12.10.2018

මේක තනිකරම seedr.cc ගැන

ඇත්තටම ටොරන්ට් එකක් බා ගන්න අපිට පට්ට කට්ටක් කන්න තියන වෙලාවක seedr.cc එකෙන් අපිට පට්ට චාන්ස් එකක් දීලා තියනවා. අපිට ක්ලව්ඩ් ටොරන්ට් එකක් විදියට අරන් ඩිරෙක්ට් ඩවුන් ලෝඩ් පාරක් දාලා ක්ෂනිකව බලන්න පුලුවන්. ඕනෙ නම් ඩවුන්ලෝඩ් කරන්න කලින් පොඩ්ඩක් බලන්නත් පුලුවන්.


හොඳම සීන් එක මේක පාවිච්චිය ඉතාම ලේසියි. සැලකිය යුතු ගානක ඉඩ පොඩ්ඩක් එහෙමත් හම්බ වෙනවා. මන් මේක ලියලලා දාපුවම හරිනම් තව 1GB එකක් මට හම්බ වෙන්න ඕනේ..

කොහොම හරි මේක අනිත්වට වඩා හොඳයි කියන එක මට කියන්න පුලුවන්. පාවිච්චි කරලම වෙනස වටහා ගන්න.
Link
seedr.cc

Read more »

12.22.2017

බිරිඳලාට.......




















හිනා වෙන්නේ නැති උනාට හීනෙන් මට හරිම හිනා 
හිතට උඩින් කන තියාන සද්දේ අහනකොටත් හිනා 
රෑට රෑට ඇහරව්වට තරහා නොයා යන්නේ හිනා 
මතක් වෙන්නේ ඒ හිනාව තව නුඹ මට ගේන හිනා

කන්නේ බොන්නේ නැති උනාම මට කන්නත් බැරි වෙන්නයි නින්ද නැතිව රිදෙන රිදුම් මටත් දැනේ නම් කැමතියි අර රිපෝට් මේ රිපෝට් දහසක් වැඩ නුඹට තමයි මට නොදැනෙන නුඹට දැනෙන වේදනාව මට ඈතයි
හඳ ඉල්ලලා කන්න ඕනේ කිව්වොත් නම් මල කෙලියයි ඒත් කෙල්ලේ ඕනෙම නම් හඳට යනවා මම එහෙමයි ඔයා විඳින වේදනාව නොදැනෙන එක නම් ඇත්තයි ඒත් මැණික ඔයාට මගේ තියන ආදරේ නම් සත්තයි

Read more »

12.06.2016

උගේ අයියා.....

ඔය අපේ යාලුවෙක් ඉන්නවා උට වඩා අන්ත්යි උගේ අයියා දැන්නම් දෙවියන්ගේ පිහිටෙන් උගෙම වියදමෙන් කසාදයක් එහෙම කරගෙන ලමයෙක් කාරිය හදාගෙන රෝද හතරක් පැදගෙන ඉන්නවා බැඳපු කෙල්ලට පින් සිද්ද වෙන්න ඔනේ ඌව ඔය තත්වෙට ගෙනාවට.

අයියන්ඩි වැඩිපුර ගෙට ගොඩ වෙන්නේ මල්ලිගේ ජැනේලෙන් මොකද උන්ගේ අම්මත් ආය මොකද ගහන්නේ පුටු මේස හැඳි ගෑරුප්පු වලින්. එක බඩ වැල කඩාගෙන ආපු අයියන්ඩි හින්දා මුගේ ජනේලෙ ඔනේ වෙලාවක හොරෙක්ට උනත් ඇරලා තියෙන්නේ. 
අම්මා නිදියනකොට ලොකු පුතා නෑ නැගිටිනකොට ලොකු පුතා ඉන්නව. අම්මත් ඉතින් ටික දවසක් බලලා බැරිම තැන අම්මම ඇවිල්ලා මුගේ ජැනේලේ වහලා ලොක් කර්ලා යනවලු. අයියන්ඩි ඉතින් මහ රෑ ඇවිල්ලා හොරෙන්. මල්ලි.... එහ්... මල්ලි... නැගිටපන් *#@** ... එහ් ජනේලේ ඇරපන් කියලා මරහඬ දීලා කොහොම හරි අයියන්ඩිගේ දොර ඇරගෙන ගෙට රින්ගනවලු. අයියන්ඩි කොහොමත් රෑට එන්නේ හතර ගාතේන් හින්ඳා ඉස්සරහා දොරෙන් ජීවිතෙට එන්න බෑ අම්මගෙන් පොලු පාර කන් නැතිව.දවසක් අපේ එකාගේ කාමරේ අම්මා නිදාගෙන මල්ලිට ජනේලේ ඇරපන් කියලා කැ ගහනකොටම වතුර පාරක් කෙලලා ඇරලා වෙරි හිඳෙන්නම.

