1.24.2012

නන්දයා ගෙ ඉතුරු ටික

අනේ තරහා අවසර අර ලෝකයා කරපු අසමජ්ජාති වැඩේට.... ඒ නරියට ඔය අන්තිමට කියපු ටික කෝල් කරලා හරි කියන්න තිබ්බනෙ රෙද්ද.... කොහොම උණත් ඉතිරි ටික ඔන්න... 

මේ ගස් හාවා (අබා) මගේ රත්තරන් පාට ලයිටරේ උස්සලා... ඔක ගේන්න අපි ගියා අබාගෙ ගෙදර... මොනවා නැතත් දෙමවුපියො හරි හැදිච්ච උන් වෙන් ඇතිනෙ... ඉස්කොලෙ ඇඳුම පිටින් ගිහින් උගේ තාත්තගෙන් ලයිටරයක් ඉල්ලන්නෙ කොහොමද දැන්... (ඔ්වා ඔනේ නෑ... කොහොම හරි වැඩේ කොරගෙන අපි ගියා නන්දෙගෙ ගෙදර..)

ඒකා පන්තියට ආපු දවස්වල මං ඇහුවා..
"උඹේ නම ප‍්‍රදීප් වෙච්චි ඇයි උඹට නන්දෙ මාමා කියන්නෙ ඒ තාත්තගෙ නමද...?"කියලා 
"නෑ බන් ඉස්සරහා ගෙදර අංකල්ගෙ නම..."
එතනින් එහාට අහන්න ගියේ නෑ... කොහොම හරි අපේ ගෙවල් එහා ඩොටේ මුංගෙ ගෙවල් මෙහා ඩොටේ 
"අනේ රත්තරං අපිව බස් යන පාරකට දාලා වර මොකේ හරි.. "
ඇත්තට ඌට ලොවෙත් බයික් එකක් තිබ්බා.. මේකා එක පෙන්නලා "ඔක අරන් ඉස්ටාට් කරපිය..." කියලා ඇඳුමක් දාගෙන එන්ට ගියා මම ඒකේ හරිබරි ගැහිලා වාඩි උණා... හුටා.. යතුර දාන්නෙ කොහාටද... ඒකේ මීටරේ තියෙනවා යතුරු හිලක් නෑ.. 

"මෙක තෝම පැදපිය..." කියලා අපි දෙන්නා පිටිපස්සෙන් ඉඳගත්තා.. මෙකා ටැංකිය යටින් අර ගෙවල් වල ලයිට් වලට දාන ස්විච්(බට්ටා ස්විච්) එකක් ඇදලා අරන් ඔන් කලා.. දැන් හරිලු.... 42 වෙනි කික් එක කරපු ගමන් සටාර්ට්.. අපි 3න්දෙනා ඩබල් දාලා ගමන ඇරඹුවා.. සයිලන්සරෙන් දුම් යන්නෙ නෑ... ඔයිල් විතරයි යන්නෙ.. පරිසර හිතකාමී කියන්නත් බෑ... සද්දෙ හැටියට.. ලැන්ඩ් මාස්ටර් එකක් එනවා කියලා හිතෙන්නේ.. ටිකවෙලාවයි ඔය සතුට අපි අතරේ තිබ්බෙ.. ඒ හුට්ටලම නැවතුනා... හැබැයි නන්දයා වැඩ්ඩා... ටැංකියේ මුඩිය ඇරලා කිස් එකක් දුන්නා විතරයි බඩු වැඩ.... 
හැබැයි අවුලකට තිබ්බෙ යටින් ලීක් වෙන්නත් ගත්තා... ඌනං කීවේ ඔවෆ්ලෝ ලු.. අනේ අපි දන්නවයැ ඔවා මොනවා උනත් කිස් එකකට ආන්සර් කරන්න තරං බයික් එකත් මූව අඳුනන හින්දා තමා ඉස්සරහා ගැරිජ් එකෙ නන්දෙ මාමා ගැන සාධාරණ සැකයක් ආවෙ එනගමන් අපිත් කතා කර කර එනවා.. 

