12.24.2011

ඇත්තම කියනවනං... 3 (ජිවිතේ පලවෙනි වතාවට සිස්ටම් ගියම සතුටු උනා...)


'ඇත්තම කියනවනං...' කතා සෙට් එක මුලින්ම දැම්මෙ අන්තිම පේළියේ.... හැබැයි මගේ මෙම්බර්ෂිප් එක ඇපෘ උණේ පරක්කු වෙලා... ඉතින් ඒ වෙනකොට මේකේ පබ්ලිෂ් වෙලා ඉවරයි අන්තිම පේළියෙ උන්...සොරි ඈ.....


යාල් කවි (යාල් කවි1,යාල් කවි2) වලට හේතු වෙච්ච කතා වස්තුව මෙ දවස් වල යන්නෙ... පළවෙනි එක දැකපු නැති, බලන්න ආස කෙනෙක් ඉන්නවනං.. ඔන්න...
(දෙවෙනි එකත්...)


අහම්බෙන් යාපනේ යන්න උණා... බස් එකේ පට්ට කෑල්ලක්.... අහගන්ට බැරුව කකුලෙ නියපොතු කකා හිටියෙ ඒකිගේ අයියා මගේ ගොං කං වල් කං ඔක්කොම දන්න ෆිට් එකක් නිසා...
ට‍්‍රිප් එක අවසන් වෙනකං ම ඔ්කිට කතා කරගන්න බැරිව හොට බිම උලාන ඉද්දි ඒකිම ඇවිත් කතා කලා.....

මේ තුන් වෙනි කොටස 

 පැත්තේ අයියා කෙනෙක් ඉන්න්වා මගේ ෆිට් එකක්... ටිකක් විතර කට හොඳ නෑ.. මම පොරට කිව්වා සීන් එක..

"අර සුදු කෙට්ටු උස මහත චූටි ඇඟිල්ලේ ලපයක් තියන කෙල්ල දන්නවද.. ?"
කෙල්ලෙක් ගැන අහනවනන් පොරගෙන් තම අහන්න ඕනේ...
"කවුද බන් ...."
"ඇයි අර....&^@#$##"
"අර අර 3 වසරෙදි පැන්සල නැතිවෙච්ච කෙල්ලද...??"
"අන්න හරි අර රෝස පාට පැන්සල නැති උනේ.....ඔයා හරි ඔන්න ඔයාට මතක් උනා..එයා තමා..."
පොර කෙල්ලව දන්නවනේ මට නිකන් කොල බොක්කට උනු වතුර දැම්මා වගේ ......
"තොට පිස්සුද යකෝ ඒ කෙල්ල පස්සේ යන්ඩ...??" ("ඔව්")
"තොගේ මදර් බොර්ඩ් අවුල්ද" (අප්පච්චිත් කියනවා )
"උඹ අමු කාලද...??" (එ කාලේ ඉදන්ම කනවනේ )

මූ මට බනිනවා පිස්සු බල්ලා රබන් ගහනවා වගේ ඇයි යකෝ පොඩ්ඩ්ක් විස්තරේ කියනවකෝ බනින්න කලින් මොන වැරද්දක් කරාටද අඩු තරමේ කතා කරනං කමක් නෑ....

"ඇයි ඕයි කියනවකෝ මොකද්ද කේස් එක.....?"
"යකෝ ඒ ලොකු හාමුදුරුවන්ගේ දුව.... "
"ලොකු හාමුදුරුවො බැඳලද...?"
නියම ප්‍රශ්නේ දීපං  උත්තර.... ඇයි බඳින්නම ඔනෙද ළමයි ඉන්න...යකෝ මෙ යකා මේ මොනාද කියන්නේ.........

"මී හරකෝ ඒ ලොකු හාමුදුරුවන්ගේ අක්කගේ දුව .. 
කෙල්ලගේ අයියා ලොකු හාමුදුරුවන්ගේ පුතා 
ඔය ඉස්සරහා තියන ලොකු ගෙදර කෙල්ලගේ ලොකු මාමාගේ... පන්සලට හැරෙන තැන.. තියන ස්ලැබ් එක දාපු ගෙදර එකිගේ පොඩි මාමාගේ ... 
ඉස්සරහා හන්දියෙ තියන ගැරෙජ් එක (ඔව් ඒක අරූගෙ තාත්තගේනේ ඌ කේස් එකක් නෑ )
ඒ එකිගේ කා## මාමා..... 
එතකොට තොපේ ගෙදරට අල්ලපු ගෙදර දකුනු පැත්තේ... ඒ එකිගේ ලොකු අම්මා.......
තොට ගෙදර හිටියා ඇත්ද දැන්.................."

