1.04.2012

මම මොන්ටිසෝරි යන්ට ඔ්නේ...


විවිධාකාර මින්ස්සු නෙ.. ඉතිං හැසිරීමත් විවිධයි.. සමහරු ලස්සනට අඳිනවා පළඳිනවා සමහරු ඔහේ ඉන්නවා... මමනේ  කාටවත් මොකො මං අඳින පළඳින විදිය.. මං හැසිරෙන හැටි.. මෙහෙමත් හිතනවා ඇති... කොහොමත් නරකයා වෙච්චි... කඩපිළකට වෙලා කාලෙ කකා ඉද්දි.. ළගපා   සැලුන් එකකින් එළියට ආවා පට්ට කෙල්ලෙක්.. පුහ්... මාර කෑල්ල... නියමෙට හැඩ පිහිටලා තියෙනවා... ඇස් පිනවා ගන්න කටත් ඇරන් ඒ දිහා බලන් හිටියෙ මම විතරක් නෙවෙයි එතන අපතයෝ ඔක්කොම... ඊලග මොහොතෙ හොඳට කාරලා තුක් ගාලා කෙළපිඩක් අත ඇරියා එතනම...ඉයැක්.. මට කෙල්ල ගැන හිතුනෙ එහෙමයි.... 


අවුවට පිච්චෙනවට බිම බලාන ඇවිදින කොට ඔන්න අනිවාර්යෙන් කෙළ තලි පෙණ පෙණ පාට පාට... දැකලා උඩ බලාන යන එක සැපයි කියලා හිතෙනවා.... මිනිස්සුන්ගෙ ආකල්ප වර්ධනය වෙලා නෑ... මේවා හැදෙන්න ඔනේ මොන්ටිසෝරියෙ ඉඳලම.. 
මායි ලොකයයි මෙන්ටිසෝරි ගියෙ නෑ.. හැබැයි බුද්ධිමත් දෙමවුපියන්ට පින්සිද්ධ වෙන්ට බස් ටිකට් එකේ ඉඳලා ටොපි කොලේ හරහා කෙහෙල් ලෙල්ලට එනකන් රොඩු සාක්කුවේ දාගෙන ඇවිදිනවා කුණු බක්කියක් හම්බෙන කං... අපිට එහෙම හිතුනට පාරෙ කුණුබක්කි නෑනෙ... ගෙදරට එනකන්ම බඩු සාක්කුවේ...එක්කෝ අපිත් මොන්ටිසොරි යන්ට ඔනේ... 
එකදවසක් කුණුගොඩක් අතේ ගුලි කරන් එනකොට කොල්ලුපිටියෙදි හම්බුණා එකක්...... දොහොත් මුදුන් තියලා දාපු කුණු ටික ඔක්කොම බිම සීසිකඩ..   ඒකේ අඩිය නෑ... පාර අයිනෙ කුණුබක්කි හදන්න ඔනෙ එකා කවුද... ඌව ආයෙ මොන්ටිසොරි යවන්න ඔනේ...


දුර ගමනක් ගිහින් ආයෙත් කොළඹ එනකොට ජනේලෙ අයිනෙ පොඩි හුලං පාරක් වැදි වැදී නිදාගෙන එනකොට පොඩි ස්පේ‍්‍ර එකක් ආවා... නැගිටලා බලද්දි තිත් මුවෙක් වගේ.. රතු තිත් තිත්... බුලත්කෙල පාරක්.. 
"ඔය ඉස්සරහා බුලත් විට කන හරකට තේරෙන්නැද්දද අපිත් බස් එකේ ඉන්නවා කියලා..." 
මම එහෙම කියුවෙ නෑ.. ජනේලේ අයිනෙ හිටපු උන්ගෙන් මම විතරයි බුලත්විට කන්නෙ නැත්තෙ... එක්කො මමත් බුලත්විට කන්න ඔනේ..නැත්තං අර මිනිස්සු මොන්ටිසොරි යවන්න ඔ්ණෙ..


බස් එකට වයසක කෙනෙක් නැග්ගාම, ළමයෙක් වඩගත්ත.. බබෙක් හම්බවෙන්න ඉන්න කෙනෙක් නැග්ගාම අකලට හිස් පැහිච්ච එකෙක් එකියක් මලාට ෂිට් එක දෙන්නෙ නෑ... පුක බේරෙන්ඩ ඩෙනිමක් ගහපු සක්කරවට්ටමක් හරි පුක පල්ලෙන් කලිසමක් ඇඳගත්ත රස්තියාදුකාරයෙක් දුනනොත් මිසක්...!!
 අකලට හිස් පැහිච්ච උන් ඉන්නෙ අරවගේ එවුන්ට අපවාද කියන්නයි, දැන් ළමයි හැදෙන විදිය ගැන දොස් කියන්නයි... මගෙ කරුමෙටද මන්දා මට ඔවා නිතරම දකින්න හමබෙන්නෙ.. 
පොඩිඑකාගේ ආකල්ප වර්ධනය කරන්න ඉතිං මහ එකා හැදිලා ඉන්න එපෑ... උංව ආයෙ මොන්ටි සොරි යවන්ට ඔනේ... 
පාරෙ යන විදිය දැක්කාම ආයෙත් පිස්සු හැදෙනවා..කාර් වල යන උන්ට  ත‍්‍රිවිල් පෙන්නන්ට බෑ.. බස් ඩයිවර්ට ලොරි පෙන්නන්ට බෑ.. මුං ඔක්කෝටම බස් පෙන්නන්ට බෑ... කටේ කුණුහරුපත් විදගෙන එළව කොට පාරහරහා පනිනවා සමහර හරක්.. එක්කො හරක් ටික ආයෙ මොන්ටිසොරි යවන්න ඔනේ..