කොහොම හරි අම්මා අයියන්ඩිව හදන්න බැරිම තැන ජනෙලට ග්‍රිල් එකක් එහෙම හයි කරලා මූට ලාස්ට් වර්නින්ග් මැසෙජ් එකත් දුන්නලු තෝ ආයම මට හොරෙන් අයියන්ඩිට දොර ඇරලා තිබ්බොත් තොගේ අත පය හතර කඩලා ලිඳට දානවා කියලා ආය අම්මා කිව්වොත් බඩුම තමා හින්ඳා මූත් හිතා ගත්තලු ආය තාත්තා ආවත් දොර නම් අරින් නෑ කියලා. අම්මටත් ඕන වෙලා තියෙන්නේ වැඩට යන්න කලින් කොහොම හරි ලොකු පුතාට පොලු පාරවල් ටිකක් දෙන්න.

පස්සේ දවසක පාන්දර ජාමේ අයියන්ඩි හතර ගාතෙන් ගෙදර ඇවිත් දොරට තඩි බානවලු. කොහොමත් අයියන්ඩිගේ දොර පර්මනන්ට් වෙනස් කරපු ගමන් අයියන්ඩිත් පුරුදු වෙලා ඉඳලා තියෙන්නේ නමයට කලින් ගෙදර එන්න අයියන්ඩිගේ කරුමෙට එදා කලින්ම පහුවදා පාන්දර වෙලා.

අපේ එකාට සද්දේ ඇහෙනවලු... අම්මේ.... අම්මේ ලොකු පුතා ආවා...ලොකු පුතා ආවා කියලා අයියන්ඩි කෑ ගහනවා.. මූත් ඉතින් සහොදර ප්‍රේමෙට ලිඳට දැම්මත් කමක් නෑ කියලා දොර ළඟට යනකොට අම්මා පොල්ලකුත් අරන් දොර අරින්න හදනවලු. මුන්ගේ දොර පලු දෙකට තියෙන්නේ අම්මා දොර අරිනකොට අයියන්ඩි අම්මගේ කකුල් දෙක ගාවට මල් පොච්චියකුත් එක්කම වැටුනලු. අයියන්ඩි දොරට හෙත්තු වෙලා දොර අරිනකන් නිදාගෙන ඉඳලා . කොහොම හරි අයියන්ඩි අමාරුවෙන් නැගිටලා අම්මගෙන් ගුටි එහෙම කාලා නාලා අම්මා උයපුවා කන්න කෑම මෙසෙන් වාඩි වෙලා බලපුවම එදා තිබ්බෙ රොටීලු.

අයියන්ඩි කූඩේ යටින් ලස්සනට රොටියක් අරගෙන අයියන්ඩිගේ පිඟාන පැත්තකින් තියාගෙන රොටිය එක අතක තියාගෙන අනිත් අතින් ලස්සනට පොඩි රොටී කෑල්ලක් කඩගෙන පිඟානේ ගාගෙන රොටිය කනවලු. අපේ එකත් දැන් පාඩම් කරන එක නවත්තලා අයියන්ඩිගේ සීන් එක බලාගෙන ඉන්නවලු. අයියන්ඩි රොටිය කාලා වැනි වැනිම වතුර බොන්න සෙට් වෙනකොට මූට ඉන්නම බැරි තැන ඇහුවලු. ඈ බන් අයියන්ඩි මොන්වත් එක්කද රොටී කෑවේ.