අම්මපා මේකිගේ නැදැයෝ ටික ඉන්නේ අපේ ගේ වටේ මට දැන් ජිවිතේ නිකන් ඔලේ ක්‍රීම් සොඩා එකක් වගේ . ෂිහ් .....

ජීවිතයේ කිනම් හෝ වැදගත් සංදිස්ථානයකදී මෙවන් සිදුවීමක් නියත වශයෙන් අපෙක්ෂා කල නරකයා... සහ මා(ලෝකයා...) හට මෙවන් සිදුවීම් සාමාන්‍ය සිදුවීම් වුවත් නිරපෙක්ෂ සිදුවීම් මාලාවක් සාපෙක්ෂව 
නිරීක්ෂණය කිරීමට වෙනත් සිදුවීම් මේ අවශ්ථාවේ මගේ කුඩා මොලේට සිහි...
අනේ අම්මපා අපි වැඩක් කරන්න ගිය විට නියත වශයෙන්ම මොල් ගසේ හරක් බැඳ සීටීම.........අනිවාර්ය වේ
ඇයි යකො මටම වෙන්නේ ඔය නෑදැයන් ටික වෙන කෙල්ලෙක්ට ඉන්න තිබ්බනේ. නැත්තන්... ඇයි දෙයියො මාවම අල්ල ගන්නේ මට .....පොල් ගසේ දෙබල් ගානට මට සිතිනි ....
ඔය වගේ වෙලාවට සිංහල ග්‍රැමර්.ර් මට හරියට මතක් වෙනවා එවා ලියන්න බෑනේ කොහොමද එහෙම දෙයක් උනාම තියන සැප. මට කලින් අම්මට වෙන කවුරුහරි කියන සීන් එකක්නේ තියෙන්නේ......


ඇත්තටම දැන් නම් බැරක් ඔබාමට රටකජු විකුනන්න තරම් තරහයි. ඒ දවස් වල මට නිවාඩු... සෙමෙස්ටර් එන්ඩ් එක ඒක නිසා කොල්ලා ගෙදර මම ඉතින් අහසයි පොලවයි පොහොර ගොනියකට දාන්න කල්පනා 
කරනවා වගේ මම කෙල්ල ගැන කල්පනා කරනවා කොහොමද ගොඩ දාන්නේ..............???
ඔන්න ඒ දවස් වල තමා යාපනය පායනය හා හමුවීම ලියලා දැම්මේ.

හදිසියෙම අයියා කාරයා කෝල් එකක් දුන්නා 
"මචං මට ෆොටෝ ටික ගන්න ඕනේ මම එන්නද..??" 
"වරෙන් මචන් දෙන්නම්කො ජම්බෝල ජිල් ගහන්න..." 
කම්පීතර මකබෑවෙන ස්ක්‍රිප්ට් එකක් හොයලා ඩවුන්ලෝඩ් කරලා ඔටෝරන් එකක් තියන් ඉන්නවා දැන් ඌට දෙන්න... හරි යනවද කියලා චෙක් කරන්න විදියක් නෑ මට කෙලවෙනවනේ... 
පස්සේ පොර ආවා. 
"කෝ මචං පෙන් එක...?" 
"පෙන් එකක් නෑ මචං ෆෝන් එකට දාපන් මම කේබල් එක අරන් ආවා...."
දෙයියො ඔය කිව්වට අපි ගැනත් බලනවා මොකද මූ යාපනේ ෆොටෝ ගැහුවේ මේ බෑයේන් කියලා මට මතකයි. ඌට හොරා මම දාගත්තා උගේ තියන ඔක්කොම..... පස්සේ අම්ම දුන්න තේ එකත් බීලා මූ ගියා..

