1.31.2012

පන්ති තහනම..(අවවාදයයි... මෙය පාසලේදී අත්හදා බැලීමෙන් වලකින්න)



මේකත් ඔය ලස්සන දවසක වෙච්ච දෙයක් . අපි ඉස්කෝලේ ගිහින් ඉවරවෙන්න මාස අටක් විතර තිබුනේ....... මමයි නරකයි ඉස්කෝලෙට පොඩ්ඩක් කලින් ආපු දවසක්... 
එනකොට උදේ දහයට විතර ඇති.. අපි එනකොට වෙන්න ඕනේ ඔක්කොම වෙලා ඉවරයි . 
අපේ පන්තියේ හිටියා පට්ටලයා කියලා ඩයල් එකක් ඇති විශේෂ ඩයල් එකක්. කතාව කියන්න කලින් මූ ගැන විස්තරයක් කිව්වේ නැත්තන් වැඩක් නෑ වගේ...
උස අඩි හතරයි දසම පහයි 
හරහට උස අඩි එකයි 
ජාත්‍යන්තර මට්ටමේ කටකට උරුම කන් කියනවා  . 
මේ තෝරා ගත් කිහිපයක් අනික්වා වෙනම කොටන්න ඕනේ මාතෘකාවකුත් දාලා 
1-දවසක් කාමරේට වෙලා හොරෙන් දුමක් දදා ජනේලෙන් එලියට අළු කඩ කඩ ඉද්දි තාත්තා එහා පැත්තෙන්  ඇවිත් සිගරට්ටුව පැහැර ගෙන ගිහිල්ලා. 
2-වෙඩිමකට ගිහිල්ලා කරටි කැඩෙන්න ගහලා බත් එකක් බෙදන් ඇවිත් වැනි වැනි ඇවිත් වාඩි වෙලා එහා පැත්ත බලනකොට ඉස්කෝලේ විදුහල්පති තුමත් එහා පැත්තේ පුටුවේ බත් එකක් කනවලු. 
3-රෙද්දක් ගන්න කඩවල් වලට ගියාම යන්නේ පොඩි එව්න්ගේ රෙදි තියන කෑල්ලට ..............මොකද ඌට පිරිමි ඇදුන් තියන කෑල්ලේ මුගේ සයිස් නෑ. 
4-දවසක්  තඩි ගලක් මාරි පෙට්ටියකින් වහලා පන්තිය ඉස්සරහින් තියලා වයිසා එනකොට.... පොරත් ඉතින් ඔය පෙට්ටියට පයින් ගහලා .... 
පෙට්ටි වලට පයින් ගහන එකෙක් ඉන්නවනම් ඒ අපේ වයිසම තමා ඉතුරු ටික කියන්න ඕනේ නෑ නේ ................. 
පොරගේ මුණ නිකන් බියර් බීපු වල් හාවෙක් වගේ ... 


වයිසා ට අපි ආදරේට කතා කරේ 'කනකය' කියලා..  
ඔය වගේ කේස් හින්දා පොරට අපේ පන්තිය දකිනවා  කියන්නේ 'බල්ලට සම්බෝලයි බතුයි..'  වගේ තමා අපේ වැරද්දක් අහු වෙනකන් හිටියේ..කාබනික රසායනය වගේ පාඩමක් කොරන්න 
කොහොම හරි දවසක් අපේ පන්තිය ඉස්සරහින් උප විදුහල් පති තුමෙක් යනකොට  පට්ටලයා,  පොරට කනකයා කියලා .... කියපු කෙනා හොයා ගන්න බැරි නිසා පන්තියටම කෝටු පාරවල් දෙක බැගින් දීල ගියා. 
අපේ ඉස්කෝලේ හිටපු ඉංගිරිසී මැඩම් හොඳට කනට පෙන්න හිටියා.. අපිත් කොහේ ගියත් ඉංගිරීසි ඉගන ගන්න පන්තියට එනවා. මැඩම් එන්න පරක්කු උනොත් හොයාගෙන එන්නත් යනවා... පට්ටලයා කැමරාවක් හොයන් ඇවිත් මැඩම් ගේ ෆොටෝ ගහලා අනවසරයෙන්... 
මැඩම් ට හොඳටම තරහා ගිහිල්ලා ගිහින් කියලා කනකයාට පොර හෝ ගාලා කැමරාව හොයනවා .. කොහේ හොයන්නද ... බැරිම තැන මූ පන්තියටම පිනාගේ කාර්යාලෙට යන තැන දන ගහන්න කියලා ....අපි දෙන්නා බනිස් ගෙඩියක් එහෙම කාලා වැඩි කලබලයක් නැතිව හෙමීට ඉස්කෝලෙට යනකොට මෙන්න කොල්ලෝ ටික දනගහගෙන පෝලිමට ඉන්නවා. අපි දෙන්න හෙමීට යන්න යනකොට  මුන් කෑ ගහනවා 
"සර් මෙන්න මුන් දෙන්නත් අපේ පන්තියේ.." කියලා .....
අපි ඉතින් කියන්න ගියේ නෑ අපි මේ එන ගමන් කියලා හරි නෑ නේ .....අපි දෙන්න මෙලෝ දෙයක් දැන් නෑනේ .. අපිට හෙන කේස් එක 
"තොපි දෙන්න උදේ කොහෙද හිටියේ " 
"පුස්තකාලේ සර් ...."
"බොරු කියන්න එපා යකෝ අද පුස්තකාලේ වහලා ..." (යකෝ කියපුවාම කලබල වෙන්න කාරි නෑ ඔහොම තමා මළ පැන්නාම)
අපි කොහොමද ඕවා දන්නේ අපිට දිවැස් නෑනේ .... 
"ඒක තමා සර් වහලා අරිනකන් බලන් හිටියා ටිකක් වෙලා.. අරින් නැති හින්දා මේ එන ගමන් ........"
"දන ගහපියව් මෙතන ..... " විලි ලැජ්ජාව අනිත් පන්තිවල එවුන් අපිට හිනා වෙනවා හැබැයි කටින් නෙමේ ...
කොහොම කොහොමහරි ලැජ්ජාව ඉවසා ගන්න බැරිම තැන නැගිට්ටා ඔක්කොම .... 
"මොකද තොපි නැගිට්ටේ..."
"දන ගහන්න බැහැ සර් ...." 
"වරෙව් තොපිට දෙන්නම්...(හොඳ ජිල් බෝලයක් වර යන්න පිනා ගාවට)" 
අපි ඔක්කොම දැන් පිනාගේ ඔෆිශීය ළඟ බලන් ඉන්නවා...... 
"පලයව් දැන් කියපියව් තොපි කරපුවා....."
අපි ගිය ගමන් පිනා AC එක වැඩි කරා ඇයි අපි තිහක් විතර ඒක ඇතුලෙනේ...... 
"හ්ම් ..උඹලා දැන් කාගේද ෆොටෝ ගැහුවේ ... "
"අපි දැන් නෑ සර් ...."
" එහෙමද සති දෙකක් ඉස්කෝලේ එන්න එපා ... පන්ති තහනම්... !!" 
අපිත් දැන් හෙන සද්දේ ....
"එහෙම කොහොමද සර් පන්ති තහනම් කරන්නේ... අපි වැරද්දක් කරේ නැනේ ..."
එකෙක් කට ඇරියා ..... 
(තමුසේ කොහොමදා කස්බැවෝ ඔහොම කතා කරන්නේ පිනාට.....)
" තමුසෙගෙ ගෙවල් කොහෙද ....?"
" ^&&^*@##$.... සර්.."
"තාත්තා මොකද කරන්නේ .......??"
" කලාප අද්‍යාපන අධ්‍යක්ෂක සර් .... "
පිනාට පොඩ්ඩක් හික් ගෑවුනා .... 
"ඊළඟ තමුසෙගෙ තාත්තා කව්ද ...??" 
"සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක සර් ........ " 
එතකොට අපිට හික් ගෑවුනා ...ඇයි යකෝ  මුළු කලාප කාර්යාලයම ඉන්නවනේ ...
"තමුසෙගෙ...??"
"අහවල් ඉස්කෝලේ පිනා සර්..........."
"කමන් නෑ තමුසෙලගෙ පන්ති තහනම් ....... "
අපිත් ගියා ගෙදර..... හවස් වෙනකොට කෝල් එනවා 
"මචන් එහෙම පන්ති තහනම් කරන්න බෑ විනය පරීක්ෂණයක්  තියන්න ඕනේ... අපේ අම්මා කියුවෙ, අපේ තාත්තා කියුවේ.. අපි හෙට යමන් ඉස්කෝලේ..... "
පහුවදා උදේ හත වෙද්දී අපි ඉස්කෝලේ පන්ති භාර කුකුලා ට විස්වාස නෑ...අපි උදෙන්ම ඇවිත් ඉන්නවා දැකපුවාම 
" තොපි මොන හුට්ටප්පරයක් කරන්නද අද ඉස්කෝලේ ආවේ....  "
"සීයට අසූව දාගන්න සර් ..."
"නෑ නෑ ඒක මම උඹලට දාල දෙන්නම් උඹලා පන්තිය කැත කරන් නැතුව හිටපල්ලකො ......... "
"හා සර්..."


