10.26.2015

ගැන්ස්ටර් කොල්ලෙක්

මං කාලයක් ඔය අවිස්සාවේල්ල පැත්තේ තියන කර්මාන්ත ශාලාවක වැඩ කලා. එහෙ හිටියා මරු කොටලුවෙක්, උගේ වාග් මාලව අන්තිම සවුත්තුයි. කෙටියෙන් කියනවනම්, අපි ට්‍රිපක් ගියා උගේ බාසාවෙන් බස් එකේ නම ටොයොටා කොස්තාර්. වයිෆ්ට කියන්නේ වයිෆයා, වූ කන්නේ නූල්ඩස්, තව දහසක් වචන ඒත් මන් කියන්න යන්නේ වෙනම සීන් එකක්. 


මන් එහෙ නැවතිලා ඉන්න කාලේ අන්කලයා හදන කෑම හැමදාම කන්න බැරි  හින්දා. පොඩ්ඩක් කටට රහට කන්න ටවුමේ සම්පත් අයියගේ කඩේට සතියකට සැරයක් වත් යනවා. මොකද හොටු පෙරගෙන කෙල පෙරගෙන හදන බිත්තර රොටියේ පරාටේ ආතල් එක දෙන්න අන්කලයාට බැරි හින්දා. ඔය මන් කියන සීන් එක හොඳට දන්නවා ප්ලේන්ටියත් එක්ක සිගරට් එක   ගහන නොබැඳපු එවුන්. මහ රෑ සිගරට් හොයාගෙන යන එවුන්. 

මම නම් ඔය පැත්තේ ඉන්න පහ වසරේ එකාටත් අයියේ මට සමාවෙන්න කියලා තමයි යන්නේ මොකද වුන් රෑට ඉන්නෙ ස්කිනිය ඇඳලා කොන්ඩේ බෙකම් ගහලා පිහිය සාක්කුවේ දාගෙන අපි මොකටද ටින්කිරි ගාගන්නේ කියලා කාලා බීලා පාඩුවේ එනවා. එක දවසක් කඩේ මන්ජුවා හොයගේන අවා ඩයල් එකක් ෆුල් මාවලස් ගැන්ස්ටර් කොල්ලෙක් කලිසම පුකට ඇඳලා ෂර්ට් එකත් පුකට ඇඳලා මම බිත්තර රොටියක ඔබන ගමන් හිටියේ බඩට

මෙන්න මෙහෙම තමා කතාව ගියේ.

---ඔයි මන්ජුවා මම ෆුල් ටච් මෙව්වා එකක් ගත්තා බන්.

----ඇරූ වැඩ ඔක්කොම නවත්තලා අමමට __ කැ-- සෙබලා පෙන්නහන් බලන්න උඹේ ෆොන් බෑය.
ශේම් සුන්ග් නේද. 
---දැන් උඹ ෆේස් බුක් එකක් හදා ගත්තද පොඩි කෑල්ලක් වත් සීන් කර ගන්න. 
---ඒ බන් මන් උඹේන් ඕක අහන්නමයි බන් ආවේ මට හයි කරලා දියන්කො බන් ඕක.

---නොදකින් තෝ ඕක දන්නෙ නැද්ද..
---දන් නැති හින්දනේ අහන්නේ ප-- කියලා දීපන්කො හු--

---ඕකේ මහලොකු දෙයක් නෑ බන් ෆේස් බුක් කියන්නේ ඩේටා කපාගෙන උඩටයි පහලටයි යන එකට.

මගේ බිත්තර රොටිය නහයෙන් එනවත් එක්කම මට හිතුනා.... 
අම්මපා ඔව්නේ ෆේස් බුක් කියන්නේ ඩේටා කපාගෙන උඩටයි පහලටයි යන එකට තමා සල්ලිනම් කමක් නෑ ඩෙටා.................

Read more »

3.12.2015

කසාදයක් කර ගත්තම..........................

