
හිනා වෙන්නේ නැති උනාට හීනෙන් මට හරිම හිනා
හිතට උඩින් කන තියාන සද්දේ අහනකොටත් හිනා
රෑට රෑට ඇහරව්වට තරහා නොයා යන්නේ හිනා
මතක් වෙන්නේ ඒ හිනාව තව නුඹ මට ගේන හිනා
කන්නේ බොන්නේ නැති උනාම මට කන්නත් බැරි වෙන්නයි නින්ද නැතිව රිදෙන රිදුම් මටත් දැනේ නම් කැමතියි අර රිපෝට් මේ රිපෝට් දහසක් වැඩ නුඹට තමයි මට නොදැනෙන නුඹට දැනෙන වේදනාව මට ඈතයි
හඳ ඉල්ලලා කන්න ඕනේ කිව්වොත් නම් මල කෙලියයි ඒත් කෙල්ලේ ඕනෙම නම් හඳට යනවා මම එහෙමයි ඔයා විඳින වේදනාව නොදැනෙන එක නම් ඇත්තයි ඒත් මැණික ඔයාට මගේ තියන ආදරේ නම් සත්තයි
//හඳ ඉල්ලලා කන්න ඕනේ කිව්වොත් නම් මල කෙලිය//
+++++++++++
සෑහෙන කාලෙකින් නරකයා කියවන්න ආවේ බ්‍රෝ...