1.17.2012

අන්තිම පෝලිම |||||



අන්තිම පේලිය  කියන කොට මතක් වුනේ. මම හිටියෙත් අපේ පන්තියේ අන්තිම පේලියේ.ඔය උසස් පෙළට ආපු පලවෙනි දවසෙත් පරක්කු වුනා පන්තියට එනකොට අනෙක් වුන් කලින් ඇවිත් ඩෙස් බංකු හදාගෙන මට එකක් නෑ. මම කොහේදෝ තිබ්බ ඩෙස් කෑල්ලක් උස්සන් ඇවිත් දාගත්තා පිටිපස්සටම. කලින් පන්තිය ලස්සනට තිබුනා දැන් කැතේ බැ බලන්න....
අන්තිම පෝලිමට එක ඩෙස් එකයි.. 

මම දැන් අලුතෙන් ආපු එවුන් හොයනවා රැග් කොරන්න. එතකොට මම දැක්ක අදුරන පරණ වානර  මුණක්. අම්මේ නරකයා නේද මේ ඉබ්බා ගලේ ගැහුවා වගේ ආය මොකටද අලුත් එවුන් ආතල් ගන්න.
වරෙන් වරෙන් ඩෙස් කැල්ලක් අරන් අන්තිම පේලියට. දැන් දෙකයි. අපි දෙන්නා අපේ පාඩුවේ සින්දුවක් එහෙම කියාගෙන ඉන්නකොට බෙර ගහන්න ආවා මලා කියලා එකෙක් . ඌ එහා පැත්තේ මැද හිටපු එකෙක් ඌ උගේ ඩෙස් කෑල්ලත් අරන් ආවා අන්තිම පේලියට. ඔන්න දැන් තුනයි පන්තිය ලස්සනයි හැඩයි.
ඔන්න ඔහොම ටික දවසක් යනකොට ..........
සුදු උස තඩි  එකෙක් ඉන්නවා උගේ නම පන්තියේ පළවෙනියා....
ඌ ඇවිත් අපෙන් අහනවා අඩේ මමත් එන්නද අන්තිම පෝලිමට අරුන් එක්ක ඉන්න බෑ බන්....... අපිට මොකෝ බන් වරෙන් කුකුළා මොනවා කියයිද කියලා අපි දන් නෑ කියලා අපි කිව්වා.
ඒ කාලේ අන්තිම පෝලිමේ ඇඩ්ඩින් ලා අපිනේ. ඔය කුකුළා කියන්නේ පන්තිබාර ගුරුතුමා. ඌ අව්ලක් නෑ කියලා මේකත් ඩෙස් කට්ට අරන් අවා. දැන් අන්තිම පෝලිම ලස්සනයි හැඩයි...
පන්තිය කැතම කැතයි  කුකුළා ඇවිත් බලලා බැනලා වැඩක් නැති නිසා ගියා . අපි දැන් හොදින් සින්දුවක් එහෙම කියාගෙන ලස්සනට අන්තිම පෝලිමට වෙලා බුල ගහනවා.
තව කැස්වටුවෙක් හිටියා උගේ නම  නන්දේ   උට ඒ කාලේ තිබුනේ දුඹුරු පට යට කලිසමක් විතරයි. උව පන්තියේ නිරුවත් කරලම අපිට ඒක මීටර් වෙලා තිබුනේ. අපි ඒක උගෙන් අහපුවම ඌ කිව්වේ උට දුඹුරු පාට ඒවම හයක් තියනවා කියලා. ඒ හැම එකකම එකම තැන නිල පාට පෑන් ඉරකුත් තිබුනා.
එක දවසක් ඔය එකට+කොරපු ගණන් උගන්නන සෑර් සැහෙන්න ට්‍රයි කරනවා අපිට ගණන් කියලා දෙන්න කොහෙද අපි අහු වෙන් නෑනේ ඔව්වට. අපි අන්තිම පෝලිමේ සෙට් ඒක බොරු කිය කිය ඉන්නවා.
පන්තියේ පළවෙනියා එකපාරට කිව්වා මචන් මම ප_යක් අරිනවා උඹලා නන්දේ කියලා කෑ ගහපන්....... අපිටත් මොකද අපිත් ආය එක කකුලෙන් වැඩේට සෙට්.
මෙන්න මේක හිතා ගන්න බැරි සද්දෙකින් පරාස් ගලා ඇරියා නේද හුලන්. මායි නරකයයි මලායි කෑ ගැහුවා.... න..න්දේ.........

