1.22.2012

පස්සෙන් යාම …..


පස්සෙන් යාම …..මේක හිනා වෙන්න නෙමේ
මේක මම කොටන්න  හිතුවේ  වෙන බ්ලොග් එකක් තිබිච්ච   හිනාවක් දැකලා.ඉස්සලම කෙල්ලෙක් මගේ ඉස්සරහින් යන්න පටන් ගත්තේ නමය වසරේදී විතර… හිරි වැටෙන්නෙත් නැති කාලේ.. කොහොම හරි ඒ කෙල්ලට චොකලට් කවලා කැන්ටිමෙන් කිඹුලා බනිස් අරන් දීලා ලොකු මහත් කොරලා ගන්නකොට අපේ අප්පච්චි මාව දැම්මා වෙන ඉස්කෝලෙකට අම්මපා මට නේද …
අප්පච්චිට කියන්න බෑනේ මම කෑල්ලක් සෙන්ටිමෙන්ටල් කොරනවා කියලා හිත හදාගෙන ඔක්කොම වෙන්නේ මටමයි කියලා මම ගියා ඉස්කෝලේ …
අපරාදේ අර කෙල්ල……..
මොනවා උනත් අම්මගෙන් උස්සපු සල්ලි සහ මම අමාරුවෙන් නොකා නොබී එකතු කරගත්ත සල්ලි වලින් ලොකු මහත් කොර ගත්ත කෙල්ලනේ…. ඔන්න මට ඊයේ පෙරේදා මේ මුණුපොතේත් හම්බ වුනා.. ඔය කෙල්ලව.  කොහොමහරි අලුත්  ඉස්කෝලේ තියෙන්නේ පරණ ඉස්කෝලෙට පැය තුන හමාරක් විතර ලඟින් … මම හිත හදාගත්තා…
මම ගල් වලට පයින් ගහ ගහ ඉස්කෝලේ යනකොට … මට කොරන උදව්වක්  හැටියට අම්මා මාව දහම් පාසලකටත් දැම්මා … ඒ කාලේ දහම් පාසල් යනවා කියන්නේ ඇත්තට මට නම් නිකන් නයාට මාමයිට් වගේ… ඔහොම ඕකට මාස තුන හතරක් යනකොට පාලි අභිධර්මය බෞද්ධ ශිස්ටචාරය වගේ දේවල් මේ කනින් ඇහිලා නහයෙන් යනවා.. දන්නෙම නැතිව එකෙත් අන්තිම පෝලිමට තමා සෙට් වෙලා තියෙන්නේ උන් ටිකත් ගෙදරින් පයින් ගහන නිසා දහම් පාසල් එන එවුන්.. එක දවසක් උදේ රැස්වීම කට් කොරලා උදේ පාන්දර ලොකු හාමුදුරුවන්ගෙන් ගුටිත් කැවද කොහෙද රැස්වීම ඉස්සරහා ඕවා ටක් ගාල අමතක වෙනවනේ…
ඔහොම යනකොට තව කෙල්ලෙක් මගේ කනට පේන්න ගත්තා ඔහොම දහය හමාර වසරට විතර එනකොට ඒ කෙල්ලව සෙන්ටිමෙන්ටල් කොරගෙන සතුටෙන් සතියක් දෙකක් ලව් කොරා. ටිකක් විස්තර එහෙම හොයල බලපුවාම කෙල්ලගේ තාත්තට පන්සල ඉස්සරහම ටයර කඩයක් තියනවා මගේ කේන්දරේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ඔහෙලට..
