12.14.2011

අපිරිසිදු ගැහැණියක් (උසාවියේ දවසක්....3)



මෙය අන්තිම පේළියෙහිද පළවිය.. 


අඳුණන යමෙකු දකීවි දෝ ඇය වහා හිස බිමට නැඹුරු කර ගත්තත් මා සිටි තැනට ඇයව හොඳින් දැක ගත හැකි විය. හොඳින් පීරා ගොතා පිරුණු නිතඹ තෙක් දික්වූ කොණ්ඩයත් චීත්ත ගවුමෙන් උස්ව පෙණුන ලැම හා වටකුරු මූණ ඇයව සුරූපිණියක් නොවුණත් ඇහැට කණට හොඳින් පෙනෙන එකියක් බවපසක් කළාය. ගෙළ හා සිහින් කන් පෙති කිසිම ආබරණයක ලකුණක් නොමැතිව කැපී පෙනුනි. පිරුණු කොපුල් හා සිහින් තොල් පෙති සුදුමැලිව වියළී ඇත.මෙතෙක් සුළු ඝොෂාව වෙනුවට පැවතියෙ අසාමාන්‍යය නිශ්බ්දතාවයකි. ඇය වටා වූ විත්ති කරුවන් ඇස් වලින් ඇය නිරුවත් කොට රස බලන අතරේ තොල්ක මුදලි තෙම නමක් අඩ ගැසීය. මැදි වියෙ වූ පුද්ගලයෙකු විත්ති කූඩුවට ගොඩවිය.
"මේ තුන්වන නඩු වාරයයි ස්වාමීනි මගේ සේවා දායකයා මේ වනතෙක් රිමාන්ඩ් භාරයෙ පසුවනවා... ඔහුගේ මානව හිමිකම් පිළිබඳව සළකා ඉක්මන් තීන්දුවක් බලා පොරොත්තු වනවා සවාමීනි.... විත්තියට ඇති චෝදනා ඔප්පු කල නොහැකියි සවාමීනි.. "
විත්තියෙ නීතිඥ්ඥයා පලමු තුරුම්පුව ඇද්දේය. නමුත් ඊට පිළිතුරු අනෙක් පසින් යොමු නොවුණි, ළමා හා කාන්තා කාර්යංශය ඇයව උසාවි ඉදිරිපත් කළත් ඇය වෙනුවෙන් නීතිඥ්ඥයෙක් නොවීය මා අසල සිටින්නවුන් ඒකාකාරි නඩු අතරින් වෙනස් වූ මේ කතාව රස විඳිමින් සිටිති. ඔවුන්ට අනුව ඇය පට්ට කැල්ලකි. හොඳින් අතට අහුවන ශරීරයක් හිමිය. පළමු වතාවට විත්ති කූඩුවේ වූ මිනිසා විසින් ද. දෙවෙනි හා තෙවෙනි වර උසාවි භූමියෙදීත් කෙළෙසුණ ඇය නැවත වරක් කෙලෙසීම මෙසේ ආරම්භ විය.
"එදා මොකද උණේ... ?"
ඇය බිම බලාගත්වනමය, සුදමැලි කොපුල් රත් පැහැ විය.
"උසාවියට පිළිතුරු අවශ්‍යයි නිශ්ශබ්ධව ඉඳලා අගෞරව කරන්න එපා උණදේ කියන්න... "
විත්තියේ නීතිඥ්ඥයා හමුවේ ඇය වැරදි කාරියක වී ඇත.
"එදා මං නිදාන හිටියෙ..." ඇය මිමිණීය..
"හොඳයි ඊට පස්සෙ....?"
"බාප්පා ආවා..."
"කොහෙන්ද ආවේ...?"
"දොරෙන්..."
"දොර ඇරලද තිබ්බෙ..?"
"දොර කඩාගෙන ආවේ..."
"කොහොමද කැඩුවෙ..?"
"දැක්කෙ නෑ..."
"එහෙමනං කොහොමද කැඩුවා කියන්නේ.. "
ඇය නිහඩ විය. ඇගේ ගෙදර දොරට අගුලක්වත් තිබෙනවා දැයි මට විටෙක සිතුනත් එය උසාවිය නොපිළිගන්නා නිකන්ම නිකන් සිතුවිලි මාත‍්‍ර හේතුවකි.
"හරි බාප්පා ඇවිත් මොකද කලේ.. ?ගෙදර කවුද හිටියෙ.. ?"
"කවුරුත් නෑ.."
