12.31.2010

පරණ අවුරුදු

අද දෙසැම්බර් 31...
හප්පා.... හෙට ඉඳන් අළුත් අවුරුද්දක්
කස්ටිය දැන් ඉඳන් සැට් වෙනවා..
කිරිබත් හදන්නයි... රතිඤ්ඤා පත්තු කරන්නයි.....
අපේ ගෙදරත් කිරිබත් උයනවා කියලා අම්මා කිවුවා...
හුටා හෙට බෝඩිම ගාව කඩවල් ඇරලද දන්නෙ නෑ
එහෙම උණොත්....
මෙ අවුරුද්දෙත් පලවෙනිදා බඩගින්නෙ....

Read more »

12.13.2010

දේශදේ‍්‍රාහියා....


මම.....!
බෙදුම් වාදී මිනී මරු කොටි තස්ත‍්‍රවාදයට උඩගෙඩි දෙන..
පර දේසකකාර අධිරාජ්‍යවාදයට පන්දම් අල්ලන...
කුමන්ත‍්‍රණ කාරී බටහිරයන්ට ගැතිකම් කරන....
දේශදෙ‍්‍රා්හියෙක්මි...!

මක්නිසාද යත්.

මම......!
තැන් තැන් වල පෝස්ටර් කටවුට් ගහලා ටවුන් කැත කරනවට අකමැති....
ගැස්තර ආගම් අනවශ්‍ය විදියට ප‍්‍රචාරණයට අකමැති...
සරසවි ශිෂ්‍ය මර්ධණයට විරුද්ධ.....
ප‍්‍රයිවට් කැම්පස් වලට විරුද්ධ....
කොට්න්ම අන්තරෙ ට අකමැත්තක් නොමැති..
ලොකු සීන් දාන පොලිසියට අකමැති...
..................................
.............................
ඉංගිරිසි බැරි
සිංහල බෑ වගේ පොෂ් ලයින් දෙන පඩත්තලයන්ව පේන්න බැරි
..........
.....
ඇමතිලාට බුලට්පෲෆ් දෙනවට අකමැති
උං ගාව අපේ හමුදා කොල්ලො බලු කරලා තියනවට අකමැති....
................
...........
..........
...............

Read more »

11.23.2010

අවශ්‍යතාව...



අපි දෙන්නා රණ්ඩු වෙමුද....?
ඇයි අපි දෙන්නා රණ්ඩු වෙන්නෙ...?
නිකං...අපි දෙන්නා රණ්ඩු වෙමු..
කොහොමද අපි දෙන්නා රණ්ඩු වෙන්නෙ...?
උඹ කියපං මෙක උඹේ කියලා..
මම කියන්නං මගේ කියලා..!!
මේක මගේ..!!
නෑ නෑ ඔක මගේ.. මමයි මුලින් දැක්කේ මං මේක කාටවත් දෙන්නෙ නෑ..!!!

ඌට කලින් ඉදන්ම රණ්ඩුවක් ඕනෙ වෙලා....!!

Read more »

9.15.2010

විසංයුක්ත ආදරය...!!


උඹ කොච්චර ඇඩුවත් මම ආයෙත් අඩවනවා...
හිත පහුරු ගගා..
උඹ වින්ද දුක..
මගේ කඳුළු වලින් මැකිලා යනකල්..!
සංසාරෙ පුරාවට...
උඹත් එක්ක එන්න... මම පෙරුම් පුරනවා..
මමපෙරුම් පුරනවා..
නිවන් දකින්න නොවෙයි...
උඹෙ වියළි දෙතොලග සිනාවකින් සරසන්න..
විවරණ දියන් මට...
උඹ බුදුවන තාක් කල්..
උඹෙ පුතාම වෙන්න....

Read more »

8.04.2010

ඔබ රණවිරුවෙකි පණ සටනට හල....!!