ගේම් එකක් දාගන්න කොම්පීතරේ දානකොට බඩු වැඩ නෑ.... අම්මපා මට මාර සතුටුයි ජිවිතේ පලවෙනි වතාවට සිස්ටම් ගියම සතුටු උනා .ඇයි ඔටෝරන් එක වැඩනේ.. මට ලාවට වගේ සුවර් එකක් තිබුනා අරූ මට කියයි  කියලා... ...

දැන් මාත් සිස්ටම් දාන්න එපැයි.........




තව තියනවා පස්සේ දාන්නම්.....

8 අදහස්..:

  • duliponline says:
    December 24, 2011 at 1:16 PM

    ගනං ගන්න එපා මලේ ඔය ලැබීම ගොඩක් එවුන්ට තියනව . . . . මමත් වතාවක් කුරුනෑගලදි කෙල්ලෙකුට එකෂිය ගානට පෙරුව . . . අන්තිමටම බලද්දි මේකි අවුරුදු 15කිං විතර දැකපු නැති මගෙම ලොකු තාත්තගෙ දුව . . . .අන්තිමට මම මගෙම නංගිට පෙරල චාටර් . . හොඳ වෙලාවට කෙල්ල සීන් එක කාටවත් ලීක් කලේ නෑ . . උඹ ඉන්නෙත් නරකයා ඉන්න ආසනේමනං . . කෙල්ල හිගුරක්ගොඩ

  • නරකයා....!! says:
    December 24, 2011 at 6:45 PM

    ඔකනේ බැරි මූට කොහෙ ගෑවුණත් චීත්තෙකින් මෙහා නැවතිලා නෑ කවදාවත්.... හිගුරක්ගොඩ ජයන්තිපුර නෙවෙ.. දෙහිඅත්කණ්ඩියෙත් මූට ගෑණු ඉඳලා තියෙනවා... හරි පුලුවන්නං නෑ කියපන් බලන්න....
    ලෝකයා(දැන්) මාතලේ මචං....

  • ජීනියස් says:
    December 24, 2011 at 8:34 PM

    ඕකට අපි පොඩි කාලේ කිවේ අනුන්ට කලදේ තමන්ට පල දේ කියල..

  • ලෝකයා... says:
    December 24, 2011 at 9:26 PM

    අම්මපා හිඟුරක්ගොඩ නෙමේ මචං... මාතලේ...
    මතක් කරපු එක හොඳා... ඒ පැත්තේ කෙල්ලෙක් පස්සේ ගිහින් එකිගේ මා පියෝ අපේ මාපියො හම්බවෙන්න ආවා මහ රෑ එකත් එළ කතාවක්

  • duliponline says:
    December 25, 2011 at 1:35 AM

    @නරකයා:
    දෙහිඅත්තකන්ඩියෙ නෑ හරිද . . .

    ප.ලි.
    සිරිපුරේ එකකට බැස්ස හරිගියෙ නෑ

    ප.ප.ලි.
    සිරිපුරේ බැහැපු කෙල්ලගෙ යාලුවා සෙට් උනා . . ඒකි මහ වැව

  • නරකයා....!! says:
    December 25, 2011 at 11:16 AM

    @ඕනයා - දෙහිඅත්තකණ්ඩියේ පමණක් නැත... දිඹුලාගල.. මැදිරිගිරිය... ගල්ඔය.. සුංගාවිල....? එතකොට උඹ කරක් ගහපු අනික් දිස්තිරික්ක....??? අනේ අම්මපා උඹත්.....

  • duliponline says:
    December 25, 2011 at 2:31 PM

    @නරකයා :
    නෑ නෑ . . ඒ පැතිවල නෑ . . මහ වැව එක සෙට් උනාට පස්සෙ ඒරියා කවර් කලේ මහියංගනෙං නුවර පාරෙ සහ හඟුරංකෙත පැත්තෙ.
    සල්ලි බස් එකටයි ෆෝන් එකටයි ඉවරයි . . . . බඩට එලවලු රොටියයි ප්ලේන්ටියයි දාගෙන තමයි ඔය දුරවල් ඇද්දෙ

  • නරකයා....!! says:
    December 26, 2011 at 11:33 AM

    @ඕනයා :
    කොහෙද ඉතිං වලත්ත කම ලොකුවෙලානෙ ඔක්කොටම වඩා... ඇගේ තරමින් හිතා ගත්තෑකි..

Post a Comment

Followers