1.31.2012

පන්ති තහනම..(අවවාදයයි... මෙය පාසලේදී අත්හදා බැලීමෙන් වලකින්න)



මේකත් ඔය ලස්සන දවසක වෙච්ච දෙයක් . අපි ඉස්කෝලේ ගිහින් ඉවරවෙන්න මාස අටක් විතර තිබුනේ....... මමයි නරකයි ඉස්කෝලෙට පොඩ්ඩක් කලින් ආපු දවසක්... 
එනකොට උදේ දහයට විතර ඇති.. අපි එනකොට වෙන්න ඕනේ ඔක්කොම වෙලා ඉවරයි . 
අපේ පන්තියේ හිටියා පට්ටලයා කියලා ඩයල් එකක් ඇති විශේෂ ඩයල් එකක්. කතාව කියන්න කලින් මූ ගැන විස්තරයක් කිව්වේ නැත්තන් වැඩක් නෑ වගේ...
උස අඩි හතරයි දසම පහයි 
හරහට උස අඩි එකයි 
ජාත්‍යන්තර මට්ටමේ කටකට උරුම කන් කියනවා  . 
මේ තෝරා ගත් කිහිපයක් අනික්වා වෙනම කොටන්න ඕනේ මාතෘකාවකුත් දාලා 
1-දවසක් කාමරේට වෙලා හොරෙන් දුමක් දදා ජනේලෙන් එලියට අළු කඩ කඩ ඉද්දි තාත්තා එහා පැත්තෙන්  ඇවිත් සිගරට්ටුව පැහැර ගෙන ගිහිල්ලා. 
2-වෙඩිමකට ගිහිල්ලා කරටි කැඩෙන්න ගහලා බත් එකක් බෙදන් ඇවිත් වැනි වැනි ඇවිත් වාඩි වෙලා එහා පැත්ත බලනකොට ඉස්කෝලේ විදුහල්පති තුමත් එහා පැත්තේ පුටුවේ බත් එකක් කනවලු. 
3-රෙද්දක් ගන්න කඩවල් වලට ගියාම යන්නේ පොඩි එව්න්ගේ රෙදි තියන කෑල්ලට ..............මොකද ඌට පිරිමි ඇදුන් තියන කෑල්ලේ මුගේ සයිස් නෑ. 
4-දවසක්  තඩි ගලක් මාරි පෙට්ටියකින් වහලා පන්තිය ඉස්සරහින් තියලා වයිසා එනකොට.... පොරත් ඉතින් ඔය පෙට්ටියට පයින් ගහලා .... 
පෙට්ටි වලට පයින් ගහන එකෙක් ඉන්නවනම් ඒ අපේ වයිසම තමා ඉතුරු ටික කියන්න ඕනේ නෑ නේ ................. 
පොරගේ මුණ නිකන් බියර් බීපු වල් හාවෙක් වගේ ... 


