12.18.2011

නරකයෙක් උනෙමි...(යාන්තං 50යි...)

උජාරුවට අළුත් උසස්පෙළ පන්ති වලට කඩද්දිම මම නරකයා විදියට බෞතිස්ම උණා.... නම් කතා කරලා අදා පන්තිය දැනගන්ඩත් කලින් පිටිපස්සෙන් ඇවිත් කොණ්ඩෙන් ඇදපු එකාගෙ ජාතිය අමතලා බලද්දි
"හුටා වයිසා...!"සපත්තුදෙකේ ඉඳන් කොණ්ඩෙ දක්වා හෙඳට බලපු උපවිදුහල්පති තුමා ආදරෙන් ඔලුව අතගා කිවුවෙ "කොන්ඩෙ කපන් එනවා" කියා පමණි... 
"සල්ලි නෑ සර් කන්න ගෙනාපු එකවිතරයි හෙට කපන් එන්නම්"යි කීමුත් බිරි බල්ලට විසිල් ගහන්නා සේ අන්තිමට රුපියල් 100ක් දී මා එළවීය. කලින් දවසේ අම්මත් ඔය වැඩේටම දීපු රුපියල් 50 තාම පර්ස් එකේ. මගට ගිහින් ආපහු හැරි "ඉතිරි ගෙනත් දෙන්න ඔ්නේ" යැයි එතුමා කීවේ මං වයිසා කියපු එකට තරහ ගිහිං වත් දැයි මට සිතුණි. 

සුදට සුදෙ අලුත් ඇඳුමට කොන්ඩ කොට වැටෙනවට මං සැලුන් එකට ගිහින් කමිසෙ ගලවලා එල්ලද්දි, එතන තව කමිසයක් තිබූ අතර අටෙ දහයෙ පොරක් බණඩා පිටින් කොණ්ඩෙ කපයි... ලොකයා මුණගැහුණු මූසල උදැසණ එය විය. මේකාට පස්සෙ මමත් කොණ්ඩෙ කපනකං මූත් බලන් හිටියෙ මගේ තනියටද ඌත් බය හින්දද මන්දා පොරත් මගේ පන්තියටම වැටීමෙ සම්භාවිතාව ඇති එකෙක් බව දැණුනු නිසා මටත් පොඩි හයියක් හිතට දැණුනි. කමිස දෙක ආයෙ යට කොර ගෙන ලාවට කපා ගත්ත කොණ්ඩෙ ගාණට පීරගෙන උගෙ අම්මා ඌට කොන්ඩෙ කපන්න දීපු සල්ලියි ඌව කොණ්ඩෙ කපන්න එවද්දි විනය පාලක තුමා දීපුසල්ලියි මගේ ඒවායි සැහෙන්න සල්ලි වගයක් ඉතිරියි... ඒටිකත් ඉවර වෙනකං ලග කඩෙන් ලජ්ජා පිට්සා (පිටිසා වගේ හදපු පිටි ගුලියක්) කාලා අපහු ඉස්කොලෙට යන කොට 10.15යි. අපේ කරුමෙට ඇරඹුමම එහෙමයි... ඉස්කොලෙට යද්දි... ප‍්‍රින්සිපල්ම ඉස්සරහට හම්බ උනාට අවුලක් නෑ අපිව යැව්වෙ උපවිදුහල් පති සහ විනය පාලක තුමන්ලා නිසා එසේ වුවත් 
"තොපි කොන්ඩෙ කපලා නෑනෙ  ඇගේ කොණ්ඩ කොටයක්වත් නෑ පළයව්" 
ලෙස පාසලෙන් එලවා අප ලෝකෝත්තර වැඩ සහ නරක  වැඩ කරන වුන් ලෙස පොදුවේ හංවඩු ගසා අලුත් උ/පෙ පන්තියට යන්න තිබ්බ ආසාවට කෙළවීය... දැන් අප නැවතත් සැලුන් එකේ මුත් කපන්න වෙන්නෙ පිලිවෙලින් දෙන්නාගේ අහවල් එක දිලා මිසක් සලලි දැන් ඇත්තේ බඩේ බැවින් කොණ්ඩ කොට ටිකක් අවුලා ඇගට හලාගෙන නැවතත් වීරයන්සේ පාසලවෙත ගියෙමු. එහිදී පෙකී ගුරු පියවරුන් අප අමතා ඉතිරි සල්ලි ඉල්ලන විට දෙවන වරටද අහවල් එකෙන් ඉක්කාවක් ගියෙ සල්ලි නැතිකමට හෙවත් දුප්පත් කමටය. අපිට දෙපාරක් කොණඩේ කපන්නට සිදුවූ හෙයින් ඉතුරු නෑ.. යි පවසා පාසල තුලට යංතම් පැන ගතිමු.. 