යුද්දෙ බරටම ඇවිලෙන දවසක පාරක් හරහට එල්ලිලා තිබුණු ලස්සන පාඨයක් දැක්කා.... "ඔබ රණවිරුවෙකි පණ සටනට හල....!!" ඒක බොක්කටම වදිනවා අපේ රණවිරුවන් ගැන හරි අභිමානයක් දැනෙනවා.. ඇයි මගේ සහෝදරයත් රණවිරුවෙක්නෙ... මං ආඩම්බර වෙන්නම එපෑ.. පාරෙදි දකින කොට උණත් ආමි යුනිෆෝම් එකට ආස හිතෙනවා... මුන්ට කොච්චර 'මොරාල්' එකක් ඔනේ ඇත්ද...
ඉතින් මිනිස්සු තමන්ට ආදරෙයි කියලා දැනෙන එක කොච්චර ලොකු දෙයක්ද...
ළගදි ජන හද හඳුනන රාජ්‍ය බැංකුවකට ගියා.... එහෙ සූ ගාලා සෙනග. ආමි පඩිදවස හින්දද කොහෙදෝ.. ඒ කලබල අස්සෙ ආමිකාරයෙක් බැංකු මහත්තයෙක් එක්ක රණ්ඩුවක පැටලිලා.. තවටිකක් හොඳට ලංවෙලා බැලුවා.. ඔව් ආමිකාරයෙක් තමයි රණවිරුවො කොයින්ද දැන්. යුද්දෙ ඉවරයිනෙ...
"ඇයි මොකද එහෙම කියන්නෙ... මං ආණ්ඩුවෙ ස්ථිර රස්සාවක් කරනවා.. මටත් පුලුවං වෙන්න ඔනෙ..."
මං හෙමින් සැරෙ ස්ලිප් එකක් අරන් ලියන්න ඔන දේවල්ටික එහෙම ලියාන කවුන්ටරයක් ගාවට කිට්ටු උණා.. කවුදෝ කෙනෙක් මගේ පිටට අත තියනවා දැනිලා පිටිපස්ස බැලුවා
"මල්ලී කවද්ද ආවෙ...?"
"ආ බණ්ඩාර අයියා මොකෝ මෙපැත්තෙ.. පඩිය අරංයන්න වගේ.."
බණ්ඩර අයියා ගෙවල් ලගපාතම ඉන්න හිතවතෙක්.. ආමි එකට ගිහිල්ලා දැන් අවුරුදු විස්සක් විතර ඇති මයෙ හිතේ.
"නැ මල්ලි පොඩි වැඩකට ආවා...."
"ගෑණිට මැෂින් එකක් අරං දෙන්න ණයක් ගන්න ආවා... ණයට දෙන කඩවල් වල ආමි අයට දෙන්න බෑලු.. ඉතිං බැංකුවෙන්වත් ගන්න පුලුවන්ද බලන්න ආවෙ...."
"ඉතිං මොකෝ උණේ....?"
සිද්ධිය දන්නවා උණත් දන්නේ නෑ වගේ මං ඇහුවා.
"පරණ කතාවම තමා...."
කියාගෙනම කැප් එක ගලවලා කිහිලලෙ ගහගත්තා..
"ඔළුවෙ කැලල තාම තියෙනවා නේ...."
මං එහෙම ඇහුවෙ කතාව වෙන පැත්තකට හරවන්න ඔනේ නිසා. මිනිහගේ ඇහැට ඇවිත් තිබුණු කඳුලු බින්දුව බිමට වැටෙනවට මං කැමති උණේ නෑ..
"ඔවු මෙක ආයෙ කොහොමත් මැකෙන්නෑ.. මෝටාර් කෑල්ල වැදුනට පස්සෙ මැහුං අටක් දැම්මනේ.."
නිර්ව්‍යාජ හිනාවකුත් එක්ක හරි ආඩම්බරෙන් කියාගෙන ගියා..
"ආමිකාරයන්ට ණය දෙන්නෑ මල්ලී.. කොයිවෙලාවෙද ෂුවර් නෑනෙ.."
"මං යන්නං මල්ලි...."
කියලා ඉක්මනට හැරිලා ගියාට මොකද අර කඳුල බිමට පනිනවා හංගන්න පුලුවන් උණේ නෑ.. මං ආපහු යන ගමන් පරණ බැනර් එක දිහා බැලුවා ඒකේ නූලක් ගැලවිලා පැත්තක් එල්ලෙනවා
පණ සටනට හල විරුවන්..
වාසනාවන්තයි
ගැලවුනු
ආමිකාරයන්ට වඩා
ඒත් අපි ජීවත් වෙන්නෙ උංගෙ කඳුලු උඩින් කියලා මතක එකෙක් හරි ඈතිනෙ.....!