නන්දයා නිකන් ගස්ලබු කාපු වල් ඌරා වගේ ...... උට හිතා ගන්නවත් බෑ මොකද උනේ කියලා ...
ඌ හැරුනා අන්තිම පෝලිම පැත්තට ....
අනේ මචන් මම නෙමේ .......
සර් උගන්නන එක නවත්වලා බලන් ඉන්නවා අපි දිහා ...... අපි බඩවල් අල්ලන් හිනා වෙනවා....  නන්දයාගේ උණ්ඩුක පුච්චියේ සද්දේ ඇහෙනවා එහා පන්තියට දිඩි දිඩි ගානවා අපිත් එක්ක තියන තරහට.. උගේ කට නිකන් අහවල් එක වගේ වෙලා ළඟ පාත පන්ති වල සමහර කොල්ලොත් බලාගෙන සීන් එක විලි ලජ්ජාවට සන්තෝසේ උහුලගන්න බෑ......
සර් හිනා උනා නිකන් මාමයිට් කාපු පොඩි එකා වගේ .........

ඕවා ඉතින් ළමයින්ට වෙන දේවල්නේ .......................................................

සත්‍ය සිදුවීමකි අපේ පන්තිය ගැන සුපිරි කෙටිල්ලක් නරකයා කොටා තිබුනාය .....
මම ලෝකයා ය ........


20 අදහස්..:

  • Ksharapani says:
    January 17, 2012 at 5:44 PM

    පට්ට කථාව.....

  • Shaaanu489 says:
    January 17, 2012 at 6:07 PM

    ඉක්කොලේ මතක් වෙනවා මචන්.නියමයි. D

  • අසරණයා says:
    January 17, 2012 at 6:12 PM

    අහිංසකයෙක්ට වත් ඉන්නා දෙන්නේ නැහැ..චික් විතරක්.හදියල්ලකෝ අපි වගේ.

  • නරකයා....!! says:
    January 17, 2012 at 6:18 PM

    ටුටුවා හදන ගොට්ටට හැමොගෙම කෙළ එකතු කරලා නන්දෙට යැවුවා උණත් තරහා වෙන එකෙක් නෙවේ ඌ... උගේ අන්ඩවරායේ පෑන් ඉර ඇන්දෙත් ටුටුවා... ඌට ඔනේ උණා මූට ඇත්තටම කීයක් යට කලිසං තියේද බලා ගන්න... පස්සෙ පොර කියනවා... කවුදෝ උගේ හැම කලිසමේම පෑනෙන් ඇඳලලු... උගේ බයික් එක ගැන වෙනම පෝස්ට් එකක් දාමු... මොකෝ කියන්නෙ ලොකයා....

  • ලෝකයා... says:
    January 17, 2012 at 6:24 PM

    අනිවා දාමු ඕකා ගැන පොතක් ලියන්න පුළුවන්නේ

  • මනු says:
    January 17, 2012 at 7:33 PM

    ඔය කතාව දැක්කම මටත් මතක් උණා අපේ A /l පන්තිය. මාත් හිටියේ අන්තිම පේලියේ. මමම තමයි ඒකත් ඔර්ගනයිස් කරේ,සින්දු කියන එක තමයි අපෙත් මුලික පරමාර්ථය. district 1st ගහපු එකා හිටියෙත් අපේ එකේම තමා. බලාගෙන යනකොට අපි හැමෝගෙම තියෙන්නේ එක වගේම කතාවක්නේ .. ෆට්ට ස්ටොරිය..

