1.09.2012

මධ්‍යම බස් නැවතුම්පොළ

කොළඹ මධයම බස් නැවතුම්පොළ විශාල ජනකායක් නිතර සැරිසරණ කාර්යබහුල ස්ථානයක් වන අතර නිතර යනඑන මිනිසුන්ට එහි තිබෙන ව්‍යාපාරික ස්ථාන මඳ හෝ පහසුවක් වන්නට ඇත, ඒ අතර පොත්සාප්පු තැපැල් කන්තොරු  මෙන්ම බැංකු පහසුකම් පවා ඇති අතර එය රස්තුයාදුවට එක්තරා පිළියමකි. නමුත් එය කොතෙක් ජනතාවට හිතකර පරිසරයක් පවත්වාගෙන යනවාදැයි යන්න ගැටලුවකි. 

පසුගිය පොහොය දින එනම් 8/01/2012 අහඹු ලෙස බසනැවතුමට ගොඩ වැදුනේ එක්තරා පොත් සාප්පුවක් එහි ඇති බවට වූ හෝඩුවාවක් අනුවය. නමුත් එහි එවැනි ව්‍යාපාර තිබෙනවාදැයි වූ සැකය මත, විමසීම් කුටියෙන් විමසනු ලදුව එක් ගොඩනැගිල්ලක දෙවන මහල කරා අපව යොමු කළේය. මකුළු දැල් බැඳී දුර්වර්ණව අභාවය පත්වන ගොඩනැගිල්ලක අපි තරප්පු පෙළ නගින්නට වීමු. ක‍්‍රමයෙන් ඉතා කළුවර පුස් ගන්දය උත්සන්න වෙද්දී ඉතාමත් අඳුරු කොරිඩොවකට පිවිසීමු. 

එහි පරිසරය චිත‍්‍රපටයක එන මැර තිත්පොලක් සිහි ගැන්වූ අතර තැන් තැන් වල එක් දෙන්නා බැගින් වූ මිනිසුන් ලැගුම් ගෙන සිටි අතර අයෙක් දුම් උරයි. අයෙක් උඩුකය නිරුවත්වය මේ අතර අඳුරු මුල්ලකින් පත්තු වූ ගිණිපුළිගුවකින් එහි තුන්දෙනෙකු එක්ව ගන්ජා සුරුට්ටුවක් අදිම්න සිටිනු පෙණුනි. එම පුළිගුව නොවන්නට එම ස්ථානය නොපෙනෙන තරමට හාත්පස කලුවර පරිසරයකි යහළුවාගෙ මුවින් එකවරම පිටවූයේ, "මෙතනට කොහොමද බං කෙල්ලෙක් එන්නෙ" යන වචන කීපයයි. 

අප දෙස අනවශ්‍යය තැනකට ආ අනවශ්‍යය පුද්ගලයන් දෙස බලන අමුතු බැල්මකින් බලා සිටින අමුතු මිනිසුන් මග හැර අප එතනින පිටවන්නට තීරණය කලෙමු. වෙලාව දහවල් එකට පමණ ය අප පිරිමි දෙදෙනෙකු වශයෙන් මුදල් පසුම්බිය ගැන බියට පත් කරන්නට වූ එම පරිසරය කාන්තාවකටනම් කෙසේවත් ඔරොත්තු නොදෙන්නකි.

ඩෙංගු වාහකයින්ට හිතකර පරිසරයක් පවත්වාගෙන යන්නන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වනවා වුවත් මෙවැනි සමාජ විරෝධි ක‍්‍රියාවලට හිතකර පරිසර ගැන සොයා නොබැලීම කණගාටුවකි පොලිස් නිළධාරින් යොදවා මුරකරනවාට වඩා නිසි නඩත්තුවක් ඇතුව පවත්වාගෙන යාම වඩා ප‍්‍රායෝගක වන්නේය. මෙවැනි පරිසරයක හවස 8 -10 න් පසුව කාලය මගීන්ට හිතකර නොවෙ. අප වැන්නවුන්ට නම් නැවතත් එහි නොයා සිටිය හැක එහෙත් මෙසේ රජයේ සම්පත් අවභාවිතයට පත්වීම දුකකි..

13 අදහස්..:

  • Dhananjaya Marasinghe says:
    January 9, 2012 at 4:14 PM

    ඒගැනනම් ආය මොනවට කතාකරනවද.
    …මහ එවුන් බයයි ඕව නැතිකරන්ඩ.

