12.23.2011

ඇත්තම කියනවනං.. 2 (ඇයි යකො මටම වෙන්නේ)


'ඇත්තම කියනවනං...' කතා සෙට් එක මුලින්ම දැම්මෙ අන්තිම පේළියේ.... හැබැයි මගේ මෙම්බර්ෂිප් එක ඇපෘ උණේ පරක්කු වෙලා... ඉතින් ඒ වෙනකොට මේකේ පබ්ලිෂ් වෙලා ඉවරයි අන්තිම පේළියෙ උන්...සොරි ඈ.....


යාල් කවි (යාල් කවි1,යාල් කවි2) වලට හේතු වෙච්ච කතා වස්තුව මෙ දවස් වල යන්නෙ... පළවෙනි එක දැකපු නැති, බලන්න ආස කෙනෙක් ඉන්නවනං ඔන්න...


මම යාපනේ ගොහින් එකට පිස්සු කෙළපු බුවාගෙ නංගිට වහ වැටිලා ඒකිගෙ පස්සෙන් යනගමන්.... නාග දීපෙ ට‍්‍රිප් එක මිස් උණා.... උන් ගිහින් එනකං මම හිටියා...



මේ දෙවනි කොටස....

දැන් ඉතින් රෑ අටට විතර කට්ටිය අවා නාග දීපේ ගොහින්. කොහොම කොහොම හරි අයියගේ නංගී සහ අම්මා බස් එකට ටිකක් විතර කලින් ආවා. බස් එක ගාව බිම ඉටි රෙද්දක් දාගෙන වාඩි වෙලා කස්ටිය එනකල් ඉන්නවා.
ගිහින් කතා කරපිය යකෝ හරකා පො#$@@ මගේ කුඩා මොලෙන් මට බනිනවද කොහෙද......
මම ඉතින් මගේ ඇඟේ තිබුන පුරුෂ ශක්තිය ඔක්කොම දාලා නංගී ළඟට යනවා කතා කරන්න ඇන්ටිත් ඉන්නවා ළඟ.. මම ගියා මොකද කෙල්ලෙක්ට කතා කරන එක මහ ලොකු කජ්ජක්ද....

ඔන්න මම ආවා පපුව නිකන් ටාටා නැනෝ වගේ දුවලා වැඩි කමට ගිනි ගන්න හදනවා.
මම බැලුවා නංගි දිහා........
"ඇන්ටි කොමඩු කනවද....?????"
ඔන්න ඕකයි තත්වේ..
කයිය නන් පු#න් නැංගුරන් දාන්ඩ ...ළඟට ගියාම ඩයලොග් 3.5G වගේ කියන තරන් නෑ
කොහොම හරි දැන් බස් එක ආවා යාපනේ ස්කොලෙට රෑ නවතින්න. අපි දැන් උයන අයට හෙල්ප් එක දෙනවා උයන තැනට එනවනේ ඉතින් කවුරු උනත් අයියත් ආවා..
"මචන් යමුද ගල් ගහන්න...."
මම බොන් නෑ නැවත්තුවා කියන්නද නැත්තන් උඹේ නංගී හින්දා බෑ කියන්නද.... අනික ඇඟටත් අමාරැයිනේ............
"හා............."
යකෝ මම හා කියන්නත් කලින් කටින් පැනලා........
එදා දවස ඔතනින් ඉවරයි

පහුවදා දත කට මැදලා එහෙම(බොරුවට ) යනවා නාග විහාරෙට... මම ටක් ගාලා ගිහින් ඇවිත් දොර ඉස්සරහා හිටගෙන ඉඳලා ගැහුවා ෆොටෝ එකකින්... හරියටම හරි....
වැඩේ නොන්ඩි ඇන්ටි දැක්කා සීන් එක දැන් ඉතින් ඩිලීට් කරන්නද.. එදා දවසේ ඔය යාපනේ පුස්තකාලේ කොටුව වගේ තැන් වලට ගියා බුස් එකේ හිටපු ගොඩක් අය මට කියලා ෆොටෝ ගහ ගත්තා.. ඒත් මේ කෙල්ල ආවේ නෑ... එකත් කියන්න එපැයි.
ඊට පස්සේ ත‍්‍රිකුනාමලේ කෝනෙශ්වරන්... 
"මම දැන් දවස් තුනක්ම බුස් එකේ හිටගෙන ..යන්න පණ නෑ..." අයියා කිව්වා
"මට නං බෑ මචන් අම්මලා නන් ගියා...."