වයිසා ට අපි ආදරේට කතා කරේ 'කනකය' කියලා..  
ඔය වගේ කේස් හින්දා පොරට අපේ පන්තිය දකිනවා  කියන්නේ 'බල්ලට සම්බෝලයි බතුයි..'  වගේ තමා අපේ වැරද්දක් අහු වෙනකන් හිටියේ..කාබනික රසායනය වගේ පාඩමක් කොරන්න 
කොහොම හරි දවසක් අපේ පන්තිය ඉස්සරහින් උප විදුහල් පති තුමෙක් යනකොට  පට්ටලයා,  පොරට කනකයා කියලා .... කියපු කෙනා හොයා ගන්න බැරි නිසා පන්තියටම කෝටු පාරවල් දෙක බැගින් දීල ගියා. 
අපේ ඉස්කෝලේ හිටපු ඉංගිරිසී මැඩම් හොඳට කනට පෙන්න හිටියා.. අපිත් කොහේ ගියත් ඉංගිරීසි ඉගන ගන්න පන්තියට එනවා. මැඩම් එන්න පරක්කු උනොත් හොයාගෙන එන්නත් යනවා... පට්ටලයා කැමරාවක් හොයන් ඇවිත් මැඩම් ගේ ෆොටෝ ගහලා අනවසරයෙන්... 
මැඩම් ට හොඳටම තරහා ගිහිල්ලා ගිහින් කියලා කනකයාට පොර හෝ ගාලා කැමරාව හොයනවා .. කොහේ හොයන්නද ... බැරිම තැන මූ පන්තියටම පිනාගේ කාර්යාලෙට යන තැන දන ගහන්න කියලා ....අපි දෙන්නා බනිස් ගෙඩියක් එහෙම කාලා වැඩි කලබලයක් නැතිව හෙමීට ඉස්කෝලෙට යනකොට මෙන්න කොල්ලෝ ටික දනගහගෙන පෝලිමට ඉන්නවා. අපි දෙන්න හෙමීට යන්න යනකොට  මුන් කෑ ගහනවා 
"සර් මෙන්න මුන් දෙන්නත් අපේ පන්තියේ.." කියලා .....
අපි ඉතින් කියන්න ගියේ නෑ අපි මේ එන ගමන් කියලා හරි නෑ නේ .....අපි දෙන්න මෙලෝ දෙයක් දැන් නෑනේ .. අපිට හෙන කේස් එක 
"තොපි දෙන්න උදේ කොහෙද හිටියේ " 
"පුස්තකාලේ සර් ...."
"බොරු කියන්න එපා යකෝ අද පුස්තකාලේ වහලා ..." (යකෝ කියපුවාම කලබල වෙන්න කාරි නෑ ඔහොම තමා මළ පැන්නාම)
අපි කොහොමද ඕවා දන්නේ අපිට දිවැස් නෑනේ .... 
"ඒක තමා සර් වහලා අරිනකන් බලන් හිටියා ටිකක් වෙලා.. අරින් නැති හින්දා මේ එන ගමන් ........"
"දන ගහපියව් මෙතන ..... " විලි ලැජ්ජාව අනිත් පන්තිවල එවුන් අපිට හිනා වෙනවා හැබැයි කටින් නෙමේ ...
කොහොම කොහොමහරි ලැජ්ජාව ඉවසා ගන්න බැරිම තැන නැගිට්ටා ඔක්කොම .... 
"මොකද තොපි නැගිට්ටේ..."
"දන ගහන්න බැහැ සර් ...." 
"වරෙව් තොපිට දෙන්නම්...(හොඳ ජිල් බෝලයක් වර යන්න පිනා ගාවට)" 
අපි ඔක්කොම දැන් පිනාගේ ඔෆිශීය ළඟ බලන් ඉන්නවා...... 
"පලයව් දැන් කියපියව් තොපි කරපුවා....."
අපි ගිය ගමන් පිනා AC එක වැඩි කරා ඇයි අපි තිහක් විතර ඒක ඇතුලෙනේ...... 
"හ්ම් ..උඹලා දැන් කාගේද ෆොටෝ ගැහුවේ ... "
"අපි දැන් නෑ සර් ...."
" එහෙමද සති දෙකක් ඉස්කෝලේ එන්න එපා ... පන්ති තහනම්... !!" 
අපිත් දැන් හෙන සද්දේ ....
"එහෙම කොහොමද සර් පන්ති තහනම් කරන්නේ... අපි වැරද්දක් කරේ නැනේ ..."
එකෙක් කට ඇරියා ..... 
(තමුසේ කොහොමදා කස්බැවෝ ඔහොම කතා කරන්නේ පිනාට.....)
" තමුසෙගෙ ගෙවල් කොහෙද ....?"
" ^&&^*@##$.... සර්.."
"තාත්තා මොකද කරන්නේ .......??"
" කලාප අද්‍යාපන අධ්‍යක්ෂක සර් .... "
පිනාට පොඩ්ඩක් හික් ගෑවුනා .... 
"ඊළඟ තමුසෙගෙ තාත්තා කව්ද ...??" 
"සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක සර් ........ " 
එතකොට අපිට හික් ගෑවුනා ...ඇයි යකෝ  මුළු කලාප කාර්යාලයම ඉන්නවනේ ...
"තමුසෙගෙ...??"
"අහවල් ඉස්කෝලේ පිනා සර්..........."
"කමන් නෑ තමුසෙලගෙ පන්ති තහනම් ....... "
අපිත් ගියා ගෙදර..... හවස් වෙනකොට කෝල් එනවා 
"මචන් එහෙම පන්ති තහනම් කරන්න බෑ විනය පරීක්ෂණයක්  තියන්න ඕනේ... අපේ අම්මා කියුවෙ, අපේ තාත්තා කියුවේ.. අපි හෙට යමන් ඉස්කෝලේ..... "
පහුවදා උදේ හත වෙද්දී අපි ඉස්කෝලේ පන්ති භාර කුකුලා ට විස්වාස නෑ...අපි උදෙන්ම ඇවිත් ඉන්නවා දැකපුවාම 
" තොපි මොන හුට්ටප්පරයක් කරන්නද අද ඉස්කෝලේ ආවේ....  "
"සීයට අසූව දාගන්න සර් ..."
"නෑ නෑ ඒක මම උඹලට දාල දෙන්නම් උඹලා පන්තිය කැත කරන් නැතුව හිටපල්ලකො ......... "
"හා සර්..."


