9.13.2012

ප‍්‍රථම පේ‍්‍රමයෙ මතක සටහන....

ප‍්‍රියන්තිකා කියන්නෙ ටකරමක්...!! ටුටුවගේ අක්කා වගේ... 
ටුටුවා මරිවැඩ කරොත් කරන්නෙ ප‍්‍රියාට.. කරන්නෙ නන්දයත් එක්ක...

පන්තියෙ අන්තිම පේළියේ එක පැත්තක කොනක ඉන්නෙ නිර්මාල්... ඊටපස්සෙ ටුටුවා... ඊට පස්සෙ නන්දයා... නිර්මාලයා ලොවෙත් සත්‍යය පේ‍්‍රම බෘංග රාජයා.. ඌ කෙල්ලෙක්ව දාගෙන හිටියා 11 වසරෙ.. මුං දෙන්නගේ පට්ට ලවු එකක් තිබ්බෙ.. 
දවසක් මායි ලෝකයායි බූරූ ගගහා හිටපු වෙලාවක මර ලතොනි සද්දයක් එනවට බලද්දි ප‍්‍රියන්තිකා බෙරිහං දෙනවා... 
අර හයේ හතරෙ නන්දයා මුරුංගා කරල වගේ ඉන්න ප‍්‍රියාගෙ බෙල්ලෙං අල්ල ගෙන, ටුටුවා කොණ්ඩෙං අදිනවා... ඒ අස්සෙ පීපියා මුංදෙන්නට ගහනවා... ඔකිට මොනවා හරි කරදරයක් වෙනවනං ලොකයාට පට්ට ආතල් එකක් යන්නෙ... පීපියා කියන එකාගේ පොඩි සිගිරිබිරිස් එකක් තිබ්බා ප‍්‍රියා ගැන... 
මාෂල් ආර්ට් ප‍්‍රගුණ කරලා හිටියේ ඌ... අර මහාකලු සිංහලයා වගේ නන්දයාට තඩිබානවා ඌට ගාණක්වත් නෑ...මේ කලබලේ මොකක්ද කියලා බලන්න අපිත් එහෙට යද්දිම ටුටුවා කෙස් ගුලියකුත් කඩාගෙන යන්න ගියා.. ලොකයාත් ගිහින් කොණ්ඩෙන් අදින්න ලෑස්ති.... මං ඌවත් ඇදගෙන ටුටුවා ගාවට ගියා... 

"මොකෝ බං... නෑ බං කෙස්ගහක් ඉල්ලගත්තා..." 
"යකෝ ඒ ඉල්ලුවාද.....? මොකටද...??".
ඌ ඉස්සරහ දත් දෙක පෙන්නලා හිනා වෙලා පොලිතින් කවරෙකට කෙස් ගහක් දැම්මා.... ඊටපස්සෙ කවරෙ පර්ස් එකකට එබුවා... පර්ස් එක නිර්මාලයාගේ ඩෙස් එකේ ලාච්චුවට දාලා මුං දෙන්නා පාඩුවෙ ඉන්නවා... කුතුහලේ වැඩිකමට අපි සීන් එක් බලං ඉද්දි නිර්මාලයා පන්තියට ආවා... 
"පර්ස් එක අමතක වෙලා ගියා බං..." කියා ගෙන... 
පොර ඒක ගත්තු ගමන් කොණකට ගිහිල්ලා පර්ස් එකෙන් අර කොණ්ඩ ගහ අරගෙන ඉඹලා අයෙම සාක්කුවේ දාගත්තා.... 
ලොකයාට ඔක්කාරෙටත් අවා... නිදං හිටිය බේලියාට පයිං එකක් ගහලා බොහොම අමාරුවෙන් ඒක නවත්ත ගත්තෙ....

ආරංචි විදියට නිර්මාලයාගේ පර්ස් එකේ උගෙ කෙල්ලගේ කොණ්ඩගහක් තියාගෙන ඉඳලා... සැරින් සැරේ අරගෙන ඉඹිනවලු...
"ෆස්ට් ලවු එකනෙ මචං....!"
කියලා ආයෙම දා ගන්නවලු... මුං දෙන්නා ඒක ප‍්‍රියා ගෙ කොණඩ ගහකට මාරු කරලා... මූ ඉතිං ප‍්‍රියාගෙ කොණ්ඩ ගහ ඉඹ ඉඹ හිටියා අපි ඉස්කොලෙන් අයින් වෙනකල්ම.... ළගදි ටුටුවට නිර්මාලයා හම්බෙලා.... විස්තර කතා කරලා කාරිය ලව් එක ගැනත් අහලා... 

"දැන්නං ඒ ලවු එක නෑ මචං හැබැයි කොණ්ඩ ගහනං තාමත් මංගාව තියෙනවා... ඒකි මතක් වෙන්න ඒකිගෙ කියලා මෙච්චරයි තියෙන්නෙ.... ෆස්ට් ලවු එකනෙ මචං...."