ලුනු මිරිස් එක්ක......?

මූ කනකොට පරිප්පු විතරක් තිබ්බා කියන්න හොඳටම විස්වාස හින්දා ගිහින් බැලුවලු අයියන්ඩිගේ පිඟාන. අයියන්ඩිටයි මූටයිතිබීලා තියෙන්නේ අර ඇලුමිනියම් පිඟන් තියෙන්නේ සුදු පාට එක එක චිත්‍ර ඇඳපු  අන්න ඒ පිඟන්, අයියන්ඩිගේ පිඟානේ තියන්වලු මැද තඩි රතු පාට වද මලක්.. 
අයියන්ඩි රොටිය කාලා තියෙන්නේ වද මලේ ගාගෙන
අයියන්ඩිගේ සෙන්සර් ටික ෆේල් වෙනකන්ම කට මට්ටන් වෙන්න ගහලා වද මල ලුනු මිරිස් වෙනකන්ම. අයියන්ඩි බීපු ජාතිය අදටවත් කියන් නෑ අපි හොයාගෙන බොයි කියලා........

Read more »

10.22.2016

නියමෙට ඔතන්න පුලුවන්

අපේ කසුනගේ යාලුවෙක් සෙට් උනා කාලෙකට කලින් කොටින්ම එළ කොල්ලෙක්. කොහේ හරි ගිහින් අපිට සෙට් වෙන්නෙත් කෙන්දරේ උපරිමේට අප්සෙට් ඩෑල් එකක්නේ මූගේ එක අපිටත් වඩා අවුල් කොටින්ම කියනවනම් ලොකේ වෙන්න පුලුවන් බලු වැඩ ඔක්කොම වෙච්ච එකෙක් . ලංකාවේ තියන ලොකුම පිරිසක් වැඩ කරන සමාගමක හිටපු ටිකක් විතර ලොකු විදායක නිලදාරියෙක්. මුගේ කේන්දරේ තියන බලගතුකමට මූ එකත් දාලා ඇවිත් ෆුල් මාවලස් ජීවිතයක් ගතකරන කාලකන්නියෙක්. එක තමයි මූ ගැන තියන හැදින්වීම.

දැන් ඔය ලොකේ තියනවනේ එක එක මැනුම් ක්‍රම දුරක් මනින්න මිලිමීටර් කිලොමීටර්  මයික්‍රොමීටර් එහේම හැබයි මුගේ එක වෙනස් ගමනක් යනවනම්  මූ ඒක මනින්නේ ජොයින්ට් දෙකක දුර තුනක දුර ළඟට යනවනම් ගොල්ඩ් ලීෆ් එකක දුර. ටික දවසක් යනකොට අපි තෙරුම් ගත්තා ජොයින්ට් දෙකක් ගැහුව කියපුවම මූ සැහෙන දුර ගිහින් කියලා..

එතකොට තව තියනවනේ ලන්කාවේ එක එක ප්‍රදේශ. ස්වභාව සෞන්දර්ය උපරිම තැන්. විහුලුවට වගේ අපි මී මුරේ කියමුකො. මූට ලස්සන ගස් වැල් සතා සිවුපාවා වැඩක් නෑ ඒ පැත්තේ ගන්ජා නැත්නම් මූට ඒක පුත්තලන් කලපුවේ තියන ලස්සන වත් නෑ. මූ හිටපු ගමන් කියනවා අපි පට්ට ට්‍රිපක් ගියා මචන් මාර ලස්සන පැත්ත මචන් ආය දවසක් යමන් උඹලත් එක්ක යන්න ඔනේ එහේ මාර කොලිටි බන් ඉස්ම යන්න ලස්සන්යි, ඔය කිව්වේ ඌ කියන සින්හල භාසවෙන්ම තමයි. මූ අන්තිමට කියනවා මචන් ගන්ජා ටිකක් ගැහුවා උදේ ඉදන් උඩ හිටියේ කුඩු සාඩින් කියලා එතකොට ඉතින් අපි තෙරුම් ගන්න ඔනේ මූගේ ට්‍රිපේ තරම සමහර විට පයින් යන දුර වෙන්න ඇති මොනවා උනත් ගන්ජා මුදලාලි කෙනෙක් අහලා පහල ඉඳලා තියනවා සමහර විට කොළඹම තියන ගහක් යට වෙන්නත් පුලුවන් මූ ලස්සන කැත වර්ගීකරනය කරන්නෙත් ඔකෙන්ම තමයි එතකොට.

