Showing posts with label ලෝකයා. Show all posts
Showing posts with label ලෝකයා. Show all posts

3.12.2015

කසාදයක් කර ගත්තම..........................

මට මතකයි මගෙ හොඳ යලුවෙක් කිව්වා ... බැඳලා මාසෙකට විතර පස්සෙ... "ශික් බඳින්න කලින් එක පාරක් හරි මේකට ගහලා තිබ්බනම් තව ටික කාලයක් කනක් ඇහිලාඉන්න තිබ්බා "

ඊට පස්සේ මටම හිතුනා "මටත් එහෙම හිතෙයිද දන් නෑ"

මේ ලඟදි ඔෆිසියෙන් ගියා ට්‍රිපක් කොල්ලො ඉතින් කෑලි සහ බැඳපු එවුන් වයිෆයො එහෙම එක්ක අවා ට්‍රිප ගියේ අපේ ගෙවල් පැත්තෙ. යන ගමන් අපෙ ගෙදර යන සීන් එකකුත් තිබ්බා... මත් ඉතින් වෙන්න වයිෆයව ඔබා ගත්තා බස් එකට . ඊට පස්සේ කෙලින්ම අපේ ගෙදර.. ගෙදර ගිය වෙලේ ඉඳන් ඇස් දෙක රතු කරන් මාව කන්න හොයන්වා අපේ අම්මව සෙට් කරන් මට කේස් දානවා කුස්සියට වෙලා අඩනවා.

කේස් එක තමා බඳින්න කලින් ගෙදර එක්ක අපු එක.. ඇයි හත් ඉලව්වෙ පොඩ්ඩක් කිව්වා නම් එක්ක යන් නෑනෙ.. මම හෙන ගෙමක් දීලා හොටෙල් එකට ගිහින් වයිෆයාව ගෙදර ගිහින් දාලා බැනුම් අහලා ... ආතල් දවසක් කුඩු කරගෙන ඇවිත් හොටෙල් එකේ ගහුවා සතුටට .ඇයි ආයම කෝල් කරන් නැති වෙයි කියලා.... මොන රෑ කෝල් කරලා බීලද බලලා.. හවස ගෙදර එක්ක ගියා කියලා බැන්නා. මන් කෑ ගහලා කිව්වා මන් බීලා ඉන්නේ කියලා..
එතකොට ෆොන් එක තිබ්බා.. පහුවදා උදේ කතා කරලා ඊයෙ රෑ බිව්වා කියලා බැනලා දවල් බනිනවා ගෙදර එක්ක ගියා කියලා. යකො මුන්ගෙ බනින රටාව හොය ගන්න බෑනේ.

එක දවසක් උදේම බනින්න පටන් ගත්තා... මම දහ අතේ කල්පනා කරන්වා මොකටද කියලා හොයා ගන්නම බෑ.. පොඩ්ඩක් බනුම් අහලා හොයලා බලනකොට සයිඩ් කන්නාඩියෙන් කෙල්ලෙක් දිහා බැලුවලු සතියකට විතර කලින් මටත් මතකයි මාත් පුලුවන් තරන් හොරෙන් බැලුවා මාට්ටු වෙයි කියලා හිතුවේ නෑ .. මාත් ගේම ඉල්ලුවා හරවන්න සයිඩ් කන්නාඩියෙන් බලන්න ඔනෙ මයි කියලා. එදා බල්පු ඈන්ගල් එක වෙනස් ලු.. යකෝ ඉතින් ඒ වෙලවේ බනින්න එපයි.

එවෙලේ අමතක උනාලූ.............

ආයම දවසක් 10ට විතර කෝල් එකක් අවා, තමුසෙ මොනවා කරන්වද මන්දා බලනවා මට පාරෙ යන්න බෑ. ලැජ්ජාවේ බෑ.....
&*^%^ 5ර්‍$$#@@## **&^6 .. !!!!!!!!!!
ආයම කරනවකො බලන්න .. අත පය කඩලා දානවා... මට හෙන රෝමේ ඔෆිස් එකේ හින්දා මොකුත් කියන්නත් බෑ.. බොහොම අමාරුවෙන් කාටවත් නොන්ඩි නැතිවෙන්න ඇහුවා. මොනවා මාට්ටුද දන්නේ නෑ නේ. බනිනවා ඇඩ්ඩ්‍රස් නැති වෙන්න..
## අම්මත් හිටියා පුන්චිත් හිටියා.. . &%%##!!!!!!!!!

