීච මාව ඉම්බා. උසස් පෙළ කරන්න ලැබීමක් නෑ බං ආමි පිස්සුව ගැහුවනේ."

ඔහුගේ මුහුණෙහි පැහැදිළි හැගීමක් දැකගත නොහැකිය. 
"මම මල්ලි ආමි එකට ගිහින් දැනට අවුරුදු දහඅටයි හොර උප්පැන්න හදාගෙන ගියේ."
කොල්ලන්ගේ ලේ රත් උණාම එන සිතිවිලි ගැන පොලොවෙ පයගහලා ඉන්න උන් සාක්ෂි දරති.. 
"මං අවුරුදු තුනෙන් අමි එකෙන් පැන්නා ඔ්යි. යුද්ධෙට බයේ නෙවේ ගල් කොස් එකට අහුවෙලා...., මට අප්පිරියා කලා බං."

 මගේ අයියා දෙසට වීදුරුව දික්කරන ගමන් ඔහුගෙන් අසා දැනගත් පරිදි මේවන විටත් සේවයේ නියතුනම් ඔහු 'ස්ටාෆ්' කෙනෙකි එය යම් හොඳ මට්ටමක් බව ඔහුගේ හඩින් මට දැණුනි. 
චපී අයියාගේ ආශ‍්‍රය අපේ මව උවත් සැමවිට නොරිස්සුවාය ග‍්‍රිස් යක්කු ගැන ආරංචි අරන් එන ලලිතා නැන්දා පවා චපීගේ නම හොරෙන් කියන්නෙ අයියාට ඇහුණොත් වයස නොබලා හුප්පදයක් අහගන්නට වන නිසාය. 
"සිනියර නම්බර් එකක් මට තිබ්බෙ මගේ වැඩ නීට් එකට තිබ්බා ලොක්කා උණත් ප‍්‍රයිවෙට් නවරත්න කියපුවාම දන්නවා.."

ඇත්තෙන්ම ඔහුගේ කතාවෙන් සමහර තැන් මට නොතේරුණි එම නිසා ඇතැම් ඔහු කි සිද්ධි අමතක වී ගොස් ඇත නැතහොත් උවමනාවෙන් අමතක කර ඇත. මට මෙන් අන් එවුන්ටද ඔහුගේ කතාව වැදගත් කමක් නැත... වැදගත් එකම දෙයනම් පැනපු ආමිකාරයෙකු යන වග පමණි... 

"මම එදා ඉටිපන්දම් අනංමනං ටිකක් පෙට්ටියක දාගෙන එද්දි අර පටු බිත්තිය ගාවින් මාව පිටිපස්සෙන් ඇවිත් බදා ගත්තා... බලද්දි මේජර්."

මේක දිග වැඩි වෙනවා වගේ ඉතිරි ටික පස්සෙ දාන්නම්..

Read more »

2.11.2012

රෙස්පට්..කෙල්ලෝ ....



 ඔය අපේ පන්තියේ ඒ කිව්වේ අ.පො.ස. උ/පෙ මැස් පන්තියේ හිටියා කෙල්ලෝ හය දෙනෙක් එකෙක් හිටියා හොස්ස ලඟින් බල්ලෙකුට වත් යන්න බෑ මල පයිනවා.. ඕකි තමා ඉතින් අපිත් එක්ක පොර කාල බත් එකක් කන්න එන්නෙත් කොස්ස අරන් පස්සෙන් පන්නන්නෙත් ඒ වගේම ගඩොල් භාග වලින් ෆිට් එක වැඩි කමට ගහන්නෙත්. ඕකිට නමක් දාන්නත් එපයි එක නිසා අපි එයාට ප්‍රියා කියමුකෝ. ඕකි ඉස්කෝලෙට ආපු දවස් වල ඕකිට රැග් කොරන්න ගිහින් අපිට එපා වුනා අපිට ගහනවා තව පොඩ්ඩෙන් අතට අහු වුන එකෙන්.
කොහොම කොහොම හරි අපිට පේලි දෙකක් ඉස්සරහින් තමා ප්‍රියා හිටියේ, කොළ ගුලි වලින් පොඩි ගල් කැට වලින් ගහපුවාම ඔලුව පැලෙනවා නම් ඕකිට අද ඔලුවකුත් නෑ ඇත්තටම තිබුනෙත් නෑ තාමත් නෑ මං හිතන්නේ .. අපාරාදේ කියන්න බෑ වැදගත් කෙල්ල මොනවා උනත් එකත් කියන්න එපැයි. නැත්නම් මේක කියවලා ඊලග පාර හම්බ වුනාම මට පයින් ගහනවා කන පැලෙන්න සුචර් එකට. මොකද මේක ලියලා ලින්කුව මම අනිවා ඩෙෆා ඔකිගේ මුණු පොතේ පණිවිඩ පෙට්ටියට  අස්සට යවනවාමයි....නේ..

