1.07.2012

හොඳට නරකට පැටැලෙන කට


කට නිසා ගොඩ යන උන් මෙන්ම කෙලව ගන්නා උන්ද බොහෝ වෙති... හදිස්සියට කට පැටලෙන උන් මෙන්ම බොරු කියන උන්ගේද කට පැටලෙන මුත් අපේ අයියා ගොසරූව දැමීමෙන් පසුව දුරකථනයෙන් කතා කලත් ඔහුගේ කට පැටලෙන නිසා "අදනම් මෙකා බීලා වරකො ගෙදර..." යි අම්මා පවසණු ඇසිය හැක... ඇය කියනා ආකාරයට බොන උන්ට වැදුනයින් පසු කට පැටලේ.. 

මේ කියන්නෙ පච බංකුවල.. ආට් එකේ සිරීපාදෙ.. කෙල්ලො කොල්ලන්ගේ කටවල් පැටලීම් නොව දිව පැටළී වචන නිරායාසයෙන් දොට්ට පැනීම පිළිබඳවය... 



11 වසරෙදි මගේ හිතේ හිටපු කෙල්ලව සෙමිනා එකේ පස්සෙන් ගිහින් අම්මට මාට්ටු වෙනකං මනො පාර අපූරුවට වැඩ කලේය.. 
දවසක එකෙක් මට ඉතා රසවත් වූ ආරංචියක් රෑගෙන ආ අතර උපදෙස් අනුව වැඩ කල හැකිනම් අනාගත සහකාරියව හීනෙන් පෙනේ යැයි පවසා ඌ වාශ්ප විය... 
සිද්ධියනම් තරු 108ක් ගණන් කර කතා නොකර නිදා ගැනීමය.

මම ඔවැනි දැ විස්වාශ නොකලත්  රෑ  පින්නේ.. උඩ බලාන බෙල්ලෙ පොට පනිනකං අහසේ තරු ගණන් කලෙමි... වැරදුණු විට නැවත මුලසිට ගැනිය යුතුය නොඑසේ නම වෙන කෙල්ලෙකක් පෙනෙන්නට ඉඩ ඇත... තරු ගණින තාක් "අනේ අරකිවම දැකපන්..!! ඒකිවම දැකපන්..." මටම කියාගනිමින් තරු ගැන්නා වුවද ඉන් පසුව කතා නොකර නිදා ගැනීම රියල් ගේමයි... 
කුස්සිය පැත්තෙන් ගෙට ඇතුළු වී.. කාමරයට රිංගා ගත් පසුව බූලා ද කාමරයට ආවෙමුත් මා ඌ එලවීමටවත් වචන පාවිච්චි නොකලේ මහන්සිය ලිපට දැමීමට අකමැති හෙයිනි.. හෙමින් ඇඳට ගොඩවද්දීම "කාලා නිදාගන්න..."යි අම්මා මා ඇමතූවාය... මුවින් වචනයකුදු නොදොඩා අසන අතොරක් නැති ප‍්‍රශ්ණ වලට ඔලුවෙන් උත්තර දෙමින් ගොස් කෑම ටික ඉක්මනින් ගිල ඉතුරු වූ පොලොස් කෑල්ල වීසි කිරීමට සැරසෙන විට කිරි අම්මා මා ඇමතුවාය
" පුතා මාලු  විසි කරන්න එපා දෙන්න බල්ලට අනන්න...." 
"නෑ මේ පොලොස්.... "
වැඩේ හබක්ය.... දැන් ඉතින් ඇමරිකන් ෆිල්ම් එකක නිළියක් මතක්කරගෙන නිදා ගත යුතුය..

සුබාෂ් ඉඳ හිට සිගරට් ඉරුවත් වැදගත් තැනට මුල් තැන දෙයි... කොටින්ම කෙල්ල බලන්න යන්න කලින් දුම් බීවොතින් අනිවා දත් මැදීමට හේ අමතක නොකරයි එවන් දිනක කෙල්ල හා ඇතිවූ සංවාදය මෙසේය...


"ආහ්.... මොකද පරක්කු උනේ ... "
"පරණ යාලුවෙක් හම්බ උනා"

"එන්නකො උම්මා එකක් දෙන්න....."
"ඇයි ඔයා මං කියන දේවල් අහන් නැත්තේ... "
"ඇයි මොකද.......??"
"සිගරට් බිව්වා නේද.......??"
"පිස්සුද මම දතුත් මැදලනේ ආවේ.........!!"