 ටික වෙලාවකින් පිනා එනවා මල පැනපු ඉත්තෑවා වගේ... 


"තොපි මොකටද ඉස්කෝලේ ආවේ..."
"විනය පරෙක්ෂණය කරගෙනම යන්න සර් ............................"
ඔන්න අපේ එවුන් ...... මල්  පහයි   ගල් දෙකයි ....................... 
සර් ට මල පැනලා ..... සපත්තුවේ ලෙස් එකත් කන්න හදනවා ......
"මාව විහිලුවකට ගත්තා නේද... කොහොමත් පන්තියේ ඉන්න තහනම්...!! පලයල්ලා ස්පොර්ට් රූම් එකට ..."
 අපිටත් මොකෝ එකේ ඉන්න තියනවනම් ...... අපි එකේ ෆූට් බෝල් ගහනවා ... කැරම් ගහනවා, සැරින් සැරෙට එළියට එනවා... 
"සර් වතුර ටිකක් බීලා එන්නම්... චූකරලා එන්නම්...." 
දැන් ඉතින් අපි වීරයො වෙච්චි... අනිත් උණුත් හරී ආදරෙයි.. කෑමත් ළගට ගෙනත් දෙනවා.... රූම් එක නිකන් නරකයාගේ කාමරේ වගේ
 (ඒකත් පට්ටම කාමරෙ වෙනම පොස්ට් එකක් දාන්න පුළුවන්, ඔන්න උගේ කාමරේ දොර ගැන මම මොකුත් කිව්වේ නෑ.....)  
PTI සර්ට මල පැනලා ................... ඌ ගිහින් පිනාට කියලා 
"සර් උන් ස්පොර්ට් රූම් එකේ කක්කා කරනවා .....උන්ව වෙන කොහාට හරි දාන්න  " කියලා
ඉතුරු ටික පස්සේ 


Read more »

1.24.2012

නන්දයා ගෙ ඉතුරු ටික

අනේ තරහා අවසර අර ලෝකයා කරපු අසමජ්ජාති වැඩේට.... ඒ නරියට ඔය අන්තිමට කියපු ටික කෝල් කරලා හරි කියන්න තිබ්බනෙ රෙද්ද.... කොහොම උණත් ඉතිරි ටික ඔන්න... 

මේ ගස් හාවා (අබා) මගේ රත්තරන් පාට ලයිටරේ උස්සලා... ඔක ගේන්න අපි ගියා අබාගෙ ගෙදර... මොනවා නැතත් දෙමවුපියො හරි හැදිච්ච උන් වෙන් ඇතිනෙ... ඉස්කොලෙ ඇඳුම පිටින් ගිහින් උගේ තාත්තගෙන් ලයිටරයක් ඉල්ලන්නෙ කොහොමද දැන්... (ඔ්වා ඔනේ නෑ... කොහොම හරි වැඩේ කොරගෙන අපි ගියා නන්දෙගෙ ගෙදර..)

ඒකා පන්තියට ආපු දවස්වල මං ඇහුවා..
"උඹේ නම ප‍්‍රදීප් වෙච්චි ඇයි උඹට නන්දෙ මාමා කියන්නෙ ඒ තාත්තගෙ නමද...?"කියලා 
"නෑ බන් ඉස්සරහා ගෙදර අංකල්ගෙ නම..."
එතනින් එහාට අහන්න ගියේ නෑ... කොහොම හරි අපේ ගෙවල් එහා ඩොටේ මුංගෙ ගෙවල් මෙහා ඩොටේ 
"අනේ රත්තරං අපිව බස් යන පාරකට දාලා වර මොකේ හරි.. "
ඇත්තට ඌට ලොවෙත් බයික් එකක් තිබ්බා.. මේකා එක පෙන්නලා "ඔක අරන් ඉස්ටාට් කරපිය..." කියලා ඇඳුමක් දාගෙන එන්ට ගියා මම ඒකේ හරිබරි ගැහිලා වාඩි උණා... හුටා.. යතුර දාන්නෙ කොහාටද... ඒකේ මීටරේ තියෙනවා යතුරු හිලක් නෑ.. 

"මෙක තෝම පැදපිය..." කියලා අපි දෙන්නා පිටිපස්සෙන් ඉඳගත්තා.. මෙකා ටැංකිය යටින් අර ගෙවල් වල ලයිට් වලට දාන ස්විච්(බට්ටා ස්විච්) එකක් ඇදලා අරන් ඔන් කලා.. දැන් හරිලු.... 42 වෙනි කික් එක කරපු ගමන් සටාර්ට්.. අපි 3න්දෙනා ඩබල් දාලා ගමන ඇරඹුවා.. සයිලන්සරෙන් දුම් යන්නෙ නෑ... ඔයිල් විතරයි යන්නෙ.. පරිසර හිතකාමී කියන්නත් බෑ... සද්දෙ හැටියට.. ලැන්ඩ් මාස්ටර් එකක් එනවා කියලා හිතෙන්නේ.. ටිකවෙලාවයි ඔය සතුට අපි අතරේ තිබ්බෙ.. ඒ හුට්ටලම නැවතුනා... හැබැයි නන්දයා වැඩ්ඩා... ටැංකියේ මුඩිය ඇරලා කිස් එකක් දුන්නා විතරයි බඩු වැඩ.... 
හැබැයි අවුලකට තිබ්බෙ යටින් ලීක් වෙන්නත් ගත්තා... ඌනං කීවේ ඔවෆ්ලෝ ලු.. අනේ අපි දන්නවයැ ඔවා මොනවා උනත් කිස් එකකට ආන්සර් කරන්න තරං බයික් එකත් මූව අඳුනන හින්දා තමා ඉස්සරහා ගැරිජ් එකෙ නන්දෙ මාමා ගැන සාධාරණ සැකයක් ආවෙ එනගමන් අපිත් කතා කර කර එනවා.. 

"මචං නන්දෙ....?"
"හ්ම්..."
"මේක පට්ට බයික් එකනෙ... කාගෙද..."
"මගෙ හු***"
"ආහ්.. පෙට‍්‍රල් කොච්චර විතර කරනවද.. ??"
"විස්සක් විතර කොරනවා  බන්.."
"හෑ... මෙක මෙ තැපැල් නයින්ටියක් වගේ එකක්  නේද....?"

ඇත්තතටම බැලු බැල්මට වර්ගෙ හොයා ගන්න බෑ.. සිරාවට විස්සක් විතර කරනවා කියන්නේ මරුනේ බයික් එකේ හැටියට ..මූ පස්සේ හොරෙන් කියනවා උගේ බයික් එකේ වැඩ කරන්නේ කිලෝමීටරේට ලිටර්ලු.