ඔපපාතිකයින් සේ පන්තිය මොකද්දවත් දන්නෙ නැතිව බොහොම අමාරුවෙන් පන්තිය හොයාගෙන යද්දි, මගේ ෆිට් එවුන් ඔක්කොම වැටී ඇත්තෙ අනික් පන්තියටය... සුහද මාරු වලට අවසතාව ලබා දි ඇතත් අඳුනන උන් ඔක්කොම එහාපන්තියේ නිසා මා මේ පන්තියේ හිර විය... අඳුනන එකෙකුට හිටි ටිකකට කලින් එකට වාත වෙච්ච ලොකයා පමණි... 
පන්තියේ රෝ තුනයි කොලම් දෙකයි... මං එක කොලම් එකක ලෝකයා අනිකෙ... අනිත් උංගේ මොන්ටිසොරි කතා නොදිරවූ බැවින් වැස්සකටවත් මොන්ටිසොරි නොගිය අපි දෙන්නා ඩෙස් දෙකත් අරන් අන්තිම පේලියටත් පිටිපස්සෙන් පේලියක් දාගත්තෙමු දැන් අන්තිම පේලියේ අපි දෙන්නා විතරය.. 
"පන්තිය කැතේ බෑ..!!" නැවතත් අපි නරකයන් බවට පත් විය.. බැලන්ස් කරන් මුවාවෙන් පස්සෙ දවසක සුදුමල්ලි නොහොත් පළවෙනියා නිතරම පඩ ඇරිමෙන් වාර්ථා තබා උගේ පේළියෙන් එළවන ලදුව මෙයට සෙට් වීමත්, වල පේළියෙ සින්දු කීමට අපේ ආරාධණයෙන් තට්ටු කරන්නා නොහොත් මළලසෙකරද... නන්දෙ මාමා හා ටුටුවා මෙන්ම පට්ලයයි පොටෑෂුයි අන්තිම පේළිය බවට පත්විය ලොකයා හා නරකයා ලෙස නම් දෙක අප දෙදෙනාටම පොදු වුවත් පසු කලෙක මම නරකයාද ඌ ලෝකයාද විය



ප.ලි.

යාන්තං 50යි... කතන්දර කාරයා එහෙම 500 පොස්ට් දාද්දි මං තාම චුට්ටි එකෙක්නෙ.... අවුරුදු දෙකක් තටමලා ඔන්න ටාගට් කවර් කලේ... අලුත් අවුරුදු සුභ පැතුමත් එක්ක 50 දාන්න හිටියට තව කල් ඉන්න මොකටද කියලා හිතුණා.... හෙමිං යන ගමන් කොහොමත් ස්ටේබල් එකේ හෙමින්ම යන්ට ඔ්නේ... සුභාෂ් හෙවත් ලෝකයයි මායි බ්ලොග් දෙකක් පටන්ගත්තෙ ස්කොලේ ගියපුකාලේ ඉඳන් චාටර් සීන් ටික දාන්න.. පොර මිසිං (නේවි ගියා...) ලෝකයා ඇනහිට්ටා... දැන් උගේ ඒවාත් මෙකේ පේස්ට් කරගෙන ඌටත් පුළුවං වෙලාවට පෝස්ට් 1ක් දෙකක් දාගෙන වැඩේ යන්නෙ.. 
මුලින්ම ලිවෙ... මගේ.. මට.. සහ මම...!!  මගෙ වචන වලින්ම මට වෙච්ච දේවල් මම ම ලියන්න කියලා හිතාගෙන තේමාවත් ඒකම දැම්මා...