ඔහුගේ හඩ බෙහෙවින් උච්චය. ඇය පිටි අත්ලෙන් කඳුලු පිසදැමීය..
"වෙන කවුරුත් මේ සිද්ධිය දැක්කද..?"
"නෑ.. "
"කියන්න.... බාප්පා ඇවිත්...?"
"මාව අල්ල ගත්තා..."
"ඔයා දිවුවද...?"
"නෑ මං නිදාන හිටියෙ..."
"එහෙනං අල්ල ගත්තා කිවේ..." නීතිඥ්ඥයා දිගින් දිගටම ගුගුළයි
"මාව ඇල්ලුවා..."
"කොහෙන්ද...?"
ඇය පිළිතුරු දුන්නෙ නැත. දිගින් දිගටම ප‍්‍රශ්න යොමු කලත් ඇයට ඔළුව වැනීම හා කඳුළු පිස දැමිම හැර පිලිතුරක් දී ගත නොහැකි විය.
"මොකක් ඇඳන්ද නිදන් හිටියේ.. ?"
"ගවුමක්.."
"මේ තැනැත්තත් එක්ක පොර බැදුවද..?"
"ඔවු"
"ඊට පස්සෙ...?"
"එයා මගේ ඇඳුම ඉරුවා...."
"ඊට පස්සෙ... "
තත්පර දෙක තුනක නිහඩව සිට නැවතත් කෙඳිරීය..
"ඊට පස්සෙ කරදර කළා.. "
"එතකොට යටට මොකුත් ඇඳලා හිටියෙ නැද්ද..?" ඇය දෑස් තදින් පියවා ගත්තාය.. යටිතොල සෙමින් හපා ගනිමින් උගුරෙ හිර වූ ඉකියක් සැගවීමට අත්සහ දැරුවත් එය වලක්වා ගත නොහැකි විය.
" ගවුම විතරක් ඉරලද කරදර කළේ යට ඇඳුම තියෙද්දිම..?"
ඔහු නොනවත්වා ප‍්‍රශ්ණ කරයි. ඇය හඩනවා හැරෙන්නට පිළිතුරු දීමට උවමනාවක් නොවීය. ඇතම්විට චිත‍්‍රපට වල දැක ඇත්තාක් මෙන් "ඔබ්ජෙක්ෂන් යුවර් ඔ්නර්" කීමට මෙහි කෙනෙක් නොවීය. පොලිස් නිළධාරිණියන් ඇයව දිරිමත් කළා උණත් ප‍්‍රමාණවත් උත්තේජකයක් සැපයිමට එය ප‍්‍රමාණවත් නොවීය. විත්තියෙ තර්කය පැහැදිලිය විත්තිකරු ඇයවකෙලසා නැත. ඇය කැමැත්තෙන් එකතු වී දැන් සුද්ද වීමට තනන්නීය. ඇයට තවමත් බොරුව ගොතා ගැනීමට නොහැකිවී ඇත. ඔහු වෙනුවෙන් ඇය දොර හැර තබන්නට ඇත. යට ඇඳුම්ද නොමැතිව ඇය අවස්ථාවට සූදානම්ව සිට ඇත.. යට ඇඳුම පිටින් පිරිමියෙකුට ගැහැණිය හා එක් විය නොහැක ඔහු ඉරා ඇත්තෙ ඇගේ ගවුම පමණකි. ඇගෙන් දිගටම ඇසූ අපුල ප‍්‍රශ්ණ වලට නිසි පිළිතුරු නොලැබුණි. ඒවාට පිළිතුරු දිය නොහැක. ඇගේ ඉකි බිඳුමෙන්වත් කඳුලින්වත් ඔහුගේ තර්ක කිසිවක් නිරෝධනය කලේ නැත. අවසානයෙ ඔහුද ඉන් හෙම්බත්වූ පසු
"එපමණයි ස්වාමීනි..!" යැයි පවසා අසුන් ගත්තේය. අවට කසු කුසුව නැවතත් වැඩිවිය. සමහරුන් තම තමන්ගේ කතාය. සමහරු ඇය දෙස බලාන මොනවදෝ මුමුණති. සමහරු තවමත් ඇස් විදහා ඇගේ රුව උරා බොති.
"තුන්වන නඩුවාරයේදීත් ප‍්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත්නොවූ බැවින් නඩුව ඉවත දමනවා...!!"
විත්ති කූඩුවේ හුන් ගැහැණිය ඉන් බැස එලියට පිය මැන්නාය ඇතමුන් තවමත් ඇගේ පැද්දෙන නිතඹ දෙස බලා සිටියි.