ඔන්න ඔය වගේ පට්ටම බුලට් එකක් තමා මේ නන්දයා. ඔය ටුටුවා කියන එකා මුගේ යාළුවා බොක්කේ ෆිට් එක ඉස්සල්ලා මුගේ හැඩේ කියන්න එපයි. ඕකා අඩි හය හමාරක් විතර උසයි.. අඩි  හතරක් විතර හරහට උසයි... උගේ විනොදන්සය තමා පෑන දිහා බලාගෙන ඔලුව වනන එක. ඔය වගේ පෑන දිහා බලන් ඔලුව වන වන ඉන්න වෙලාවක තමා ඕකට අර පඩ සීන් එක උනේ..

ඔය ටුටුවා කියන එකා ඕකගේ යාළුවා වෙන්නේ ඉස්කෝලේ ගේට්ටුව ගාවට එනකන් විතරයි... ආපු වෙලාවේ ඉදන් මරා ගන්නවා ඉවරවෙන කන් ඉස්කෝලේ ඉවර උනාම ගේට්ටුවෙන් එලියට ගියාම උන් දෙන්න එකට යන්නේ හැබැයි වෙනස තමා ටුටුවා උදේ ඇදන් ආපු සුදු කිට් එකම ඇදන් යනවා. නන්දයා ඇදන් යන්නේ දුඹුරු පාට යුනිෆෝර්ම් එකක්.... පට්ටම ආතල් ඩබල  ඔය නන්දයාට කියන තරමක් කෙනෙහෙලි කම් කරන්නේ ඔය ටුටුවම තමා




එක දවසක් ඔය ටුටුවා කියන එකා මොකද්දෝ ගොට්ටක් හදන් ඇවිත් 
"මචන් මේකට කෙල ගහපන්..."
කියලා නරකයගෙන් එහෙම කෙල ඉල්ලාගෙන ගියා.. අපිටත් මොකද නිකන් තියන කෙලනේ අපිත් උගේ ගොට්ට පුරවලා දුන්නා ටික වෙලාවකින් නන්දයා ඩෙස් පුටු පෙරළන් කුණු හරප කියා කියා ටුටුවා පස්සේ එලවනවා... සීන් එක මේකයි.. මූ අර ගොට්ට 
"එයි නන්දයා මේක අල්ලපන් ෆිට් එක.." කියලා නන්දයට දාලා අල්ල ගන්න මේ ගොන් වැස්සි ඕක අල්ලන්න ඇත පය දාලා... කොහොමද සැප .......
ආය දවසක් පන්තියේ පළවෙනියට කතුරක් හම්බ වෙලා නන්දයා ඩෙස් එකට ගහ ගහ ඔලුව වනන වෙලාවක මේකා උගේ ෂර්ට් වල අර පිටි පස්සේ කොක්කක් වගේ එකක් මහල තියෙන්නේ ඒක කපල උගේ අතට දීලා.. අපිත් දැන් සීන් ඒක බලාගෙන ... මූත් ඕක අතේ තියාගෙන උගෙන්ම අහනවා

"මොකද්ද බන් මේක.....??"
"උඹේ ෂර්ට් එකේ තිබ්බේ.."

නන්දයා කොස් ඇට කාපු උගුඩුවා වගේ අරුව කන්න බලන් ඉන්නවා... අපිට මරු හිනා....  ආය දවසක් අපි ස්කොලේ ඉවර වෙලා ගෙදර යන්න ගාථා කියනවා නන්දයා පන්තියේ එළියේ ඉදන්, (පන්තියේ දැල් ගහල තිබ්බේ) ඒ දැල අස්සෙන් අත් දෙක දා ගෙන ගාථා කියනවා බලපුවාම මුව  දැලට තියලා බැඳලා දාලා විනාඩි හතලිස් පහක් විතර කලිසමත් බුරුල් කොරොල... ඒ කාලේ දහතුන එස් එම් වන් කියපුවම ආදරණීය ගුරුවරු ටික අහක බලාගෙන යන්නේ ඒක නිසා අවුලක් නෑ... අපේ ඔය පන්තිය එහෙම තහනම් කොරලත් තිබබා එකත් පට්ට සීන් ඒක.... ප්‍රින්සිපල් ගේ ඇඟ හිරි වැටුනා ටෙල මී යුවර් ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් කියලා .... ඒක වෙනම පොස්ට් එකක් දාන්න ඕනේ ........ ඔය මොනවා උනත් අපේ පන්තියේ හිටපු ඔක්කොටම වැදගත් දෙමව්පියෝ හිටියා අපි නරියෝ උනාට....






Read more »

1.22.2012

පස්සෙන් යාම …..