ඉස්කෝලෙන් ආවට පස්සේ මට ප්‍රියාව හම්බ වුනේ එක පාරයි. ඔය කුරුණෑගල පැත්තේ මොකද්දෝ වැදගත් වැඩකට යන වෙලාවක මේකිව හම්බ වුනා ඒකත් අවුරුදු විසිපහකට විතර කලින් මං හිතන්නේ.. ඊට පස්සේ මට හම්බ වුනේ, ....
පසුගිය පෙබරවාරි පස්වන ඉරිදා සවස හතරට විතර කොළඹ නුවර බස් රථයකදීය......
ඔය ඉස්සර කාලේ මම හිටියේ නිකන් වැදගත් මිනිහෙක් වගේ .. කොන්ඩේ වවලා රැවුල වවලා  මහත් වෙලා , ෂඃ බලන්ඩ එපැයි වැදගත්කම ඒ කාලේ ... 
මේක තමා අලුත් සීන් එක 
මම නිවාඩු ඉවරවෙලා එන ගමන් තමා හිටියේ .. 
අපේ ඔය කෙස් එකක් තියනවා ආපහු සේවයට වාර්තා කොරනකොට . කොන්ඩේ කපලා අත් දිග ෂර්ට් එකක් ඇඳලා අත් දෙක කලිසමට යට කොරලා කළු බෙල්ට් එකක් දාල කළු සපත්තු දෙකක් දාලා අර මොකාද එකාගේ ගෙදර යනවා වගේ තමා යන්න ඕනේ. හැබැයි අපිට එන්න වෙලාව දෙන්නේ රෑ අටට නැත්නම් දහයට.. බස් වල එන එවුන්ට පේන්න තමා අපි ජෙන්ටා  එන්නේ.. බෑග් විසි හයක් විතර අරන් කටිනුත් එකක් එල්ලන් අපි ජෙන්ටා .....
නිවාඩු එන දවසට වුන්ට ෆැන්ටා පොවන්න හිතෙනවා....
එදා මම රෝදෙට උඩ තියන ෂීට් එකේ තමා හිටියේ... මම ඉතින් ඇබ දෙකත් කනේ ඔබා ගෙන සින්දුවක් අහගෙන මජ් ගාර්ඩ් එකට තාලෙට පයින් ගහ ගහ තමා හිටියේ.. මට එහා පැත්තේ දමිල ජාතික තරුණ ගැටවරයෙක් පොඩ්ඩක් බීලා ... මට හොඳටම සුචර් ඌ ගහලා තිබ්බේ ගල්.. ෂඃ ගඳ ඉන්ඩ බෑ... ඇත්තමයි බොනකොට ගඳ  නෑ කියලා නරකයා එක දවසක් කිව්වා මට මතකයි... මම නම් ඉතින් ඕවට නෑනේ.... 
මම වුටත් එක්ක හරියන්න වංගු  ගන්න ඕනේ නැත්නම් මට ජනේලෙන් කලින් බහින්න වෙනවා  මට මලේ මල ....
අයි යකෝ පොඩ්ඩක් බුදිය ගන්න බෑ මූ කරේ නගින්ඩ හදනවා ... මම හොයා ගත්ත විසදුමක්,... එහා පැත්තේ සීට් එකට කකුලක් තියලා මම මුව තද කරා ජනේලට................ අම්මෝ මට තියන සතුට ....සැපට නින්දක් දා ගෙන මම කල්පනා ලොව මල්  වගේ.... 
පුරුද්දට වගේ අපිට ඔය දේවාල තියන තැන් වලින් අහරෙනවනේ මටත් ඇහැරුනා පොල්ගහමුල(පේරාදෙණියේ) දේවාලේ  ලඟදි... ලාවට වගේ අලුයම ලොව බලද්දී දැක්ක මේකිව .. මට කිරිගහට මෝල් ගහෙන් ඇන්නා වගේ සුචර් මේ ප්‍රියා තමා කියලා ... 
මෙකි මට එක දවසක් කෝ අත දියන් කියලා අල්ලට ඇන්නා ටෙස් ටියුබ් කෑල්ලකින් ලේ පයින්න.. ඇයි කියල අහපුවාම කියනවා උඹලගේ ලේ රතු පාටමද කියලා බලන්නලු...මට ඉතින් එයින් පස්සේ ප්‍රියාගේ මුන හොඳට මතකයි. ...වෙලාවට  මම  එළු  මස් කන්නේ නෑ කනවා නම් එදා ඕකිව චව් චව් ගාලා කනවා...