වැඩියෙන්ම හිට් උණේ ඌයි මායි දෙන්නම ලියපු වධ මලයි වද මලුයි....! කවි වලින් නම් ප‍්‍රපංච...  
මං ආසම ලිපිය තමයි මගේ අයියා ගැන ලියපු හෙවනැල්ල......(හෙවත් සහෘදයා.....)ඒක කවියක්ද මොකද්ද මන්දා... 
ලොකයාගේ ලිපි වලින් මං ආසයි... නුඹද.... මමද....පමාවද...........හරියටම ඌ ගැන ලියලා තියෙනවා... 
මෙකෙ කතන්දර 100%ක් අපේ අත් දැකීම්.... ඉස්සරහටත් එහෙමම ලියන්නයි හිතන්නෙ

මාතලංගේ උපදේශයට ස්තූතියි.....

18 අදහස්..:

  • පන්සල් හංදිය says:
    December 18, 2011 at 11:00 AM

    ඔන්න මගෙන් උණුසුම් සුබ පැතුම්, 50 ලක්ෂ පනහක් පොස්ට් දාන්න ලැබේවා .......

  • වර්ණා says:
    December 18, 2011 at 11:06 AM

    හ්ම්ම් ඇවිත් ටික කාලයක් උනත් මගේ හිත ගත්ත බ්ලොග් එකක් මේකත්. සුභ පැතුම් 50 ට.. ඉදිරියට කතා ගොඩාක් අකුරු කරන්න වාසනවා සහ අදහස් ලබෙව‍ා.

  • රාජ් says:
    December 18, 2011 at 12:18 PM

    මගෙනුත් සුභපැතුම්. ඔව වේගෙ නං මදි බොල. තව චුච්ටක් ‍වැඩිපුර පෝස්ට් දාපන්.

  • Sabith says:
    December 18, 2011 at 12:18 PM

    සුභ පැතුම් මචො! උඹේ කතාව ඇත්ත...slow is(n) steady!

  • මාතලන් says:
    December 18, 2011 at 12:23 PM

    කොන්ග්‍රැට්ස්.. දිගටම ලියපන්.. රාජ්ට දාපු කොමෙන්ට් එකත් බලපන්..
    උඹටත්
    සුබ අනාගතයක්...!!!
    ජයවේවා...!!!

  • නරකයා....!! says:
    December 18, 2011 at 1:01 PM

    @පන්සල් හංදිය,වර්ණා ,රාජ් ,Sabith,මාතලන්

    හැමොටම බොහොමත් ස්තූතියි... මාතලංගේ උපදේශයට ගොඩක් ස්තූතියි... පිළිගන්නවා ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි වගේ තමයි....

  • සිත්රූ සිහින says:
    December 18, 2011 at 3:58 PM

    ඔන්න මගෙනුත් සුබ පැතුම්..ලබන අවුරුද්දෙ තව පෝස්ට් 150 ක් වත් දාන්න හැකි වෙන්න ඕනා..

    (ඔයාට වෙන දේවල්ම බ්ලොග් එකේ ලියවෙන නිසා ඉතින් ඔයාට බකට් වැඩි වැඩියෙන් වැටෙන්න කියල ප්‍රාර්ථනා කරන්නත් වෙනව හැබැයි..:D)

  • duliponline says:
    December 18, 2011 at 6:26 PM

    පනහට සුභ පැතුම් මචං . . . . ඉක්මනටම සීය ගහපං . . .

  • ලහිරු says:
    December 18, 2011 at 7:03 PM

    ෆට්ට ෆට්ට, මගෙනුත් සුබ පැතුම්!