ඒකිගේ අම්මා අපේ අප්පොච්චව හොඳට දන්නවා මම පස්සේ දන්නේ ඒ විස්තරේ… කොහොමහරි දැන් කෙල්ලත් එක්ක ඔන්ච්චිලි පදින්න ඔන්න මෙන්න තියනකොට මෙකි ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගියා. ගිහින් එනකොට සර් කෙනෙක්ගේ පුතෙක් එක්ක මෙකි ෆොටෝ ගහලා මට දැන් නොට් රෙස්පෝන්ඩ් …
ඔන්න කෙල්ලොන්ගේ හැටි මට නේද මාරයා නැග්ගේ මොනව කොරන්නද මම අබ කාපු රිලවා වගේ ඊළඟ ඉරිදා ගියා මෙකි ට හතරක් කතා කොරන්න… මමත් ඉතින් හ යන්නෙන් පටන් අරන් ර යන්නෙන්  ඉවර කොරා මෙකි අඬනවා එල දෙන වගේ මගේ කරුමෙට ඒකිගේ මල්ලිත් කොහෙන්දෝ ඇවිත් අහන ඉදල ගිහින් තාත්තට කියලා දහම් පාසලේ ලෝකයා කියලා කොල්ලෙක් අක්කිට බැන්නා කියලා…
ඔන්න මම දැන් ඕව ඉවර කොරලා හොඳ වර්ගයේ ගෝල්ඩ් ලීෆ් එකක් හෙම  ගහලා ගෙදර ගිහින් ප්‍රොජෙක්ට් අයි.ජී.අයි එකට වෙඩි තියලා  එහෙම එලියට බැහැලා ඇත පය දිග ඇරලා ගේට්ටුව දිහා බලනකොට අනී කොළ පාට කාරෙකක් ගේ ඉස්සරහ නවත්තලා …..
මම දැනගත්ත දැන් බඩුම තමා දැන් මුන් ටික මගේ කලිසම ගලවන්න ඇවිත් තියෙන්නේ  කියලා,… මම සින් ගාල මගේ බයිසිකල් කෑල්ල අරන් මාරු වෙන්න හදනකොට අප්පච්චි
“පොඩි පුතා කොහෙද යන්නේ පොඩ්ඩක් ඉන්න මේ මිස්ට පොඩ්ඩක් පුතාව හම්බ වෙන්න ඕනලු ”
ආච්චිට හුරුල්ලෝ පුච්චන්න මම උරෙක් වගේ නොන්ඩි වුනා .මම ගියා ගෙට දැන් දැන් අපේ අප්පච්චි සීන් එක අහනවා ………
දුව දැන් අපේ පුතා මොනවා කියලද දුවට බැන්නෙ… මට   &^&^&%^^&((**)) කියලා බැන්නා ………..
මම ගියා කාමරේට ලොක් කරා දොර   දාගත්තා කම්පීතරේ ගැහුවා ප්‍රොජෙක්ට් අයි.ජී.අයි  ඉවර වෙන කන්ම ඔන්න මගේ පලවෙනි සෙනසුරු අපලේ ඉවරයි ….
සතියක් විතර අම්මා අප්පච්චි ගාවින් යන්න බෑ සන්තෝසෙට…. අම්මයි අප්පච්චියි ඇතුලේ පව්ලේ සැමට මාව විහුළුවක් උනා ….. විලි ලැජ්ජාව ශික් මතක් වෙනකොටත් ලේ ටික ගල් වතුර වෙනවා ….මගෙන් හොඳටම ආතල් ගත්තා