මට මතකයි මගෙ හොඳ යලුවෙක් කිව්වා ... බැඳලා මාසෙකට විතර පස්සෙ... "ශික් බඳින්න කලින් එක පාරක් හරි මේකට ගහලා තිබ්බනම් තව ටික කාලයක් කනක් ඇහිලාඉන්න තිබ්බා "

ඊට පස්සේ මටම හිතුනා "මටත් එහෙම හිතෙයිද දන් නෑ"

මේ ලඟදි ඔෆිසියෙන් ගියා ට්‍රිපක් කොල්ලො ඉතින් කෑලි සහ බැඳපු එවුන් වයිෆයො එහෙම එක්ක අවා ට්‍රිප ගියේ අපේ ගෙවල් පැත්තෙ. යන ගමන් අපෙ ගෙදර යන සීන් එකකුත් තිබ්බා... මත් ඉතින් වෙන්න වයිෆයව ඔබා ගත්තා බස් එකට . ඊට පස්සේ කෙලින්ම අපේ ගෙදර.. ගෙදර ගිය වෙලේ ඉඳන් ඇස් දෙක රතු කරන් මාව කන්න හොයන්වා අපේ අම්මව සෙට් කරන් මට කේස් දානවා කුස්සියට වෙලා අඩනවා.

කේස් එක තමා බඳින්න කලින් ගෙදර එක්ක අපු එක.. ඇයි හත් ඉලව්වෙ පොඩ්ඩක් කිව්වා නම් එක්ක යන් නෑනෙ.. මම හෙන ගෙමක් දීලා හොටෙල් එකට ගිහින් වයිෆයාව ගෙදර ගිහින් දාලා බැනුම් අහලා ... ආතල් දවසක් කුඩු කරගෙන ඇවිත් හොටෙල් එකේ ගහුවා සතුටට .ඇයි ආයම කෝල් කරන් නැති වෙයි කියලා.... මොන රෑ කෝල් කරලා බීලද බලලා.. හවස ගෙදර එක්ක ගියා කියලා බැන්නා. මන් කෑ ගහලා කිව්වා මන් බීලා ඉන්නේ කියලා..
එතකොට ෆොන් එක තිබ්බා.. පහුවදා උදේ කතා කරලා ඊයෙ රෑ බිව්වා කියලා බැනලා දවල් බනිනවා ගෙදර එක්ක ගියා කියලා. යකො මුන්ගෙ බනින රටාව හොය ගන්න බෑනේ.

එක දවසක් උදේම බනින්න පටන් ගත්තා... මම දහ අතේ කල්පනා කරන්වා මොකටද කියලා හොයා ගන්නම බෑ.. පොඩ්ඩක් බනුම් අහලා හොයලා බලනකොට සයිඩ් කන්නාඩියෙන් කෙල්ලෙක් දිහා බැලුවලු සතියකට විතර කලින් මටත් මතකයි මාත් පුලුවන් තරන් හොරෙන් බැලුවා මාට්ටු වෙයි කියලා හිතුවේ නෑ .. මාත් ගේම ඉල්ලුවා හරවන්න සයිඩ් කන්නාඩියෙන් බලන්න ඔනෙ මයි කියලා. එදා බල්පු ඈන්ගල් එක වෙනස් ලු.. යකෝ ඉතින් ඒ වෙලවේ බනින්න එපයි.

එවෙලේ අමතක උනාලූ.............

ආයම දවසක් 10ට විතර කෝල් එකක් අවා, තමුසෙ මොනවා කරන්වද මන්දා බලනවා මට පාරෙ යන්න බෑ. ලැජ්ජාවේ බෑ.....
&*^%^ 5ර්‍$$#@@## **&^6 .. !!!!!!!!!!
ආයම කරනවකො බලන්න .. අත පය කඩලා දානවා... මට හෙන රෝමේ ඔෆිස් එකේ හින්දා මොකුත් කියන්නත් බෑ.. බොහොම අමාරුවෙන් කාටවත් නොන්ඩි නැතිවෙන්න ඇහුවා. මොනවා මාට්ටුද දන්නේ නෑ නේ. බනිනවා ඇඩ්ඩ්‍රස් නැති වෙන්න..
## අම්මත් හිටියා පුන්චිත් හිටියා.. . &%%##!!!!!!!!!