"මචං නන්දෙ....?"
"හ්ම්..."
"මේක පට්ට බයික් එකනෙ... කාගෙද..."
"මගෙ හු***"
"ආහ්.. පෙට‍්‍රල් කොච්චර විතර කරනවද.. ??"
"විස්සක් විතර කොරනවා  බන්.."
"හෑ... මෙක මෙ තැපැල් නයින්ටියක් වගේ එකක්  නේද....?"

ඇත්තතටම බැලු බැල්මට වර්ගෙ හොයා ගන්න බෑ.. සිරාවට විස්සක් විතර කරනවා කියන්නේ මරුනේ බයික් එකේ හැටියට ..මූ පස්සේ හොරෙන් කියනවා උගේ බයික් එකේ වැඩ කරන්නේ කිලෝමීටරේට ලිටර්ලු.


ඔන්න ඔය වගේ පට්ටම බුලට් එකක් තමා මේ නන්දයා. ඔය ටුටුවා කියන එකා මුගේ යාළුවා බොක්කේ ෆිට් එක ඉස්සල්ලා මුගේ හැඩේ කියන්න එපයි. ඕකා අඩි හය හමාරක් විතර උසයි.. අඩි  හතරක් විතර හරහට උසයි... උගේ විනොදන්සය තමා පෑන දිහා බලාගෙන ඔලුව වනන එක. ඔය වගේ පෑන දිහා බලන් ඔලුව වන වන ඉන්න වෙලාවක තමා ඕකට අර පඩ සීන් එක උනේ..

ඔය ටුටුවා කියන එකා ඕකගේ යාළුවා වෙන්නේ ඉස්කෝලේ ගේට්ටුව ගාවට එනකන් විතරයි... ආපු වෙලාවේ ඉදන් මරා ගන්නවා ඉවරවෙන කන් ඉස්කෝලේ ඉවර උනාම ගේට්ටුවෙන් එලියට ගියාම උන් දෙන්න එකට යන්නේ හැබැයි වෙනස තමා ටුටුවා උදේ ඇදන් ආපු සුදු කිට් එකම ඇදන් යනවා. නන්දයා ඇදන් යන්නේ දුඹුරු පාට යුනිෆෝර්ම් එකක්.... පට්ටම ආතල් ඩබල  ඔය නන්දයාට කියන තරමක් කෙනෙහෙලි කම් කරන්නේ ඔය ටුටුවම තමා




එක දවසක් ඔය ටුටුවා කියන එකා මොකද්දෝ ගොට්ටක් හදන් ඇවිත් 
"මචන් මේකට කෙල ගහපන්..."
කියලා නරකයගෙන් එහෙම කෙල ඉල්ලාගෙන ගියා.. අපිටත් මොකද නිකන් තියන කෙලනේ අපිත් උගේ ගොට්ට පුරවලා දුන්නා ටික වෙලාවකින් නන්දයා ඩෙස් පුටු පෙරළන් කුණු හරප කියා කියා ටුටුවා පස්සේ එලවනවා... සීන් එක මේකයි.. මූ අර ගොට්ට 
"එයි නන්දයා මේක අල්ලපන් ෆිට් එක.." කියලා නන්දයට දාලා අල්ල ගන්න මේ ගොන් වැස්සි ඕක අල්ලන්න ඇත පය දාලා... කොහොමද සැප .......
ආය දවසක් පන්තියේ පළවෙනියට කතුරක් හම්බ වෙලා නන්දයා ඩෙස් එකට ගහ ගහ ඔලුව වනන වෙලාවක මේකා උගේ ෂර්ට් වල අර පිටි පස්සේ කොක්කක් වගේ එකක් මහල තියෙන්නේ ඒක කපල උගේ අතට දීලා.. අපිත් දැන් සීන් ඒක බලාගෙන ... මූත් ඕක අතේ තියාගෙන උගෙන්ම අහනවා

"මොකද්ද බන් මේක.....??"
"උඹේ ෂර්ට් එකේ තිබ්බේ.."

