6.03.2011

සෙමිනා එක

හද්දා පිටිසර නාගරීකරණයෙන් ඔද වැඩුනු අපේ ගෙවල් ලගින් බස් එකක් එනකන් ඔරලෝසුවෙ කටු ගණිනවා... ඇත්තටම කට්ට රවුම් දෙකකුත් චුට්ටක් ගියාට පස්සෙ යන්තම් බස් එකක සද්දයක් ආවා..... 
තෙහෙට්ටුව කොහෙන් ගියාද නෑ....
ලගපාත ගෙවල් කිවුවට මොකෝ විනාඩි 5ක් විතර තියෙනවා.... හැබැයි වේගෙන් යන්න ඔ්නේ... 

(ගෙවල් පැත්ත ගැන ඔන්න කලින් පොස්ට් එකකත් ලියවුණා...... බලනවා නම් ඔන්න ලින්ක් එක....) .......
ඉතිං බස් එක ලගට එන කොටම පාරට පැනලා විරිත්තුවා... දෙයියනේ ඒක නතර කලේ නෑ...ඒ මදිවට ඒක බස් එකකුත් නෙමෙයි ලොරියක්... මං දැං මොකද කරන්නෙ මං කොහොමද දැං සෙමිනා එකට යන්නෙ... විභාගෙත් ළගයි.. අනේ මං හැමදාම බලන් හිටපු ගෑණුළමයත් එනවා ඇති.. මම ක්ලාස් ගියෙත් කොච්චර දුක් විඳගෙනද...? සර් ගෙන් ගුටි කකා... තොපි ආයේ ආවොත් බලාගෙනයි කියද්දිත් අපි ගියා... පාරෙ බස් නැති උණත් එතෙන්ට ගිහින් ඇති...... දැං ඉතිං එන ඔ්නෙ දෙකට මූන දෙන්න හිතා ගත්තා... එ් කියන්නෙ ඔනෙ වාහනේකට අත දානවා......
මගේ කුජීත කමද සෙමිනා එකේ පජාත කමද මන්දා ඒ ගමන පාරෙ වානත් නෑ..... වරුවකට විතර පස්සෙ ආපු එකම වාහනේ පුෂ් බයිසිකලයක්...(චේන් එක කැඩිච්චි තල්ලු කරගෙන ගියපු...) ඒකෙ යන්න බෑනේ ඊළග එක....
හනේ... ඒක ට‍්‍රැක්ටරයක් ඒකට අත දාන්න ඔ්නෙ නෑනෙ... පස්සෙන් දුවලා ගිහින් නගින්න පුලුවන්... මොකො දාගන්න කැමති නෑ කියලා දොර වහගන්නයැ... මම නැග්ගා...
ඔළුව, ඔන්න කුචල් වෙන්න මෙන්න කුචල් වෙන්න කියලා අදාල තැනින් බැහැගත්තා....
පටන් අරන් තිබ්බට මොකො අපේ නරි රුළ කළින් ඇවිත් මටත් ඉඩක් තියාන හිටියා...
ඇත්තටම මට නැති බස් උංට ආවෙ කොහෙන්ද... ??
"මට නැවැත්තුවෙ නැති ලොරිය උංට නවත්තන්න ඇති....."
රායිට්....!! ඉගෙන ගන්නයි තියෙන්නෙ.....
පෑනක් නෑ.....
දෙපැත්තෙ එවුං දෙන්නා ඉල්ල ගන්න කලින් පස්සෙ කෙල්ලගෙන් ඉල්ල ගන්න ඔනෙ....

"එස්කුයිස්මී.... පැනක් තියෙනවද....."
"ආ ඔව්...."
"දෙන්නකෝ....."
"එතකොට මං ලියන්නෙ......&*!@#...."

තව මොන මොනවදෝ මිමිණුවා.... මම ඉස්සරහ කෙල්ල දිහාවට හැරුණා.... හූටා.... කොරලා තියෙන්නෙ.... අර මං කලින් කියපු කෙල්ල එතන...... දැං ඉතිං සෙමිනා එකෙන් ආප්ප පුච්චන්න තමා වෙන්නේ......
අයියෝ සල්ලි....!! ඒකිට ඉගෙන ගන්නත් නෑ මට ඉගෙන ගන්නත් නෑ...
අනං මනං පොර ටෝකස් දම දමා කෙල්ලට ඇහෙන්න....,
මනෝ පාරවල් එක්ක පොර බැද බැද........,
හනේ මොකට මෙකි මෙතෙන්ට ආවද.......?? මොනවා උණත් වෙලාව යනවා දැනුනෙත් නෑ... සෙමිනාව ඉවරවෙලා.... දැං ඉතිං ඒකෙන් වැඩක් නැති එකේ අර කෙල්ල පස්සෙන් ගෙහුං ඒකවත් ගොඩදාගන්න බලන්න ඔනේ.....
මමත් කතා කර කර.... වද දිදි පස්සෙන් යනවා ඒකිත් හිනා වෙවී කොමලෙ පපා දුවනවා....
අහා...! මෙකි යන්නෙත් මම යන බස් එක පැත්තට... බස් එකක් නවත්තලත් තියෙනවා... දැන් ඉතින් තව පොඩ්ඩයි වැඩෙට... මම බස් එකට නගින්නෙ නැතිව බිම ඉදන් වදන් දෙනවා.....
එ අතරින් මට කන් දෙකෙ ඇතුලෙන් වගේ හඩක් ඇහුණා.....