සියැසින් දුටු සත්‍යය සිදු වීමකි... උසාවියේ දවසක්....1 හා උසාවියේ දවසක්....2 හා බැඳේ

18 අදහස්..:

  • සිත්රූ සිහින says:
    December 14, 2011 at 7:23 PM

    මේවා වෙන්න ඇති සමහරු මේ වගේ ප්‍රශ්න වලට නීතියේ පිහිටක් නොපතන්නත් හේතුව.

  • duliponline says:
    December 14, 2011 at 7:24 PM

    ඕක තමයි බං ඇත්ත . . . . ස්ත්‍රී දුෂන නඩුවක් කියන්නෙ කොහොමත් ඒ ගෑනිව හත් අට වතාවක් ප්‍රසිද්දියෙ දූෂනය කරනව කියන එක. නීති ආධාර කොමිසම වගේ තැන් තිබුනට ඒවගෙ උදවු හොයාගෙන එන අයට විතරයි උං උදවු කරන්නෙ . . . ඒව ගැන නොදන්න මිනිස්සුන්ට දෙයියංගෙම පිහිටයි

  • Anonymous says:
    December 14, 2011 at 8:11 PM

    ශික් නොදකින්.. ලෝයර් කෙනෙක් නොවෙන්න ගත්ත තීරණේට මම මටම වැඳගන්න ඕන..
    ඇත්තමයි.. මට වෙන බැඳීම් නොතිබ්බනම් මම කැමතියි ඔය වගේ අසරණ වෙච්ච කෙනෙක්ට පිහිටක් වෙන්න.. අවංකවම..
    මේක අපේ රටේ විතරක් නෙවේ, අපේ අසල්වැසි රටවල් වලත් වෙනවා..
    හරිනම් අසාධාරණයට ලක්වෙච්ච අයට රජයෙන් නීති ආධාර සපයන්න ඕන.. අනික මේවගේ නඩු ප්‍රසිද්දියේ අහන්න ඕනමද??
    ඇත්තටම මාරම upset

  • මාතලන් says:
    December 14, 2011 at 8:30 PM

    ස්ත්‍රී දූෂණ නඩු වලින් දූෂකයා බොහෝ වෙලාවට නිදහස් වෙනවා. ඒ වෙනකොට ගමේදියි, පොලිසීයෙදියි, උසාවියෙයි තව 100 පාරක් විතර දූෂණයට ලක්වෙනවා. මේ නඩු ප්‍රසිද්දියේ අහන එක වහාම නවත්වන්න ඕන. වෛද්‍ය පරීක්ෂණයකින් දූෂණය වෙලා කියලා කියනවනම්. දූෂණයට ලක් වෙච්ච කෙනාට දූෂණය කළ එකා හෝ එකාලා අඳුනන්න පුළුවන්නම්. ඩී. එන්. ඒ තාක්ෂණයත් තියෙන කාළේ, කර අඹලා දැම්මනම් වැඩේ ඉවරයි..

