8.04.2010

ඔබ රණවිරුවෙකි පණ සටනට හල....!!

යුද්දෙ බරටම ඇවිලෙන දවසක පාරක් හරහට එල්ලිලා තිබුණු ලස්සන පාඨයක් දැක්කා.... "ඔබ රණවිරුවෙකි පණ සටනට හල....!!" ඒක බොක්කටම වදිනවා අපේ රණවිරුවන් ගැන හරි අභිමානයක් දැනෙනවා.. ඇයි මගේ සහෝදරයත් රණවිරුවෙක්නෙ... මං ආඩම්බර වෙන්නම එපෑ.. පාරෙදි දකින කොට උණත් ආමි යුනිෆෝම් එකට ආස හිතෙනවා... මුන්ට කොච්චර 'මොරාල්' එකක් ඔනේ ඇත්ද...
ඉතින් මිනිස්සු තමන්ට ආදරෙයි කියලා දැනෙන එක කොච්චර ලොකු දෙයක්ද...
ළගදි ජන හද හඳුනන රාජ්‍ය බැංකුවකට ගියා.... එහෙ සූ ගාලා සෙනග. ආමි පඩිදවස හින්දද කොහෙදෝ.. ඒ කලබල අස්සෙ ආමිකාරයෙක් බැංකු මහත්තයෙක් එක්ක රණ්ඩුවක පැටලිලා.. තවටිකක් හොඳට ලංවෙලා බැලුවා.. ඔව් ආමිකාරයෙක් තමයි රණවිරුවො කොයින්ද දැන්. යුද්දෙ ඉවරයිනෙ...
"ඇයි මොකද එහෙම කියන්නෙ... මං ආණ්ඩුවෙ ස්ථිර රස්සාවක් කරනවා.. මටත් පුලුවං වෙන්න ඔනෙ..."
මං හෙමින් සැරෙ ස්ලිප් එකක් අරන් ලියන්න ඔන දේවල්ටික එහෙම ලියාන කවුන්ටරයක් ගාවට කිට්ටු උණා.. කවුදෝ කෙනෙක් මගේ පිටට අත තියනවා දැනිලා පිටිපස්ස බැලුවා
"මල්ලී කවද්ද ආවෙ...?"
"ආ බණ්ඩාර අයියා මොකෝ මෙපැත්තෙ.. පඩිය අරංයන්න වගේ.."
බණ්ඩර අයියා ගෙවල් ලගපාතම ඉන්න හිතවතෙක්.. ආමි එකට ගිහිල්ලා දැන් අවුරුදු විස්සක් විතර ඇති මයෙ හිතේ.
"නැ මල්ලි පොඩි වැඩකට ආවා...."
"ගෑණිට මැෂින් එකක් අරං දෙන්න ණයක් ගන්න ආවා... ණයට දෙන කඩවල් වල ආමි අයට දෙන්න බෑලු.. ඉතිං බැංකුවෙන්වත් ගන්න පුලුවන්ද බලන්න ආවෙ...."
"ඉතිං මොකෝ උණේ....?"
සිද්ධිය දන්නවා උණත් දන්නේ නෑ වගේ මං ඇහුවා.
"පරණ කතාවම තමා...."
කියාගෙනම කැප් එක ගලවලා කිහිලලෙ ගහගත්තා..
"ඔළුවෙ කැලල තාම තියෙනවා නේ...."
මං එහෙම ඇහුවෙ කතාව වෙන පැත්තකට හරවන්න ඔනේ නිසා. මිනිහගේ ඇහැට ඇවිත් තිබුණු කඳුලු බින්දුව බිමට වැටෙනවට මං කැමති උණේ නෑ..
"ඔවු මෙක ආයෙ කොහොමත් මැකෙන්නෑ.. මෝටාර් කෑල්ල වැදුනට පස්සෙ මැහුං අටක් දැම්මනේ.."
නිර්ව්‍යාජ හිනාවකුත් එක්ක හරි ආඩම්බරෙන් කියාගෙන ගියා..
"ආමිකාරයන්ට ණය දෙන්නෑ මල්ලී.. කොයිවෙලාවෙද ෂුවර් නෑනෙ.."
"මං යන්නං මල්ලි...."
කියලා ඉක්මනට හැරිලා ගියාට මොකද අර කඳුල බිමට පනිනවා හංගන්න පුලුවන් උණේ නෑ.. මං ආපහු යන ගමන් පරණ බැනර් එක දිහා බැලුවා ඒකේ නූලක් ගැලවිලා පැත්තක් එල්ලෙනවා
පණ සටනට හල විරුවන්..
වාසනාවන්තයි
ගැලවුනු
ආමිකාරයන්ට වඩා
ඒත් අපි ජීවත් වෙන්නෙ උංගෙ කඳුලු උඩින් කියලා මතක එකෙක් හරි ඈතිනෙ.....!

මේ ගමන් මේ වීඩියො එකත් බලපල්ලා.....!!!!



8 අදහස්..:

  • Thushara says:
    September 5, 2010 at 9:23 PM

    මම එකෙක්...

  • DCB says:
    September 6, 2010 at 1:15 AM

    සිංහලයන්ට හැමදේම ඉක්මනට අමතක වෙනව කියන එක අරුමයක් නෙමේ...

  • නරකයා....!! says:
    September 6, 2010 at 9:51 PM

    ඇත්ත මචං

  • mage jeewithe says:
    September 8, 2010 at 9:01 AM

    කදුලු කියන්නෙ මචන් ලොකයට අව්ශය දෙයක් මචන් ...කදුලු තියෙන ඕනෙ ජීවිතය ජායගන්න....

  • Anonymous says:
    September 8, 2010 at 7:50 PM

    අනිවා මචං...! මාත් නිතර පාවිච්චි කරනවා....!!

  • Unknown says:
    September 8, 2010 at 7:52 PM

    මේ දවස් වල බැටලු හම පොරවාගත්ත නරි හෝගාලා රට පුරාම ඉන්න එකේ , බලු හම පොරව ගත්ත බැටලුවො ඉන්නව නම් ඒ යුධ සෙබලෙක් විතරයි.

    අරමුන වෙනුවෙන් ව්‍රකයෙක් වගේ යන අපි වගෙම ඇට මස් ලේ වලින් හැදිච්ච මේ ප්‍රතාපවත් මිනිස්සු බල්ලන්ටත් අන්ත දුක් විදින්න ඇති..

  • ශානි says:
    December 19, 2011 at 10:42 AM

    කොහොමත් අපේ මිනිස්සුන්ට මුල අමතකයිනේ :(

  • ela kollek says:
    February 3, 2012 at 9:34 PM

    හරිම දුකක් දනුනා මචන්......මේ රටේ බිම් අගලකටත් ආදරෙන් රෑකගත්ත වීරයොන්ට අත් වෙලා තියෙන ඉරනම දක්කම!!!!!

Post a Comment

Followers