මේ ගමන් මේ වීඩියො එකත් බලපල්ලා.....!!!!



Read more »

8.02.2010

ඩිස්කවරියක්ද......


ලෝකයාගේ බ්ලොග් එකේ ඇක්සස් නැතිඋනාට පස්සේ සිද්ධි ගොඩක් තිබුණා උනත් ලියන්න තැනක් නැතිව කරවෙවී හිටියා....
දැන් ඉතින් අච්චාරුවක් වගේ කලවම් වෙච්ච නරකයාගේ පිහිට තමයි...

එදා මෙදා තුර ආස්සරේට වැටිච්චි කැනහිලෝ රංචුවක් ඉන්නවා එකට හාකුට්ටර වෙච්චි. ඉතින් පුළුවං විදියට මතක්වෙන වෙලාවට එක එකා ගැන ලියන්න හිතුනා. ඔතනින් එක වසුපැටියෙක් ඉන්නව අල්ලි කියලා. ඌ කටකම සිරියාවෙ ප‍්‍රතිමූර්තිය. කියලා වැඩක් නෑ ඌත් මැරිලා අපිවත් මරවන කතාවක් කියලා ඇති කට ඇරියොත්. මෙ ලගදි දවසක අපි හිටියා බස් එකක් එනකන් (මේ පාරෙන් බස් එන්නෙ පොයට උණත් සාඩම්බර ශ‍්‍රීලාංකිකයන් විදියට බලාපොරොත්තු අතහරින්නේ නෑ කවදාවත්). මෙහෙම ඉන්නකොට අපි දකිනවා කාන්තාවක් ඇහැටයි කනටයි දකින්න පුලුවන් හැමතැනටමයි පේන. ඉතිං බස්එකක් එනකන් මේ සක්කරවට්ටම ගැන කියව කියව ඇද හොයනවා මුං ටික.....
අනේ හාංකවිසියක්වත් නරක හිතකින්නම් නෙවෙයි. ඔය කතන්දර අස්සෙ අපේ කතානායකයා කියුවා මෙයාව මං අඳුනනවා කියලා...... ඇත්ත වෙන්න ඇති රටේ ලෝකේ හැම ගෑණියෙක් පාහෙම අඳුනන ජාතියේ පොරක්....... මූට එකෙක් කියුවා.......
"වෙන්න බෑ...."
"නෑ නෑ ඒකිම තමා මොකෝ මං නොදන්නේ....."
"කවුද හා.......?"
"අර අහවල් දිහා.... අරූ බැඳලා ඉන්නෙ....." කියලා මූ නම් දෙකකුත් කියුවා....
අනේ ඉතිං අපිටත් වැඩ නැතිව මේ වල් පල් අහංඉන්නවනෙ දෙයියනේ... ඒ මදිවට මෙ ගැස්තරයෝ හූ මිටිත් තියනවා..
"කවුද....?"
"අර අරූ බං මේ ළගදි ඩිස්කවරියක් (බයික් එකක්) ගත්තේ....?"
"ෂුවර්ද....?"
"හිටපිය අහලා බලන්නං.... තොපිට මාව ෂුවර් නෑනේ......!!"
මෙකා හෙමිං අරකි ගාවට කිට්ටු කලා අපේ කටෙ කෙල පුළුං වෙලා....මෙකා මොන ඉලවුවකට මේ බැඳපු ගෑණියක් පස්සෙ යනවද මන්දා..
ළගට ගිහින් කෙල්ලගෙන් අහනවා........
"ම්..... නංගී......!!"
අරකිත් හැරිලා බැලුවා...
"නංගි බැඳලා ඉන්නෙ ඩිස්කවරියක්ද......?"

අපි පයින්ම ගමන් පටන් ගත්තා.......!!

Read more »

8.01.2010

මම නුඹෙ නොවූ....