  • ඔබ නොදු‍ටු ලොවක්..... says:
    December 15, 2011 at 12:40 AM

    මේවගේ නඩු කියන්නේ ඉතිං සායම ඉවරයි, අහන දේවල් වලට ලැජ්ජා උනොත් අනික් පැත්ත දිනුං,ගොඩක් වෙලාවට වෙන්නේ මේක,තමන්ට වැ‍රැද්ද වෙලත් අහන දේවලට හරියට උත්තර දීගන්න බැරුව නඩු පරදිනවා,මගේ යාලුවෙක් හිටියා උසාවියක් ලග,ඌ කියනවා ඌට ඇහෙන ඒවා නඩු වලදි,හප්පේ ගුද මාර්ගය පාවිච්චි කරා කියලා දික්කසාදේ ඉල්ලනවා,තව එකියක් ඒක පාවිචි කරේ නෑ කියලා දික්කසාදේ ඉල්ලනවා,පිස්සු හැදෙනවා ඔය ලේඩීස් නඩු කේස් ඇහුවම......

  • සයුරි says:
    December 15, 2011 at 2:35 AM

    මාතලන් ගේ අදහසට සම්පූර්ණයෙන්ම එකඟයි...මේවා ප්‍රසිද්ධියේ අහන්න තියන අවශ්‍යතාවය මොකක්ද ඇත්තටම...

  • Anonymous says:
    December 15, 2011 at 9:27 AM

    ඕන් ඉතින් ගහෙන් වැටුන මිනිහට ගොනත් ඇනල නේ....

    කන්තා විමුක්තිය ගැන කතා කරන රටක් ??? පළවැනිම දවසේ එකීට ලෝයර් කෙනෙක් නැති උනා කියහන්කො, ඇයි දෙවනි දවසේ, ඇයි තුන්වෙනි දවසෙත් නැති උනේ අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ.

    ලංකාවේ පොලීසි වලින් දාන හැම බරපතල නඩුවක්ම් ඔය අකාරයටම තමා අවසානය.

  • නරකයා....!! says:
    December 15, 2011 at 11:03 AM

    @සිත්රූ සිහින : සිරාවට....

    @ඕනයා : ඔවු එයාලගේ උගත්කමත් ටිකක් විතර අඩුයි.. ඉක්මනින් ඉස්කෝලෙ ගමන නවත්වනවා....


    @lahirucc : රජයේ නීතිඥ්ඥයෝ කියලා සෙට් එකක් ඉන්නව නේද.. මන්නම් දන්නෑ.. කොහොම උණත් මේ ළමයා වෙනුනේ කතා කළා පොලීසිය....

    මාතලන් : ත්තටම වෛද්‍යය වාර්ථාවකුත් තිබුණා මොනවද තිබ්බෙ දන්නෙ නෑ...

    ඔබ නොදු‍ටු ලොවක්..... : මේවට උත්තර දීම කෙසේ වෙතත් දැන් ගමේ කොල්ලො කුරුට්ටංගෙන් බේරෙන එක තමා වැඩේ..

    සයුරි : මාත් 100% ක් එකගයි


    Anonymous :මේ නඩුව වෙලාවෙ අනිත් ලොයර්ස්ලා ඉඳගෙන හිටියෙ... එක්කෙනෙක් හරි උදව් කරන්න ඉදිරිපත් උණානං මෙච්චර අපහසුතාවයට පත්වන්නෙ නෑ..

  • වර්ණා says:
    December 15, 2011 at 5:04 PM

    අන්තිමට ඔච්චර තමයි වෙන්නේ..