පස්සෙන් යාම …..මේක හිනා වෙන්න නෙමේ
මේක මම කොටන්න  හිතුවේ  වෙන බ්ලොග් එකක් තිබිච්ච   හිනාවක් දැකලා.ඉස්සලම කෙල්ලෙක් මගේ ඉස්සරහින් යන්න පටන් ගත්තේ නමය වසරේදී විතර… හිරි වැටෙන්නෙත් නැති කාලේ.. කොහොම හරි ඒ කෙල්ලට චොකලට් කවලා කැන්ටිමෙන් කිඹුලා බනිස් අරන් දීලා ලොකු මහත් කොරලා ගන්නකොට අපේ අප්පච්චි මාව දැම්මා වෙන ඉස්කෝලෙකට අම්මපා මට නේද …
අප්පච්චිට කියන්න බෑනේ මම කෑල්ලක් සෙන්ටිමෙන්ටල් කොරනවා කියලා හිත හදාගෙන ඔක්කොම වෙන්නේ මටමයි කියලා මම ගියා ඉස්කෝලේ …
අපරාදේ අර කෙල්ල……..
මොනවා උනත් අම්මගෙන් උස්සපු සල්ලි සහ මම අමාරුවෙන් නොකා නොබී එකතු කරගත්ත සල්ලි වලින් ලොකු මහත් කොර ගත්ත කෙල්ලනේ…. ඔන්න මට ඊයේ පෙරේදා මේ මුණුපොතේත් හම්බ වුනා.. ඔය කෙල්ලව.  කොහොමහරි අලුත්  ඉස්කෝලේ තියෙන්නේ පරණ ඉස්කෝලෙට පැය තුන හමාරක් විතර ලඟින් … මම හිත හදාගත්තා…
මම ගල් වලට පයින් ගහ ගහ ඉස්කෝලේ යනකොට … මට කොරන උදව්වක්  හැටියට අම්මා මාව දහම් පාසලකටත් දැම්මා … ඒ කාලේ දහම් පාසල් යනවා කියන්නේ ඇත්තට මට නම් නිකන් නයාට මාමයිට් වගේ… ඔහොම ඕකට මාස තුන හතරක් යනකොට පාලි අභිධර්මය බෞද්ධ ශිස්ටචාරය වගේ දේවල් මේ කනින් ඇහිලා නහයෙන් යනවා.. දන්නෙම නැතිව එකෙත් අන්තිම පෝලිමට තමා සෙට් වෙලා තියෙන්නේ උන් ටිකත් ගෙදරින් පයින් ගහන නිසා දහම් පාසල් එන එවුන්.. එක දවසක් උදේ රැස්වීම කට් කොරලා උදේ පාන්දර ලොකු හාමුදුරුවන්ගෙන් ගුටිත් කැවද කොහෙද රැස්වීම ඉස්සරහා ඕවා ටක් ගාල අමතක වෙනවනේ…
ඔහොම යනකොට තව කෙල්ලෙක් මගේ කනට පේන්න ගත්තා ඔහොම දහය හමාර වසරට විතර එනකොට ඒ කෙල්ලව සෙන්ටිමෙන්ටල් කොරගෙන සතුටෙන් සතියක් දෙකක් ලව් කොරා. ටිකක් විස්තර එහෙම හොයල බලපුවාම කෙල්ලගේ තාත්තට පන්සල ඉස්සරහම ටයර කඩයක් තියනවා මගේ කේන්දරේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ඔහෙලට..
ඒකිගේ අම්මා අපේ අප්පොච්චව හොඳට දන්නවා මම පස්සේ දන්නේ ඒ විස්තරේ… කොහොමහරි දැන් කෙල්ලත් එක්ක ඔන්ච්චිලි පදින්න ඔන්න මෙන්න තියනකොට මෙකි ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගියා. ගිහින් එනකොට සර් කෙනෙක්ගේ පුතෙක් එක්ක මෙකි ෆොටෝ ගහලා මට දැන් නොට් රෙස්පෝන්ඩ් …
ඔන්න කෙල්ලොන්ගේ හැටි මට නේද මාරයා නැග්ගේ මොනව කොරන්නද මම අබ කාපු රිලවා වගේ ඊළඟ ඉරිදා ගියා මෙකි ට හතරක් කතා කොරන්න… මමත් ඉතින් හ යන්නෙන් පටන් අරන් ර යන්නෙන්  ඉවර කොරා මෙකි අඬනවා එල දෙන වගේ මගේ කරුමෙට ඒකිගේ මල්ලිත් කොහෙන්දෝ ඇවිත් අහන ඉදල ගිහින් තාත්තට කියලා දහම් පාසලේ ලෝකයා කියලා කොල්ලෙක් අක්කිට බැන්නා කියලා…
ඔන්න මම දැන් ඕව ඉවර කොරලා හොඳ වර්ගයේ ගෝල්ඩ් ලීෆ් එකක් හෙම  ගහලා ගෙදර ගිහින් ප්‍රොජෙක්ට් අයි.ජී.අයි එකට වෙඩි තියලා  එහෙම එලියට බැහැලා ඇත පය දිග ඇරලා ගේට්ටුව දිහා බලනකොට අනී කොළ පාට කාරෙකක් ගේ ඉස්සරහ නවත්තලා …..
මම දැනගත්ත දැන් බඩුම තමා දැන් මුන් ටික මගේ කලිසම ගලවන්න ඇවිත් තියෙන්නේ  කියලා,… මම සින් ගාල මගේ බයිසිකල් කෑල්ල අරන් මාරු වෙන්න හදනකොට අප්පච්චි
“පොඩි පුතා කොහෙද යන්නේ පොඩ්ඩක් ඉන්න මේ මිස්ට පොඩ්ඩක් පුතාව හම්බ වෙන්න ඕනලු ”
ආච්චිට හුරුල්ලෝ පුච්චන්න මම උරෙක් වගේ නොන්ඩි වුනා .මම ගියා ගෙට දැන් දැන් අපේ අප්පච්චි සීන් එක අහනවා ………
දුව දැන් අපේ පුතා මොනවා කියලද දුවට බැන්නෙ… මට   &^&^&%^^&((**)) කියලා බැන්නා ………..
මම ගියා කාමරේට ලොක් කරා දොර   දාගත්තා කම්පීතරේ ගැහුවා ප්‍රොජෙක්ට් අයි.ජී.අයි  ඉවර වෙන කන්ම ඔන්න මගේ පලවෙනි සෙනසුරු අපලේ ඉවරයි ….
සතියක් විතර අම්මා අප්පච්චි ගාවින් යන්න බෑ සන්තෝසෙට…. අම්මයි අප්පච්චියි ඇතුලේ පව්ලේ සැමට මාව විහුළුවක් උනා ….. විලි ලැජ්ජාව ශික් මතක් වෙනකොටත් ලේ ටික ගල් වතුර වෙනවා ….මගෙන් හොඳටම ආතල් ගත්තා
ඔන්න දැන් තනියම සැපයි කියලා ඉන්නකොට අර පරණ ඉස්කෝලේ ඉන්න කෙල්ලව මතක් වුනා. එතකොට මම සාපෙ කොරලා උසස් පෙළ මැත්ස් කොරනවා මම ඉතින් පන්ති යන්නේ නැතිව යනවා අර කෙල්ලගේ ඉස්කොලේ ගාවට ඔය හරියේ තිබුන හෝටලේකට වෙලා ජිල් ගහනවා එකී එනකන් ආපුවම හොරෙන් එකී දිහා බලන් ඉඳලා ගෙදර යනවා. ඔය මම කට් කොරේ කෙමස්ට්‍රි පන්තියම තමා ….
කොහොම හරි කෙල්ල කයියකට අල්ලාගෙන අහලා දැම්මා වෙන දෙයක් වෙන්න කියලා … “මට අම්මට බොරු කරන්න බෑ ලෝකයෝ ”
මට මෙච්චර ලේසි එක මේකිට මෙච්චර අමාරු උනේ කොහොමද…… ?
කොහොම හරි සීන් එක මාරු උනා මේ විදියට මේ කෙල්ලගේ පන්තියේ හිටිය කෙල්ලෙක් එකීගේ අයියා කෙනෙක්ට මේකිව  සෙට් කොරන්න ඕන කමට මට පණිවිඩයක් එවලා තිබ්බා එයා යාලු වෙලා ඉන්නේ අහවලා එක්ක කරදර කොරන්න එපා එයාට ……ඔන්න පණිවිඩේ
මට තවුසන් ටෝක් එකක් දීලා මුන් කන්නේ ගල් බනිස් … මුන් අම්මලවත් විකුනනවනේ …. මට අලකොල මැල්ලුම් කවන්න හිතුනා මේකිට
මම ඉස්සර හරි කේන්ති කාරයා ඒ වෙලාවට කොරන්නේ හරක් කොරන වැඩම තමා … කොලයක් අරන් ලිව්වා මෙහෙම %*%$^^&&***@#@##@@@##$ සතියකින් විතර ආව ලියුමක් පිටු හතරයි ….
ඈ බෝල ලෝකයෝ තෝ මන් ගැන අවරුදු හතරක් විතර දන්නවා නේද, ඒ තියෙද්දී තෝ මේ පිට එවුන් කියන ඒවා අහනවද … තොට මාව විස්වාස නැත්නම් වෙන එකෙක් හොයා ගනින් …. මම හිතුවේ තමුසේ මාත් එක්ක ඇත්තටම  ෆොටෝ එකක් ගහන්න කැමතී කියලා ….
ආය මාව හම්බ වෙන්න එපා …..
පස්සේ මට මම දීපු සින්දු සීඩී,ලියුම් කැලි ඔක්කොම ගොඩ ගහල මට එවල තිබ්බා …. මම ලියපු ලියුම සැර වැඩිද කොහෙද …. උඹලා හිතයි දැන් මේ ලියුම් කේස් එක හින්දා  හෙන පරණ කතාවක් කියලා නෑ බෝල ඒකිට අතේ ගෙනියන එකක් තිබුනේ නෑ ….
කොහොම හරි මට පින් සිද්ද වෙන්න ඌ ඒකිත් එක්ක ෆොටෝ එකක් ගැහුවා  …. පස්සේ ඌත් බූට් එකක් කෑවා කියන්නේ…….
දැන් ඉතින් කතා බහ කොරොල බලපුවාම අපි දෙන්නම දැන් පරක්කු වැඩියිලු …
ඒකිට මල පැනලා තියෙන්නේ මම යවපු ලියුමේ ලියල තිබ්බ ළමා තැනී මම නුඹට ලියූ හොර ලියුම් අපරාදේ කියන සින්දුවටලු ….. ඔන්න …. මගේ පලවෙනි ලව කෙල උනා එකී කැම්පස් ගියා මම ආපහු කෙමස්ට්‍රි පන්තියට ගියා …
ඔන්න දෙවැනි සෙනසුරු මාරුව
ඊට පස්සේ ඔය අතිරේක රෝද එකක් දෙකක්  තිබුනට ඒවායේ ලියන්න තරම් දෙයක් නෑ..
ඔන්න ඊට පස්සේ කෙල්ලෙක් සෙට් වුනා එකීව සෙට් කොරගත්තේ යාලු කෙල්ලෙක්ගේ හතර පොලට වැඳලා පුදලා මේ ලඟක් වෙනකන්ම ඒකිට දොළ පිදේනි දෙන්න උනා මට. කොහොමහරි සෙට් කොරගෙන මෙකි විද්‍යා පීට ගියා මම ස්ලිට් ගියා … ඕකට ගියාට පස්සේ මම රැවුල වවලා කොන්ඩේ කැපුවා කොටින්ම මගේ උතුර දකුණ මාරු වුනා… බාටාවට බැස්සා කොහොම හරි මේකිත් එක්ක බස් එක්ක ඉන්නකොට මාමණ්ඩිට මාට්ටු වුනා. එදා සිට කෙල්ලව මට හම්බ වෙන්න බෑ ගෙදරින් කේස්. මම ඉතින් දේවාල වල පොල් ගැහුවා බාර් වල ගල් ගැහුවා.. රතු පාට පෙට්ටිය සක්කුවේම තියාගෙන හිටියා ඔහොම බීලා බීල ඉන්න වෙලාවක ආය පාරක්  මාමණ්ඩිට  මාට්ටු වුනා ..
පහුවද කෝල් එකක් අවා පුතා පොඩ්ඩක් ඇවිත් යන්න එන්නකෝ මේ පැත්තේ …
අම්මට හුඩු මට ආය නිකන් පිස්සු බල්ලෝ කොළඹ ගියා වගේ වටේම ලයිට් පත්තු වෙන්න පටන් ගත්තා … පහුවදා ගියා හම්බවෙන්න ….. මම හිතුවේ බන්දලා දෙන්න කියලා පුතේ ඔය කොම්පුටර් කොස් කරාය කියලා රස්සා  නෑ ඔන්න  තත්වේ  . අපේ අහවලාගේ එකත් ඕවා හත අටක් කොරෝලා ඉන්නේ ඉස්කෝලෙත් යන ගමන් … අනික ඔය බීල ඇවිදින එකටත් මම කැමති නෑ ….
කොටින්ම මෙන්න මේකයි …උඹ මට හරියන්නේ නැත …… වෙන කෙල්ලේක් හොයා ගනින් …….
ඉතින් මම වෙන කෙල්ලෙක් හොයාගෙන යනකොට තමා යාපනේ ට්‍රිප් එක සෙට් උනේ එක වෙනම ලිව්වනේ  ………
කෙල්ලෝ හරි හොඳය වෙලවකටය
කැවද බීවද කියා අහද්දී නම් මල පනිනාවය මොකද අවුරුදු විස්සක් විතර  වෙලාවට කලාවට අපි කෑවාය බීවාය.
රණ්ඩු වෙන්න හේතු ඕන නැත මවාගෙන රණ්ඩු වෙනවාය.
බීලා මාට්ටු වුන දවසට ආතල් කුඩුය.
බැටරි බැස වත් රෑට දුරකථනය වැඩ නැත්නම් අපි බොනවාය. පහුවදාට ඇත්තටම බොන්න වෙනවාය
හොරෙන් බොන්න ගිය දවසට අනිවා මාට්ටුය
තව එමටය
අන්තිම ලිපිය
ඇත්තටම ඔලුවේ අත තියල මොන තරම් බොරු කියලා ඇත්ද ….. ඕවා ඇත්ත වෙනවනම් කෙල්ලන්ට ඔලු හොයන්න වෙනවා

