1.12.2012

සරසවි සිසු ගැටළු (ජෙප්පොන්ට සලකන්න ඔනේ මෙහෙමයි කියන උන්ටත් එක්ක)

පෝඩ්ඩක් විතර වැඩි වෙලා වැනී වැනී නුගේගොඩ හංදියට ගියේ යන්න තැනක් හොයාගන්න... බොඩිමට වෙරිපිට යන්න බෑ ලයිසන් නෑ.. රූට දොර ඇර ගන්න බෑ මේ මහ රෑ බස් තියෙනවා කියලයෑ... හිටගෙන ඉන්නත බැරිම තැන ළග තිබ්බ පඩියක් හොයාන ගියේ පොඩ්ඩක් පස්ස තියා ගන්න.. ඒත් ආච්චිලා ටිකකට හුරුල්ලො පුච්චන්න ඒක පිරෙන්න කොල්ලො සැට් එකක් වාඩි වෙලා එතන ඉඩ නෑ... මම ආපහු හැරුණා.. 

"ස් ස්... අයියා..!! කොහෙද යන්නෙ...??" 
කවුදො අස්සෙන් පොඩි සද්දයක් දැම්මා... හප්පට මේ ජුන්නො සෙට් එකක් නෙ... මම නං මෙ මගේ තියෙන කඩප්පුලි කමට යන එන මං නැතුව ඉන්නෙ..
"තොපි බිලාද..ආතල් එකට වගේ මම පොඩි සැරයක් දැම්මා... "
"නෑ අයියා... මෙතන වාඩිවෙන්න හිටගෙන ඉන්න අමාරුනේ.. ??"
ඇත්තනේ... මටහිටගෙන ඉන්න අමාරුයි නේන්නං 

"ඉතිං ඇත්තට කොහෙද යන්නෙ..." 
උන් මට විස්තරෙ කියුවා පවු වැඩේ වෙලා තියෙන්නෙ... එතකොටම වගේ පොලිසීයෙන් එතෙන්ට ආවා 

 "මොකො මෙතන තමුන්ලා .." 
"බස් එකක් එනකං ඉන්නවා.. "
"කොහෙට යන්නද.. ?"
"යාළුවෙකුගෙ බෝඩිමකට... !"
"කොහෙ ඉඳලද මෙතෙන්ට ආවෙ..??"
"යාළුවෙක්ගෙ බෝඩිමක ඉඳන්..." 
"මේ මහා රෑ මොකො .. ??"
"ඒ බෝඩිමේ අයිති කාරයා අපි ඉන්නවට කැමති නෑ... අපිට යන්න කියුවා.. "
"කොහෙද එච්චර කල් හිටියෙ එතකොට.. ??"
"හොස්ටල් එකේ හිටියේ... මහ එකා ඒකෙන් අපිව එලෙව්වා.. බෝඩිංවල ඉන්න සල්ලි තිබ්බනං හොස්ටල් එකේ ලගින්නේ නෑනෙ දැං ඉන්න තැනක් නෑ.. හෙට ලෙක්චර් එකට යන්න කලින් ඇලට් එකක් දාගන්න තැනක් හොයා ගන්න ඔ්නෙ, 
අයියේ පොලිස් කූඩුවෙ ඉඩ නැද්ද... ?"

වෙලා තියෙන දේ හිතා ගන්න පුලුවං නේද.......

එක පැතිකඩක් විතරයි... සමහර විට උන් පාළම යට නිදියන්නත් ඇති.. උං ජෙප්පො වත් කලහාකාරි එව්න් වත් නෙවෙ.. හැබැයි පොදුවෙ පළිගැනිමට ලක් වෙච්චි එවුන් ටිකක්

23 අදහස්..:

  • duliponline says:
    January 12, 2012 at 2:03 PM

    වෙලා තියනදේ සිරාවටම වැටහෙනව. පවු උං

    අපිවත් වතාවක් හොස්ටල් එකෙං පන්නන්න හැදුව . . . ඒත් හරිගියෙ නෑ

  • රාජ් says:
    January 12, 2012 at 3:41 PM

    ගැටළු නං කියල වැඩක් නෑ. ඒත් සමාජය හිතාගෙන ඉන්නෙ මේ හැමදෙයක්ම කරන්නෙ නිකං ඉන්න බැරුව කියල.