  • Dinesh says:
    January 17, 2012 at 8:00 PM

    අන්තිම පේලි වල වැඩ ගැනනම් ඉතින් අපිටත් හොද අත්දැකිම් තියෙනවා..

  • Unknown says:
    January 17, 2012 at 8:08 PM

    අනේ ඇත්තමයි... ඔය කතා ටික පොතක් හැටියට ගහලා මෙි පාර සාහිත්‍ය මාසයට එලි දක්වමු...!!!

  • සිත්රූ සිහින says:
    January 17, 2012 at 8:47 PM

    අයියෝ..අනේ මාර කතාව..හිත චුට්ටක් අප්සට් එකෙන් හිටියෙ..ඒකත් අමතක වෙනකල්ම හිනා වුනා...නියම යාලුවො දෙන්නා..දෙන්නම එකයි..:D :D

  • ලෝකයා... says:
    January 17, 2012 at 9:26 PM

    ඕකගේ බයිසිකලේ ගැන ලිව්වොත් අපිටත් පිස්සු හැදෙනවා ඔය නන්දේ කියන්නේ කතා මවන්නෙක්

  • වර්ණා says:
    January 17, 2012 at 10:38 PM

    ඊයා මෙයාලා කරන දේවල් ශි ශි :ඩි

  • Judy says:
    January 18, 2012 at 6:33 AM

    මරු කතාව. :D

  • lakmal says:
    January 18, 2012 at 7:52 AM

    නන්දය තාමත් අදින්නේ දුබුරු පාට ඒවමලු... ඕකමද දන්නේ නෑ....

  • sAm (සෑම්) says:
    January 18, 2012 at 11:54 AM

    අන්තිම පෝලිමා පන්තිය මැද්දට දාන්න බං තිබ්බේ.. හැමෝටම එක වගේ සුවද විදින්න.. :)

  • හිතුවක්කාර කෙල්ල says:
    January 18, 2012 at 2:31 PM

    හික්ස්ස්... අහ්ංසකයෙක්ට වත් ඉන්න දීලා නෑනෙ..

  • ලෝකයා... says:
    January 18, 2012 at 5:47 PM

    හොඳ අහිංසකයා වෙන කවුරුත් නැද්ද ඕකා ගැන දන්න

  • නරකයා....!! says:
    January 18, 2012 at 7:05 PM

    පේරාදෙනියෙ පැත්තෙ උන් දන්නවද දන්නෙ නෑ හාල්මැස්සා කියපුවාම

  • duliponline says:
    January 20, 2012 at 12:33 AM

    ආන්න බලන්න එකට මම. . . . මගෙ ජොකාගෙ ඉරි අඳින්න ආවනං . . . . ආපු එකාට කෙලවෙනව . . . ..මම එදත් සිවිල් . . අදත් සිවිල් . . .

  • නරකයා....!! says:
    January 26, 2012 at 12:15 PM

    කවුද පොරක් විභාගේ වෙලාවෙදි.... මැඩම් එද්දි කොලයක් පොඩිකරලා සාක්කුවෙ දගත්තලු මැඩම් ඒක ඉල්ලලා බැරිම තැන සාක්කුවට අත දැම්මලු... ආවට වඩා වේගෙන් මැඩම් ගියාලු.... මු සිවිල් මදිවට සාක්කුවත් ගලවලා.... ඔ්නයා උනත් පොකට් බිලියඩ් පාරක් එහෙම ගහන්න පුළුවන්නෙව...

  • Dude says:
    January 30, 2012 at 2:58 PM

    සුන්දර නරක සටහන්!
    henryblogwalker the Dude

Post a Comment

Followers