Read more »

1.19.2012

නන්දයා

මේ කියන්න යන්නේ නන්දයා ගැනය. ඌට ලස්සන නමක් තිබුනත් උගේ ඇත්ත නම නන්දෙ මාමය. හේතුව උගේ අතිජාත පජාත යාළුවා වන ටුටුවා කිව්වේ මෙසේය.
නන්දයාගේ ගෙදර පාර අයිනේ පිහිටා ඇත. ගෙදර ඉස්සරහා ගරාජයක් ඇත. ගරාජයේ අයිතිකරු නන්දෙ මාමය. ටුටුවා කියන්නේ නම් මේ අපේ නන්දයා නන්දෙ මාමගේ ප්‍රෝඩක්ටුවක්  බවය නන්දයගේ දෙමව්පියන් මේ ගැන මොකුත් නොදන්නා බව අපට විස්වාසය හේතුව වරක් අපි නන්දයාගේ ගෙදර ගොස් නන්දයා කියා අමතා අපි නන්දයාගෙන් සුන්දර වදන් වැලක් අහගත්තෙමු. අපි කියන්නේ නරකයා සහ මමය. පාසල් කාලයේදීම නරකයාගේ අම්මාට උගේ ආදරණීය ගෝල්ඩ් ලීෆ් ලයිටරය මාට්ටු වීම නිසා හදිසියේම ලයිටර එකතු කීරීම උගේ විනොදාංසය බවට පත් විය. උගේ ලයිටර එකතුවේ තිබුන වටිනාම එකම ලයිටරය නන්දයාගේ ගෙදර අසල සිටි අපේ යාලුවෙක් වූ අබා ආදරේට සොරකම් කිරීම හේතුවෙන් 

ඉතුරු ටික තෝ ලියපිය මම යනවා නිදා ගන්න ......
:ඩී 

Read more »

1.17.2012

අන්තිම පෝලිම |||||



අන්තිම පේලිය  කියන කොට මතක් වුනේ. මම හිටියෙත් අපේ පන්තියේ අන්තිම පේලියේ.ඔය උසස් පෙළට ආපු පලවෙනි දවසෙත් පරක්කු වුනා පන්තියට එනකොට අනෙක් වුන් කලින් ඇවිත් ඩෙස් බංකු හදාගෙන මට එකක් නෑ. මම කොහේදෝ තිබ්බ ඩෙස් කෑල්ලක් උස්සන් ඇවිත් දාගත්තා පිටිපස්සටම. කලින් පන්තිය ලස්සනට තිබුනා දැන් කැතේ බැ බලන්න....
අන්තිම පෝලිමට එක ඩෙස් එකයි.. 

මම දැන් අලුතෙන් ආපු එවුන් හොයනවා රැග් කොරන්න. එතකොට මම දැක්ක අදුරන පරණ වානර  මුණක්. අම්මේ නරකයා නේද මේ ඉබ්බා ගලේ ගැහුවා වගේ ආය මොකටද අලුත් එවුන් ආතල් ගන්න.
වරෙන් වරෙන් ඩෙස් කැල්ලක් අරන් අන්තිම පේලියට. දැන් දෙකයි. අපි දෙන්නා අපේ පාඩුවේ සින්දුවක් එහෙම කියාගෙන ඉන්නකොට බෙර ගහන්න ආවා මලා කියලා එකෙක් . ඌ එහා පැත්තේ මැද හිටපු එකෙක් ඌ උගේ ඩෙස් කෑල්ලත් අරන් ආවා අන්තිම පේලියට. ඔන්න දැන් තුනයි පන්තිය ලස්සනයි හැඩයි.
ඔන්න ඔහොම ටික දවසක් යනකොට ..........
සුදු උස තඩි  එකෙක් ඉන්නවා උගේ නම පන්තියේ පළවෙනියා....
ඌ ඇවිත් අපෙන් අහනවා අඩේ මමත් එන්නද අන්තිම පෝලිමට අරුන් එක්ක ඉන්න බෑ බන්....... අපිට මොකෝ බන් වරෙන් කුකුළා මොනවා කියයිද කියලා අපි දන් නෑ කියලා අපි කිව්වා.
ඒ කාලේ අන්තිම පෝලිමේ ඇඩ්ඩින් ලා අපිනේ. ඔය කුකුළා කියන්නේ පන්තිබාර ගුරුතුමා. ඌ අව්ලක් නෑ කියලා මේකත් ඩෙස් කට්ට අරන් අවා. දැන් අන්තිම පෝලිම ලස්සනයි හැඩයි...
පන්තිය කැතම කැතයි  කුකුළා ඇවිත් බලලා බැනලා වැඩක් නැති නිසා ගියා . අපි දැන් හොදින් සින්දුවක් එහෙම කියාගෙන ලස්සනට අන්තිම පෝලිමට වෙලා බුල ගහනවා.
තව කැස්වටුවෙක් හිටියා උගේ නම  නන්දේ   උට ඒ කාලේ තිබුනේ දුඹුරු පට යට කලිසමක් විතරයි. උව පන්තියේ නිරුවත් කරලම අපිට ඒක මීටර් වෙලා තිබුනේ. අපි ඒක උගෙන් අහපුවම ඌ කිව්වේ උට දුඹුරු පාට ඒවම හයක් තියනවා කියලා. ඒ හැම එකකම එකම තැන නිල පාට පෑන් ඉරකුත් තිබුනා.
එක දවසක් ඔය එකට+කොරපු ගණන් උගන්නන සෑර් සැහෙන්න ට්‍රයි කරනවා අපිට ගණන් කියලා දෙන්න කොහෙද අපි අහු වෙන් නෑනේ ඔව්වට. අපි අන්තිම පෝලිමේ සෙට් ඒක බොරු කිය කිය ඉන්නවා.
පන්තියේ පළවෙනියා එකපාරට කිව්වා මචන් මම ප_යක් අරිනවා උඹලා නන්දේ කියලා කෑ ගහපන්....... අපිටත් මොකද අපිත් ආය එක කකුලෙන් වැඩේට සෙට්.
මෙන්න මේක හිතා ගන්න බැරි සද්දෙකින් පරාස් ගලා ඇරියා නේද හුලන්. මායි නරකයයි මලායි කෑ ගැහුවා.... න..න්දේ.........