බ්ලා.. බ්ලා... දන්නවනෙ ඉතින් ගෑනු බනින්න ගත්තම ගොයම් කපන මැෂිම වගේනේ..
මන් අහන්වා සීන් එක..
ඉතින් සුදු මොකද වුනේ කියන්නකො....
හරි හරි..... ඉතින් කියන්නකෝ....

මම සාරි ජැකට් එකක් වෙනස් කරගන්න  ගියා අම්මියි පුන්චියි එක්ක...
ඒ ගෑනි කිව්වා ගිය පාරට වඩා මැෂර්මන්ට් වෙනස් කියලා... ඔක්කොම ඉස්සරහා
ආය කරනවකො බලන්න...........
වයිෆයා බැනපුවම ජන්ගමයෙන් හයියෙන් හිනා වුනේ එදා විතරයි.
අත දාලා බෙල්ල මිරිකන්න පුලුවන් එදාම මාව කාලා දානවා./...


මගේ තව යලුවෙක් කිව්වා මචන් බබා හම්බ වුනාම බලපන් උඹට කෙලවෙන්නේ එතකොට...

යකො බඳින එක මාර කේස් එකක්නේ... මෙච්චර භයානකද......

Read more »

රෙස්පට්..කෙල්ලෝ .... II


ඔය පොඩි පොඩි විභාග වගයක් තිබුනා ලියල දාන්න. ඒක නිසා කොටන්න බැරි වුනා.. කොහොම හරි ඒකත් ඉවරම කොරලා දාල දෙයියනේ කියලා ගෙදර ආවා.  අර කෙල්ල දැන් මිනිස්සුන්ට අමතක වෙලත් ඇති මටත් මතක නෑ.. ඒක නිසා මතක් වෙච්ච වෙලාවක රෙස්පට්..කෙල්ලෝ .... II දාන්න හිතන් ඉන්නේ
 කොහොම හරි ප්‍රියා ඕක කියවලා මට බල්ලෙක්ට වගේ බැන්නා.. අහු වෙච්ච වෙලාවක මරනවා කියලත් කිව්වා... 
ඊට පස්සේ මම ඇහුවා 
තාම බැන්දේ නැද්ද ?
ප්‍රියා : ගුටි කන්න පුළුවන් කොල්ලෙක් හම්බ වුනේ නෑ
ඉතින්  මාව බන්දිනවකෝ...
ප්‍රියා : හිටපියකො තෝ අහුවෙනකන් මාතර ගඟේ කිඹුලෙක්ගේ කෑලි තොට කවනවා ......
මම ඉතින් ආය මොකුත් කියන නැතිව හොරා වගේ හිටියා ඔෆ්ලයින් දාගෙන..
2013 __________________________________________________

ඔය  උඩ තියන ටික කොටලා දැන් අවුරුදු ගානක් ගිහින් වෙලාවක් නෑ... අපිත් දැන් වයසට ගිහින් බදින්න ලං වෙලා නරකයා තාත්තා කෙනෙක් වෙලා.......... කොහොම හරි මේක කොටන්න කලින් මන් ප්‍රියා ට කතා කලාම එකී ගේ බඩ ලොකු වෙලාලු. ඉතින් මම හිතා ගත්තා ඒකිට පාඩුවේ ඉන්න දෙන්න. ආයමත්  බ්ලොග් ලෝකෙට කකුල තියන්න කියලා හිතන් ඉන්න වෙලාවේ ඔයාලගේ සහයෝගේ කොමන්ටුව ගොඩක් වටිනවා  එන්න ඇවිත් යන්න.....


Read more »