  • duliponline says:
    January 9, 2012 at 4:24 PM

    හෙහ් හෙහ් . . . ඕව නැති කරල කොහොමද ????

  • රාජ් says:
    January 9, 2012 at 5:44 PM

    ඔයවගේ තැන් කොළඹ අනන්තවත් තියනව.

  • Dinesh says:
    January 9, 2012 at 7:52 PM

    ඕවට ඉති ඉහල අයගේ බලපෑමුත් තියෙනවනේ.. ඒනිසා ඒවා නවත්තනවා බොරු..

  • සයුරි says:
    January 9, 2012 at 11:51 PM

    මේ එක්ස්පෝ ග්‍රැපික්ස් එක ගැනද කියල තියෙන්නේ? මටත් ඔතනට යන්න උනා එක පාරක්...හොඳ වෙලාවට තනියම නෙමෙයි. ආපහු නම් යන්න හිතුවෙවත් නෑ...

  • Unknown says:
    January 10, 2012 at 1:37 AM

    ඒ අහිංසකයන්ට පාඩුවේ ඉන්න දෙන්න...

  • නරකයා....!! says:
    January 10, 2012 at 9:48 AM

    Dhananjaya Marasinghe : මට නං හිතෙන්නෙ උවමනාවක් නැතිකම කියලා

    ඕනයා : ඔව් ඉතිං ඒකෙත් දෙයක් තියෙනවා..

    රාජ් : ඔව් ඉතිං..අහලා තියෙනවා.. ලියන්න තරං දේකට ඇස් දෙකෙන්ම දැක්කා..

    Dinesh : මටනං තේරෙන්නෙ නැත්තෙ ඔයවගේ දෙවලින් කාටවත් ප‍්‍රයොජනයක් තියෙනවද කියලා

    සයුරි : මමත් ඒකට ගිහින් තියෙනවා... ඒකත් එහෙම තමයි හැබැයි ඔයා එක දැකලා ආයෙ යන්නෙ නෑ කියලා හිතා ගත්තනම් මෙතන දැකලා හිතන දෙ මටනං හිතන්නවත් බෑ මේ කොටුව ලංගම බස් නැවතුම.. මේකේ මම දැකපු දෙවත් වල හැටියට ඔයා කියන තැන හොඳ තැනක්


    ඔබ නොදු‍ටු ලොවක් : ඔවු ඉතිං මං මෙතන කෑ ගැහැවුවා කියලා ඔ්කේ වෙනසක් වෙනවා කියලද... උං පාඩුවේ නේන්නං ඉන්නෙ

  • වර්ණා says:
    January 10, 2012 at 11:32 AM

    අම්මෝ මම නම ගිහින් නැහැ යන්නෙත් නැහැ ..

  • අසරණයා says:
    January 10, 2012 at 5:48 PM

    නරකයා අනුන්ගේ ආතල් කඩන්න එපා පව්..

  • ලහිරු says:
    January 10, 2012 at 7:28 PM

    එක එකාට කඩේ යන කාළකන්නියෙක් වීම තමයි ඔයවගේ තැනක අයිතිකාරයෙක් වෙන්න තියෙන ලොකුම සුදුසුකම....

  • පුංචි says:
    January 11, 2012 at 3:56 AM

    එහෙනම් තුන්වෙනි ලොකේ චිත්‍රපටියක් බලන්න මධ්‍යම බස් නැවතුමට ගියානම් හරි නේද..
    මම නම් දැකලා නෑ.ඒත් ඔයා කියන දේ ඇත්ත කියලා හිතෙනවා.

  • නරකයා....!! says:
    January 11, 2012 at 11:16 AM

    වර්ණා : යන්ඩත් එපා..

    අසරණයා : ඔවු ඉතිං අපේ ආතල් එක් ඒකනේ..

    ලහිරු : අනේ ම්නං දන්නෙනෑ ඔ්ං ඔ්වා

    පුංචි කුමාරිහාමි : සිරා කතාව... හැබැයි ලියලා තියෙන්නෙ.. ඇස් දෙකෙන් දැකපු දෙයක්..

  • Dude says:
    January 13, 2012 at 3:02 PM

    මමත් අවුරුදු ගානකට කලින් ඔතනට ගිහින් තියෙනවා. එදානම් ඔච්චරම අප්සෙට් එකක් තිබ්බෙ නෑ. නමුත් ගුබ්බෑයම් ගතියක් ලාවට තිබ්බා. දැන් සෑහෙන වැඩිදියුණු වෙලා වගෙ.

    henryblogwalker the Dude

Post a Comment

Followers