  • Sabith says:
    December 18, 2011 at 12:17 PM

    පැහැදිලිවම මේ ව්අගේ සංවේදී නඩු ප්‍රසිද්දියේ අහන එක වහාම නතරකල යුතුයි...අදාල පාර්ශ්වයන් විතරක් හිටියම ඇතිනේ නඩුව විභාග කරන්න...ඒ ගැහැනියගේ මානසිකත්වය තව තවත් පහලට යන එක සහ තව තව ලැජ්ජ කරන එක තමා මෙහෙම කලාම වෙන්නෙ!

  • අසරණයා says:
    December 19, 2011 at 12:04 AM

    ඇත්තටම ගැහියෙක් ඒ වගේ තැනකදී අසරණ වෙනවා.නිකක්ක ළරදි කාරය නිවැරදි කාරයෙක් වෙනවා.

  • නන්නාඳුනන්නී says:
    December 21, 2011 at 12:07 AM

    ඇයි අපේ රටෙත් ඉන්නවා නේද ස්ත්‍රීවාදීන්, කාන්තා විමුක්තිය උදෙසා සටන් කරන අය? මේවා පේන්නෙ නැද්ද?

  • Ruka says:
    December 21, 2011 at 1:16 AM

    ඔව්.මාත් ඕනයා සහ සබිත් ගෙ අදහසට එකගයි..
    කතාව මරුවට ලියල තියනවා...

  • නරකයා....!! says:
    December 21, 2011 at 9:46 AM

    වර්ණා :එච්චර තමා උනේ... මමනං දැක්කෙ එකයි... තව කීයක්...??

    Sabith : ඒකට නීතිපද්දතිය වෙනස් කරන්න වෙනවනං තව සෑහෙන්න කල් යාවි


    අසරණයා : සිරාවට ඒක අනිත් උන්ට තවත් ආතල් එකක් විතරයි...


    නන්නාඳුනන්නී : නෑ උන්ට පේන්නෙ බස්වල ජැක් ගහන එකයි ගෑණු කොටට අඳින්න ඔනේ කියන එකයි.. ඔය වගේ දෙවල්... කරනවනම් කොච්චර වැඩ තියෙනවද...

    Ruka : බොහොම ස්තූතියි... මෙපැත්තෙ ආවට...

  • ගැමියාගේ පත් ඉරුව says:
    December 27, 2011 at 12:36 AM

    මේක කරපු එකාගේ අම්මට.............
    උසාවියේ නඩුකාරයාගේ අම්මට....
    නීති අමනයාගේ අම්මට...........

    නොදකින් විතරක් මාව වෙව්ලනවා යකෝ මොකෙක්වත් හිටියේ නැද්ද මේ අහිංසකීව බේරගන්න වල් බල්ලෝ

    මේවා අහන්න පව්කාර උනානේ ෂීහ්

    සමාවෙන්න කෙමෙන්ටුව සැර වැඩිනම් මේ හිතට ආපු අදහස්.මේ මම මෙහෙ ආපු මුල් පාර හිත සසළ වෙන කථාවක් වෙයි කියලා කීයටවත් මම හිතුවේ නෑ.මේවා දැනුවත් කරන්නත් මෙවැනි අයව බේරගන්නත් හැකි පමණ සහයෝගේ දක්වන්න ඕනෑ.

    පොඩි ළමයි විනාස කරන කාලකණ්නි මරන්නම ඕනෑ නීතියට බැරිනම් අවනීතියෙන් හරි

  • ලහිරු says:
    January 8, 2012 at 12:02 PM

    මේ වගේ දේවලට කැලෑ නීතිය තමයි ඕනේ...නැතුව හදන්න බෑ!

  • මම සහ මම says:
    October 15, 2012 at 11:46 AM

    matchan anthima peliyata lokaya kiyala liyanneth ubamada?

  • නරකයා....!! says:
    October 15, 2012 at 3:40 PM

    මම අන්තිම පේලියේ නරකයා විදියට ලියනවා........ ඒකේ ලෝකයා විදියට ලියන සුභාෂ් සහ මම දෙන්නම එකතු වෙලායි නරකයාගේ සිතුවිලි බ්ලොග් එක කරගෙන යන්නේ....

Post a Comment

Followers