7.31.2012

බඩු ගියා බන්....

මට එදා ටුටුවා හම්බෙලා ඉස්කොලේ කාලේ වෙච්ච ආතල් ටිකක් එහෙම මතක් කලා........ වැඩේ කියන්නේ මට ඔ්වා සුටුස් ගාලා අමතක වෙන එකනේ.... 
මම ඉතිං ඌට කිවුවා "ඔය කතා ටික ලියලා එවපංකො.." කියලා 
"ඔව් ඔව් මට හොඳ...ට ටයිපිං පුළුවංනේ.. මට පුළු පුළුවං වෙලාවට උඹට පුක දෙන්නං.." කියලා බැන බැන ගියා... අනේ අපරාදේ කියන්න බෑ.. කතා දෙකක් තුනක් ලියලා එවලා තිබ්බා... මේකත් එයින් එකක්...


ඔන්න දවසක් සුදු මල්ලියි(තඩි සුපුනා)  ටුටුවයි(උදිත) ජනකයයි පට්ටලයයි නන්දෙ මාමයි ටුටුලාගේ ගෙදර කවුරුත් නෑ කියලා බොන්න ගියා.... ඉස්කොලෙ සුපුරුදු ගහ දිගේ ගිහින් තාප්පෙන් පැනලා රෝයල් එකේ බැජ් ටික ගලවලා තෝපාවැව ඉස්කෝලෙ බැජ් සෙටි කරගෙන බස් එකට නැග්ගා දැන් කොහෙ ද ඉතින් බොන්න සල්ලි...? 
සුපුනා කිව්වා 
"හරි හරි ඒවා හරි බහිමු.... "
පොළොන්නරැවෙ පොළ ගාවින් බැස්ස 

තඩි සුපුනා ඇද්දා බැංකූ කාඩි 1 ක්...... සුපුනා අයියා වගේ ගියා ඇතුලට අපි එතනම කඩේක පිටිපස්සෙ සිගරටි 1 බොනවා.... බොද්දි පොරක් ආවා 
"ආ.... පුතාලා ඉස්කෝලෙ ඇදුමින්.....??"
අවුලක් නෑ අපි ගහන් ඉන්නෙ අනිත් ඉස්කොලෙ බැජ්නේ.... ටුටුවයි පටිටලයයි පොරව අදුනනවා අනිත් වුන් දන් නෑ... අර පොර අහනවා 
"පුතාලා දන්නවාද මං කවුද කියලා...??" 
එක පාරටම ගොන් පටිටලයා කිවිවා 
"රම්‍යා මැඩම්ගේ මහත්තයානේ...." 
අපේ සාමාන්‍යයපෙල  සමාජ අධ්‍යයනය මැඩම්ගෙ හබියා වැඩේ දෙල්.... අපි නොකර සද්දෙ මාරු වුනා 

සුපුනා ආවා එලියට... උගේ මූන කැන්ටමේ පැටිස් එක වගේ...කරවෙලා හැඩෙත් අවුල් මොකක් හරි අවුලක් කියල ෂුවර්... 
"බඩු ගියා බන්...."  
බලද්දි කාඩි එක ඇතුලෙ.. 
"අම්මගේ පර්ස් එකෙන් උස්සං අපු කාඩ් එක බං අම්මගේ පාස්වර්ඩ් එක ගහද්දි ඇතුලට ගියා.." 
ඇතූලට ඔක්කොම ගිහින් වැන්දෙ නැතූව විතරයි  කියන්නෙම කාඩි එක අයිතිකාරයා එක්ක එන්න කියලා 
අපේ ගෙවල් ලග අදුරන ඇන්ටි එකක් හිටියා වැඳලා වැඳලා 3.00 ට විතර කාඩි එක ගත්තා සුපුනා අඩනවා දැක්කෙ එදා තමයි කදුලු පිරිලා....

බලද්දි අම්ගෙ පර්ස් එකේ තිබිලා තියෙන්නේ අයියගෙ කාඩි එක මූ ගැහුවෙ අම්මගෙ පාස් වර්ඩි එක.. 
මූ කැනහිලා බව උගෙ අම්මට වඩා කවුද දන්නෙ... 



23 අදහස්..:

  • මානවක says:
    July 31, 2012 at 9:38 AM

    හය්යු තනි ඇහැට ඇදෙනවා...