මට බ්ලොග් එකක් ලියන්න හිතුනේ මුගේ මේ සීන් එක අහනකොට

මූ දවසක් යනවා මාත් එක්ක මූ පිටිපස්සෙ හිටියේ මම දැන් ස්ටිරියන් වීල් එක කරකනවා මූ ටිකකින් කසුනට කිව්වා ඒ මචන් මට පාරිසරික සුන්දර්ත්වය බලන්න ඔනේ මම ඉස්සරහට එන්නද?  මූ දැන් ආවා මූ දැන් එක එක දෙවල් කිය කිය යනවා කතා කියන්න කතා හදන්න කතා ලියන්න මුට අමුතුවෙන්   ආය ඉගන ගන්න දෙයක් නෑ ඉරිදා පත්තරේ වගේ තමයි බොරුවක් උනත් මූ කිව්වොත් ගැටේට අහුවෙච්ච එකාට බඩුම තමයි. කතාවේ තිර පිටපත අද්‍යක්ෂනය නිශ්පාදානය විතරක් නෙමේ බෙදා හැරීමත් මූ ගානේ නොමිලෙම කරලා දෙනව.
කොහොම හරි මුගේ කලින් හිටපු යාලුවෙක් මැරිලා සහොදරයෝ වගේ තමයි ඉඳලා තියෙන්නේ, උගේ ගැන කියනවා මූ, අපි දෙන්නා උදේම නැගිටලා ජොයින්ට් ගහනවා. ඉස්සර අපි දෙන්නා දවල්ට කාලා ජොයින්ට් එකක් ගහනවා අපි දෙන්නා රෑ නිදා ගන්නේ ජොයින්ට් එකක් ගහලා අපි දෙන්නා රෑ මැද නැගිටලා ජොයින්ට් එකක් ගහනවා. අපි දෙන්නා හීනේන් ජොයින්ට් ගහනවා මුගේ එස් අයි එකකේ වෙනස් හින්දා අපිටත් අවුලක් නෑ අහගෙන යනවා කොටින්ම මුට රස්නේ සීතල විතරක් නෙමේ ඔනෙම පැරා මීටර් එකක් මුගේ යුනිට්ස් වලින් මනින්න පුලුවන්.

ඌ ගැන කියලා ඉවර වෙලා මූ හුස්මක් කටක් අරන් එහෙම මචන් මට තව යලුවෙක් හිටියා කියනකොටම මන් ඇහුවා
ඌත් මලාද? ඔව් බන් ..

(අපිටත් පොඩ්ඩ්ක් බය හිතුනා ඇයි ඉතින් මුගේ යාලුවෝ ඔක්කොම මැරෙනවනේ)

ඌත් ජොයින්ට් ගහනවද ? නෑ බන්(මට මාරම සතුටුයි මූට එකෙක් හරි කලින් ඉඳලා තියනවනේ මායි කසුනයි වගේ එවුන්)

මූ ටිකක් වෙලා ඉඳලා කියන්වා ඒ උනාට ඌ මට ඔතලා දෙනවා බන් ඌට නියමෙට ඔතන්න පුලුවන්.


මගේ මීටරේ රතු කට්ට පැන්නා බ්‍රේක් එක පෑගුනා එන්ජිම ඔෆ් උනා ඇස් දෙකෙන් බඹර චක්කර පැන්නා

ඈ බොල වල් බල්ලෝ තොට ගන්ජා වලින් මනින්න බැරි මොනවද තියෙන්නේ මම ඇහුවා නෙමේ මට ඇහුනා.....

