මම මේ කියන්න යන්නේ. නොකිව යුතු දෙයක් එත් මේ වගේ දේවල් දැක්කම කට වහන් ඉන්න පුරුද්ද ඉස්සර ඉදන් මට නෑ... මේ ලඟදි රටේ වටිනා පුද්ගලයෙක් විශ්රාම ගියා .. යනවත් එක්කම එය පටන් ගත්ත ගොඩක් දේවල් වල රිබන් එක කපාගෙන නම බෝර්ඩ් එකට දා ගෙන තමා ගියේ. අපිටත් අහම්බෙන් වගේ ඕක හදන්න දවස් දෙකකට කලින් විතර ඔතන්ට යන්න සෙට් උනා. යනකොට නම් කිසිම දෙයක් හදල ඉවර කරලා නම් තිබුනේ නෑ.. තනිකර කොන්ක්රීට් ගොඩක් විතරයි තිබුනේ..
දෙවැනි දවසේ යනකොට හිතාගන්න බැරි විදියට වැඩ ඉවර වෙලා.. දවස් දෙකෙන් හයි වෙන කොන්ක්රීට් දැක්කේ ඉස්සල්ලම එදා තාමා. උදේ බැන්ද බිත්තිය දවල් කපරාදු කරනවා. හවස තීන්ත ගානවා හවස අල්ලපු ටයිල් කැටේ උඩ රෑ ඇවිදිනවා.. මිනිස්සුන්ට හරක්ට වගේ බනිනවා, උන් ඉතින් කොහොම උනත් එකනෙ කියල දවසම පොඩි කෑල්ලක් අල්ලාගෙන බුල ගහනවා වැස්සට හේදිලා යනවා.. තීන්ත පින්සලෙන් ගාල ලස්සනට හදල තියන බිත්ති කැත කරනවා.. අලුත්ම වටිනා බඩු විසික්කලා තමන්ගේ ඇග බේරගන්න එකට පොර කනවා ..
මේ ඔක්කොම අහිංසක මිනිස්සුන්ගේ සල්ලි,, කිරි පිටි පැකට් එකෙන්... අරක්කු කාලෙන් සිගරට් එකෙන් එකතු කරන සල්ලි වලින් නේද මෙහෙම නාස්තියක් විනාසයක් වෙන්නේ කියල හිතෙනකොට ආයම මතක් වෙනවා මේ ලංකාව නේද කියලා ..
ආදාල නායකයා එනකොට ලෑස්ති කරන්න ඕනේ නිසා විසාල අමතර වියදමක් කරලා කෑලි එහෙන් මෙහෙන් එල්ලලා වැඩේ කරා මමත් බලන් හිටියා ලස්සනට ඇවිල්ල ෆොටෝ ගහලා බෑන්ඩ් ගහලා පාර්ටි දාල වැඩ අවසන් නොකරපු ගොඩක් ඒවා විවුර්ත කරලා නම් ගියා.. මට තියෙන්නේ ප්රශ්න දෙකයි
1-ගොඩ නැගිල්ලක් ස්මාරකයක් විවුර්ත කරනවා කියන්නේ මොකද්ද ?
2-කවද හරි හදල ඉවර කරපු දවසක විවුර්ත කරා නම් මොකද වෙන්නේ.. නම වැටුනේ නැ කියලා රෑට නින්ද යන්නේ නැද්ද...?
වැඩි විස්තර බල ගන්න පුළුවන් මහබාගේ අලුතෙන් හදපු ඉස්මරකේ ඇතුළු අනෙකුත් දේවල් ගැන හොයල බැලුවනම් ,,,
බලාගෙන අඩිය තියන්නේ දවස් දෙකෙන් තුනෙන් කිසිම කෙමිකල් එකක් දන්නේ නැතිව හදපු දේවල් තියෙන්නේ.. කඩාගෙන බහින්න පුළුවන් .....
කරපු දේ සීයට සීයක් හොදයි කරපු විදිය සම්පූර්නෙන්ම වැරදි ... මිනිස්සුන්ගෙන් වැඩ ගත්ත විදිය .... කියන්න ලැජ්ජයි ... වෙන මොනවත් කියන්න අදහස තිබුනත් වෙලාව මේක නෙමේ ...
පිස්සොත් එක්ක ජිල් ගහපුවම මැක්කොත් එක්ක පන්සල් යන්න වෙනවා කියන්නේ මේ වගේ වැඩ වලට තාමා....