මම මුල් කාලේ වැඩකලේ ටිකක් දුර.. ඒ දවස් වල ගෙදර එන්න ටිකක් බස් හිගයි....
රූ වෙනකොට.. ලේසිම වැඩේ එතනින් යන අඳුණන වාහනයක එල්ලිලා යන එක තමයි... නිතර දැකලා පුරුදු හාල් ලොරි තමයි හොඳම ටාගට් එක.... අපේ ආයතනයේ සික්කාත් අපේ ගෙවල් පැත්තෙ... පොරත් සෙට් වෙනවා මාත් එක්ක චාටර් කන්න...
එතන හන්දියෙ රාජකාරි කරපු ට‍්‍රැෆික් සාජනුත් එකතුවෙන නිසා වැඩි අවුලක් නෑ.. ඌ අත දාපුගමන් ඔනෙ එකක් නවත්තනවා...
එකදවසක් ඔයවගේ සුපුරුදු බස් හෝල්ට් එකට යන අතරෙ ට‍්‍රැෆික් සාජන් ඉන්නවා රාජකාරියෙ.... මම ලංවෙලා ඇහුවා..
"දැන්ම යන්නෙ නැද්ද...? දැං ඕෆ් වෙන වෙලාව නෙ...."
"පොඩ්ඩක් හිටපන් තව එක වැලි ලොරියක් හරි කොට ලොරියක් හරි එනකං ගාන ෂේප් උණු ගමන් යං..."
"මම එහෙනං අතන ඉන්නවා බස් එකක් ආවොත් මං යනවා.."
කියාගෙන මං ආවා...
මම දැන් පිට පිටම මේ වගේ ජහුටන්ස් ලීවා..
ලෝකයයි මායි පොලිසියට දක්කපු කතාව...
ලයිසොම හදන්න ගිහින් ජරාව දීපු හැටි..
අයියාමල්ලිත් එක්ක ත‍්‍රීවිලර් එකේ සින් එක....
ඔක්කොම අල්ලස් සීන්.... ඇයි මං මේවම ලියන්නෙ... හොඳ මිනිස්සු කොච්චර ඉන්නවද ලංකාවෙ.. මං මතක්කලා...
මට මතක්උණා මට හම්බුනු නීතිය අකුරට ඉටුකරපු පොලිස් නිලධාරියෙක්... මම ඉස්කෝලෙ යනකොට...! 12 වසරෙ මයෙ හිතේ. අපේ කිරිඅම්මා ඇදුම රෝගියෙක්... එයාව ක්ලිනික් එකට එක්කගෙන ගියෙ මම.. අපේ අම්මගේ චැලියෙන්... එයා බයික් එකට නැගලා තදින් අල්ලගන්නවා ... මම ඉතිං ගාට ගාට.. ගුරු පාරවල් දිගේ ග‍්‍රාමීය රොහලට එකන් ගිහින් ආයෙත් එක්කන් එනවා...
කොහොම උණත් බයික් එකේනං පොඩි පොඩි අඩුපාඩු තිබුණා.. ඉස්සරහා නොම්මර තහඩුව නෑ...මේ විදියට ඉස්පිරිතාලෙට ගියපු එක දවසක මෙයාට විශේෂ උපකරණයක් නිරදේශකරලා... ෆාමසිකින් ගන්න කියලා තුන්ඩුවක් දුන්නා දොස්තර මහත්තයා...
"අපි ඒක හෙට ගෙන්නගමු අයියට කියලා දැං ගෙදරයමු කිරිඅම්මා..."
මම එහෙම කිවුවෙ මට ලයිසන් නැතිව ටවුන් එකට යන එක එච්චර හොඳ අදහසක් නොවෙන හින්දා...
"අපි අදම ගමුද...? ආයෙ තව කෙනෙකුට කරදර කරන්නෙ මොකටද... "
"බයික් එකේ තෙල් නෑ කිරිඅම්මා එච්චර දුර යන්න..."
ඇත්තටම මම එහෙම කිවුවෙ... ගමන වලක්කව ගන්න... කිරිඅම්මට ඇත්ත හේතුව පැහැදිලි කරනවට වඩා මෙ වගේ දෙයක් තේරුම්ගන්න ලේසි නිසා... මොකද එයා වැඩිපුර සල්ලි ගේනනත් නැතිව ඇතිනෙ...
"අපි තෙල් ගහමු...."
මට ඊට වඩා දෙයක් කරගන්න බැරි උනා... එයාව ටවුන් එකට එක්කගෙන යනවා ඇරෙන්න... මම හෙමින් එයාවත් අරගෙන ටවුම පැත්තට ගියා... හිතපු විදියටම ට‍්‍රැෆික් පොලිස් හිටියා.... එයා අපිව නවත්තගෙන අපේ වැරදි ලිස්ට් එක හොයනවා... මට ලයිසනුත් නෑ... ඉස්සරහා නොම්මර තහඩුවත් නෑ...... කිරිඅම්මා කරුණු පහදන්න ගත්තා ..
"අනේ පුතේ මේ කොල්ලා තාම ඉස්කොලෙ යනවා.. මගේ ලෙඩේ ඉවසගන්න බැරුව මේ බෙහෙත්ගන්න ආවෙ.." මෙයා අඩනවා...
"කිරි අම්මා යන්නකො.. වැඩේ කරගෙන බැංකුව ගාවට එන්න.., මම මේක බලාගන්නම්... "
එහෙම කිවුවෙ පොලිස් නිළධාරියත් මාත් දෙන්නම අපහසුතාවයට පත් වෙන එක වලක්වන්න... එතකොටම අර රාළහාමි කෑගහන්න ගත්තා...
"අම්මා හිතුවද මේක විහිලුවක් කියලා... මොනවද මේ සල්ලි දික්කරගෙන කරන්නෙ...??"
මම බලනකොට කිරිඅම්මගෙ රතුපාට ඇස් වල කඳුලු පිරිලා... වෙවුලන අතකින් රුපියල් සීයක් දික්කරගෙන ඉන්නවා මාත් රාළහාමිත් ඉන්න පැත්තට...රළහාමි හිතුවෙ එයාට අල්ලස් දෙන්න යනවා කියලා.... තත්පර තුන හතරක නිහැඩියාවකට පස්සෙ,
"පුතේ.... මේකෙන් තෙල් ගහන්න පුලුවන්ද...??"
කියලා ඇහුවා...
කොහොම උණත් ඒ සිද්ධිය තමයි මාව ඉස්සෙල්ලාම උසාවියකට එක්කගෙන ගියෙ....
මේකට පස්සෙ තමයි උසාවියේ දවසක්....1 එන්න ඔනේ... ඊට පස්සසෙ උසාවියේ දවසක්....2
Computer Networking ගැන
3 days ago
දීලත් නෑ, දෙන්නෙත් නෑ!
මොනවා කරන්නද... ඉල්ලුවනේ...... අල්ලස්නං දීලා නෑ කවදාවත්...
මම නම් දෙනවා. නැත්නම් රස්තියාදුව..
මමත් නෑ
hmm hmmm