Read more »

8.13.2016

හීට් එක



අපේ එම්පියා ඔෆිසියට යන්න නැගිටින්නේ 10ට අහපුවම කියන්නේ ඌ වැඩ කරන්නෙ US කැලැන්ඩරේට කියලා.. අපි දන්නේ ඌ නැගිටින්නේ 10ට කියලා විතරයි. උගේ කැලැන්ඩරේ US උනාට ඌ තනිකරම ජැමෙයිකන් බුවා.රෑ 8න් පස්සේ මූව අල්ලන්න ඔනේ නම් අපි යන්න ඔනේ චොකලට් අරන් පැනි බුන්ඳි අරවා මෙවා සලාක මල්ල අරගෙන නැත්තන් මූ ටිකට් එක දෙන්නේ නෑ අපිට.
ඌ දවසක් දහයට විතර වැඩට ගිහින් 9ට විතර මුගේ වෑර්ලස් එක ඔන් කරගෙන ජිල් බෝල දෙක කනේ ඔබා ගත්ත ගම්න් මුට ඇහෙනවාලු හෙනම සමීප චායා රූපයක්.
පොල්ලෙලිගම ඇනිමල් ප්ලැනට් වෙළඳ සැලේ අහවලා වෙනුවෙන් මට ගීතයක් දෙන්න මම දිල්වලේ දුල්හානියා.
මුත් ආය ගිනි පත්තු කරන්න දෙයියා. මූට ඔනේ නම් ආන්ඩුව පෙරලන්න පුලුවන් මිනිස්සුන්ට පද හදලා. අරුගෙ කරුමේ කියන්නේ මුටමයි මේක ඇහිලා තියෙන්නේ මූට දැන් ඩයල් එක මීටර් උනාට. දිල්වලේ දුල්හානියා ගැන එන්නෙම නැල්ලු මීටරේට. මොකද මුගෙ රැම් එකේ විතරක් අඩුම අවුරුදු 10ය 10ය දෙපැත්තටම ගත්තම දැනට ජීවත් වෙන ගෑනු පරාන වල අප්ඩෙට් තියනවා. මු සනිකව ගත්තලු පලවෙනියට ඇමතුමක්. අඩෝ කව්ද බන් දිල්වාලේ දුල්හානියා.. පලවෙනියාගේ සමාන්යෙන් අප්ඩේට් වෙන්නෙ අවුරුදු 40න් උඩ වගේ තමයි.. මෙන්න මෙහෙමයි උගේ උත්තරේ
අම්මො බන් මාලනී ෆොන්සෙකාට වඩා චුට්ටක් වැඩිමල් . කලා වැවේ රැලි ටික වගේ බන් මූන. ඔනෙම නම් බඩේ ත්‍රී වීල් එකක් පාර්ක් කරන්න පුලුවන් කෙලින් අතට .. දත් ටික නිකන් වික්ටොරියා ඩෑම් එක වගේ වතුර ඇරියම. ඇයි මොකටද.
එම්පියාට දැන් වැඩක් කරගන්නත් බැරිලු හරියට අත් දෙක වෙව්ලන්වලු කන් දෙකෙන් දුම දානවා වගේ වෙනවලු සන්තොසෙට මූ නිවාඩු දාලා ඇවිත් තියෙන්නේ කතාව සන්ස්කරනය කරලා.පත්තරේ දාන්න.
කොහොම හරි අරූ ඇන්ටා පාරක් ගහන්න ගිහින් අන්තිමට කතාව හිරු එෆ් එම් එකෙන් මුලු ලන්කාවට කිව්වා එම්පියා මට කිව්වා මන් මුලු ලොකෙටම කිව්වා..
හොඳම සීන් එක කියන්නේ පලවෙනියා කියපු කතාව. අඩෝ මචන් මූ ඒකට ගහන්න තරම් මූට කොහොම හීට් එකක් තියෙන්න ඕනෙද.. එතකොට මට හිතුනා එකිට හිරු එකේ දාන්න තරම් කොහොම ආතල් එකක් මූ දෙන්න ඇත්ද.