10.12.2012

කෙල්ල තරහ වෙලා



මචන් ටුවර් එකේ මොනවද ගහන්නේ. දවස් හතම බොන්න ඕනනේ ගල් තමා ඉතින්......
ඊට කලින් තිබ්බ ගොයින් ඩවුන් එකට ගහල වයර් වෙච්ච පාර තාම බඩු. ටයි එක දාපු එක හොඳට ගියා කබරයා පාර තව පොඩ්ඩෙන් ෂර්ට් එකේ තමා පිහින්න වෙන්නේ අල්ලන් හිටපු එකාගේ. බීල නටන වෙලාවේ කෙල්ලගෙන් ආපු කෝල් එක කට් වෙලා තියෙන්නේ "මේ වෙලාවේ මම කාර්ය බහුලයි මම පස්සේ කෝල් කරන්නම් කියලා. රෑ දොළහට විතර කාර්ය බහුල උනේ , අන්දරෝයිඩ් තාක්ෂණයට පින්සිද්ද වෙන්න සාක්කුවේ තියෙද්දීම බඩු ටච් වෙලා.. වෙරි මර ගාතේ කෝල් එක එනවා දැනුන් නෑ මසාජ් එක එනවා දැනිලා අරන් බලපුවාම.. බීල ඉන්න වෙලාවේ කරදර කලට සමා වෙන්නලු.. බඩු පිටම ආපහු කෝල් එක ගත්තේ බීල ඉන්න වෙලාවේම බැනුම් ටික අහල ඉවර කොර ගන්න. ඉතින් සුදු මම හැමදාම බොන්නේ නෑනේ මේ අයියගේ වෙඩිමේ බිව්ව පාර අද තමා බිව්වේ. බොරු කියන්න එපා අනේ ..
**^%%%^&^ ^%%^$$ &$#$# 
මට දැන් ඇතිවෙලා  *&&&^^ $## 
මට එපා වෙලා %%%% ** 
මොකද්ද අනේ ###  
බීල මදිවට තව බොරුත් කියනවා ....&&&&
එදා මට කිව්වේ වෙඩිමේදී බිව්වේ නෑ කියලා....එදත් බීලා වෙඩිම තිබිල මාස තුනක්වත් නෑ ආපහු බීලා.....
කාටද ඉතින් ඕවා මතක තියෙන්නේ ... දැන් ඉතින් මොනවා කරන්නද... ඕන එකක් දෙකයි පනහයි කියලා ජන්ගමේ පැත්තක තියලා ස්පීකර් දාල බැනුම් අහනවා.. ඔයා අහගෙනද ඉන්නේ .... ඔව් ඔව් මම අහගෙන ඉන්නේ... දන්නවද හෙට කවද්ද කියලා.... 
ඔව් හෙට සෙනසුරාදානේ.... දඩස් ගාල ජන්ගමේ තිබ්බ පාරට වෙරිත් බැස්ස .
ආයමත්  කෝල් කලාට වැඩක් නෑ කියලා අත් දැකීමෙන් දන්නා නිසා තව පොඩ්ඩක් බීලා හෙට කවද්ද කියලා කල්පනා කරන ගමන් බාත් රූම් එකේ ඉදගෙන නින්ද ගිහිල්ල තිබ්බ කියලා යාලුවෝ කියනවා මට මතකයි ... 
කොහොමහරි නැගිටිනකොට උදේ පාන්දර දහය හමාර විතර වෙලා ටවල් එක විතරයි ඇඟේ තියෙන්නේ.. අල්මාරියේ යතුර කොට්ටේ යට තිබුනා.. ඒක අරන් අල්මාරිය ඇරපුවාම ජන්ගමේ, වොලට්ටුව,ඔරලෝසුව ඉතා පරිස්සමට ගලවා දමා ඇති අකාරයෙන් වැඩිය වෙරි වෙලා නෑ කියලා හිතන් හිටියට .. පස්සේ ආරංචි උන පරිදි  ඒ ඔක්කොම ගලවා විසික්කා දමා තිබියදී,,  එකතු කරගන්නා ලද ඒවා බව කව්ද මන්දා කිව්වා. කොහොම හරි වයිෆා ශේප්මෙන්ට් එකක් දාගන්න කෝල් එකක් ගත්ත ගමන් ඇහුවා අද කවද්ද .. සෙනසුරාදා ... දඩාස් ,...
ඇයි යකෝ.... අද උපන් දිනේ වත්ද කියලා කල්පනා කලාට මොකුත්ම කුඩා මොලේට ආවේ නෑ.. කෝකටත් කියලා ළඟ පාත ඉන්න යාලුවටත් සීන් ඒක කියලා... මමත් දැන් කල්පනා ලොව මල් වගේ ඉන්නවා. උඹලගේ ඇනිවසරිය වත් ද ..... යට ඉන්න එකා කෑ ගහද්දි මට මීටර් උනා සීන් එක... කෝල් එකක් අරන්  " මගේ සුදු අදට ## අපි යාළුවෙලා  && අවරුදු ** .... " ඇති යන්තම් මතක් උනා.. අද අනිවෙරසරි හින්දා සමාව දෙනවා  කියලා යන්තම් ශේප් කරන් පැයක් විතර ආදර මල් වනේ ඉන්න කොට එකෙක් ඇවිල්ලා ඒයි උඹේ සාකුවේ තිබ්බ සුදු පාට එව්ව පෙට්ටිය කෝ කියලා අහපු  වෙලේ ඉදන් අද වෙනකන් මාත් එක්ක කතා කරන් නෑ...