  • පිණිබිඳු... says:
    July 31, 2012 at 10:25 AM

    මේකෙ උදිත කියලා ඉන්නෙ අර නිවේදක සංගමේ කෙනාද. ඉස්කෝලෙ කතා තව දාන්න. අපෙත් යාලුවෙක් මගෙ බ්ලොග් එක කියවලා ඌට මතක කතා වගයක් කිව්වා. දැන් ආයෙත් ඒවා අමතකයි.

  • Unknown says:
    July 31, 2012 at 11:10 AM

    හයියෝ සල්ලී...ඉතින් එදා බ්ව්වේ නැද්ද....

  • දිනුක says:
    July 31, 2012 at 1:56 PM

    අපොයි ශල්ලි

  • දයානන්ද රත්නායක says:
    July 31, 2012 at 3:07 PM

    බොන්ඩමයි හිත් ඒත් බැරිවුනා නේද?

  • ගිනි කුරුල්ලා says:
    July 31, 2012 at 8:05 PM

    අමුතුවෙන් බොන්න ඕනේ නෑ. කාඩ් එක හිර උනාම කරටි කැඩෙන සයිස් එකට වැදෙන්න ඇති..

  • Anonymous says:
    July 31, 2012 at 9:53 PM

    දැන් පාස්වර්ඩ් එක වැරදියට ගහපුගමන්ම ATM එක කාඩ් එක ගිලිනවද? මම දන්නෙ නෑනෙ ඒක!!
    henryblogwalker the Dude

  • Anonymous says:
    August 1, 2012 at 11:31 AM

    ow deparak waradi pin no. eka gahawwoth.

  • uditha says:
    August 1, 2012 at 5:34 PM

    අනේ නෑ 3 පාරක් පාස් වර්ඩි එක TRY කලොත් ඇතුලෙ ඉන්න කෙනෙක් ඇවිත් ඔන ගාන ඇල්ලොප් 1 ක දාලා ගෙනත් දෙනවා ලු ආරන්චි හැටියට

  • Anonymous says:
    August 1, 2012 at 9:17 PM

    හයියෝ සංසාරේ

  • අසරණයා says:
    August 2, 2012 at 1:14 AM

    එදත් බොන්න බැරි වුනාද මචං..

  • නරකයා....!! says:
    August 2, 2012 at 5:04 PM

    හිකිස්

  • නරකයා....!! says:
    August 2, 2012 at 5:05 PM

    නිවේදක සංගමේ... ටුටුවා... නැ නෑ.. වෙන්න බෑ.. මේ වෙන එකෙක්

  • නරකයා....!! says:
    August 2, 2012 at 5:06 PM

    නෑලු.... එහෙම තමයි ආරංචි

  • නරකයා....!! says:
    August 2, 2012 at 5:08 PM

    නෑ.. 3 පාරක් ගැහුවොත්... මෙහෙම තමයි කතාව ලියපු එකා ලියලා එවලා තිබ්බෙ... මං හිතන්නෙ දෙපාරක්ම කලින් ට‍්‍රයි කරලා තිබ්බද දන්නෙ නෑ...

  • නරකයා....!! says:
    August 2, 2012 at 5:09 PM

    ආ... එහෙමත් පුළුවංද...?

  • නරකයා....!! says:
    August 2, 2012 at 5:10 PM

    හලේද කියන්නෙ..

  • නරකයා....!! says:
    August 2, 2012 at 5:10 PM

    බැරි උනාලු..

  • නරකයා....!! says:
    August 2, 2012 at 5:11 PM

    කර්පට් වෙලා... ඇඹුල් එක උල් වෙලා.. .... ඊඊ........

  • නරකයා....!! says:
    August 2, 2012 at 5:12 PM

    එකනේ... නරක ළමයි.. හොඳ වැඩේ..

  • ලෝකයා... says:
    August 14, 2012 at 2:44 PM

    අපොයි ඒ ගැන කවර කතාද.. උඹලට බඩගිනිද කියල විතරයි අහන්නේ . ලීටර එක හමාරේ බීම. බිස්කට් සට සට ගාල ගෙනත් දෙනවා.. අතේ සත පහක් නෑ.. කතාව පස්සේ දාමු

  • නරුමයා says:
    September 2, 2012 at 5:46 PM

    එල නෙ ..............

  • ලක්මාල් says:
    September 13, 2012 at 9:24 AM

    පට්ටලේ කොතනද.. එතන දෙල්.

Post a Comment

Followers