නන්දයා කොස් ඇට කාපු උගුඩුවා වගේ අරුව කන්න බලන් ඉන්නවා... අපිට මරු හිනා....  ආය දවසක් අපි ස්කොලේ ඉවර වෙලා ගෙදර යන්න ගාථා කියනවා නන්දයා පන්තියේ එළියේ ඉදන්, (පන්තියේ දැල් ගහල තිබ්බේ) ඒ දැල අස්සෙන් අත් දෙක දා ගෙන ගාථා කියනවා බලපුවාම මුව  දැලට තියලා බැඳලා දාලා විනාඩි හතලිස් පහක් විතර කලිසමත් බුරුල් කොරොල... ඒ කාලේ දහතුන එස් එම් වන් කියපුවම ආදරණීය ගුරුවරු ටික අහක බලාගෙන යන්නේ ඒක නිසා අවුලක් නෑ... අපේ ඔය පන්තිය එහෙම තහනම් කොරලත් තිබබා එකත් පට්ට සීන් ඒක.... ප්‍රින්සිපල් ගේ ඇඟ හිරි වැටුනා ටෙල මී යුවර් ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් කියලා .... ඒක වෙනම පොස්ට් එකක් දාන්න ඕනේ ........ ඔය මොනවා උනත් අපේ පන්තියේ හිටපු ඔක්කොටම වැදගත් දෙමව්පියෝ හිටියා අපි නරියෝ උනාට....






24 අදහස්..:

  • Miyuru says:
    January 24, 2012 at 6:17 AM

    හයියෝ... පණයන්න හිනා උනා මේක කියවල....හික්..හික්...හික්...
    අර කොක්ක කපල අතට දෙනකම් උන්ද දන්නෙ නැද්ද... කටුස්ස වගේ ඔළුව වන වන ඉන්නකොට ඉන්නෙ කය මිස සිත නැති බඹ ලොවක වෙන්නැති....
    කවුද අනේ උන්දව දැලට තියල බැන්දෙ... ?
    අර අන්තිමට කියපු පෝස්ට් එකත් ඉක්මනටම දාන්න ඈ....

  • Unknown says:
    January 24, 2012 at 7:01 AM

    හප්පේ මේ නන්දයා මාර පොරක්නේ.....බඩ කොරවෙන්න හිනා උනා මේක කියවලා...

  • sAm (සෑම්) says:
    January 24, 2012 at 8:14 AM

    //"මොකද්ද බන් මේක.....??"
    "උඹේ ෂර්ට් එකේ තිබ්බේ.."//

    ෆට්ට බං..

    මගේ ගූගල් රීඩරේ සිටි නන්දයා අද සිට බ්ලොග් රෝලට උසස් කළ වගයි..

  • පිස්සා පලාමල්ල says:
    January 24, 2012 at 8:21 AM

    මරුම චරිතයක්... පොඩ්ඩක් රිලැක්ස් එකේ ලිව්වනම් තවත් එල... එකගොඩේම සිද්දි ටික නැතුව.

  • නරකයා....!! says:
    January 24, 2012 at 10:02 AM

    Miyuru & ඔබ නොදු‍ටු ලොවක් & sAm :
    තැංකුයි මචංස්ලා....

    @පිස්සා පලාමල්ල :
    උපදෙස්නං හරිම වෙල්කම්... මේ කියන්නෙ එකදිගට දාපු පොස්ට් ගැනද... නැත්තං මේ කතාව ගැනද....?? මේක තව ටිකක් ඇදෙන්න ඔ්නේ වගේ දෙයක්ද.. සිද්ධි ගොඩ එකගොඩේ දාපු එක චාටර්ද...??

  • රාජ් says:
    January 24, 2012 at 10:11 AM

    හැක් හැක්....... තව නැද්ද?

  • yuga says:
    January 24, 2012 at 10:46 AM

    පටිට ආතල් ඕයි මං උන්හිටි තැන් අමතක වෙලා හිනා උනා මේක කියවලා

  • වර්ණා says:
    January 24, 2012 at 11:17 AM

    හැක හැක හැක අපෝ හිනා වෙනවා කියලා මෙහෙමත් හිනා වෙනවද මම හ්කිස්‌

  • ලහිරු says:
    January 24, 2012 at 1:02 PM

    ඌ මරු ඩයල් එකනේ! ඉතිරි ටිකත් දැම්මනම් තවත් මරු කිව්වා!

  • අසරණයා says:
    January 24, 2012 at 4:38 PM

    සිරා සෙට් එකක් නේ ඉඳල තියෙන්නේ..කියපු මට මෙහෙමනම් හිටපු උඹලට කොහොම ඇද්ද.

