8.01.2010

මම නුඹෙ නොවූ....


මම නුඹට ආදරෙයි....
සත්තමයි
ඒත් නුඹ මට දුරයි..
හිතන්නත් බැරිතරම්
නුඹ අහස...
මම පොළොව..
නුඹ කියූ වග සැබැයි
ඇත්තමයි මම පොළොව
එහෙම නූනොත් හෙට..
මම කොහොම දරන්නද,
නුඹෙන් ලද තනිකම.
ඒත් මම ආදරෙයි..
සදහටම නුඹේ නමට.
පොළොව කොහොමද ඉන්නෙ
අහස නැති විශ්වයක
ඉතින්....
නුඹ මගෙමයි...
මම නුඹෙ නොවූ නමුත්.



සටහන-
අයිතිකාරයෙක් නැති කවියක්.... පරණ ලාච්චුවක තිබුණු.....!

2 අදහස්..:

  • Shadow/හේමලයා says:
    August 1, 2010 at 8:20 PM

    අහසයි පොළොවයි...
    යාවෙන බව පෙනුනත් මුලු ලොවටම...
    සිතිජ ඉමේ......
    අපි දුර ඈතක බව දන්නේ
    අපි අපිමයි දුක එක්ක.....
    හිත් මයිමේ.....

  • Anonymous says:
    August 5, 2010 at 12:15 PM

    dat's da real truth...

Post a Comment

Followers