දැන් දවස් හතරයි 
මැසේජ් එකක් එවල තිබුනා අන්තිම දුක්ක දායකයි... එකේ තිබුන විදියට ආයම කතා කරන් නැල්ලු.. බෝඩිමේ යාලුවට කෝල් එකක් අරන් එහෙන් මෙහෙන් විස්තර ටිකක් හොයල බලනවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ.. කියන විදියට නම් බොහොම දරුණුයි.. නැන්දම්මටත් කියලද කොහෙද .. කතා කරන කන් පාළුව දැනෙන්නේ නෑ.. තරහ උනාම හිතා ගන්නත් බෑ. දැන් ඉතින් මොනව කරන්නද තව සති දෙකකින් ටුවර් ඒක යනවා එටකොටත් බැනුම් අහනවට වඩා හොන්දයි ගිහින් ඇවිත්ම බැනුම් අහන ඒක..
නරකම දේ තමා කෙල්ලගෙන් බැනුම් අහන ඒක .. එකත් හරි ෆන් ..
තරහ  වුනා කියලා දාල යන්න බෑනේ.. වෙන කෙල්ලෙක් හොයා ගන්නත් බෑනේ ඔන්න ඕක තමා වෙන්නේ ඉතින් බොක්කෙන් ලවක් කලාම.. ඉන්නකන් හිටියනම් අපිට මොකෝ ලොකු මහත්තයා කියලා ඉන්න තිබ්බා. ගෙදරට කියලා ගමම දන්න දරුවෙක් සෙට් වෙච්ච් එවුන් දන්නවා ඕකේ ආතල් ඒක.. ඊටත් වඩා අයියා හොඳම යාළුවා උනාම ?... 
පාන් නැත්තම් ගල් බනිස් කියලා මොකද කරන්නේ කියලා කල්පනා කරනකොට මතක් වෙනවා එන සඳුදා සෙමෙස්ටර් එන්ඩ් ඒක කියලා පාඩමක් පොතක් බලන්න බැරි හින්දා.. මනෝ පාරක් දාලා කල්පනා කරා හැකර් කෙනෙක් වෙලා සර්ලගෙ ඉලෙක්ට්‍රොනික තැපෑල හැක් කරලා බැජ් ටොප් වෙන විදිය.. 
මම කියන්නේ කොල්ලෙක් පොඩ්ඩක් බීවට මොකුත් වෙන්නේ නෑනේ.. මේ කෙල්ල හිතන් ඉන්නේ අරක්කු බෝතලයක් මිනිහෙක් තනියම සතියකින් හරි අවරුද්දකින් හරි බීලා ඉවර කලොත් උට සිරෝසිස් හැදිලා ස්වර්ගස්ථ වෙනවා කියලා..
ඒ මදිවට අපේ මොකෙක් හරි ගස් වඳුරෙක් ටික කාලෙකට කලින් එස් එමක් කොටලා ආතල් එකක් අරන් තිබ්බා මම සිගරට් හතරක් සතියකට  බොනවලු. එකටත් හෙන කෙස් එකක් ගිහින් යන්තම් ශේප් කරගත්තේ හෙන ගේමක් ගහලා. තාම හිතාගෙන ඉන්නේ කොල්ලෝ කාලේ සිගරට් එකක් හතර දෙනෙක් විතර බීලා .. ක්‍රමයෙන් බේබද්දෙක් බවට පත් වෙලා වයසට ගියාම එකක් තනියම බොන්න පුළුවන් කියලා.. එකක් තනියම බොන කොල්ලෝ ඉන්නේ ගංජා ගහන කොල්ලෝ ගැන කෙල්ලන්ට තියන තැනේ....
අනේ මන්දා මම ඔවා තේරුම් කරන්න ගියා නම් මම මුළු සාමජේම ඉන්න බේබද්දනේගේ සුදු හුණු ගෑවා වගේ වෙනවා ඒක නිසා මාපට ඇඟිල්ල කටේ දැන් මම බබා වගේ නිකන් හිටියා,..