  • Dinesh says:
    January 24, 2012 at 7:37 PM

    නන්දයා සිරා පොරක්නේ.. ඌට කරපු දේවල්.. පොර දැන් මොකද කරන්නේ??

  • වින්චැට් කිරිල්ලි. says:
    January 25, 2012 at 3:31 AM

    හිකිස්ස්ස්.......

  • සිත්රූ සිහින says:
    January 25, 2012 at 10:23 AM

    අයියෝ..හිනා වෙලා එපා වෙනවා මේක කියලවල ඉවර වෙද්දි.. :D:D

  • නරකයා....!! says:
    January 25, 2012 at 10:57 AM

    හැමදාම වගේ උඹලා කියෙවුවා කියලා දැනගද්දි අපිටත් ආතල්.. නන්දයා දැන් පේරා යුනියෙන් අවුට් කියලා ආරංචියි ජොබ් එක මොක්ද්ද මන්දා...
    කියවපු උඹලා ඔක්කෝටම තැංකුයි

  • අඹයා says:
    January 25, 2012 at 11:44 AM

    අම්බෝ හිනා වෙලා හිනා වෙලා කටත් රිදෙනවා අනේ අම්මේ ඉල ඇට ඇදෙන්න හිනාවුනා :D පට්ට පදිරි සෙට් එකක් නේ පන්තියේ ඉඳලා තියෙන්නේ... තවත් මේ වගේ පන්තියේ වෙච්ච සීන් තියේ නම් දාන්ඩො!!

  • duliponline says:
    January 26, 2012 at 2:55 AM

    අඩෝ . . අවංකෙං කීවොත් . . . මම මේ බ්ලොගේ කියවපු සිරාම ලිපිය . . . . ඇල්.සී.ඩී. වලට කෙල හරිම නරකයි . . . හොඳට හිතේ තියාගනිං

  • නරකයා....!! says:
    January 26, 2012 at 12:03 PM

    තැංකුයි අඹයා... කොමෙන්ටුවට.... මේ ඔනයා ඇල්.සී.ඩී කියන්නෙ මොක....??

  • ලෝකයා... says:
    January 26, 2012 at 8:30 PM

    ඇත්තටම සුපිරි පට්ට ආතල් ඇති නේද ඒ කාලේ ......................... සුපිරි

  • Dude says:
    January 30, 2012 at 3:25 PM

    උඹ කරපු නරකම වැඩේ තමයි බ්ලොග් පෝස්ට් එක බාගෙට ලියලා නිදාගන්න ගිහින් ආයෙම ඇවිත් ඉතුරු ටික දාපු එක. ඒ පරීක්ෂණයෙන්ම පේනවා උඹ තවම එදා හිටපු නරකයාම තමයි කියලා. ඊටත් වඩා නරකද මන්දා!!
    henryblogwalker the Dude

  • නරකයා....!! says:
    January 31, 2012 at 9:48 AM

    මේකනේ සීන් එක් කලින් එක ලියුවේ ලෝකයා.. ඒකා තමයි ඒ ලොකෝත්තර වැඩෙ කරලා තියෙන්නෙ මිස්පයර් එක දැනගෙන බලන කොට කොමෙන්ටුත් වැටිලා නිසා පාඩුවේ ඉඳලා තියෙන්නෙ

  • පිණිබිඳු... says:
    January 31, 2012 at 1:11 PM

    මේ වගේ ළමයි ඉස්කෝලෙටම වාසනාවක්. අපි කොච්චර පින් කරල තියෙනවද උඹල ගියපු ඉස්කෝලෙටම යන්න. කුකුලාද පන්තිභාර?

  • නරකයා....!! says:
    January 31, 2012 at 7:24 PM

    ඔව් ඔව්... ඔයා බයෝ ක්ලාස්වල ඉද්දි ඉතින් අපි මේ පැත්තේ,... කොහොමත් අපි ඔය කෙල්ලෝ දිහා බැලුවෙ හරි අඩුවෙන්...

  • duliponline says:
    February 2, 2012 at 12:13 AM

    @නරකයා:
    ගිහිං කියවපං ඇල්.සී.ඩී. ගැන

  • This comment has been removed by the author.
    Unknown says:
    July 30, 2012 at 8:51 PM

    This comment has been removed by the author.

Post a Comment

Followers