  • Observer says:
    January 12, 2012 at 3:58 PM

    කුඩුවෙ ඉඩ තිබුනද බං සෙට් එකටම?

  • සමනලයා says:
    January 12, 2012 at 6:55 PM

    මිනිස්සු හිතන්නේ කැම්පස් එකේ එවුන් පාරට බහින‍්නේ ආතල් එකට කියලා.ඒත් අපිට ආණ්ඩුවෙන් කරන දේවල් දන්නේ අපි විතරයි

  • Dinesh says:
    January 12, 2012 at 7:13 PM

    හැමෝම කියන්න උත්සාහ කරන්නේ සරසවි සිසුන්ගේ වැරදි මිසක් ඔවුනේගේ ඕනෑ එපා කම් නෙමෙයිනේ..

  • අසරණයා says:
    January 12, 2012 at 8:14 PM

    කාල කන්නි කිහිප දෙනෙක් නිසා අහිංසක ළමයි කි දෙනෙක් දුක් විඳිනවද.

  • “කාල කන්නි කිහිප දෙනෙක් නිසා අහිංසක ළමයි කි දෙනෙක් දුක් විඳිනවද.“

    මේකට මමත් එකගයි. හැබැයි වැරැද්ද ඒ කාලකන්නින්ව පාර්ලිමේන්තු යවලා 2/3 බලයකුත් එක්ක මැති ඇමතිවරු කරලා තියෙන්නේ උඹලා අපිම නොවැ. හැහ් හැහ්.....

  • ලහිරු says:
    January 12, 2012 at 9:37 PM

    ඕකේ දෙපැත්තම තියෙනවා තියෙනවා සහෝ... කාළකන්නි පිරිසක් කොල්ලගේ ඔළු හෝදන අතරෙම කැම්පස් ඇතුලෙ වුනත් පහසුකම් වල ගැටළු ඕන තරම්. ඒවා තාමත් සජීවීයි.

  • Anonymous says:
    January 12, 2012 at 10:05 PM

    ඔය රස්තියාදු ගහ ගහ ජෙප්පොන්ට කඩේ යන එවුන්.
    මම කැම්පස් ඉන්න කොට ඕනතරන් කොල්ලෝ හිටිය ඒලේවල් ටියුශන් එකක් කරගෙන තමන්ගේ වියදම හොයා ගන්න

  • නරකයා....!! says:
    January 12, 2012 at 10:31 PM

    ඕනයා : ඉස්සර ශිෂ්‍යය සංවිධානවල ශක්තිය දැන් නෑ.. උනුත් දෙපිල බෙදිලා මරා ගන්නවා.. එකා වගේ හිටපු සමාජය දැන් නෑ

    රාජ් : බ්ලොග් පෝස්ට් කොමෙන්ට් දැකලා තියෙනවා සමහර... වෙන එකක් තියා මාධ්‍ය වැඩ කරන්නෙත් ආණ්ඩුවේ පස්ස ලෙවකන්නයි තුට්ටු දෙකේ ගොසිප් කියන්නයි.. එවුන් කරන්නෙත් ශිෂ්‍යයන්ගෙ වැරදි හද හදා කියන එක

    Observer : නෑනෙ... උං උදවු කලෙත් නෑ ගියා යන්න

    Dinesh & සමනලයා : ඔවු හැබැයි වාද කරන්න ගත්තාම එකම දෙ කියාගෙන ගහගන්නත් කස්ටිය එනවා.. හැබැයි සිද්ධවෙන දෙවල් ගැන හරි අවබෝදයක් නැතිව

    අසරණයා : සිරාවට

    පෙදරේරුවා නොහොත් මේසන් බාස් : ලොවෙත් කතාව මේසන් බාස්... වැඩෙ තියෙන්නෙ ඔකෙන් කවදාවත් ගැලවිල්ලක් නැති එකනෙ... උනුත් එකයි මුනුත් එකයි....