මම නුඹට ආදරෙයි....
සත්තමයි
ඒත් නුඹ මට දුරයි..
හිතන්නත් බැරිතරම්
නුඹ අහස...
මම පොළොව..
නුඹ කියූ වග සැබැයි
ඇත්තමයි මම පොළොව
එහෙම නූනොත් හෙට..
මම කොහොම දරන්නද,
නුඹෙන් ලද තනිකම.
ඒත් මම ආදරෙයි..
සදහටම නුඹේ නමට.
පොළොව කොහොමද ඉන්නෙ
අහස නැති විශ්වයක
ඉතින්....
නුඹ මගෙමයි...
මම නුඹෙ නොවූ නමුත්.



සටහන-
අයිතිකාරයෙක් නැති කවියක්.... පරණ ලාච්චුවක තිබුණු.....!

Read more »

7.06.2010

තේරමක් නැති කතාවක විවරණය......




ආහ්... උඹලට කිරිබත් හම්ඛෙලා...!
පළවෙනිදා උදේ අම්මා කෝල් කලා....
"සුභ අළුත් අවුරුද්දක් වේවා මගේ පුතාට...!!"
කියලා කිවුවා....
"උඹ උදේට කාලද ඉන්නේ....?" ඇහුවා..
කාලා හිටියෙ නැති උණත් නිදිමතේම ඔවු කියුවා..
තවටිකකින් කන්න අදහසක් තියෙන නිසා...
පස්සෙ මතක් උණා අම්මා දීපූ සල්ලි ඉවරයි....
කන්න විදියක් නෑ කියලා....
බඩගින්න අමතක කරලා....
ඇහැට ආපු කඳුළු බිනදුව කොට්ටෙන් පිහදාගත්තා......!!


නිමිත්ත :: ජනවාරි පලමුවැනිදා (පළමුවැනි අවුරුද්ද.....)

Read more »

6.30.2010

නුඹට........


මීදුම අස්සෙන්.....
තරුකැට වලින් වෑස්සෙන පිනබින්දු..
පුංචි රෝස පෙති වලට වැටිලා.... ඉර එලියට දිලිසෙනවා....!
ඉතින් පුංචි මල් පෙති බරවෙනවා තමයි...
ඒත් ලස්සනයි.....!!
ඉර එළියට ඔය පිණි බින්දු මැකිලා යාවි....
මල් පෙති ඉර දිහා බලාගෙන...තවත් විකසිත වෙවි
හරියට නුඹ වගේ.....!!!

Read more »

6.19.2010

ආයෙමත්....!! (ලෝකයත් එක්කම....)


ලොකු නින්දකින් ඇහැරුනා.....!!
ඒ ටිකට ගොඩක් දේවල් වෙනස් වෙලා..
සමහර විට ඒ සිද්ධ වෙන්න තිබුණ විදිය වෙන්නත් ඇති...
සමහර අය ජීවිතයට එනවා සමහරු යනවා.. ඒත් හැමදේම තාවකාලිකයි නෙ..!
දැන් සහෝදර ලොකයාත් ටිකක් විතර දුර.. උගෙ බ්ලොග් එකත් මේ දවස් වල ඇණහිටලා... ඉතින් උගේ බ්ලොග් එකේ මම ලියපුවා ත් ඌ ලියපුවත් එකතු කරගෙන ආයෙත් සයිබර් අවකාශයේ නිරුවත් වෙන්න ලෝකයාගෙ භූමිකාවත් එක්කම එන්න හිතුනා........!!

Read more »

1.13.2010

සින්තටික් යථාර්තය....


බිම් මහලෙන්,
තනිවුණු ලෝකයට රිංගලා..
හිතේ හැටියට ජීවිතය තුරුළු කරගෙන...
පියාගත් නෙතුපියන් අතරින්
පුංචි තරුකැට සිඹිද්දී....
ළයට කා වැදුණු උණුසුමට..
ගුලිවෙන්න දගකරන
හදවත සංසිඳුවනු වස් හැමූ...,
සීතල පිණි බින්දු තැවරුණු,
පිපාසිත දෙතොලග තෙමා ගිය
ආත්මානුගත මදනළට මත්තෙන්
උඩුමහලට ළගා වුනු....
සෝපානය......

Read more »

Followers