"ඔ්යි......."

මෙකිගෙ කටහඩ මෙච්චර අහලා තියෙන ගතියක් දැනෙන්
නෙ කොහොමද....??

"කෙල්ලොන්ට විහිලු කර කර ඉන්නෙ නැතිව මෙහෙ වර ගෙදර යන්ට.."

හරිනෙ.... බස් එකේ අම්මා ඉඳලා... බස් එකේම ඉඳං ජාතිය ඇමතුවා.... දැං ඉතිං එකිට මූණ දීලත් ඉවරයි.... ගෙදර ගිහිල්ලත් ඉවරයි..... වෙන කෙල්ලෙකුයි ගෙදරකුයි හොයා ගන්ට වෙනවා තව පොඩ්ඩෙන්.....

තාත්තා හින්දා ගෙදර බේරුණා.....

17 අදහස්..:

  • නදී says:
    June 3, 2011 at 9:30 AM

    හික් හික් හොද වැඩේ.අම්ම බස් එකෙන් බැහැලා ගුටියකුත් දුන්න නම් තමා හොද?

  • නරකයා....!! says:
    June 3, 2011 at 2:58 PM

    එව්වා කොහෙද මාත් එක්ක...
    මට අම්මට වඩා වේගෙන් දුවන්න පුළුවන් කියලා අම්මා දන්නවා... මම ටුක් ගාලා මාරු උණා..

  • This comment has been removed by the author.
    Thushara says:
    June 3, 2011 at 3:47 PM

    This comment has been removed by the author.

  • Thushara says:
    June 3, 2011 at 3:49 PM

    අප්පා..... බං උඹ ඒ කාලෙ ඉදලම වනචර විදිහට හැදිලා තියෙන්නෙ....

    දැන් මට comments දාන්න පුලුවන්. තෝ මාව කලින් බ්ලොක් කරල තිබ්බනෙ ???

  • ලෝකයා... says:
    June 4, 2011 at 2:07 PM

    කොයි කෙල්ලද ඔය ......
    ක්ලාස් එකේද... ස්කෝලෙද.... ගෙවල් ළඟ එකද........
    මට මතක නෑනේ.....
    නෑ නෑ සුවර් එකටම....... අර අනන්දේ කෙල්ල වෙන්ඩ ඇති.

  • චතුවා says:
    June 4, 2011 at 5:58 PM

    හික්ස්..! අහෝ මෙවන් විපතක් හතුරෙකුටවත් නොවේවා!!

  • නරකයා....!! says:
    June 5, 2011 at 10:09 PM

    @ලෝකයා...
    ඒක තමයි....
    @thushara
    අනේ අහිංසක කමට වනචර කම කියනවද...
    චතුවා...හොඳ ළමයා...... ඔහේට විතරයි තේරුණේ

  • පන්සල් හංදිය says:
    June 6, 2011 at 3:14 PM

    හූ හූ ...... චණ්ඩිය උනාට අම්මව දැක්කාම චූ යනවා නේ ......

  • නරකයා....!! says:
    June 6, 2011 at 6:45 PM

    ඔහේ නම් කියයි..... අම්මාගෙන් හොඳ ගුටියක් කාලා නැතුවා වාගේ කතාව.... ඔන්න දැන් නෑ කියන්ටනම් එපා.....

  • ක්‍රිශාන් says:
    June 6, 2011 at 6:50 PM

    පට්ට...එච්ච්චරයි මට කියන්න තියෙන්නේ... උඹ කතන්දරකාරයෙකුත් වෙලානේ..

  • නරකයා....!! says:
    June 6, 2011 at 7:07 PM

    මෙන්න ක‍්‍රිෂාන් ලොක්කා කාලෙකින් මේ පැත්තට ඇවිත්....

  • නමක් හිතලා නැහැ says:
    June 10, 2011 at 9:37 PM

    මූ කොහොමත් කතන්දර කාරයා කියලා උබ දන්නේ අදනේ....
    අපිටනම් කතන්දර අහලම එපා වෙලා තියෙන්නේ....

  • නරකයා....!! says:
    June 11, 2011 at 12:14 PM

    නමක් හිතලා නැති එකාගෙ නම හිතා ගත්තෑකි..........

  • lalee says:
    June 20, 2011 at 10:38 AM

    me seen eka mata hodata hurui wage bora.

    amma katha karaddi ubata kain api thamai dewwa.... ekale gathta athal mathak wenakota patta needa machan.........

  • නරකයා....!! says:
    June 20, 2011 at 6:48 PM

    pissu hadei........ bala kale aye enne ne kiyala thamai kiyanna thiyenne...

  • Miyuru says:
    December 16, 2011 at 6:56 PM

    හයියෝ... ගම කාලනෙ.... හික්ස්...

  • නරකයා....!! says:
    December 24, 2011 at 7:22 PM

    ලොවෙත් කා ගත්තා අතේ හිටපු කෙල්ල.... ගෙදර ගිහින් ඔළුව කෙලින් කරන්න බැරි උණා සැහෙන කාලෙකට...

Post a Comment

Followers