10.26.2015

ගැන්ස්ටර් කොල්ලෙක්

මං කාලයක් ඔය අවිස්සාවේල්ල පැත්තේ තියන කර්මාන්ත ශාලාවක වැඩ කලා. එහෙ හිටියා මරු කොටලුවෙක්, උගේ වාග් මාලව අන්තිම සවුත්තුයි. කෙටියෙන් කියනවනම්, අපි ට්‍රිපක් ගියා උගේ බාසාවෙන් බස් එකේ නම ටොයොටා කොස්තාර්. වයිෆ්ට කියන්නේ වයිෆයා, වූ කන්නේ නූල්ඩස්, තව දහසක් වචන ඒත් මන් කියන්න යන්නේ වෙනම සීන් එකක්. 


මන් එහෙ නැවතිලා ඉන්න කාලේ අන්කලයා හදන කෑම හැමදාම කන්න බැරි  හින්දා. පොඩ්ඩක් කටට රහට කන්න ටවුමේ සම්පත් අයියගේ කඩේට සතියකට සැරයක් වත් යනවා. මොකද හොටු පෙරගෙන කෙල පෙරගෙන හදන බිත්තර රොටියේ පරාටේ ආතල් එක දෙන්න අන්කලයාට බැරි හින්දා. ඔය මන් කියන සීන් එක හොඳට දන්නවා ප්ලේන්ටියත් එක්ක සිගරට් එක   ගහන නොබැඳපු එවුන්. මහ රෑ සිගරට් හොයාගෙන යන එවුන්. 

මම නම් ඔය පැත්තේ ඉන්න පහ වසරේ එකාටත් අයියේ මට සමාවෙන්න කියලා තමයි යන්නේ මොකද වුන් රෑට ඉන්නෙ ස්කිනිය ඇඳලා කොන්ඩේ බෙකම් ගහලා පිහිය සාක්කුවේ දාගෙන අපි මොකටද ටින්කිරි ගාගන්නේ කියලා කාලා බීලා පාඩුවේ එනවා. එක දවසක් කඩේ මන්ජුවා හොයගේන අවා ඩයල් එකක් ෆුල් මාවලස් ගැන්ස්ටර් කොල්ලෙක් කලිසම පුකට ඇඳලා ෂර්ට් එකත් පුකට ඇඳලා මම බිත්තර රොටියක ඔබන ගමන් හිටියේ බඩට

මෙන්න මෙහෙම තමා කතාව ගියේ.

---ඔයි මන්ජුවා මම ෆුල් ටච් මෙව්වා එකක් ගත්තා බන්.

----ඇරූ වැඩ ඔක්කොම නවත්තලා අමමට __ කැ-- සෙබලා පෙන්නහන් බලන්න උඹේ ෆොන් බෑය.
ශේම් සුන්ග් නේද. 
---දැන් උඹ ෆේස් බුක් එකක් හදා ගත්තද පොඩි කෑල්ලක් වත් සීන් කර ගන්න. 
---ඒ බන් මන් උඹේන් ඕක අහන්නමයි බන් ආවේ මට හයි කරලා දියන්කො බන් ඕක.

---නොදකින් තෝ ඕක දන්නෙ නැද්ද..
---දන් නැති හින්දනේ අහන්නේ ප-- කියලා දීපන්කො හු--

---ඕකේ මහලොකු දෙයක් නෑ බන් ෆේස් බුක් කියන්නේ ඩේටා කපාගෙන උඩටයි පහලටයි යන එකට.

මගේ බිත්තර රොටිය නහයෙන් එනවත් එක්කම මට හිතුනා.... 
අම්මපා ඔව්නේ ෆේස් බුක් කියන්නේ ඩේටා කපාගෙන උඩටයි පහලටයි යන එකට තමා සල්ලිනම් කමක් නෑ ඩෙටා.................

Read more »

Followers