නන්දයා නිකන් ගස්ලබු කාපු වල් ඌරා වගේ ...... උට හිතා ගන්නවත් බෑ මොකද උනේ කියලා ...
ඌ හැරුනා අන්තිම පෝලිම පැත්තට ....
අනේ මචන් මම නෙමේ .......
සර් උගන්නන එක නවත්වලා බලන් ඉන්නවා අපි දිහා ...... අපි බඩවල් අල්ලන් හිනා වෙනවා....  නන්දයාගේ උණ්ඩුක පුච්චියේ සද්දේ ඇහෙනවා එහා පන්තියට දිඩි දිඩි ගානවා අපිත් එක්ක තියන තරහට.. උගේ කට නිකන් අහවල් එක වගේ වෙලා ළඟ පාත පන්ති වල සමහර කොල්ලොත් බලාගෙන සීන් එක විලි ලජ්ජාවට සන්තෝසේ උහුලගන්න බෑ......
සර් හිනා උනා නිකන් මාමයිට් කාපු පොඩි එකා වගේ .........

ඕවා ඉතින් ළමයින්ට වෙන දේවල්නේ .......................................................

සත්‍ය සිදුවීමකි අපේ පන්තිය ගැන සුපිරි කෙටිල්ලක් නරකයා කොටා තිබුනාය .....
මම ලෝකයා ය ........


Read more »

1.12.2012

සරසවි සිසු ගැටළු (ජෙප්පොන්ට සලකන්න ඔනේ මෙහෙමයි කියන උන්ටත් එක්ක)

පෝඩ්ඩක් විතර වැඩි වෙලා වැනී වැනී නුගේගොඩ හංදියට ගියේ යන්න තැනක් හොයාගන්න... බොඩිමට වෙරිපිට යන්න බෑ ලයිසන් නෑ.. රූට දොර ඇර ගන්න බෑ මේ මහ රෑ බස් තියෙනවා කියලයෑ... හිටගෙන ඉන්නත බැරිම තැන ළග තිබ්බ පඩියක් හොයාන ගියේ පොඩ්ඩක් පස්ස තියා ගන්න.. ඒත් ආච්චිලා ටිකකට හුරුල්ලො පුච්චන්න ඒක පිරෙන්න කොල්ලො සැට් එකක් වාඩි වෙලා එතන ඉඩ නෑ... මම ආපහු හැරුණා.. 

"ස් ස්... අයියා..!! කොහෙද යන්නෙ...??" 
කවුදො අස්සෙන් පොඩි සද්දයක් දැම්මා... හප්පට මේ ජුන්නො සෙට් එකක් නෙ... මම නං මෙ මගේ තියෙන කඩප්පුලි කමට යන එන මං නැතුව ඉන්නෙ..
"තොපි බිලාද..ආතල් එකට වගේ මම පොඩි සැරයක් දැම්මා... "
"නෑ අයියා... මෙතන වාඩිවෙන්න හිටගෙන ඉන්න අමාරුනේ.. ??"
ඇත්තනේ... මටහිටගෙන ඉන්න අමාරුයි නේන්නං 

"ඉතිං ඇත්තට කොහෙද යන්නෙ..." 
උන් මට විස්තරෙ කියුවා පවු වැඩේ වෙලා තියෙන්නෙ... එතකොටම වගේ පොලිසීයෙන් එතෙන්ට ආවා 

 "මොකො මෙතන තමුන්ලා .." 
"බස් එකක් එනකං ඉන්නවා.. "
"කොහෙට යන්නද.. ?"
"යාළුවෙකුගෙ බෝඩිමකට... !"
"කොහෙ ඉඳලද මෙතෙන්ට ආවෙ..??"
"යාළුවෙක්ගෙ බෝඩිමක ඉඳන්..." 
"මේ මහා රෑ මොකො .. ??"
"ඒ බෝඩිමේ අයිති කාරයා අපි ඉන්නවට කැමති නෑ... අපිට යන්න කියුවා.. "
"කොහෙද එච්චර කල් හිටියෙ එතකොට.. ??"
"හොස්ටල් එකේ හිටියේ... මහ එකා ඒකෙන් අපිව එලෙව්වා.. බෝඩිංවල ඉන්න සල්ලි තිබ්බනං හොස්ටල් එකේ ලගින්නේ නෑනෙ දැං ඉන්න තැනක් නෑ.. හෙට ලෙක්චර් එකට යන්න කලින් ඇලට් එකක් දාගන්න තැනක් හොයා ගන්න ඔ්නෙ, 
අයියේ පොලිස් කූඩුවෙ ඉඩ නැද්ද... ?"

වෙලා තියෙන දේ හිතා ගන්න පුලුවං නේද.......

එක පැතිකඩක් විතරයි... සමහර විට උන් පාළම යට නිදියන්නත් ඇති.. උං ජෙප්පො වත් කලහාකාරි එව්න් වත් නෙවෙ.. හැබැයි පොදුවෙ පළිගැනිමට ලක් වෙච්චි එවුන් ටිකක්

Read more »

1.09.2012

මධ්‍යම බස් නැවතුම්පොළ

කොළඹ මධයම බස් නැවතුම්පොළ විශාල ජනකායක් නිතර සැරිසරණ කාර්යබහුල ස්ථානයක් වන අතර නිතර යනඑන මිනිසුන්ට එහි තිබෙන ව්‍යාපාරික ස්ථාන මඳ හෝ පහසුවක් වන්නට ඇත, ඒ අතර පොත්සාප්පු තැපැල් කන්තොරු  මෙන්ම බැංකු පහසුකම් පවා ඇති අතර එය රස්තුයාදුවට එක්තරා පිළියමකි. නමුත් එය කොතෙක් ජනතාවට හිතකර පරිසරයක් පවත්වාගෙන යනවාදැයි යන්න ගැටලුවකි. 

පසුගිය පොහොය දින එනම් 8/01/2012 අහඹු ලෙස බසනැවතුමට ගොඩ වැදුනේ එක්තරා පොත් සාප්පුවක් එහි ඇති බවට වූ හෝඩුවාවක් අනුවය. නමුත් එහි එවැනි ව්‍යාපාර තිබෙනවාදැයි වූ සැකය මත, විමසීම් කුටියෙන් විමසනු ලදුව එක් ගොඩනැගිල්ලක දෙවන මහල කරා අපව යොමු කළේය. මකුළු දැල් බැඳී දුර්වර්ණව අභාවය පත්වන ගොඩනැගිල්ලක අපි තරප්පු පෙළ නගින්නට වීමු. ක‍්‍රමයෙන් ඉතා කළුවර පුස් ගන්දය උත්සන්න වෙද්දී ඉතාමත් අඳුරු කොරිඩොවකට පිවිසීමු. 

එහි පරිසරය චිත‍්‍රපටයක එන මැර තිත්පොලක් සිහි ගැන්වූ අතර තැන් තැන් වල එක් දෙන්නා බැගින් වූ මිනිසුන් ලැගුම් ගෙන සිටි අතර අයෙක් දුම් උරයි. අයෙක් උඩුකය නිරුවත්වය මේ අතර අඳුරු මුල්ලකින් පත්තු වූ ගිණිපුළිගුවකින් එහි තුන්දෙනෙකු එක්ව ගන්ජා සුරුට්ටුවක් අදිම්න සිටිනු පෙණුනි. එම පුළිගුව නොවන්නට එම ස්ථානය නොපෙනෙන තරමට හාත්පස කලුවර පරිසරයකි යහළුවාගෙ මුවින් එකවරම පිටවූයේ, "මෙතනට කොහොමද බං කෙල්ලෙක් එන්නෙ" යන වචන කීපයයි. 