ඔන්න දැන් තනියම සැපයි කියලා ඉන්නකොට අර පරණ ඉස්කෝලේ ඉන්න කෙල්ලව මතක් වුනා. එතකොට මම සාපෙ කොරලා උසස් පෙළ මැත්ස් කොරනවා මම ඉතින් පන්ති යන්නේ නැතිව යනවා අර කෙල්ලගේ ඉස්කොලේ ගාවට ඔය හරියේ තිබුන හෝටලේකට වෙලා ජිල් ගහනවා එකී එනකන් ආපුවම හොරෙන් එකී දිහා බලන් ඉඳලා ගෙදර යනවා. ඔය මම කට් කොරේ කෙමස්ට්‍රි පන්තියම තමා ….
කොහොම හරි කෙල්ල කයියකට අල්ලාගෙන අහලා දැම්මා වෙන දෙයක් වෙන්න කියලා … “මට අම්මට බොරු කරන්න බෑ ලෝකයෝ ”
මට මෙච්චර ලේසි එක මේකිට මෙච්චර අමාරු උනේ කොහොමද…… ?
කොහොම හරි සීන් එක මාරු උනා මේ විදියට මේ කෙල්ලගේ පන්තියේ හිටිය කෙල්ලෙක් එකීගේ අයියා කෙනෙක්ට මේකිව  සෙට් කොරන්න ඕන කමට මට පණිවිඩයක් එවලා තිබ්බා එයා යාලු වෙලා ඉන්නේ අහවලා එක්ක කරදර කොරන්න එපා එයාට ……ඔන්න පණිවිඩේ
මට තවුසන් ටෝක් එකක් දීලා මුන් කන්නේ ගල් බනිස් … මුන් අම්මලවත් විකුනනවනේ …. මට අලකොල මැල්ලුම් කවන්න හිතුනා මේකිට
මම ඉස්සර හරි කේන්ති කාරයා ඒ වෙලාවට කොරන්නේ හරක් කොරන වැඩම තමා … කොලයක් අරන් ලිව්වා මෙහෙම %*%$^^&&***@#@##@@@##$ සතියකින් විතර ආව ලියුමක් පිටු හතරයි ….
ඈ බෝල ලෝකයෝ තෝ මන් ගැන අවරුදු හතරක් විතර දන්නවා නේද, ඒ තියෙද්දී තෝ මේ පිට එවුන් කියන ඒවා අහනවද … තොට මාව විස්වාස නැත්නම් වෙන එකෙක් හොයා ගනින් …. මම හිතුවේ තමුසේ මාත් එක්ක ඇත්තටම  ෆොටෝ එකක් ගහන්න කැමතී කියලා ….
ආය මාව හම්බ වෙන්න එපා …..
පස්සේ මට මම දීපු සින්දු සීඩී,ලියුම් කැලි ඔක්කොම ගොඩ ගහල මට එවල තිබ්බා …. මම ලියපු ලියුම සැර වැඩිද කොහෙද …. උඹලා හිතයි දැන් මේ ලියුම් කේස් එක හින්දා  හෙන පරණ කතාවක් කියලා නෑ බෝල ඒකිට අතේ ගෙනියන එකක් තිබුනේ නෑ ….
කොහොම හරි මට පින් සිද්ද වෙන්න ඌ ඒකිත් එක්ක ෆොටෝ එකක් ගැහුවා  …. පස්සේ ඌත් බූට් එකක් කෑවා කියන්නේ…….
දැන් ඉතින් කතා බහ කොරොල බලපුවාම අපි දෙන්නම දැන් පරක්කු වැඩියිලු …
ඒකිට මල පැනලා තියෙන්නේ මම යවපු ලියුමේ ලියල තිබ්බ ළමා තැනී මම නුඹට ලියූ හොර ලියුම් අපරාදේ කියන සින්දුවටලු ….. ඔන්න …. මගේ පලවෙනි ලව කෙල උනා එකී කැම්පස් ගියා මම ආපහු කෙමස්ට්‍රි පන්තියට ගියා …