මේකි ඉන්නවා ලැප් ටොප් එකත් කිහිල්ලේ ගහගෙන තව බැග් එකකුත් බෙල්ලේ එල්ලගෙන 
ඉස්සරහ හිටපු අක්කගේ බෙල්ලෙන්ද කොහෙද අල්ලාගෙන හිටියේ වැටෙනවට...
කොහොමහරි කොන්ද අයියට පයින්ද කොහෙද ගහලා ටිකත් එකත් බලෙන්ම වගේ ගත්තා මන් දැක්කා... බහින්නේ කැළණියෙන් කියලා මට කලින් ඇමතුමක් දීපු වෙලාවක කියල තිබුනා.. 
මොකද මේකිගේ ජොබ් එක තමා කැම්පස් එකේ අහිංසක කොල්ලන්ට කෙල්ලන්ට බොරු කියලා දෙන එක. ඒ කිව්වේ ඩිමෝ කෙනෙක්.... 
මම දැන් බලන් ඉන්නවා මේකි මගේ දිහා බලලා අනේ මචන් කොහොමද කියනකන්..
දෙපාරක් විතර මේකි බලලා අහක බලා ගත්තා..
මට මතක් උනා මේකිට මාව අඳුන ගන්න බැරිව තමා මේ ඉන්නේ කියලා කන්නාඩි දෙකත් ගලවලා දත් හතළිහක් විතර පෙන්නලා හිනා වුනා ... මොන මේකි අහක බලා ගත්ත අර කෙල්ලෝ එක පාරටම අර දාන්නේ බැල්මට් එකක් "කොල්ලෝ නම් මොනවද "
මට හෙන ආතල්...... මම ඉතින් මගේ කට හඬ අඳුන ගනීද කියලා බලන්න සූ සූ කිව්වා ... මේකි බැලුවා නිකන් බැල්මක්  ආය මොකුත් නෑ ඒකිගේ හිතේ තිබ්බ ඔක්කම ඇස් දෙකෙන් සට සට ගාලා වැටුනා.... 
මමත් නිල වෙලා ගියා ඇයි යකෝ මෙච්චර මේ එකට මුකුණුවැන්නත් එක්ක බත් කාපු කෙල්ලනේ... 
මටත් දැන් එකෙන්ම හිනාව නවත්තන්න බෑ .... 
බස් එකේ ඉන්න වුන් මගේ දිහා බලන් ඉන්නවා.....
මම අර කොල්ලටත් පයින් එකක් ගහල අහරුවා....  ඌ හොරාට මගේ දිහා බලලා අපහු නිදා ගත්තා.
මම දැන් ප්‍රියාව අප කරනවා... 
මේකී හිතන් ඉන්නේ මම ඒකිට ෆොටෝ ගහන්න කතා කරනවා ... මමත් ඉතින් මේකිට ලයින් පාර දාගෙන අවා කෑගල්ලට ... 
පස්සේ මේකී ඉස්සරහා වාදී වුනා.....
මමත් ඇරියේ නෑ ගේම... 
මම හෙමින් කලගෙඩි හේන හරියෙන් නැගිටලා ඉස්සරහට ගිහින් මේකී ලග හිට ගත්තා... 
මේකිට මලේ මල මගෙත් එක්ක ... 
ඩෝග් ගාල මම මේකිගේ ඔඩොක්කුවට බැග් එක දැම්මා.... මමත් බයෙන් තමා ඉන්නේ මොකද මේකිට තැනක් නොතැනක් නෑ මල පැන්නොත් එහෙම........
මම තව ටිකක් මල පන්නලා ඇහුවා 
ඈ බෝල යකෝ ප්‍රියා ... මම අරූ ... එක ෆැන්ටා බෝතලේ විසිපහකට බෙදලා තනියම බීපු අපිට මාව අමතකයි...කිව්වා හරිද මන්දා ....
උඹේ කන් දෙකට මව පෙනුන් නැද්ද..... 
එතකොට ටමා මේකිගේ ලයිට් එක පත්තු උනේ....
ඊට පස්සේ ....
පුස් ඉන් බූට් වගේ ඇස් ලොකු වෙලා කන් පොඩි වෙලා අත දෙක ලං වෙලා .... අහිංසක පෙනුම ඇවිල්ලා..... අනේ මම දැක්කේ නෑ.. 
මේකී කියන බොරු.. අම්මපා...............
එතකොට ඉතින් වෙන්න ඕනේ ටික වෙලා ඉවරයිනේ ........................
ඉතුරු ටික පස්සේ 