මොනවා උනත් හිත අප්සට් හින්දා අදත් පාඩම් කරන්න නම් බෑ .. අදත් ගිහින් බුදිය ගන්නවා...  ඉන්ටර්නෙට් ගිහින් මම බ්ලොග් එකක් කරනවා කියලා දන ගත්ත දවසක නම් අනිවාර්යෙන්ම දාල ගිහින් පස්ස හැරිලා ගලකිනුත් ගහලා තමා යන්නේ ඇයි ඉතින් මේකට සීමා නෑ නේ අපි ගියා.. උඹලා එහෙම බීලා නරක ළමයි වෙන්න එපා මන් වගේ .. නරකය නම් බොන්නේ නෑ මගේ හිතේ.... සිගරට් එකක් කකුලේවත් තියල නැද්ද කොහෙද  

මට බුදු සරණයි 

Read more »

9.29.2012

ජාතික.........මොකුත් නෑ


මම මේ කියන්න යන්නේ. නොකිව යුතු දෙයක් එත් මේ  වගේ දේවල් දැක්කම කට වහන් ඉන්න පුරුද්ද ඉස්සර ඉදන් මට නෑ... මේ ලඟදි රටේ වටිනා  පුද්ගලයෙක් විශ්‍රාම ගියා .. යනවත් එක්කම එය පටන් ගත්ත ගොඩක් දේවල් වල රිබන් එක කපාගෙන නම බෝර්ඩ් එකට දා ගෙන තමා ගියේ. අපිටත් අහම්බෙන් වගේ ඕක හදන්න දවස් දෙකකට කලින් විතර ඔතන්ට යන්න සෙට් උනා. යනකොට නම් කිසිම දෙයක් හදල ඉවර කරලා නම් තිබුනේ නෑ.. තනිකර කොන්ක්‍රීට් ගොඩක් විතරයි තිබුනේ.. 

දෙවැනි දවසේ යනකොට හිතාගන්න බැරි විදියට වැඩ ඉවර වෙලා.. දවස් දෙකෙන් හයි වෙන කොන්ක්‍රීට් දැක්කේ ඉස්සල්ලම එදා තාමා. උදේ  බැන්ද බිත්තිය දවල් කපරාදු කරනවා. හවස තීන්ත ගානවා හවස අල්ලපු ටයිල් කැටේ  උඩ රෑ ඇවිදිනවා.. මිනිස්සුන්ට හරක්ට වගේ බනිනවා, උන් ඉතින් කොහොම උනත් එකනෙ කියල දවසම පොඩි කෑල්ලක් අල්ලාගෙන බුල ගහනවා වැස්සට හේදිලා යනවා.. තීන්ත පින්සලෙන් ගාල ලස්සනට හදල තියන බිත්ති කැත කරනවා..  අලුත්ම වටිනා බඩු විසික්කලා තමන්ගේ ඇග බේරගන්න එකට පොර කනවා ..
මේ ඔක්කොම අහිංසක මිනිස්සුන්ගේ සල්ලි,, කිරි පිටි පැකට් එකෙන්... අරක්කු කාලෙන් සිගරට් එකෙන් එකතු කරන සල්ලි වලින් නේද මෙහෙම නාස්තියක් විනාසයක් වෙන්නේ කියල හිතෙනකොට ආයම මතක් වෙනවා මේ ලංකාව නේද කියලා  ..
ආදාල නායකයා එනකොට ලෑස්ති කරන්න ඕනේ නිසා විසාල අමතර වියදමක් කරලා කෑලි එහෙන් මෙහෙන් එල්ලලා වැඩේ කරා මමත් බලන් හිටියා ලස්සනට ඇවිල්ල ෆොටෝ ගහලා බෑන්ඩ් ගහලා පාර්ටි දාල වැඩ අවසන් නොකරපු ගොඩක් ඒවා විවුර්ත කරලා නම් ගියා.. මට තියෙන්නේ ප්‍රශ්න දෙකයි 

1-ගොඩ නැගිල්ලක් ස්මාරකයක් විවුර්ත කරනවා කියන්නේ මොකද්ද ?
2-කවද හරි හදල ඉවර කරපු දවසක විවුර්ත කරා නම් මොකද වෙන්නේ.. නම වැටුනේ නැ කියලා රෑට නින්ද යන්නේ නැද්ද...?