ඔන්න දෙවැනි සෙනසුරු මාරුව
ඊට පස්සේ ඔය අතිරේක රෝද එකක් දෙකක්  තිබුනට ඒවායේ ලියන්න තරම් දෙයක් නෑ..
ඔන්න ඊට පස්සේ කෙල්ලෙක් සෙට් වුනා එකීව සෙට් කොරගත්තේ යාලු කෙල්ලෙක්ගේ හතර පොලට වැඳලා පුදලා මේ ලඟක් වෙනකන්ම ඒකිට දොළ පිදේනි දෙන්න උනා මට. කොහොමහරි සෙට් කොරගෙන මෙකි විද්‍යා පීට ගියා මම ස්ලිට් ගියා … ඕකට ගියාට පස්සේ මම රැවුල වවලා කොන්ඩේ කැපුවා කොටින්ම මගේ උතුර දකුණ මාරු වුනා… බාටාවට බැස්සා කොහොම හරි මේකිත් එක්ක බස් එක්ක ඉන්නකොට මාමණ්ඩිට මාට්ටු වුනා. එදා සිට කෙල්ලව මට හම්බ වෙන්න බෑ ගෙදරින් කේස්. මම ඉතින් දේවාල වල පොල් ගැහුවා බාර් වල ගල් ගැහුවා.. රතු පාට පෙට්ටිය සක්කුවේම තියාගෙන හිටියා ඔහොම බීලා බීල ඉන්න වෙලාවක ආය පාරක්  මාමණ්ඩිට  මාට්ටු වුනා ..
පහුවද කෝල් එකක් අවා පුතා පොඩ්ඩක් ඇවිත් යන්න එන්නකෝ මේ පැත්තේ …
අම්මට හුඩු මට ආය නිකන් පිස්සු බල්ලෝ කොළඹ ගියා වගේ වටේම ලයිට් පත්තු වෙන්න පටන් ගත්තා … පහුවදා ගියා හම්බවෙන්න ….. මම හිතුවේ බන්දලා දෙන්න කියලා පුතේ ඔය කොම්පුටර් කොස් කරාය කියලා රස්සා  නෑ ඔන්න  තත්වේ  . අපේ අහවලාගේ එකත් ඕවා හත අටක් කොරෝලා ඉන්නේ ඉස්කෝලෙත් යන ගමන් … අනික ඔය බීල ඇවිදින එකටත් මම කැමති නෑ ….
කොටින්ම මෙන්න මේකයි …උඹ මට හරියන්නේ නැත …… වෙන කෙල්ලේක් හොයා ගනින් …….
ඉතින් මම වෙන කෙල්ලෙක් හොයාගෙන යනකොට තමා යාපනේ ට්‍රිප් එක සෙට් උනේ එක වෙනම ලිව්වනේ  ………
කෙල්ලෝ හරි හොඳය වෙලවකටය
කැවද බීවද කියා අහද්දී නම් මල පනිනාවය මොකද අවුරුදු විස්සක් විතර  වෙලාවට කලාවට අපි කෑවාය බීවාය.
රණ්ඩු වෙන්න හේතු ඕන නැත මවාගෙන රණ්ඩු වෙනවාය.
බීලා මාට්ටු වුන දවසට ආතල් කුඩුය.
බැටරි බැස වත් රෑට දුරකථනය වැඩ නැත්නම් අපි බොනවාය. පහුවදාට ඇත්තටම බොන්න වෙනවාය
හොරෙන් බොන්න ගිය දවසට අනිවා මාට්ටුය
තව එමටය
අන්තිම ලිපිය
ඇත්තටම ඔලුවේ අත තියල මොන තරම් බොරු කියලා ඇත්ද ….. ඕවා ඇත්ත වෙනවනම් කෙල්ලන්ට ඔලු හොයන්න වෙනවා