අම්මා ගියා නන් මම යන්නම එපයි...මම ටක් ගාලා  මාරු... අයියට හොරෙන් මාත් යනවා කෙල්ල මගේ ඉස්සරහින් යනවා.. මමත් යනවා ගස්ලබු කාපු වල් ඌරා වගේ...

"අනී.. ශෝක් මුව පටියා..."
"අනී.. අම්මී මගේ කකුල් රිදෙනවා ......" ( අනී.. මම වඩා ගන්නද අහැන්නැයි ඉතින් )
"නැන්දී කෝ..." ( හුටා නැන්දත් ඉන්නවද )
"ඕන් පොඩි මාමිත් එක්ක කලින් ගියා..." ( එතකොට මාමත් ඇවිල්ලා )
අනේ මම ගමේ වැදගත් විදියට හිටපු කාලේ ඉවරයි වගේ........... මම ඉතින් දෙවාලෙට ගිහින් එතන තියන පඬුරකින්ම රෙදි කෑල්ලක් ගලවගෙන රු5 ක්ම ගැට ගහලා....
මේ කෙල්ල මට දෙවියනි, වැඩේ හරි ගියොත් ගහට ආපහු රු5ක් බඳින පොරොන්දුව පිට හිත හදාගෙන මම ආපහු බස් එකට අවා... ඇයි යකො නැන්දලා මාමලා ඔක්කොම ඉන්නවා මම කලිසම ඇඳන් ගමට යන්නත් ඕනනේ........

වචනයෙන් වත් හින්සාවක් කරේ නෑ ඔන්න.
දැන් කෙලින්ම බස් එක ගෙදර එන්නේ හිතට අවුල් ශිහ් දවස් 5ක් වත් ගියා නන්... යාලුවො ටික ඉඹින්න හිතෙනවා උන් ආවානන් දැන් අහලා කරලා බොක වෙලා ගෙදර යන් නැතුව බෝඩිමට තමා යන්න වෙන්නේ......
කොහොම හරි බුස් දෙක (බස් දෙකක් ගිය කියන්න බැරි උනානේ ) පන්සලට ආවා... ආහ් එන ගමන් ඩයිවර් අයියට නින්ද ගියා...  මම තමා ඉස්සරහා හිටියේ මම ඌව ඇහරවලා වීරයා උනා...!!
නැත්තන් බස් එක නාඋල කඩයක් ඇතුලේ තාම.....

මම දැන් පන්සල ගේට්ටුව ගාව කකුලේ නියපොතු කනවා..
"යන්නං අයියා........."
ඉතින් මට මොකෝ කියන්න කලින් කව්ද කිව්වේ කියලා බලපුවම මේ අර කෙල්ලනේ අනේ දුක හිතිලද කොහෙද මම කාපු කට්ටට....
"ගෙදරද නංගී යන්නේ ? ... "
නියම ප්‍රශ්නේ පුලුවන්නං දීපන්කො උත්තර........
"නෑ අයියා අද පොඩි මාමීලගේ ගෙදර ඉඳලා හෙට උදෙම යනවා ......."
දැන් ඉතින් උදේම නැගිටින්නත් වෙනවා .....
ඔන්න ඒ සීන් එක ඉවරයි.......


තව තියනවා පස්සේ දාන්නම්.....





4 අදහස්..:

  • duliponline says:
    December 23, 2011 at 10:58 PM

    මාත් හතවසරෙ ඉන්න කාලෙ අනුරාධපුරේ ට්‍රිපක් ගිහිං බස් එකේ හිටි කෙල්ලෙකුට පෙරුව දවස් තුනක්ම . . . . වැඩේ 50%ක් හරි . . . මගෙ පැත්තෙං ඔක්කොම සෙට්ල් . . . අනිත් 50% . . . කෙල්ල අදටවත් දන්නෑ මම කියල එකෙක් ඒ බස් එකේ හිටියද කියලවත්

  • නරකයා....!! says:
    December 23, 2011 at 11:05 PM

    නොදකින් යකෝ ඒ කාලෙ ඉඳලම වල් විදියට නෙ හැදිලා තියෙන්නෙ..

  • සමනල් පැටියා says:
    December 26, 2011 at 8:43 AM

    ඕක සාමාන්‍ය දෙයක් මචන්. අද වෙන තුරු මමනම් හිත ගියපු හැම කෙල්ලම සෙට් උනානම් අන්තOපුරයක් දාගන්න තිබුනා.

  • සිත්රූ සිහින says:
    December 28, 2011 at 11:32 AM

    හි හි නියමයි..ඉතුරු කොටසත් කියවලම එන්නම් කරන්න..

Post a Comment

Followers