වැඩි විස්තර බල ගන්න පුළුවන් මහබාගේ අලුතෙන් හදපු ඉස්මරකේ ඇතුළු අනෙකුත් දේවල් ගැන හොයල බැලුවනම් ,,,
බලාගෙන අඩිය තියන්නේ දවස් දෙකෙන් තුනෙන් කිසිම කෙමිකල් එකක් දන්නේ නැතිව හදපු දේවල් තියෙන්නේ.. කඩාගෙන බහින්න පුළුවන් .....
කරපු දේ සීයට සීයක් හොදයි කරපු විදිය සම්පූර්නෙන්ම වැරදි ... මිනිස්සුන්ගෙන් වැඩ ගත්ත විදිය .... කියන්න ලැජ්ජයි ... වෙන මොනවත් කියන්න අදහස තිබුනත් වෙලාව මේක නෙමේ ... 

පිස්සොත් එක්ක ජිල් ගහපුවම මැක්කොත් එක්ක පන්සල් යන්න වෙනවා කියන්නේ මේ වගේ වැඩ වලට තාමා....  

Read more »

5.10.2012

අත්හිටවීම....

වියුණු තරු අතර 
නොවන  රන් සළු
විසුරුනද  දෙතොලට  හොරා
රිදුන හිස තුරු  මඩල සනසන 
සුසුම් වැල නොමළ......
මා සිත පුරා.....
මුල්ම දින නුඹ හා බැඳුන..
එදා සිට මේ අද පවා 
සුලඟ කිසි දින කිවේ නැත මට  
මා සෙව්වේ ඒ නුඹ තමා 
සිතට සිත එක තැන්ව ගිය කල 
සිහින රූ සිතුවම් වෙලා 
නුඹ සෙව්ව .. දෑතක ඇඟිලි 
මට මා පවා සීමා කළා
එපා මට එපා නුඹ කියා ඇත නළලේ තබා 
දින ගණන්  මා නුඹ නැතිව..
වෙන අයවලුන් හා නුඹ ගියා
කාලයට වැඩි වන අගය 
නුඹට වන බර වැඩි නිසා 
පමා වෙන්නෙමි මම නොයෙන්නම.
හදට මා අසුවන තුරා........................
සිටින් හැර මා අසලට වෙලා නොයන් සිත සුවපත් කරන්
අසුරු සැනෙකින් එමි ලඟට මා හේතුවක් හිස තුල තබන්

Read more »

2.11.2012

රෙස්පට්..කෙල්ලෝ ....



 ඔය අපේ පන්තියේ ඒ කිව්වේ අ.පො.ස. උ/පෙ මැස් පන්තියේ හිටියා කෙල්ලෝ හය දෙනෙක් එකෙක් හිටියා හොස්ස ලඟින් බල්ලෙකුට වත් යන්න බෑ මල පයිනවා.. ඕකි තමා ඉතින් අපිත් එක්ක පොර කාල බත් එකක් කන්න එන්නෙත් කොස්ස අරන් පස්සෙන් පන්නන්නෙත් ඒ වගේම ගඩොල් භාග වලින් ෆිට් එක වැඩි කමට ගහන්නෙත්. ඕකිට නමක් දාන්නත් එපයි එක නිසා අපි එයාට ප්‍රියා කියමුකෝ. ඕකි ඉස්කෝලෙට ආපු දවස් වල ඕකිට රැග් කොරන්න ගිහින් අපිට එපා වුනා අපිට ගහනවා තව පොඩ්ඩෙන් අතට අහු වුන එකෙන්.
කොහොම කොහොම හරි අපිට පේලි දෙකක් ඉස්සරහින් තමා ප්‍රියා හිටියේ, කොළ ගුලි වලින් පොඩි ගල් කැට වලින් ගහපුවාම ඔලුව පැලෙනවා නම් ඕකිට අද ඔලුවකුත් නෑ ඇත්තටම තිබුනෙත් නෑ තාමත් නෑ මං හිතන්නේ .. අපාරාදේ කියන්න බෑ වැදගත් කෙල්ල මොනවා උනත් එකත් කියන්න එපැයි. නැත්නම් මේක කියවලා ඊලග පාර හම්බ වුනාම මට පයින් ගහනවා කන පැලෙන්න සුචර් එකට. මොකද මේක ලියලා ලින්කුව මම අනිවා ඩෙෆා ඔකිගේ මුණු පොතේ පණිවිඩ පෙට්ටියට  අස්සට යවනවාමයි....නේ..