 බස්හොල්ට් වල තාප්ප වල තමතමන්ගෙ මොඩකම ප‍්‍රදර්ශනය නෙකරන්න.. පොදුවැසිකිලිය පිරිසිදුව තියාගන්න ඇයි මුන්ට තෙරෙන්නෙ නැත්තෙ.. මුන්ව මොන්ටිසොරි යවන්න මම කවුද... එක්කො මම මොන්ටිසෝරි යන්ට ඔ්නේ... 

16 අදහස්..:

  • සිහින මතකයන් says:
    January 5, 2012 at 1:02 AM

    මමයි මේ බ්ලොග් එකේ 62 නියා.ඒ වගේම මුල්ම අදහස පලකරන්නෙත්.හික් හික්...

    කතවන්ම් ඇත්ත තමයි.කට්ටියවම ආයෙ මොන්ටිසොරි යවන්න ඔනේ....

  • Unknown says:
    January 5, 2012 at 1:49 AM

    ඇත්ත කථාව....

  • රාජ් says:
    January 5, 2012 at 6:44 AM

    උඹේ කටේ ඩොලර් දාන්න වටිනව කතාවට.

  • Nelum says:
    January 5, 2012 at 8:37 AM

    ඔක්කොටම ඒකගයි මේකට හැර,

    /කාර් වල යන උන්ට ත‍්‍රිවිල් පෙන්නන්ට බෑ.. බස් ඩයිවර්ට ලොරි පෙන්නන්ට බෑ.. මුං ඔක්කෝටම බස් පෙන්නන්ට බෑ.../

    මොර්ටසයිකල් කාරයොයි, ත්‍රි විල් කාරයොයි,බස් කාරයෝයි මොන හේතුවකටද මන්ද පුදුම වදයක් දෙන්නේ ගැණු රියදුරන්ට!ඇත්තටම මට නම් පෙන්න බැහැ, මේ තුන් ගොල්ලොන්ව, මට දීල තියෙන වද වල හැටියට!

  • Anonymous says:
    January 5, 2012 at 8:51 AM

    මචන් මම මොන්ටිසොරි යන්න ඕන.මම හිතන්නේ උඹත් යන්න ඕන.

  • සිත්රූ සිහින says:
    January 5, 2012 at 9:17 AM

    කතාවනම් සහතික ඇත්ත..ඒත් මේක කියවද්දි මටනම් හොඳටම හිනා:D

  • නරකයා....!! says:
    January 5, 2012 at 11:11 AM

    සිහින මතකයන් : මේ පැත්තෙ ආවට ස්තූතියි ඈ...

    ඔබ නොදු‍ටු ලොවක් : ස්තූතියි

    රාජ් : අනේ දානවනං රුපියල් හරි කමක් නෑ

  • කතන්දර Kathandara says:
    January 5, 2012 at 2:04 PM

    ඇර සොයිසා කිව්වලු!

  • අසරණයා says:
    January 5, 2012 at 2:42 PM

    සහතික ඇත්ත.. කොහොමද ඉතින් රට හදන්නේ.පාරේ කුණු බක්කියට කුණු දාල සිසීකඩ ගියපු වෙලව්වකුත් තියෙනවා.ඉතින් අයෙත් එහෙම කරන්න හෙතෙන්නේ නැ.

  • නරකයා....!! says:
    January 5, 2012 at 7:27 PM

    Nelum : බයික් ත‍්‍රීවිලර් එළවන අය පොඩ්ඩක් විතර අමාරු කරයෝ තමයි.. හැබයි සමහරු කියනවා ගෑණු ඩයිවරලත් එක්ක පාරෙ යන්න ගියාම පිස්සු හැදෙනවලු...

    @ano :යන්න තමයි ඉන්නෙ නැත්තං පිස්සු හැදිලා නවතින්නෙ

    @සිත්රූ සිහින : මාර ගේමක් දීලා සීරියස් කතාවක් ලියුවා.. මේකි ඒකටත් හිනා වෙලා... උඹනං යන්නම ඔනේ... එක්කො මමම යන්නං

    කතන්දර : අන්න ඉතිං තව ලියන්නයි යන්නෙ
    අසරණයා : සහතික ඇත්ත..

  • සයුරි says:
    January 5, 2012 at 10:28 PM

    අපොයි පාරේ කෙල ගහන අයනම් පේන්න බෑ මට. කෙල ටික ගිල්ලනම් ඉවරයිනේ තැන තැන කෙල ගහන්නේ නැතුව...

  • duliponline says:
    January 8, 2012 at 1:21 AM

    මට වෙලාවකට හිතෙනව මේව කියවන මම ආපහු මොන්ටිසෝරි යන්න ඕනෙද කියලත්

  • නරකයා....!! says:
    January 9, 2012 at 8:07 PM

    සයුරි : මගේ හොඳම යාළුවෙකුත් ඉන්නවා ඔය වැඩේ කරන කොච්චර කීවත් අහන්නෙ නෑ...

    ඕනයා : උඹනං ලොවෙත් යන්න ඔනේ තමයි... ආයෙපාරක් ඉස්කොලෙත් යන්න පුලුවන්නං හොඳයි

  • yuga says:
    January 20, 2012 at 9:48 PM

    මොන මගුලක්ද මාත් ආයි යනවා මොන්ටිසෝරි

  • නරකයා....!! says:
    January 24, 2012 at 10:12 AM

    හුක් හුක් ... පලයන් පලයන්... හැබැයි ටීචර්ව බේරලා...

  • Anonymous says:
    May 10, 2012 at 7:17 PM

    කතාව නම් සහතික ඇත්ත.

Post a Comment

Followers