  • ප්‍රසාද් says:
    December 18, 2011 at 7:45 PM

    එල ඉස්සෙල්ලම සුභ පැතුම්..
    මමත් ආසම ඔය හෙවනැල්ල කවියටම තමා,රළු වචන වලින් ලියන සියුමැලි කවිවලට ඒත් උඹ ගොඩගියන් පස්සේ ලියපු කවි ඔක්කොමේම වචනත් සියුමලියි.
    අනේ මන්ද මගේ අදහස කිව්වේ

  • Anonymous says:
    December 18, 2011 at 9:54 PM

    ලෝකයයි නරකයි විතරක් නම් කමක් නැහැ . අහක ඉන්න අපිත් නරකයො කරනවනෙ මු ලියන්න ගත්තාම :)
    ඔන්න මගෙනුත් සුබ පැතුම්.... කොහොම කොහොම හරි ඉක්මනටම 100 ත් ගොඩ දාගැනීමට නරකම දේවල් ම සිදුවේවා කියලා ප්‍රාර්තනා කරනවා ..

  • අසරණයා says:
    December 18, 2011 at 10:53 PM

    පරණ බ්ලොග් කරුවෙක්ට පොඩි එකෙක්ගෙන් සුභ පැතුම්

    ජයෙන් ජය

  • ඔබ නොදු‍ටු ලොවක්..... says:
    December 19, 2011 at 12:58 AM

    සුභ පතනවා !!!!

  • ලෝකයා... says:
    December 19, 2011 at 6:07 PM

    අනේ මන්දා මචං වචන නෑ..........
    අති විශාල බෝඩිමක තිබුන එකම මේසේ උඩ බුලත් විටක් කාලා එහෙම පටන් ගත්ත වෙබ් පිටුව
    යන්න ගියපු පාර වෙනස් වුනාට මොකද අදහස් ටික තාම හිතේ ලියගන්න විදියක් නෑ....

    එල තව මසෙකින් මමත් එනවා ලියන්න..............
    සුභ ගමන් මචන්......

  • නරකයා....!! says:
    December 20, 2011 at 9:15 AM

    @සිත්රූ සිහින ~ ලබන අවුරුද්දටත් ඇතිවෙන්න බකට් පෙරලිලා තියෙන්නෙ... අවුලක් නෑ..

    @ඕනයා & ලහිරු ~ බොහොම ස්තූතියි මචංලා... ඔ්නයාගේ පැමිනීම ලොකු සතුටක්

    @ප්‍රසාද් ~ "රළු වචන වලින් ලියන සියුමැලි කවි" සිරා සීන් එක මචං මම ආයේ කවි දාන්න කලින් දෙපාරක් හිතන්න ඔනේ ඩිමාන්ඩ් එකට හොඳ නෑ වගේ...

    @Anonymous ~ උඹ පීපී වෙන්න ඇති ඒත් ඌට සිංහල බෑනෙ... ඉළග පාර නම හොයා ගන්නම් කො

    අසරණයා ~ තාම අවුරුදු දෙකයි මම පරණද නං මන්දා.. හැබැයි අලුත් උනත් පරණ උනත් මටනං ලොකු හයියක් උඹලා...

    @ඔබ නොදු‍ටු ලොවක්..... ~ බොහොම ස්තූතියි මචං

    @ලෝකයා... ~ මොනවා කියන්නද බුලත් කෙල බෝතලෙන් පටන් ගත්තාම බට්ටගෙ කණ්නාඩිය දක්වා කතන්දර පිරිලා.... ලියපිය...

  • දූපත් වැසියා says:
    December 20, 2011 at 10:27 PM

    එකට එකක් එකතු කරල වසර දෙකක් ගෙවිල යනව
    සතෙන් සතේ එකතු කරල පුංචි කැටේ පිරිල යනව.
    ඩුගු ටක ටක,,, ඩුගු ටක ටක,,,
    සිංහල බ්ලොග් කතා වලට "නරකය" නම එකතු වෙනව
    පනහ පැන්න නරකයාට විරිඳු වලින් සුබ පතනව.
    ඩුගු ටක ටක,,, ඩුගු ටක ටක,,,

    නරකයාට මගෙත් සුභ පැතුම්

  • නරකයා....!! says:
    December 21, 2011 at 11:35 AM

    @දූපත් වැසියා : අනේ වාසනාවන් සාදු සාදු.....

  • කතන්දර Kathandara says:
    December 24, 2011 at 7:28 PM

    සුභ පැතුම්!
    ටිකක් හොඳ වෙන්න බලන්න ;)

Post a Comment

Followers