අප දෙස අනවශ්‍යය තැනකට ආ අනවශ්‍යය පුද්ගලයන් දෙස බලන අමුතු බැල්මකින් බලා සිටින අමුතු මිනිසුන් මග හැර අප එතනින පිටවන්නට තීරණය කලෙමු. වෙලාව දහවල් එකට පමණ ය අප පිරිමි දෙදෙනෙකු වශයෙන් මුදල් පසුම්බිය ගැන බියට පත් කරන්නට වූ එම පරිසරය කාන්තාවකටනම් කෙසේවත් ඔරොත්තු නොදෙන්නකි.

ඩෙංගු වාහකයින්ට හිතකර පරිසරයක් පවත්වාගෙන යන්නන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වනවා වුවත් මෙවැනි සමාජ විරෝධි ක‍්‍රියාවලට හිතකර පරිසර ගැන සොයා නොබැලීම කණගාටුවකි පොලිස් නිළධාරින් යොදවා මුරකරනවාට වඩා නිසි නඩත්තුවක් ඇතුව පවත්වාගෙන යාම වඩා ප‍්‍රායෝගක වන්නේය. මෙවැනි පරිසරයක හවස 8 -10 න් පසුව කාලය මගීන්ට හිතකර නොවෙ. අප වැන්නවුන්ට නම් නැවතත් එහි නොයා සිටිය හැක එහෙත් මෙසේ රජයේ සම්පත් අවභාවිතයට පත්වීම දුකකි..

Read more »

1.07.2012

හොඳට නරකට පැටැලෙන කට


කට නිසා ගොඩ යන උන් මෙන්ම කෙලව ගන්නා උන්ද බොහෝ වෙති... හදිස්සියට කට පැටලෙන උන් මෙන්ම බොරු කියන උන්ගේද කට පැටලෙන මුත් අපේ අයියා ගොසරූව දැමීමෙන් පසුව දුරකථනයෙන් කතා කලත් ඔහුගේ කට පැටලෙන නිසා "අදනම් මෙකා බීලා වරකො ගෙදර..." යි අම්මා පවසණු ඇසිය හැක... ඇය කියනා ආකාරයට බොන උන්ට වැදුනයින් පසු කට පැටලේ.. 

මේ කියන්නෙ පච බංකුවල.. ආට් එකේ සිරීපාදෙ.. කෙල්ලො කොල්ලන්ගේ කටවල් පැටලීම් නොව දිව පැටළී වචන නිරායාසයෙන් දොට්ට පැනීම පිළිබඳවය... 



11 වසරෙදි මගේ හිතේ හිටපු කෙල්ලව සෙමිනා එකේ පස්සෙන් ගිහින් අම්මට මාට්ටු වෙනකං මනො පාර අපූරුවට වැඩ කලේය.. 
දවසක එකෙක් මට ඉතා රසවත් වූ ආරංචියක් රෑගෙන ආ අතර උපදෙස් අනුව වැඩ කල හැකිනම් අනාගත සහකාරියව හීනෙන් පෙනේ යැයි පවසා ඌ වාශ්ප විය... 
සිද්ධියනම් තරු 108ක් ගණන් කර කතා නොකර නිදා ගැනීමය.

මම ඔවැනි දැ විස්වාශ නොකලත්  රෑ  පින්නේ.. උඩ බලාන බෙල්ලෙ පොට පනිනකං අහසේ තරු ගණන් කලෙමි... වැරදුණු විට නැවත මුලසිට ගැනිය යුතුය නොඑසේ නම වෙන කෙල්ලෙකක් පෙනෙන්නට ඉඩ ඇත... තරු ගණින තාක් "අනේ අරකිවම දැකපන්..!! ඒකිවම දැකපන්..." මටම කියාගනිමින් තරු ගැන්නා වුවද ඉන් පසුව කතා නොකර නිදා ගැනීම රියල් ගේමයි... 
කුස්සිය පැත්තෙන් ගෙට ඇතුළු වී.. කාමරයට රිංගා ගත් පසුව බූලා ද කාමරයට ආවෙමුත් මා ඌ එලවීමටවත් වචන පාවිච්චි නොකලේ මහන්සිය ලිපට දැමීමට අකමැති හෙයිනි.. හෙමින් ඇඳට ගොඩවද්දීම "කාලා නිදාගන්න..."යි අම්මා මා ඇමතූවාය... මුවින් වචනයකුදු නොදොඩා අසන අතොරක් නැති ප‍්‍රශ්ණ වලට ඔලුවෙන් උත්තර දෙමින් ගොස් කෑම ටික ඉක්මනින් ගිල ඉතුරු වූ පොලොස් කෑල්ල වීසි කිරීමට සැරසෙන විට කිරි අම්මා මා ඇමතුවාය
" පුතා මාලු  විසි කරන්න එපා දෙන්න බල්ලට අනන්න...." 
"නෑ මේ පොලොස්.... "
වැඩේ හබක්ය.... දැන් ඉතින් ඇමරිකන් ෆිල්ම් එකක නිළියක් මතක්කරගෙන නිදා ගත යුතුය..

සුබාෂ් ඉඳ හිට සිගරට් ඉරුවත් වැදගත් තැනට මුල් තැන දෙයි... කොටින්ම කෙල්ල බලන්න යන්න කලින් දුම් බීවොතින් අනිවා දත් මැදීමට හේ අමතක නොකරයි එවන් දිනක කෙල්ල හා ඇතිවූ සංවාදය මෙසේය...


"ආහ්.... මොකද පරක්කු උනේ ... "
"පරණ යාලුවෙක් හම්බ උනා"

"එන්නකො උම්මා එකක් දෙන්න....."
"ඇයි ඔයා මං කියන දේවල් අහන් නැත්තේ... "
"ඇයි මොකද.......??"
"සිගරට් බිව්වා නේද.......??"
"පිස්සුද මම දතුත් මැදලනේ ආවේ.........!!"




 මට මතක ආකාරයට අයියා කෙල්ලෙක් ව දාගත් බවට අම්මාට මාට්ටු වූවෙ 12 වසරෙදිය... මම ගෙදර යනකොට කේන්තියෙන් අයියාට අවවාද කරන අම්මාගේ සද්දයද... ඇය සමග ගෝරි අල්ලන අයියාගේ සද්දයද මට හොඳින් ඇසේ...
"ඇටකිච්චා වගේ ඉඳගෙන..... මගුල් විසේ ගහලා..."
"අම්මා ඉතින් මගුලක් කතා කරනවා..."
"තමුසෙ කරන වැඩ වලින් මම කොහොමද මූන දෙන්නෙ... ඔ්වා පුලුවන් පස්සෙ... දැන් විබාගේ කරලා ඉන්නවා..."
"කවුද අම්මට ඔය බොරුව කිවුවෙ..."
"කියපුඑකාගෙන් වැඩැක් නෑ මට ආපු ආරංචිය ඇත්තනේ... උස කෙල්ලෙක් එක්ක යාලුවෙලාලු තමුසේ..."
"උස නෑ..."
කතාව එතනින් ඉවර විය..



Read more »

1.04.2012

මම මොන්ටිසෝරි යන්ට ඔ්නේ...