ඉස්කෝලෙන් ආවට පස්සේ මට ප්‍රියාව හම්බ වුනේ එක පාරයි. ඔය කුරුණෑගල පැත්තේ මොකද්දෝ වැදගත් වැඩකට යන වෙලාවක මේකිව හම්බ වුනා ඒකත් අවුරුදු විසිපහකට විතර කලින් මං හිතන්නේ.. ඊට පස්සේ මට හම්බ වුනේ, ....
පසුගිය පෙබරවාරි පස්වන ඉරිදා සවස හතරට විතර කොළඹ නුවර බස් රථයකදීය......
ඔය ඉස්සර කාලේ මම හිටියේ නිකන් වැදගත් මිනිහෙක් වගේ .. කොන්ඩේ වවලා රැවුල වවලා  මහත් වෙලා , ෂඃ බලන්ඩ එපැයි වැදගත්කම ඒ කාලේ ... 
මේක තමා අලුත් සීන් එක 
මම නිවාඩු ඉවරවෙලා එන ගමන් තමා හිටියේ .. 
අපේ ඔය කෙස් එකක් තියනවා ආපහු සේවයට වාර්තා කොරනකොට . කොන්ඩේ කපලා අත් දිග ෂර්ට් එකක් ඇඳලා අත් දෙක කලිසමට යට කොරලා කළු බෙල්ට් එකක් දාල කළු සපත්තු දෙකක් දාලා අර මොකාද එකාගේ ගෙදර යනවා වගේ තමා යන්න ඕනේ. හැබැයි අපිට එන්න වෙලාව දෙන්නේ රෑ අටට නැත්නම් දහයට.. බස් වල එන එවුන්ට පේන්න තමා අපි ජෙන්ටා  එන්නේ.. බෑග් විසි හයක් විතර අරන් කටිනුත් එකක් එල්ලන් අපි ජෙන්ටා .....
නිවාඩු එන දවසට වුන්ට ෆැන්ටා පොවන්න හිතෙනවා....
එදා මම රෝදෙට උඩ තියන ෂීට් එකේ තමා හිටියේ... මම ඉතින් ඇබ දෙකත් කනේ ඔබා ගෙන සින්දුවක් අහගෙන මජ් ගාර්ඩ් එකට තාලෙට පයින් ගහ ගහ තමා හිටියේ.. මට එහා පැත්තේ දමිල ජාතික තරුණ ගැටවරයෙක් පොඩ්ඩක් බීලා ... මට හොඳටම සුචර් ඌ ගහලා තිබ්බේ ගල්.. ෂඃ ගඳ ඉන්ඩ බෑ... ඇත්තමයි බොනකොට ගඳ  නෑ කියලා නරකයා එක දවසක් කිව්වා මට මතකයි... මම නම් ඉතින් ඕවට නෑනේ.... 
මම වුටත් එක්ක හරියන්න වංගු  ගන්න ඕනේ නැත්නම් මට ජනේලෙන් කලින් බහින්න වෙනවා  මට මලේ මල ....
අයි යකෝ පොඩ්ඩක් බුදිය ගන්න බෑ මූ කරේ නගින්ඩ හදනවා ... මම හොයා ගත්ත විසදුමක්,... එහා පැත්තේ සීට් එකට කකුලක් තියලා මම මුව තද කරා ජනේලට................ අම්මෝ මට තියන සතුට ....සැපට නින්දක් දා ගෙන මම කල්පනා ලොව මල්  වගේ.... 
පුරුද්දට වගේ අපිට ඔය දේවාල තියන තැන් වලින් අහරෙනවනේ මටත් ඇහැරුනා පොල්ගහමුල(පේරාදෙණියේ) දේවාලේ  ලඟදි... ලාවට වගේ අලුයම ලොව බලද්දී දැක්ක මේකිව .. මට කිරිගහට මෝල් ගහෙන් ඇන්නා වගේ සුචර් මේ ප්‍රියා තමා කියලා ... 
මෙකි මට එක දවසක් කෝ අත දියන් කියලා අල්ලට ඇන්නා ටෙස් ටියුබ් කෑල්ලකින් ලේ පයින්න.. ඇයි කියල අහපුවාම කියනවා උඹලගේ ලේ රතු පාටමද කියලා බලන්නලු...මට ඉතින් එයින් පස්සේ ප්‍රියාගේ මුන හොඳට මතකයි. ...වෙලාවට  මම  එළු  මස් කන්නේ නෑ කනවා නම් එදා ඕකිව චව් චව් ගාලා කනවා...
