සල්ලි නැති කොමකට කොලු කොමට ඉදලා හිටලා ඉබ්බා දැම්මට දැන් ඉතිං ඉබ්බා දාන එක ඒ හැටි ගැලපෙන්නෙ නෑනෙ සමහරවිට... කකුල් දෙකටම කලිසං ගහලා කොන්දොත් එක්ක හැප්පෙන එක ප්‍රොෆෙෂන් එකට එච්චර හරි මදි ගතියක් දැනෙනවා. අනික මොනවා උණත් වැරදි වැඩේනෙ....
ඒ උනාට උං එක්‍ක හැප්පෙන්නෙ නැතුව ඉන්න ගියාම උනුත් එන්නෙ අපිට නිකට පාන්න... ඒ අපේ හැදිච්චිකම... රුපියල් 9 ක 19 ක දුරක් ගියාම ඉතිරි රුපියලට අඩන්න ඕණේ... ලැජ්ජයි වගේ හිතුණට මන්නං ලොවෙත් අඩලා හරි ඉල්ලගෙනමයි බහින්නෙ... ඒ උණත් කොන්දා එහා කොනේ ඉන්න වෙලාවට 'රුපියල් ටික එකතු කරලා ගෙයක්වත් හදා ගන්නැතෑ..' කියලා හිත හදා ගන්න බලනවා... මගෙ හිතට වැඩියෙන්ම දැනෙන්නෙ රුපියල නැතිවෙන අවුල නෙමේ.. ආත්ම අභිමානය රුපියලට ගියා හා සමාන අවුලක්..
"මොකද්ද මේ රුපිලකට මැරෙන්න හදන්නේ... " වගේ බැල්මක් දාගෙන දෙනකොට ඒක ගන්න හිතෙන්නෙත් නෑ... සමහර විට ඕක කටිනුත් පිටවෙනවා....
"හැබැයි මාරු නෑ.... නෑ..." ගාලා නළාව පිඹින මේ මිනිස්සු කරන ජඩ වැඩක් දැනගත්තා ළගදි, අතේ එකතුවෙන මාරු සල්ලි ඔක්කොම කඩේකට දීලා නෝට්ටු ඉල්ල ගන්නවා... එතන ඉදන් ආයෙමත් මිනිස්සුන්ට කෑ ගහනවා "මාරු සල්ලි දෙන්න..." කියලා
මම දැන් ගන්නෙ 19 ටිකට් එකක්.විස්සෙ කොළයක් දුන්නාම පොර පාඩුවෙ යනවා රුපියල ගැන වගක්වත් නෑ.... මාත් පාඩුවෙ යනවා රු 23කම දුරක්... මට රුපියල් තුනක් ලාබයි උට රුපියලක් ලාබයි උටත් පිට් මටත් පිට්..
පහුගිය දවසක මට ඇත්තටම 19 දුරක් යන්න ඕනේ උණා... දැන් ඉතිං රුපියල ලේසියෙන් අතඅරින්න පුළුවං කමක් නෑ... මම රුපියල් විස්සක් දීලා අත දික්කරගෙනම හිටියා... කොන්දා කීවා.. ,
"රුපියලක් පස්සෙ දෙන්නං.." කියලා... ඒත් මම බහින්න ලං වෙද්දී කොන්දා හිටියෙ අනික් දොර ගාව. බස් එකෙත් සෙනග... මනුසසයාට අමතක වෙන්න ඇති... මම බැහැලා ගියා කොන්දා ගාවට...
"මචං රුපිලක් ගන්න තියෙනවා....!!" මම ෆ්‍රෙන්ඩ්ලි මූනක් දාගෙන කීවා
"ඈ....."
"රුපියලක්..., ඉතුරු...." මම පොඩ්ඩක් සද්දෙ වැඩි කරා..
"රුපියලක්ද හහ්... රුපියල් 4ක් දෙන්න..." කට කොණකට ඇදලා හිනාවෙලා නෝණ්ඩියක් දාන ගමන් ඉල්ලුවා
"නෑ නේ..."
"රුපියලක් දෙන්න..."පොර කතා කරන්නේ ගොඩක් තරහින්...
"ඒත් නෑ...පහක් දෙන්නං මට හයක් දෙන්න..."
මොකෝ මම දැක්කා අතේ දෙකේ කාසි ගොඩක් තියෙනවා...
"පහක් දීලා හරියනවද රුපියලක් ඉල්ලපුවාම.. හෙහ් මොලේ නැද්ද..."කටේ මාර සද්දයක් තියෙන්නෙ..
"හා හා දෙන මගුලකින් දෙන්ඩකෝ..." මටත් අහින්සක මලක් පැන්නා...
"රුපියලකට මැරෙන්ඩ හදන්නෙ, මාරු ගේන්ඩකෝ එනකොට.."
මමත් ලැජ්ජා බිට් එකෙන් තියලා ඒ ටෝන් එකම ආරූඪ කර ගත්තා
"අයියා මේ ප*ක් කතා කරනවා.... මාරු ඉල්ලනවා විතරයි ඉතුරු දෙන්න වගක් නෑ..
මම ඔයාලටත් එක්ක හම්බ කරන්නෑ.. දෙන විදියකට මට රුපියලක් දෙන්ඩ..
මොකෝ අපි ගෙදර මාරු වදන්නයෑ... "
ඉතා සරලම විදියකට මටත් මල පනින බව පෙන්නුවා...
'"ආපෝ ආ ආහ්... රෙද්ද..." කියලා මගේ පැත්තට කාසියක් විසි කරා..
ඔය හම්බුනේ රුපියලට දෙකක්ම... මට මාර පිට් එකක් ආවේ...
කොන්දාගෙන් ගේම ඉල්ලලා රුපියලක් ගන්න එකේ මාර ආතල් එකක් තියෙනවා කියලා මං එදා තේරුම් ගත්තා.. හැබැයි ඔය සෙල්ලම හැමදාම කරන්න ගියොත් කන්න වෙන බවත් දන්න හින්දා මම ආයිමත්
පුලු පුලුවං වෙලාවට ඉබ්බා වඩම්මන්න තීරණය කලා... කාටත් සෞක්‍යයාරක්ෂිතයි නේ...!!