Read more »

10.26.2015

ගැන්ස්ටර් කොල්ලෙක්

මං කාලයක් ඔය අවිස්සාවේල්ල පැත්තේ තියන කර්මාන්ත ශාලාවක වැඩ කලා. එහෙ හිටියා මරු කොටලුවෙක්, උගේ වාග් මාලව අන්තිම සවුත්තුයි. කෙටියෙන් කියනවනම්, අපි ට්‍රිපක් ගියා උගේ බාසාවෙන් බස් එකේ නම ටොයොටා කොස්තාර්. වයිෆ්ට කියන්නේ වයිෆයා, වූ කන්නේ නූල්ඩස්, තව දහසක් වචන ඒත් මන් කියන්න යන්නේ වෙනම සීන් එකක්. 


මන් එහෙ නැවතිලා ඉන්න කාලේ අන්කලයා හදන කෑම හැමදාම කන්න බැරි  හින්දා. පොඩ්ඩක් කටට රහට කන්න ටවුමේ සම්පත් අයියගේ කඩේට සතියකට සැරයක් වත් යනවා. මොකද හොටු පෙරගෙන කෙල පෙරගෙන හදන බිත්තර රොටියේ පරාටේ ආතල් එක දෙන්න අන්කලයාට බැරි හින්දා. ඔය මන් කියන සීන් එක හොඳට දන්නවා ප්ලේන්ටියත් එක්ක සිගරට් එක   ගහන නොබැඳපු එවුන්. මහ රෑ සිගරට් හොයාගෙන යන එවුන්. 

මම නම් ඔය පැත්තේ ඉන්න පහ වසරේ එකාටත් අයියේ මට සමාවෙන්න කියලා තමයි යන්නේ මොකද වුන් රෑට ඉන්නෙ ස්කිනිය ඇඳලා කොන්ඩේ බෙකම් ගහලා පිහිය සාක්කුවේ දාගෙන අපි මොකටද ටින්කිරි ගාගන්නේ කියලා කාලා බීලා පාඩුවේ එනවා. එක දවසක් කඩේ මන්ජුවා හොයගේන අවා ඩයල් එකක් ෆුල් මාවලස් ගැන්ස්ටර් කොල්ලෙක් කලිසම පුකට ඇඳලා ෂර්ට් එකත් පුකට ඇඳලා මම බිත්තර රොටියක ඔබන ගමන් හිටියේ බඩට

මෙන්න මෙහෙම තමා කතාව ගියේ.

---ඔයි මන්ජුවා මම ෆුල් ටච් මෙව්වා එකක් ගත්තා බන්.

----ඇරූ වැඩ ඔක්කොම නවත්තලා අමමට __ කැ-- සෙබලා පෙන්නහන් බලන්න උඹේ ෆොන් බෑය.
ශේම් සුන්ග් නේද. 
---දැන් උඹ ෆේස් බුක් එකක් හදා ගත්තද පොඩි කෑල්ලක් වත් සීන් කර ගන්න. 
---ඒ බන් මන් උඹේන් ඕක අහන්නමයි බන් ආවේ මට හයි කරලා දියන්කො බන් ඕක.

---නොදකින් තෝ ඕක දන්නෙ නැද්ද..
---දන් නැති හින්දනේ අහන්නේ ප-- කියලා දීපන්කො හු--

---ඕකේ මහලොකු දෙයක් නෑ බන් ෆේස් බුක් කියන්නේ ඩේටා කපාගෙන උඩටයි පහලටයි යන එකට.

මගේ බිත්තර රොටිය නහයෙන් එනවත් එක්කම මට හිතුනා.... 
අම්මපා ඔව්නේ ෆේස් බුක් කියන්නේ ඩේටා කපාගෙන උඩටයි පහලටයි යන එකට තමා සල්ලිනම් කමක් නෑ ඩෙටා.................

Read more »

Followers