මේකි ඉන්නවා ලැප් ටොප් එකත් කිහිල්ලේ ගහගෙන තව බැග් එකකුත් බෙල්ලේ එල්ලගෙන 
ඉස්සරහ හිටපු අක්කගේ බෙල්ලෙන්ද කොහෙද අල්ලාගෙන හිටියේ වැටෙනවට...
කොහොමහරි කොන්ද අයියට පයින්ද කොහෙද ගහලා ටිකත් එකත් බලෙන්ම වගේ ගත්තා මන් දැක්කා... බහින්නේ කැළණියෙන් කියලා මට කලින් ඇමතුමක් දීපු වෙලාවක කියල තිබුනා.. 
මොකද මේකිගේ ජොබ් එක තමා කැම්පස් එකේ අහිංසක කොල්ලන්ට කෙල්ලන්ට බොරු කියලා දෙන එක. ඒ කිව්වේ ඩිමෝ කෙනෙක්.... 
මම දැන් බලන් ඉන්නවා මේකි මගේ දිහා බලලා අනේ මචන් කොහොමද කියනකන්..
දෙපාරක් විතර මේකි බලලා අහක බලා ගත්තා..
මට මතක් උනා මේකිට මාව අඳුන ගන්න බැරිව තමා මේ ඉන්නේ කියලා කන්නාඩි දෙකත් ගලවලා දත් හතළිහක් විතර පෙන්නලා හිනා වුනා ... මොන මේකි අහක බලා ගත්ත අර කෙල්ලෝ එක පාරටම අර දාන්නේ බැල්මට් එකක් "කොල්ලෝ නම් මොනවද "
මට හෙන ආතල්...... මම ඉතින් මගේ කට හඬ අඳුන ගනීද කියලා බලන්න සූ සූ කිව්වා ... මේකි බැලුවා නිකන් බැල්මක්  ආය මොකුත් නෑ ඒකිගේ හිතේ තිබ්බ ඔක්කම ඇස් දෙකෙන් සට සට ගාලා වැටුනා.... 
මමත් නිල වෙලා ගියා ඇයි යකෝ මෙච්චර මේ එකට මුකුණුවැන්නත් එක්ක බත් කාපු කෙල්ලනේ... 
මටත් දැන් එකෙන්ම හිනාව නවත්තන්න බෑ .... 
බස් එකේ ඉන්න වුන් මගේ දිහා බලන් ඉන්නවා.....
මම අර කොල්ලටත් පයින් එකක් ගහල අහරුවා....  ඌ හොරාට මගේ දිහා බලලා අපහු නිදා ගත්තා.
මම දැන් ප්‍රියාව අප කරනවා... 
මේකී හිතන් ඉන්නේ මම ඒකිට ෆොටෝ ගහන්න කතා කරනවා ... මමත් ඉතින් මේකිට ලයින් පාර දාගෙන අවා කෑගල්ලට ... 
පස්සේ මේකී ඉස්සරහා වාදී වුනා.....
මමත් ඇරියේ නෑ ගේම... 
මම හෙමින් කලගෙඩි හේන හරියෙන් නැගිටලා ඉස්සරහට ගිහින් මේකී ලග හිට ගත්තා... 
මේකිට මලේ මල මගෙත් එක්ක ... 
ඩෝග් ගාල මම මේකිගේ ඔඩොක්කුවට බැග් එක දැම්මා.... මමත් බයෙන් තමා ඉන්නේ මොකද මේකිට තැනක් නොතැනක් නෑ මල පැන්නොත් එහෙම........
මම තව ටිකක් මල පන්නලා ඇහුවා 
ඈ බෝල යකෝ ප්‍රියා ... මම අරූ ... එක ෆැන්ටා බෝතලේ විසිපහකට බෙදලා තනියම බීපු අපිට මාව අමතකයි...කිව්වා හරිද මන්දා ....
උඹේ කන් දෙකට මව පෙනුන් නැද්ද..... 
එතකොට ටමා මේකිගේ ලයිට් එක පත්තු උනේ....
ඊට පස්සේ ....
පුස් ඉන් බූට් වගේ ඇස් ලොකු වෙලා කන් පොඩි වෙලා අත දෙක ලං වෙලා .... අහිංසක පෙනුම ඇවිල්ලා..... අනේ මම දැක්කේ නෑ.. 
මේකී කියන බොරු.. අම්මපා...............
එතකොට ඉතින් වෙන්න ඕනේ ටික වෙලා ඉවරයිනේ ........................
ඉතුරු ටික පස්සේ 







Read more »

Followers