කීවලු.... මූ තාමත් ඉඹින්නෙ ප‍්‍රියාගෙ කොණ්ඩ ගහ... ප‍්‍රියා වත් ඌවත් සීන් එක දන්නෙ නෑ... ප‍්‍රියාටනං මම මේක පෙන්නනවා... 

කතාව සහ සියළු නම්ගම් සත්‍යයි... 

18 අදහස්..:

  • mama says:
    September 13, 2012 at 8:25 AM

    ප්‍රියන්තිකා නාන්නෙම නැහැ නේද? නැත්නම් ඕනෙම ජරාවකට ඔරොත්තු දෙන ලෝකයාට ඔක්කාරය එන්න විඩියක් නැහැනෙ.

  • ලක්මාල් says:
    September 13, 2012 at 9:21 AM

    ඒ හෙණේ හිසා තමා උන් දෙන්නටම තාම හරියට මඟුලක් හරි ගියේ නැත්තේ...

  • sAm (සෑම්) says:
    September 13, 2012 at 10:29 AM

    ප්‍රියා නානවද බං ?

  • ලෝකයා... says:
    September 13, 2012 at 11:17 AM

    හා හා..... අපිව ගාව ගන්න එපා .. අපි හොඳට නාල කරලා ලස්සන ට නිදා ගන්න කොල්ලෝ ....

  • Unknown says:
    September 13, 2012 at 11:26 AM

    කාගෙන් හරි යමක් ඉල්ලගන්න ඒකත් හොඳ ක්‍රමයක් නේද...?කරටියෙන් අල්ලලා දෙකක් ඇනලම ඉල්ල ගන්නවා.හික් හික්.. ජය...!

    (අත් හදා බලලම ප්‍රතිපල කියන්නම්.)

  • ලහිරු says:
    September 13, 2012 at 4:22 PM

    මාෂල් ආට් එහෙමත් දන්නව කියන්නෙ.... මරු නෙ!

  • රොබින් says:
    September 14, 2012 at 11:40 PM

    මහම මහා අපත වැඩක් ...අයියෝ සල්ලි ...

  • පිණිබිඳු... says:
    September 20, 2012 at 1:39 PM

    උඹලා වගේ උන් එක්ක අපිත් ඉස්කෝලෙ හිටියනෙ අම්මපා.

  • නරකයා....!! says:
    September 22, 2012 at 11:15 AM

    හි හී... ෙලා්ෙවත් නාන්ෙන නැ.. මං දන්න තරමට...

  • නරකයා....!! says:
    September 22, 2012 at 11:16 AM

    හී හී...... සිරාවට ඒක උන්ට කියන්න ඔ්ෙණ්.. පවු ෙහ්දිලා යන්න ෙබා්ධි පූජාවක්වත් කරන්න කියලා...

  • නරකයා....!! says:
    September 22, 2012 at 11:17 AM

    නෑ නෑ....

  • නරකයා....!! says:
    September 22, 2012 at 11:18 AM

    ඔව් නිදියද්දි ෙසන්ට් ඒකකුත් ගහනවා.... හීෙනන් හරි කෑල්ලක් ෙසට් ෙවයන් කියලා..

  • නරකයා....!! says:
    September 22, 2012 at 11:19 AM

    ෙබාෙහාම ස්තූතියි.... ඔය සිට්ටම් ඒක හරියන්ෙන අපිට වඩා දුර්වල අයත් ඒක්ක ගනුෙදනු කරද්දී විතරයි...

  • නරකයා....!! says:
    September 22, 2012 at 11:20 AM

    ඔ්කා දන්න මර්ෂල් අාට් ඒකක් නෑ.... දන්නව කියලා ෙපන්න ෙපන්න හිටියා.... උ වෙග් බාගයක් උස ඒෙකක් උෙග කණට පයින් ගහලා නැගිට ගන්න බැරිව හිටියා පැයක් විතර.....

  • නරකයා....!! says:
    September 22, 2012 at 11:21 AM

    මහම මහා අපත ෙයා් ෙදන්ෙනක්....

  • නරකයා....!! says:
    September 22, 2012 at 11:22 AM

    සිරාවට බන්... මටත් හිතා ගන්න බෑ... උඹලා ත් ඉදලා ඉස්ෙකා්ෙල් තාම තිෙයන්ෙන ෙකාෙහාමද කියලා..

  • PPya says:
    November 7, 2012 at 11:04 AM

    adoo narakaya umbath oya priyanthi kellata line parak dala thiyenawa ekale ehenam aaaa....

  • නරකයා....!! says:
    November 7, 2012 at 2:52 PM

    පල ඩෝ යන්ඩ.. මම කියන්නෑ....

Post a Comment

Followers