බ්ලා.. බ්ලා... දන්නවනෙ ඉතින් ගෑනු බනින්න ගත්තම ගොයම් කපන මැෂිම වගේනේ..
මන් අහන්වා සීන් එක..
ඉතින් සුදු මොකද වුනේ කියන්නකො....
හරි හරි..... ඉතින් කියන්නකෝ....

මම සාරි ජැකට් එකක් වෙනස් කරගන්න  ගියා අම්මියි පුන්චියි එක්ක...
ඒ ගෑනි කිව්වා ගිය පාරට වඩා මැෂර්මන්ට් වෙනස් කියලා... ඔක්කොම ඉස්සරහා
ආය කරනවකො බලන්න...........
වයිෆයා බැනපුවම ජන්ගමයෙන් හයියෙන් හිනා වුනේ එදා විතරයි.
අත දාලා බෙල්ල මිරිකන්න පුලුවන් එදාම මාව කාලා දානවා./...


මගේ තව යලුවෙක් කිව්වා මචන් බබා හම්බ වුනාම බලපන් උඹට කෙලවෙන්නේ එතකොට...

යකො බඳින එක මාර කේස් එකක්නේ... මෙච්චර භයානකද......

Read more »

රෙස්පට්..කෙල්ලෝ .... II


ඔය පොඩි පොඩි විභාග වගයක් තිබුනා ලියල දාන්න. ඒක නිසා කොටන්න බැරි වුනා.. කොහොම හරි ඒකත් ඉවරම කොරලා දාල දෙයියනේ කියලා ගෙදර ආවා.  අර කෙල්ල දැන් මිනිස්සුන්ට අමතක වෙලත් ඇති මටත් මතක නෑ.. ඒක නිසා මතක් වෙච්ච වෙලාවක රෙස්පට්..කෙල්ලෝ .... II දාන්න හිතන් ඉන්නේ
 කොහොම හරි ප්‍රියා ඕක කියවලා මට බල්ලෙක්ට වගේ බැන්නා.. අහු වෙච්ච වෙලාවක මරනවා කියලත් කිව්වා... 
ඊට පස්සේ මම ඇහුවා 
තාම බැන්දේ නැද්ද ?
ප්‍රියා : ගුටි කන්න පුළුවන් කොල්ලෙක් හම්බ වුනේ නෑ
ඉතින්  මාව බන්දිනවකෝ...
ප්‍රියා : හිටපියකො තෝ අහුවෙනකන් මාතර ගඟේ කිඹුලෙක්ගේ කෑලි තොට කවනවා ......
මම ඉතින් ආය මොකුත් කියන නැතිව හොරා වගේ හිටියා ඔෆ්ලයින් දාගෙන..
2013 __________________________________________________

ඔය  උඩ තියන ටික කොටලා දැන් අවුරුදු ගානක් ගිහින් වෙලාවක් නෑ... අපිත් දැන් වයසට ගිහින් බදින්න ලං වෙලා නරකයා තාත්තා කෙනෙක් වෙලා.......... කොහොම හරි මේක කොටන්න කලින් මන් ප්‍රියා ට කතා කලාම එකී ගේ බඩ ලොකු වෙලාලු. ඉතින් මම හිතා ගත්තා ඒකිට පාඩුවේ ඉන්න දෙන්න. ආයමත්  බ්ලොග් ලෝකෙට කකුල තියන්න කියලා හිතන් ඉන්න වෙලාවේ ඔයාලගේ සහයෝගේ කොමන්ටුව ගොඩක් වටිනවා  එන්න ඇවිත් යන්න.....


Read more »

1.23.2015

ඩොටේ....!!