Read more »

2.04.2012

නිදහස් අධ්‍යාපනය - මට හිතෙන දේ



මේක ලියපු ගමන් අම්බානෙකට බැනුම් අහන්න වෙයිද දන්නේ නෑ.. මේක මගේ දර්ශනය නිසා සමා වුව මැනව. ඉස්සල්ලාම මා ගැන කියා සිටීම සුදුසු යැයි සිතමි.. 
මම අ.පො.ස. උ/පෙ දක්වා නිදහස් අධ්‍යාපනයේ සුව වින්දෙමි. 
ඉන් පසු පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක උසස් අධ්‍යාපනය හදාරමින් සිටියදී මාගේ අසාමාන්‍ය ග්‍රහ පිහිටීමේ පල විපාකයක් විදියට මට නැවතත් ගමන වෙනස් කොට වෙනත් දෙයක් ඉගන ගැනීමට සිදු විය. 
මෙම ආයතනය එක්තරා මට්ටමකට රජයේ උසස් අධ්‍යාපන ආයතනයකි. අනෙක නම් මා හැර අපේ පවුලේ සියලුම දෙනා නිදහස් අධ්‍යාපනයේ උපරිම පල නෙලා ගත්තවුන් ය.
මාගේ නම් අදහස පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිකළ යුතුය. !!
පාසල් වලට මුදල් අය කල යුතුය. !!
මෙය ගොඩක් දෙනා දකින පැත්ත මා නොදැකීමට හේතු ගණනාවක් මා හට ඇත.
නරකයා සහ මම අප හා  පරිසරය ඉගන ගත කාලයේ පටන් බිමට ලොසින්ජර කොලයක් වත් බිමට නොදැමීමට වග බලාගත්තෝය. අඩිය නොමැති කුණු බක්කි අපට හමු වී ඇත. පාසලේ බිතියේ කුණුහරුප ලියන බල්බ් වලට ගල් ගසන ළදරුවන් අනන්තවත් දැක ඇත්තෙමු. බිත්තියේ සපත්තු අඩිය තබන්නට උත්සහ කරන, පුටු ඇන්ද නමන ඩෙස් එකේ ලෑලි ගලවා වන් බවුන්ස් ගහන මී හරක් අපි දැක ඇත්තෙමු. එම සිදු වීම් කාලයේ වැරැද්ද නොව ආකල්ප සංවර්ධනයේ ප්‍රශ්නයක් බවට මා හට ඉඳුරා ප්‍රකාශ කල හැකිය.
බස් එකෙන් බිමට බුලත් කෙල ගසන, දොඩම් පොතු ටික පාරට විසික්කන, ටිපි ටිප් පැකට්ටුව චුක්කන්න කියා දෙන අම්මලා අපි දැක ඇත්තෙමු.
මා දන්නා පරිදි විශ්ව විද්‍යාල සිසුවෙකු හට මෙම ආකල්ප සංවර්ධනය අලුත් දෙයක් නොවේ. මන්ද යත් ඩෙස් බංකුවක එකක ඉරක් ඇදීමට ඔවුන්ට අවශ්‍යතාවයක් නොමැත. මෙය මට වඩා හොඳින් වෙන අයෙකුට පැහැදිලි කල හැකි බව සිතමි. 
ජාත්‍යන්තර පාසලක ඩෙස් බංකු බිත්ති වල ලස්සන පවතිනුයේ එම ආයතන මුදල් ලබා ගන්නා නිසාම නොවේය. 
කොළඹ තියන ලොකු ඉස්කෝලෙට තුන් වෙනි ලෝකයේ කොල්ලෙකුට කෙල්ලෙකුට යාමට නොහැකිය. ඒවා බැලූ බැල්මට නිදහස් අධ්‍යාපනයට අත වනන දෙවියන් වැනිය. 
රට යන එකා මොනවා උනත් රට යනවාමය අපිට ඔහෙලාට තරහක් නැති උනත් අහිංසක කොල්ලන්ට කෙල්ලන්ට මොනවා හිතෙනවාද කියා  සිතා හිත රිදවා ගැනීමට මම අකමැතිය  .
සමහර ආයතන වල ඩෙස් බංකු බෝර්ඩ් හැම එකකම එදා සිට අද දක්වා සිටිය උන්ගේ නම් කොට ඇත. ලියා ඇත වැරැද්ද සෙවීමට මම උත්සහ නොකලෙමි. 
අතිගරු ජනාදිපති තුමා කොළඹ පාට කිරීමට උත්සහ ගත්තාට වැඩක් නැත. අපේ මිනිස්සුන්ට පැයෙන් යතා තත්වයට ගැනීමේ හැකියාව උපරිම ලෙස පවතී..
ජපානය ඔතරම් ඉක්මනට දියුණු වුවේ රටට කලින් මිනුස්සුන්ගේ හිත හදපු නිසා බව මම අසා ඇත.
ලී ක්වාන් යූ මහතා මිනුස්සුන්ගේ හිත අව්රුද්දෙන් වෙනස්  කළේය.
පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිකළ යුතුය - සැහෙන්න සල්ලියක් රටට ඉතුරු කල හැකිය. එත් වැඩේ හරියට වෙනවානම් අමාරුවෙන් අවුරුදු ගානක් ඉගෙන ගෙන උගන්වන කථිකාචාර්යවරු පාරට බසින්නේ ඇයි. මේවා ඇති කරනවානම් රජයේ විශ්ව විද්‍යාලත් උපරිම මට්ටමට ගෙන ඒමට කටයුතු නොකරන්නේ මන්ද. 
විනි විද භාවයෙන් යුතුව මේවා ඇති කරනවානම් සිසුන් විශාල ප්‍රමාණයකගේ සිහින සැබෑ කල හැකිය.
ලොකු ඉස්කෝල වලට පොඩි එකාට යන එක සිහිනයක් වැනිය. කොළොඹ තියන ලොකු ඉස්කෝල නිල නොවන මට්ටමෙන් පෞද්ගලික පාසල් බව රහසකි. 