 ටික වෙලාවකින් පිනා එනවා මල පැනපු ඉත්තෑවා වගේ... 


"තොපි මොකටද ඉස්කෝලේ ආවේ..."
"විනය පරෙක්ෂණය කරගෙනම යන්න සර් ............................"
ඔන්න අපේ එවුන් ...... මල්  පහයි   ගල් දෙකයි ....................... 
සර් ට මල පැනලා ..... සපත්තුවේ ලෙස් එකත් කන්න හදනවා ......
"මාව විහිලුවකට ගත්තා නේද... කොහොමත් පන්තියේ ඉන්න තහනම්...!! පලයල්ලා ස්පොර්ට් රූම් එකට ..."
 අපිටත් මොකෝ එකේ ඉන්න තියනවනම් ...... අපි එකේ ෆූට් බෝල් ගහනවා ... කැරම් ගහනවා, සැරින් සැරෙට එළියට එනවා... 
"සර් වතුර ටිකක් බීලා එන්නම්... චූකරලා එන්නම්...." 
දැන් ඉතින් අපි වීරයො වෙච්චි... අනිත් උණුත් හරී ආදරෙයි.. කෑමත් ළගට ගෙනත් දෙනවා.... රූම් එක නිකන් නරකයාගේ කාමරේ වගේ
 (ඒකත් පට්ටම කාමරෙ වෙනම පොස්ට් එකක් දාන්න පුළුවන්, ඔන්න උගේ කාමරේ දොර ගැන මම මොකුත් කිව්වේ නෑ.....)  
PTI සර්ට මල පැනලා ................... ඌ ගිහින් පිනාට කියලා 
"සර් උන් ස්පොර්ට් රූම් එකේ කක්කා කරනවා .....උන්ව වෙන කොහාට හරි දාන්න  " කියලා
ඉතුරු ටික පස්සේ 


34 අදහස්..:

  • පිස්සා පලාමල්ල says:
    January 31, 2012 at 4:25 PM

    අඩෝ හිනා කාල පන යනව බන්... පට්ටම ආතල්... හක් හක්....

  • රාජ් says:
    January 31, 2012 at 6:08 PM

    ෆට්ට සීන්නෙ බං. හැබැයි උඹලට මාර ගටක් තිබිල තියනව පිනත් එක්ක අරවගේ හැප්පෙන්න.