විවිධාකාර මින්ස්සු නෙ.. ඉතිං හැසිරීමත් විවිධයි.. සමහරු ලස්සනට අඳිනවා පළඳිනවා සමහරු ඔහේ ඉන්නවා... මමනේ  කාටවත් මොකො මං අඳින පළඳින විදිය.. මං හැසිරෙන හැටි.. මෙහෙමත් හිතනවා ඇති... කොහොමත් නරකයා වෙච්චි... කඩපිළකට වෙලා කාලෙ කකා ඉද්දි.. ළගපා   සැලුන් එකකින් එළියට ආවා පට්ට කෙල්ලෙක්.. පුහ්... මාර කෑල්ල... නියමෙට හැඩ පිහිටලා තියෙනවා... ඇස් පිනවා ගන්න කටත් ඇරන් ඒ දිහා බලන් හිටියෙ මම විතරක් නෙවෙයි එතන අපතයෝ ඔක්කොම... ඊලග මොහොතෙ හොඳට කාරලා තුක් ගාලා කෙළපිඩක් අත ඇරියා එතනම...ඉයැක්.. මට කෙල්ල ගැන හිතුනෙ එහෙමයි.... 


අවුවට පිච්චෙනවට බිම බලාන ඇවිදින කොට ඔන්න අනිවාර්යෙන් කෙළ තලි පෙණ පෙණ පාට පාට... දැකලා උඩ බලාන යන එක සැපයි කියලා හිතෙනවා.... මිනිස්සුන්ගෙ ආකල්ප වර්ධනය වෙලා නෑ... මේවා හැදෙන්න ඔනේ මොන්ටිසෝරියෙ ඉඳලම.. 
මායි ලොකයයි මෙන්ටිසෝරි ගියෙ නෑ.. හැබැයි බුද්ධිමත් දෙමවුපියන්ට පින්සිද්ධ වෙන්ට බස් ටිකට් එකේ ඉඳලා ටොපි කොලේ හරහා කෙහෙල් ලෙල්ලට එනකන් රොඩු සාක්කුවේ දාගෙන ඇවිදිනවා කුණු බක්කියක් හම්බෙන කං... අපිට එහෙම හිතුනට පාරෙ කුණුබක්කි නෑනෙ... ගෙදරට එනකන්ම බඩු සාක්කුවේ...එක්කෝ අපිත් මොන්ටිසොරි යන්ට ඔනේ... 
එකදවසක් කුණුගොඩක් අතේ ගුලි කරන් එනකොට කොල්ලුපිටියෙදි හම්බුණා එකක්...... දොහොත් මුදුන් තියලා දාපු කුණු ටික ඔක්කොම බිම සීසිකඩ..   ඒකේ අඩිය නෑ... පාර අයිනෙ කුණුබක්කි හදන්න ඔනෙ එකා කවුද... ඌව ආයෙ මොන්ටිසොරි යවන්න ඔනේ...


දුර ගමනක් ගිහින් ආයෙත් කොළඹ එනකොට ජනේලෙ අයිනෙ පොඩි හුලං පාරක් වැදි වැදී නිදාගෙන එනකොට පොඩි ස්පේ‍්‍ර එකක් ආවා... නැගිටලා බලද්දි තිත් මුවෙක් වගේ.. රතු තිත් තිත්... බුලත්කෙල පාරක්.. 
"ඔය ඉස්සරහා බුලත් විට කන හරකට තේරෙන්නැද්දද අපිත් බස් එකේ ඉන්නවා කියලා..." 
මම එහෙම කියුවෙ නෑ.. ජනේලේ අයිනෙ හිටපු උන්ගෙන් මම විතරයි බුලත්විට කන්නෙ නැත්තෙ... එක්කො මමත් බුලත්විට කන්න ඔනේ..නැත්තං අර මිනිස්සු මොන්ටිසොරි යවන්න ඔ්ණෙ..


බස් එකට වයසක කෙනෙක් නැග්ගාම, ළමයෙක් වඩගත්ත.. බබෙක් හම්බවෙන්න ඉන්න කෙනෙක් නැග්ගාම අකලට හිස් පැහිච්ච එකෙක් එකියක් මලාට ෂිට් එක දෙන්නෙ නෑ... පුක බේරෙන්ඩ ඩෙනිමක් ගහපු සක්කරවට්ටමක් හරි පුක පල්ලෙන් කලිසමක් ඇඳගත්ත රස්තියාදුකාරයෙක් දුනනොත් මිසක්...!!
 අකලට හිස් පැහිච්ච උන් ඉන්නෙ අරවගේ එවුන්ට අපවාද කියන්නයි, දැන් ළමයි හැදෙන විදිය ගැන දොස් කියන්නයි... මගෙ කරුමෙටද මන්දා මට ඔවා නිතරම දකින්න හමබෙන්නෙ.. 
පොඩිඑකාගේ ආකල්ප වර්ධනය කරන්න ඉතිං මහ එකා හැදිලා ඉන්න එපෑ... උංව ආයෙ මොන්ටි සොරි යවන්ට ඔනේ... 
පාරෙ යන විදිය දැක්කාම ආයෙත් පිස්සු හැදෙනවා..කාර් වල යන උන්ට  ත‍්‍රිවිල් පෙන්නන්ට බෑ.. බස් ඩයිවර්ට ලොරි පෙන්නන්ට බෑ.. මුං ඔක්කෝටම බස් පෙන්නන්ට බෑ... කටේ කුණුහරුපත් විදගෙන එළව කොට පාරහරහා පනිනවා සමහර හරක්.. එක්කො හරක් ටික ආයෙ මොන්ටිසොරි යවන්න ඔනේ..


 බස්හොල්ට් වල තාප්ප වල තමතමන්ගෙ මොඩකම ප‍්‍රදර්ශනය නෙකරන්න.. පොදුවැසිකිලිය පිරිසිදුව තියාගන්න ඇයි මුන්ට තෙරෙන්නෙ නැත්තෙ.. මුන්ව මොන්ටිසොරි යවන්න මම කවුද... එක්කො මම මොන්ටිසෝරි යන්ට ඔ්නේ... 

Read more »

1.02.2012

හැක්ස් ටොපිත් නෑ වික්ස් ටොපිත් නෑ...

කවුද බෝයි... ආරොහ පරිණාහ මිපැටියෙකු මෙන් වූ දේහදාරි කොමිටලයකි... කේස් කාරයා එක්ක එකට සෙට් වෙලා හිටපු ඔණ දේකට රෙඩි ජාතියේ එකෙකි.. අපේ උන් සෙට්වෙන තැනක මතින් තොර වුවත් ඔණැම සප් එකක් දීමට මැළි නොවනනෙකි... කොටින්ම කියනවනං එළ පොරකි... කේස් කාරයා දුම් බීපු දවස් වල මෙන්තෝල් දුම්වැටි පමණක් පාවිච්චි කලේ ගඳට බයේ විය යුතුය... ඒ පමණක් නොව අවසානයේ හැක්ස් හෝ වික්ස් ටොපියක් නැත්නම් ඌ ගාව පට්ට ගඳයැයි හිතපු එකෙකි... දවසක් වෙසක් කූඩු හදපු දවසකද කොහෙද ඉස්කොලෙ නැවතිලා හවස වැඩ කරද්දි කවුද බෝයි වුවමනාවකට කඩේ යන්න ලැස්ති වෙලා.. එක එකාට කඩේ යාම ඌ කැම්පස් ගියාට පස්සෙනං නැවතුනාලු අනේ මන්දා...  කේස් කාරයා දුවගෙන ඇවිත් මූට කියනවා 
"මචං මෙන්තෝල් සිගරට් දෙකකුයි ඉතුරු එකේ ටොපියි ගෙනෙං... "
"මොන ටොපිද ඔ්නෙ... ??"
"හැක්ස් තියෙනවනං හැක්ස් ගෙනෙං නැත්තං වික්ස් ටොපි ගෙනෙං...." 

අරූ ආපහු ඇවිත් සිගරට් එක්ක දික් කලේ සියඹලා ටොපී ය... මළ පැනපු කේස් කාරයා.. කෑ ගහනවා ඇහුණා..... 
"මොනවද බල්ලො මේ... සියඹලා ටොපී ගෙනාවේ ඇයි..."


"මචං හැකුස් නෑ විකුස් නෑ... ඔක තමයි තිබ්බෙ...!!!"


ප.ලි මෙහි හිනා යන කොටස තද කලු පැහැයෙන් ඇති කොටසය.... ඒකට හිනා යන්නෙ නැත්තං මේක පුක උඩ දාගෙන කොටපු මටවත් හිනා වෙයල්ලා ඉතිං...

Read more »

Followers