21 අදහස්..:

  • ලහිරු says:
    January 22, 2012 at 8:27 AM

    හිනාවෙන්න ද අඬන්න ද කියා සිතා ගැනිමට මට අමාරු ය! කොන්ටෙන්ට් එක නම් මරු ය. පට්ට ය!

  • වර්ණා says:
    January 22, 2012 at 10:15 AM

    "දහම් පාසලේ ලෝකයා කියලා කොල්ලෙක් අක්කිට බැන්නා කියලා…"

    හික් හික් ලෝකයා කියලා මද කියලා තියෙන්නේ :ඩි මෙකානම් ලෝකයෙක්ම තමයි

    "උඹලා හිතයි දැන් මේ ලියුම් කේස් එක හින්දා හෙන පරණ කතාවක් කියලා නෑ බෝල ඒකිට අතේ ගෙනියන එකක් තිබුනේ නෑ …."

    හික් හික් හද්ද පරණ නාකි කාලේ ලියුම් ලියන කතාවක් ලියලා, ඒ කියන්නේ මෙයා හෙන නාකී.. :ඩි

  • ලෝකයා... says:
    January 22, 2012 at 10:57 AM

    කොහොම උනත් වර්ණා මගේ කෙටිල්ලකට අනිවා කොමන්ටුවක් දාල යන එකට නම් තුතියක් දෙන්නම ඕනේ. අපි සන්තෝසෙන් හිටියට කරදරයක් නම් වුනේ නෑ කාටවත්.... දැන් මේ සෙන්ටිමෙන්ටල් ලයිෆ් එකක් ගෙවන නිසා අතීතය මතක් වෙන කොට උණ්ඩුක පුච්චිය දාලා යනවා .... මතක් වෙන ගානේ කොටලා දන්නේ ඒකයි.... අපිට නම් දැන් ගොඩක් වයසයි තමා ..... මොනවා කොරන්නද තාමත් කොල්ලෝ වගේ තමා ඉන්නේ නරකයටත් දැන් හැට දෙකක් ද කොහෙද මගේ හිතේ .....
    @ ලහිරු තුතිය මචන් ඇත්තටම මලත් පනිනවා දුකත් හිතෙනවා අරුම පුදුම ජාතියක්

  • වර්ණා says:
    January 22, 2012 at 11:04 AM

    හේ හේ 62 ක අපෝ :(((
    නාකි වැඩි..

  • duliponline says:
    January 22, 2012 at 3:51 PM

    කෙල්ලො ඔහොමම තමයි බං . . . මමත් ගමේ ඉස්කෝලෙට යද්දි රෝස්පාං හකුරු එක්ක කවල, තම්බපු කඩල කවල, ඉස්කෝලෙ ඉස්සරහ අසිස් අංකල්ගෙ කඩෙං බීම පැකට් පොවල ලොකු මහත් කරගත්ත නිලූකා අපේ ලවු එකට සපෝට් කරපු රසිකයත් එක්ක යාලු උනා . . . දැං උං දෙන්නට ලමයිත් ඉන්නව බං . . . හොඳම හරිය තමා . . . කෙල්ලට කවපු පොවපු හැම දේම රසිකයටත් එම ලෙසටම අරං දුන්න එක . . . .

  • Anonymous says:
    January 22, 2012 at 4:11 PM

    //ඇත්තටම ඔලුවේ අත තියල මොන තරම් බොරු කියලා ඇත්ද ….. ඕවා ඇත්ත වෙනවනම් කෙල්ලන්ට ඔලු හොයන්න වෙනවා//

    අනේ අම්මේ!!! ලෝකයෙක් ම තමයි.......

  • ලෝකයා... says:
    January 22, 2012 at 5:09 PM

    @ මහී නෑ එහෙම ජාතික මට්ටමේ චරිතයක් නොවන බව කියන්නම ඕන.. බොරු කියලා තියෙන්නේ වැඩි පුරම එකම දේට තමා ,.... නෑ නෑ දැන් බොන්නේ නෑ කියල ඔලුවේ අත තියලා කියනවා .. ඉතින් ඇත්තටම දැන් බොන්නේ නෑනේ. පසෙනේ බොන්නේ ...
    :ඩී

  • ලෝකයා... says:
    January 22, 2012 at 5:11 PM

    @ ඕනයා එහෙනම් දෙන්නම එකම ගානට ලොකු වෙලා ඉන්න ඇති ... ඇඋලක් නෑනේ

  • වින්චැට් කිරිල්ලි. says:
    January 22, 2012 at 7:55 PM

    කතාව පටන් ගන්නෙම ''ඔයා කෑවද'' අසමින් කෙඳිරි ගාමිනි......මටත් මල පනිනවාය.....මම ඒ වෙලාවට කිව්වේ.''නෑ අනේ අපි දුප්පත් කන්න කිසිම දෙයක් ගෙදර නැහැ'' කියා ය..........අනේ කිඹුල බනිස්...!!!!!

