12.07.2011

උසාවියේ දවසක්....2



උසාවියේ දවසක්....1 කියවලාම එනවනං...

මට ලෝයර් මහත්තයා කියලා තිබ්බා පාසල් නිළ ඇඳුමෙන් එන්න කියලා... 
මගෙ නම කතා කලාම.. බොරු පොරත්වයක් දාගෙන බයවුණු බව නොපෙනෙන්ඩ ගියා.... විත්ති කූඩුවට නගින්න.. තෝල්කයා මොනවද කියනවා ඇහුණා... මට තේරුණෙ නෑ.. මට අදාලත් නෑ කෙලින්ම ගියේ කූඩුවට... එතකොටම පොලිස් මහත්තයෙක් මගෙ අතින් ඇදලා මාව නැවත්තුවා... 


"උඩට නගින්න එපා ඔතන ඉන්න..." 


අපරාදෙ...!!! ඔන්න ඒ අත්දැකීම මිස්.. ඊළගට තෝල්කයා කියවන්න ගත්තා....


"ලියාපදිංචි අංකය ප‍්‍රදර්ශණය නොකර යතුපැදි ධාවනය.. රියදුරු බලපත‍්‍ර නැතිව රිය ධාවනය යන චෝදනා වලට විත්තිය වරද කරුද නිවැරදි කරුද...." 


මොකක්ද දැං කියන්නෙ...? හා මතක් උණා... 
"හ්ම්ප්..." 
පොඩි හුලංපාරක් විතරයි ගියේ.. සද්දෙ ආවෙ නෑ මං ලොයර් දිහා බැළුවා... පොරත් කියවන්ඩ ගත්තා... 


"වරද පිළිගන්නවා ස්වාමීනි... මිත්තනියගෙ අසනීපයට බෙහෙත්ගන්න අවශ්‍ය නිසා වරද නොතකා ආවෙ ස්වාමීනි.. මේ වෙනකොට යතුරුපැදිය අංක තතහඩු සවිකර තියෙනවා... මින්මතුවට මෙවන් වැරදි නොකරන බවට දිවුරා සිටිනවා ස්වාමීනි... "


මේ මොන බොරුවක්ද..? 
"මං බයික්එක හැදුවෙ නෑ ස්වාමීනි මේකා බොරු කියනවා.. "
සද්දෙ පිටඋණේ නෑ.. කෙඳිරිය විතරයි.. 
ඔන්න දැං නඩු හාමුදුරුවො කියවන්න ගත්තා.. 


"පාසල් ශිෂ්‍යයෙකු නිසා හා පළමු වතාව නිසා උසාවිය සමාව දෙනවා... බාල වයස් කරුවන් උසාවියට ගෙනඑන්න  කළින්..................................................." 


මොන මොනවදො.... කියුවා.. දැං තමයි කටට කෙළ ටිකක් ඉණුවෙ... 


උසාවි එන්ඩ සිද්ධඋනේ ඇයි කියලා ඊළගට දාන්නම්... පෝස්ට් ටික ඔක්කොම පැටළුනා නෙව...


අර ගෑණුළමයගෙ විස්තරෙ බලද්දි මටවෙච්ච දේත් මොන රට කජ්ජක්ද... හිටපල්ලකො... ඒකත් ලියනකං..

5 අදහස්..:

  • Anonymous says:
    December 7, 2011 at 11:07 PM

    උසාවිය කියන්නේ කොමඩි වලක්. ඒකේ සිද්ධවෙන හැමදෙයක්ම
    joke වලින් අනූනයි. වැඩිපුරම කියවෙන්නෙ "කල් තබමි" කියන් වචන දෙකයි. බංගලාවෙ වැඩකරන බණ්ඩ කොලුවවත් නැත්නම්
    නඩුකාර උන්නාන්සෙට "ඩැඩී" කියන්නවත් කෙනෙක් නෑ. ඇයි හැමදාම කල් තියනවනෙ.

  • ඔබ නොදු‍ටු ලොවක්..... says:
    December 8, 2011 at 12:15 AM

    හප්පේ අදත් හරියට කියලා නෑනේ වෙච්ච දේ.....ඊලග පෝස්ට් එක ඒනකං ඉන්න වෙනව...

  • නරකයා....!! says:
    December 8, 2011 at 7:58 AM

    @Anonymous:
    සීරාවටම ඒ කතාව ලියන්න බැරි උණානෙ....

    @ඔබ නොදු‍ටු ලොවක්..... :
    ඇයි දෙයියනේ මේ ලියලා තියෙන්නෙ.....
    "ලියාපදිංචි අංකය ප‍්‍රදර්ශණය නොකර යතුපැදි ධාවනය.. රියදුරු බලපත‍්‍ර නැතිව රිය ධාවනය යන චෝදනා වලට විත්තිය වරද කරුද නිවැරදි කරුද...."

  • සිත්රූ සිහින says:
    December 8, 2011 at 11:33 AM

    නරකයෙක්ම තම්යි..උසාවිත් ගිහින්..:D

  • නරකයා....!! says:
    December 8, 2011 at 6:01 PM

    @සිත්රූ සිහින:
    මොනවා කරන්නද.. සමහර වෙලාවට අසරණ වෙනවා... ඊළග එක බලන්නකෝ... ඇසි උසාවි ගියේ කියලා....

Post a Comment

Followers