    ලහිරු : අනිවා.. එකගයි

    Anonymous : මගේයාළුවොත් ඉන්නවා ටියුෂන් කරන ගමන් ජෙප්පොන්ට කඩේ යන හැබැ මුන් ටික මම පෞද්ගලිකවත් දන්නවා... සල්ලි නැතිකම උණාට ටියුෂන් කරන ගමන් හැම ඩිග්රියම ගොඩදාන්න හැමෝටම බෑ... අනික කැම්පස් ගියපු පලියට ටියුෂන් කරන්නත් හැමෝටම බෑනේ..

  • දූපත් වැසියා says:
    January 12, 2012 at 11:51 PM

    ඇහුවම ටිකක් දුක හිතෙනව. මිල මුදල් තියන මිනිස්සුන්ට මේවා අරුම උනාට ඔයවගේ කට්ටියත් කැම්පස් වල ඉන්නව. ඒ දුක s.b ටවත් මහරජාටවත් තේරෙන් නෑ.

  • නන්නාඳුනන්නී says:
    January 13, 2012 at 8:57 AM

    කැම්පස්වල ගැටලු ඉතිං එකක් කියලා නෙමෙයිනෙ!!

  • Dude says:
    January 13, 2012 at 2:58 PM

    යතාර්ථයේ පැතිකඩක්!

    henryblogwalker the Dude

  • Dude says:
    January 13, 2012 at 2:58 PM

    යතාර්ථයේ පැතිකඩක්!

    henryblogwalker the Dude

  • Observer says:
    January 13, 2012 at 5:47 PM

    මොකෝ Dude කොමෙන්ට් දෙක දෙක ඇල්සයිමර්ස්ද?

  • වර්ණා says:
    January 17, 2012 at 12:40 AM

    ඔහොම දේවලුත් වෙනවා. හ්ම්ම්.. මමත් දන්නවා ඔහොම දේවල් වුනු අයත්. එයාලා අද ඉන්න තැනත්

  • පිස්සා පලාමල්ල says:
    January 17, 2012 at 11:49 AM

    කොහෙත් හොඳ නරක චරිත ඉන්නවා.. කැම්පස් වලත් එක් පොඩි කොටසක් පිස්සු කෙලින නිසා බහුතරය අසීරුතාවට පත්වෙනවා

  • නරකයා....!! says:
    January 17, 2012 at 4:42 PM

    දූපත් වැසියා : එතන හිටිය එකෙක්ගෙ දෙමවුපියො නෑ.. ආච්චි ගාව ඉන්නෙ අහින්සක එකෙක්

    නන්නාඳුනන්නී : Dude : අනිවා..!!

    Observer :මම එකක් ඩිලීට් කරන්න ගියේ.. එතකොට ඔබාගෙ කොමෙන්ටුව වැඩක් නැතිවෙනවනෙ

    විසිතුරු : indeed

    වර්ණා : ඔව් තව ගොඩක් ඉන්නවා

    පිස්සා පලාමල්ල : ඔවු හැබැයි මේ සිද්ධියට අදාල සිද්ධියනං තනිකරම චාටර් පාලකයන්ගෙ ගොන් වැඩක් සහ හිතාමතා ගත්තු පාදඩ තීරණයක්

  • sAm (සෑම්) says:
    January 18, 2012 at 12:02 PM

    ප්‍රශ්න තමා ඉතින්.. ;)

  • Anonymous says:
    January 20, 2012 at 2:09 PM

    මම මේ කියන්නේ නවක වදේ ගැන , මගේම යහලුවෙකුට හොස්ටල් ලැබුනා , එත් නවක වදේ නිසා පිටින් කාමරයක් අරගෙන ඉන්න වුනා , මාසෙට 100/= ට අඩුවෙන් ඉන්න තැන ලැබුනත් ඔය වදේ නිසා මාසෙට 3000/- ගෙවලා තව බස් එකෙන් කැම්පස් යන්න වුනා . බත් පත කුණු කරලා මිරිකලා කන්න වෙනවා , ඕව නෙමේ තව බොහෝ දේ සිදුවෙනවා , නිදා ගන්න මෙට්ටයක් ඇඳක් තිබුනාට එවයී නිදා ගන්න දෙන්නේ නැහැ බිම වතුර ගොඩේ සීතලේ නදාගන්න ඕනේ , ඉතින් රජයෙන් දෙන අඩුම පහසු කම් හරි බුක්ති විදින්නට නොදී තව පහසු කම් ඉල්ලන්නේ මොකටද ඔය නවක වදේ දෙන කුහක අය දැන් ටිකක් හරි මට්ටු වෙලා වගේ ,