  • Dinesh says:
    January 22, 2012 at 8:00 PM

    "ඇත්තටම ඔලුවේ අත තියල මොන තරම් බොරු කියලා ඇත්ද ….. ඕවා ඇත්ත වෙනවනම් කෙල්ලන්ට ඔලු හොයන්න වෙනවා.."

    ඒ කතාවනම් සහතික ඇත්ත...

  • Shaaanu489 says:
    January 23, 2012 at 12:09 AM

    ඇත්තටම උඹ කිව්වා වගේ අතීතය මතක වෙනකොට උණ්ඩුකපුච්චය දාල යනවා බොළ.
    කාපු කටු චාටර් පන්ති ගාව ... බස් හෝල්ට් වල කියල වැඩක් නැහැ මචන්.

  • Unknown says:
    January 23, 2012 at 9:20 AM

    පිස්සුබල්ලෝ කොළඹ ගියා වගේ...හික් හික් හික් එළ ටෝක් එක බං....ඒ කාලේ බිව්වත් මාට්‍ටු නොබී ඉඳලා මාට්‍ටු උනාම ඉතින් බොන්නම හිතෙනවා....මේවා මතක්වෙනකොටත් බොන්න හිතෙනව.......

  • sAm (සෑම්) says:
    January 23, 2012 at 9:36 AM

    අන්න රසවත් අතීතය.. ඇඩෙනවා බොල...

  • Judy says:
    January 23, 2012 at 12:36 PM

    අනේ ඇත්තට........ නමටම ගැලපෙන වැඩ. :D

  • ලෝකයා... says:
    January 23, 2012 at 9:22 PM

    @Music girl අපි එල කොල්ලෝ හරිද

  • නරකයා....!! says:
    January 23, 2012 at 9:33 PM

    නරකයාට හැට දෙකයි කියන්නෙ යකෝ තෝ මගේ පන්තියේම නේද හිටියෙ කොහොම උණත් මෙක කියවපුවාම උඹෙ ගෑණිට විතරක් නෙමේ මගේ එකීටත් උත්තර බඳින්න සෙට් වෙලා ඉන්ට වෙයි වගේ.. අර ඔනයා ගල් බනිස් කැවේ නැතිලුද....

  • ලෝකයා... says:
    January 23, 2012 at 9:50 PM

    ඔව් බන් මාත් මේ බයේ ඉන්නේ ලින්ක් එක පාස් උනොත් වසාලා හමාරයි .........

  • Dude says:
    January 30, 2012 at 3:11 PM

    ඇත්තටම ලෝකයා මොනව කියලද ර කෙල්ලට බැන්නෙ කියලා මම සෑහෙන වෙලා කල්පනා කලා. නරක සිතුවිලි මිසක් කිසිම හොඳ සිතුවිල්ලක් ඔලුවට නාපු නිසා අල්ලලා දැම්මා.

    henryblogwalker the Dude

  • ppya says:
    August 26, 2012 at 2:11 AM

    ado lokaya bota dahan pasale wechcha hariya kiyamokota
    e ahinsaka thaara patiyage ammai appochchai ape gewal paththe apu hati mathak une nadda

  • iresh says:
    October 23, 2012 at 5:44 PM

    macho... me kathawala hodama hariya dannae mamane... kiyannnada visthare....

  • නරකයා....!! says:
    October 24, 2012 at 1:31 PM

    උඹ ඉරේෂ් ඉන්දිකද...?? අනේ වස්තුවේ කියපංකෝ...

Post a Comment

Followers