  • janitha chathuranga says:
    January 31, 2012 at 6:25 PM

    ela machan..matat cn eka tikak mathakai..:D

  • රයිටර් says:
    January 31, 2012 at 8:07 PM

    බඩ යනවා බන් හිනා වෙලා.. කොර කොර

  • Anonymous says:
    January 31, 2012 at 9:43 PM

    මෙන්න ඔබට අනගි අවස්ථාවක්..
    වෙබ් අඩවි කරණයේ ශ්‍රී ලාංකීය අභිමානය වන Expresslanka නිර්මාතෘ විසින් ලොව ප්‍රථම වරට ගූගල් පේජ් රෑන්ක් වැඩිකරන software එකක් නිර්මාණය කර ඇත. මෙම ක්‍රමයට අනුව ඔබගේ වෙබ් අඩවියට high pr backlinks නොමැතිව රෑන්ක් එක වැඩි කල හැකිය. මෙම වැඩිකිරීම් ගූගල් සමාගමේ නීති රීති වලට එකගව සිදු කිරීමට අප ක්‍රියා කරනු ඇත. ශ්‍රී ලාංකීය වෙබ් නිර්මාණ කරුවන් දිරි ගැන්වීම සිදු කරනු වස්, ශ්‍රී ලාංකික වෙබ් හා බ්ලොග් අඩවි 100 ක් සඳහා අවම මුදලක් අයකරමින් google page rank වැඩිකර දීමට කටයුතු සලසා ඇත. මෙහිදී ඔබගේ වෙබ් අඩවියට මාස 3 ක් ඇතුලත රෑන්ක් 0 සිට 1 හෝ 2 දක්වා ලබා ගත හැක. වැඩි විස්තර සඳහා 0755487947 (නිශාන්ත) අමතන්න.. මෙම දීමනාව කෙටි කාලයක් සඳහා පමණයි...

  • අශේන් මලින්ද says:
    January 31, 2012 at 10:37 PM

    අපිටත් මේ ලගදි ඔහොම උනා මිස් කෙනෙක්ට ඇහැක් ගහලා

  • ලෝකයා... says:
    January 31, 2012 at 11:44 PM

    මම පරණ උනා

  • සයුරි says:
    February 1, 2012 at 12:15 AM

    මේගොල්ලෝ පිනා ට පොඩ්ඩක්වත් බය නැහැ නේ..

  • Dinesh says:
    February 1, 2012 at 2:24 AM

    අපේ පිනා එක්කත් අපි මාරම විදිහට හැප්පුනා.. තාම මම ඒ ගැන ලිවුවේ නෑ.. ඒවා පසුවට දාන්න හිතාගෙන ඉන්නේ..

  • yuga says:
    February 1, 2012 at 8:18 AM

    හප්පේ මුන්නමි නරක උන්ම තමා

  • sAm (සෑම්) says:
    February 1, 2012 at 9:23 AM

    ෆට්ටයි... !

  • Anonymous says:
    February 1, 2012 at 11:10 AM

    මේ නිදහස් (නොමිලේ) අධ්‍යාපනයේ වරදයි. මුදල් වැය කර පමණක් ඉගෙන ගත හැකි ක්‍රමයක් ඇතිකල යුතුය.

  • නරකයා....!! says:
    February 1, 2012 at 11:40 AM

    ඔව්... ඉන්පසු ඇනොගෙ තාත්තා අනුන්ගෙ ළමයින්ටත් එක්ක මුදල් ගෙවනවා ඇත...

  • ලෝකයා... says:
    February 1, 2012 at 12:19 PM

    හෙහ් මේකට වෙනම කොටන්න ඕනේ වෙලාවක් අල්ලලා හිටපන්කෝ ....
    මම දැන් අපහු පරණ වෙලා ඉන්නේ හරිද ........

  • සාතන් says:
    February 1, 2012 at 12:37 PM

    ඇඩෙනව... උඹලගෙ පිනා ගැන හිතාගන්න පුළුවන්... අපේ නම් කාත් එක්ක සෙල්ලම් දැම්මත් පිනා ඈත එනව දකිනකොට මොන චන්ඩියත් හැංගිලා... පිනා තමයි ඉස්කෝලෙටම චන්ඩිය... මොකද පොර නඩු අහන්නෙ නාහෙන් කටින් ලේ දාන්න ගැහුවට පස්සෙ... :) ආයි අධ්‍යාපන ඇමතිගෙ පුතා හිටියත් පොරට වැඩක් නෑ...

    හැබැයි අදටත් පාරක දැක්කොත් කතා කරල වැඳල එන්න පුළුවන් තරමට තමන්ගෙ ගෞරවේ ආරක්සා කරගත්තු මනුස්සයෙක්...

  • පිණිබිඳු... says:
    February 1, 2012 at 1:37 PM

    ඇහැට කණට පේන ඉංග්‍රීසි මැඩම් කවුද අප්පා. අර හැමදාම බබෙක් හම්බෙන්න හිටපු මැඩම්ද? නැත්තං මාලා මැඩම්ද?

  • ලෝකයා... says:
    February 1, 2012 at 2:14 PM

    "ඇහැට පෙන්න" කියලා ලියලා තිබ්බ වගක් මට මතක නෑ නේ

  • නරකයා....!! says:
    February 1, 2012 at 2:46 PM

    @පිණිබිඳු... : හෆ්ෆා මාලා මැඩම්ට අපි එහෙම කරනවද.... අර කලින් කියපු එක්කෙනා තමයි.... අනිත් එක එයාව පේන්නෙ කණට මිසක් ඇහැට නෙවෙ...