  • නරකයා....!! says:
    January 24, 2012 at 10:11 AM

    @Anonymous :
    ඔව් ඉතිං නවක වදේ ගැනනං වෙනම කතා කරන්න ඔ්නේ.... සල්ලි නැහැයි කියලා ඉංග‍්‍රිසි බැහැයි කියලා සමාජයෙන් කොන් උණාය කියලා ඩිග්රි අතහරින්න ගියපු ඈයොත් ඔය නවක වදෙන් පණගහලා ඇවිත් ගොඩගියපු සීන් පවා තියෙනවා... පෞද්ගලික ආශාවල් වලට රුග් කරන එවුන් හින්දා තමයි උඹ කියනවා වගේ දෙවල් වෙන්නෙ... හැබැයි ඔය
    //බත් පත කුණු කරලා මිරිකලා කන්න වෙනවා ,නිදා ගන්න මෙට්ටයක් ඇඳක් තිබුනාට එවයී නිදා ගන්න දෙන්නේ නැහැ බිම වතුර ගොඩේ සීතලේ නදාගන්න ඕනේ //
    වගේ දෙවල් කරන්නෙ හෙතු සහගතව... කවුරු මොනවා යම් තරමකට මේක වැදගත්...

  • ශ්‍රී says:
    February 1, 2012 at 6:51 AM

    @ Anonymous:
    //නිදා ගන්න මෙට්ටයක් ඇඳක් තිබුනාට එවයී නිදා ගන්න දෙන්නේ නැහැ බිම වතුර ගොඩේ සීතලේ නදාගන්න ඕනේ//

    ඔන්න ඔය කියපු එක කොරලා පුරුදුවෙලා තිබුනොත් තමා මේ පෝස්ට් එකේ කියලා තියෙන විදියේ අවස්ථාවකදී නොසැලී මූණදෙන්න පුලුවන් වෙන්නේ...!!! ඕවා කරවන්නේ උන්ගෙන් පලිගන්න නෙවෙයි, පහසුකම් නැතිවෙනකොට එහෙම නැත්නම් පාලකයො පලිගන්නකොට ඒවා දරාගෙන ඉන්න පුලුවන් වෙන්න. නැත්නම් පොඩ්ඩ බැරිවෙනකොට කොල්ලො කෙල්ලො ටික කෝස් එක අතෑරලා ගෙදර දුවයි, 'කෑම හොඳ නෑ', 'හොස්ටල් හොඳ නෑ' කියලා!

  • නරකයා....!! says:
    February 1, 2012 at 9:38 AM

    ගීතක - ඇත්ත කතා...!! මෙහෙම කියලා ගිහින් තිබ්බා කොහොම හරි ඒක අප්ඩේට් වෙලා නෑ...

    "@ Anonymous:
    //නිදා ගන්න මෙට්ටයක් ඇඳක් තිබුනාට එවයී නිදා ගන්න දෙන්නේ නැහැ බිම වතුර ගොඩේ සීතලේ නදාගන්න ඕනේ//

    ඔන්න ඔය කියපු එක කොරලා පුරුදුවෙලා තිබුනොත් තමා මේ පෝස්ට් එකේ කියලා තියෙන විදියේ අවස්ථාවකදී නොසැලී මූණදෙන්න පුලුවන් වෙන්නේ...!!! ඕවා කරවන්නේ උන්ගෙන් පලිගන්න නෙවෙයි, පහසුකම් නැතිවෙනකොට එහෙම නැත්නම් පාලකයො පලිගන්නකොට ඒවා දරාගෙන ඉන්න පුලුවන් වෙන්න. නැත්නම් පොඩ්ඩ බැරිවෙනකොට කොල්ලො කෙල්ලො ටික කෝස් එක අතෑරලා ගෙදර දුවයි, 'කෑම හොඳ නෑ', 'හොස්ටල් හොඳ නෑ' කියලා! "

    මොනවඋණත් කතාවනම් ඇත්ත..

Post a Comment

Followers