"උඹ කොහෙද මචං..."
"හතලිස් අටේ....!!"
"ඒක ඉලක්කමක්නෙ ඕයි.."
"එක තමා ගමේ නම .."
"ඒක කොහෙද තියෙන්නෙ.....?"
"උණගලාව පංසල පහු කරං යන්ඩ ඕනෙ.."
"බට දෙක දිහා...?"
"තව එහා…"
"හෙන ඩොටේනෙ බං..."

ඔය කොහෙදි හරි කොහෙද ඉන්නෙ කියලා කියන්ඩ ගියාම මට අන්තිමට අහගන්ඩ වෙන එක තමා ඔය… මට එච්චර ඕක තේරුණේ නෑ….

අපේ පැත්තෙ සරු කඩමණ්ඩියකටනං ඉතිං ජෑවික්රම හංදියට යන්න ඕනේ… රීලෝඩ් එකක් දාගන්න.. කොණ්ඩෙ කපාගන්න පොඩි වලක් බහින්න උණත් ඒට තමා….. 
යන එකනං හරි එන එක තමා...

"අඩෝ යනගමන් අපේ ගෙදර යමං බත් එකක් බැඳලා දෙන්නං, ඩොටේ යන්ඩත් එපෑ .."

අහලම පුරුදුවෙලා ඒ විහිලුවට එච්චර හිනා ගියෙත් නෑ.

තව ටිකක් දුර ගිහින් ගෙවල් කොහෙද ඇහුවොත් මම කිවුවෙ 
"අහවල් බස්එකේ අතනින් බැහැලා එතන ඉඳං තව ටිකක් යන්න ඕනෙ.. 6kmවිතර "
"හප්පා ඩොටේ නෙහ්… "

තවත් ටිකක් දුර ගියාම ප්රාදේශිය කෑලි හලනවා.. මොකෝ අනිකා දන්න නමක් කියන්න එපෑ එක දන්නවනං බැරියැ ඉතුරු ටික කියන්න…. 

"උඹ කොහෙද මචං ?"
"පොළොන්නරුවෙ "
"මොකෝ බං ඩොටේ ගෙවල් හැදුවෙ.. "
"ඒක තමයි…. අම්මයෙන් ආලා කියන්නං" ඒ මං හිතන කෑල්ල.

ඇත්තටම සිංහල භාෂාවට හෙන සංකීර්ණයි කොහෙං එකතු වෙච්ච වචනද මන්දා
කොහොම උණත් ඩොටේ කියන්නෙ සාපේක්ෂව දුෂ්කර පැත්තකට කියලා මං මගේ කුඩා මොලේට කියුවා.
කොළඹ ඉන්න කාලෙ උණත් ඔය වචනෙ එච්චරම අරුම එකක් නෙවෙ… 

"උඹ කොහෙ මචං?"
"කොල්ලුපිටියෙ..."
"ආං එහෙමෙයි…. ගෙවල්..?"
"ගෙවල් ෆොලෙන්නරුවෙ… " ඊ්ළගට අරූගෙ දත් විල්ලෙං එලියට එන වචනෙ දන්න නිසා මංම කියා ගන්නවා
"ටිකක් ඩොටෙ.."
"ට්කක්යෑ... මාරම ඩොටේ නෙ…" ඌ තාලෙට කියනවා 

හැබැයි ඔය වචනෙ ඇත්තටම තේරුණේ මේ ළගඳි 

"ඔයා කොහෙද...?"
"ලංකාවෙ .."
"ඒක කොහෙද තියෙන්නෙ "
මම ගූග්ල් සිතියම අවප්රමාණ කරලා ලංකාව තියෙන පැත්ත කරකලා අරං පෙන්නුවා 
"මේන්…. "
"හා…. ඩොට් එකක් වගේ එක...?"
මං දැනගත්තා ගූග්ල් මැප් එකෙන් බලද්දි ඩොට් එකක් වගේ පේන පැත්තකට කියන්නෙ ඩොටේ කියලා…
එහෙම බලපුවාම මං ලොවෙත් ඩොටේ ඉඳලා තියෙන්නෙ... අර්ථදැක්විය නොහැකි 
ලෙස ඩොටේ ... 

Read more »

Followers