  • නරකයා....!! says:
    February 1, 2012 at 2:48 PM

    @සාතන් : අපෙත් එක්කෙනත් එහෙම තමා... ඇමතිගෙ පුතා හිටියත් කුට්ටිය නැත්තං වැඩක් නෑ... පිනා කිවුවෙ තරහකට එහෙම නෙමේ ඔ්ං

  • පිණිබිඳු... says:
    February 1, 2012 at 3:48 PM

    හපොයි අපිටත් ඉංගිරිස් එයා තමා කරේ. මුලු සෙක්ෂන් එකටම එයාද කොහෙද කරේ. මෙලෝ දෙයක් තේරෙන්නෙත් නෑ. අපි තේරුම් ගන්න උත්සාහ කරන්නෙත් නෑ. එයා නම් "කණට ඇහෙන" ටයිප් තමා.

  • ලහිරු says:
    February 1, 2012 at 4:45 PM

    හෆෝයි ස්කෝල කතා නම් ඕන නෑ ඉතින් ගමකට තියෙනවා. ඵල කතාව, එක අතකට ප්‍රින්සිපල් මීට වඩා තද වෙන්නෝන ළමයි හෙල්ලිලා යන සයිස්!

  • සිත්රූ සිහින says:
    February 1, 2012 at 8:16 PM

    මිනිස්සුන්ට වද දෙනව කියල මෙහෙමත් වද දෙනවද අනේ..:D

  • ලෝකයා... says:
    February 1, 2012 at 8:38 PM

    අපිට ඔයා කියපු එක තේරුනේ නෑ වගේ

  • duliponline says:
    February 2, 2012 at 12:21 AM

    යකෝ අපේ පංතියෙ සෙට් එක සතියට දවසක් දන ගහනවනෙ පිනාගෙ ඔෆිස් එක ඉස්සරහ . . . ඒත් කවදාවත් ලැජ්ජ හිතුනෙ නං නෑ . . . ඊටත් කලවං ඉස්කෝලෙක

  • Unknown says:
    February 2, 2012 at 2:11 AM

    වයර් බුලට් එකක් ෆයර් කරපු එකක් වැරදිලා මිස් කෙනෙක්ගේ පස්සේ පැත්තේ වැදිලා පීටී සර්ටනේ මළ පැන්නේ...පංතියටම ඩිප්ස් 50 ගානේ එකාට වැ‍ටුනා..බෝනස් එක්ක පිට පුරෝලා මීටර් කෝදු පාරක්...

  • Observer says:
    February 2, 2012 at 2:15 PM

    කතාව නං මරේ මරු, මේ මොකාද බොල ?

    //Google Page Rank Increaser says:
    January 31, 2012 9:43 PM

    මෙන්න ඔබට අනගි අවස්ථාවක්..
    වෙබ් අඩවි කරණයේ ශ්‍රී ලාංකීය අභිමානය වන Expresslanka නිර්මාතෘ විසින් ලොව ප්‍රථම වරට ගූගල් පේජ් රෑන්ක් වැඩිකරන software එකක් නිර්මාණය කර ඇත. මෙම ක්‍රමයට අනුව ඔබගේ වෙබ් අඩවියට high pr backlinks නොමැතිව රෑන්ක් එක වැඩි කල හැකිය. මෙම වැඩිකිරීම් ගූගල් සමාගමේ නීති රීති වලට එකගව සිදු කිරීමට අප ක්‍රියා කරනු ඇත. ශ්‍රී ලාංකීය වෙබ් නිර්මාණ කරුවන් දිරි ගැන්වීම සිදු කරනු වස්, ශ්‍රී ලාංකික වෙබ් හා බ්ලොග් අඩවි 100 ක් සඳහා අවම මුදලක් අයකරමින් google page rank වැඩිකර දීමට කටයුතු සලසා ඇත. මෙහිදී ඔබගේ වෙබ් අඩවියට මාස 3 ක් ඇතුලත රෑන්ක් 0 සිට 1 හෝ 2 දක්වා ලබා ගත හැක. වැඩි විස්තර සඳහා 0755487947 (නිශාන්ත) අමතන්න.. මෙම දීමනාව කෙටි කාලයක් සඳහා පමණයි...