ආකල්ප සංවර්ධනයකින් තොරව පෞද්ගලික පාසල් විශ්ව විද්‍යාල තියා මොන බම්බුව හැදුවත් වැඩක් නැත,
තියන එකට තියනවාය නැති එකට නෑමය. යන එකා කොරහත් බිදගෙන යනවාය.මා කියන්නේ 
මානසික සංවර්දනය නැති මිනිස්සුන්ට  නිදහස් අධ්‍යාපනයේ සුව දැනෙන්නේ නැත. ඔය ඉස්කෝලෙක තියන වටිනාකම දැනෙන්නේ ඕකට සල්ලි ගත්තනම්ය. 
ආකල්ප වෙනසක් නැති එකාට නිදහස් අද්‍යාපනය දිරවන්නේද නැත.

අනික නම් අපේ රටේ ඉහලම තැන් වල සිටින්නේ නීති විද්‍යාව කරපු වුන්ය. නැත්නම් කලා උපාදියක් තියන අමාරුවෙන් පරිපාලන විභාග පාස් වෙච්ච එවුන්ය. 
ඉංජිනේරු අංශයේ ලොක්කා නීතිය ඉගෙන ගත්ත එකෙක් නම් වෛද්‍ය අංශයේ ලොක්කා කලා කරපු එකේ නම් ...................කියන්න දෙයක් නෑනේ
ඉංජිනේරුවෙක් වෛද්‍යවරයෙක් පරිපාලනයට ගෑවෙන්න පවා අකමැතිය.
ජාතික ලැයිස්තුව තියෙන්නේ මොන මගුලටද කියා සිතෙන්නේ මේ වෙලාවටය ... දැන් ජාතික ලැයිස්තුවෙන් යන්නේ මිනිස්සු චන්දෙ දෙන නැති එවුන් ඔබා ගන්නටය
ඉතින් අපේ රටට දළදා හිමි සරණම තමා ... 
තව ඉස්කෝල ටිකෙනුත් සල්ලි අරන් විශ්ව විද්‍යාල ටිකෙනුත් සල්ලි අරන් ඕන මගුලක් කොර ගන්න කියලා ඉගන ගත්ත මිනිස්සු ටික වෙන රටකට ගියා නම් හරියටම හරි...
දැන් මට බැනපල්ලා ................

Read more »

2.02.2012

හෙට දවස (අමතක)

මුරුගසං වැසි මැද.. 
තනිවූ වවුලුව.. 
මාන කබායට සැගව 
කපුටු උන් කෙළි බලා 
ගිණිගත් හිරුයෙන් දැන ගනිවු. 
තෙපි රැවටිලා 
උං රංචු එනතාක් 
තනි රැක තනිවෙලා 
හැඩුම් සද්දෙට පාර හොයාපන්.. 
තොපේ උන් දැවෙනකල් නොසිට නැගිටලා







මාන කබාය=උපාධි කෝට් එක

Read more »

Followers