  • Reshan Chathuranga says:
    February 2, 2012 at 3:12 PM

    පට්ට නේ උඹලත්...අපි තාම කරල බැලුවෙ නෑ ඔය වැඩ ටික...තව A/L claz පටන් ගත්තෙ නෑ නෙ 2014 :D

  • නරකයා....!! says:
    February 2, 2012 at 4:15 PM

    @ඕනයා :
    අපිත් ගියේ කලවං එහෙකට නේන්නං.. ඔය පිණිබිදු කියන එකීම කොච්චර අපි ඉස්සරහා ගුටි කාලා ඇද්ද..
    @Observer :
    අනේ මන්දන්නෑ.. ඔය බලන උන්ට වැදගත්නං කතා කරන්නෙ නැතෑ කියලා මාත් මේ තියලා තිබ්බේ... බ්ලොගර් වලට අහවල් එකටද ආයෙ රූන්ක් අප් කරන්නේ..
    @ඔබ නොදු‍ටු ලොවක් :
    පවු වැඩ කරලා තියෙන්නෙ...
    පෝස්ට් එක ලොකයාගෙ.. රිප්ලයිස් මගෙන්..

  • This comment has been removed by the author.
    ලෝකයා... says:
    February 2, 2012 at 10:38 PM

    This comment has been removed by the author.

  • duliponline says:
    February 3, 2012 at 6:17 PM

    @ඔබ්සර්වර්
    ඔය බුවා කියන්නෙ පේජ් රෑංක් වැඩිකරල දෙන සොෆ්ට්වෙයා එකක් ගැන. අයියගෙ PR එක බලාගන්න ඕනෙ නං මෙතනට යන්න. ඔය සීන් එක මුදල් බලාපොරොත්තුවෙං බ්ලොග් ලියන එවුංට ඇරෙන්න අනිත් අයට වැඩක් නෑ

  • අඹයා says:
    February 4, 2012 at 4:15 PM

    "බියර් බීපු වල් හාවෙක්" මොන වගේද ලෝකයෝ :D එකෙක් අල්ලලා පොවලාම බලන්න වෙයි ද මන්දා

  • Dude says:
    February 14, 2012 at 4:46 PM

    මම ඕකෙ තව පැත්තක් දකිනවා.
    ඇත්තටම කොන්ද පණ තියෙන ප්‍රින්සිපල් කෙනෙක්. මොකද අධ්‍යාපන අධයක්ෂකලගෙ තව ප්‍රින්සිපල්ලගෙ කොල්ලො ඉන්ඳැද්දිත් ඔය වගෙ තීරණයක් ගත්ත එක. සමහරු තලන්නෙ අසරණයන්ට විතරයි.

    henryblogwalker the Dude

  • සිතූ - Sithu - says:
    February 14, 2012 at 6:43 PM

    හහා... අනේ අපේ වගේ ඉස්කොලේක principal madam ට මෙහෙම කළා නම් එහෙම ඉස්කෝලේ විතරක් නෙවෙයි, ලොවෙත් වසල හමාරයි!!! hehe

  • චතුවී says:
    February 15, 2012 at 7:51 PM

    පට්ටලේ ගැන විස්තර කරනකොට පොඩී අඩුපාඩුවල් වෙලා තියෙන්ව...
    1. තාත්තා බොන්න ගේන අරක්කු කාලෙන් බාගයක් මූ බීල, එක පිරෙන්න කහට දාල මූ නිදියනව....
    අනිත් කාරනය තමා..
    2. දවසක් මූ පත්තරයක් බල බල අතින් අහවල් කාරිය කොරනවලු කාමරේට වෙලා.. මේක තාත්තා දොර රෙද්ද අස්සෙන් දැකල,, තාත්තා හවස කියනවලු ,, පුතා වැඩිය අහවල් කාරිය කරන්න එපා කකුල් අමාරුව වැඩි වෙයි කියල... හ හා.. මූට අහවල් එක හපාගෙන මැරෙන්න හිතුනලු ඔන්න එතකොට...

Post a Comment

Followers