 මට මතක ආකාරයට අයියා කෙල්ලෙක් ව දාගත් බවට අම්මාට මාට්ටු වූවෙ 12 වසරෙදිය... මම ගෙදර යනකොට කේන්තියෙන් අයියාට අවවාද කරන අම්මාගේ සද්දයද... ඇය සමග ගෝරි අල්ලන අයියාගේ සද්දයද මට හොඳින් ඇසේ...
"ඇටකිච්චා වගේ ඉඳගෙන..... මගුල් විසේ ගහලා..."
"අම්මා ඉතින් මගුලක් කතා කරනවා..."
"තමුසෙ කරන වැඩ වලින් මම කොහොමද මූන දෙන්නෙ... ඔ්වා පුලුවන් පස්සෙ... දැන් විබාගේ කරලා ඉන්නවා..."
"කවුද අම්මට ඔය බොරුව කිවුවෙ..."
"කියපුඑකාගෙන් වැඩැක් නෑ මට ආපු ආරංචිය ඇත්තනේ... උස කෙල්ලෙක් එක්ක යාලුවෙලාලු තමුසේ..."
"උස නෑ..."
කතාව එතනින් ඉවර විය..



12 අදහස්..:

  • ලෝකයා... says:
    January 7, 2012 at 12:17 PM

    යකෝ මට කලිසම ඇඳලා පාරේ යන්න ඕනේ.....
    මම ඌ නෙමේ මම වෙන එකෙක්........
    එළ පෝස්ට් එක...

  • තාරක Dilsh@n says:
    January 7, 2012 at 4:05 PM

    උස නැති කෙනාට උසයි කියද්දි මල පනින්නේ නැද්ද කියහන්කෝ.. :D

  • සිතූ - Sithu - says:
    January 7, 2012 at 4:08 PM

    hahaa...:))

  • රාජ් says:
    January 7, 2012 at 5:28 PM

    //දැන් ඉතින් ඇමරිකන් ෆිල්ම් එකක නිළියක් මතක්කරගෙන නිදා ගත යුතුය..// ඒ මක්කටැයි?

  • ඉන්දික උපශාන්ත says:
    January 7, 2012 at 6:34 PM

    අය්යාගේ උස කෙල්ල ගැන ඇසූ විට මෙය සිහිවිය.

    ඇම්ඩාගේ අය්යාට මඟුලක් කර දුන් පසු ඇම්ඩාද කොඩි ගහ දමා නිදා උන්නේ එය දැක අම්මා තමාටද මගුලක් කර දේ යයි සිතාය. එහෙත් ඒ දුටු අම්මා "පොඩි පුතා ගිහින් චූ කරල ඇවිත් නිදා ගන්න "

  • ලහිරු says:
    January 7, 2012 at 7:04 PM

    බැන්ද ජෝඩුවක් ඔන්න රෑ කතා වෙනවලු. වයිෆ් අහනවලු ඔයා මම මරුනොත් ආයේ බඳිනවද කියලා. මෑන් කිව්වලු කවදාවත් නෑ කියලා. ඊටපස්සේ වයිෆ් කිව්වලු එහෙම උනොත් මගේ සාරි ටිකත් ඔක්කොම එයාට දෙයි නේද කිව්වලු. මෑන් එකපාරටම කිව්වලු එයා සාරි අඳින්නෑනේ කියලා....

  • නරකයා....!! says:
    January 7, 2012 at 9:02 PM

    ලෝකයා...: ආ.. සොරී.....

    තාරක Dilsh@n : සිරාවට

    සිතූ - Sithu - : පැමිනීම අගය කරමි

    රාජ් : ඇයි බොලේ දැන් මම රූට කෙල්ලෙක්ව හීනෙන් දකින්න හිටිය වැඩේ අබ්ලික් උණා නෙව...

    ඉන්දික උපශාන්ත :ඇම්ඩාගේ ඔය කතාව කියවද්දි මට හිතුනෙ ඔ්නයාට වෙච්ච වැඩක් වගේ ඇයිද මන්දා..

    ලහිරු : මාත් අහලා තියෙනවා ඔයවගේ වෙන වර්ශන් එකක් එකක්...

  • Dinesh says:
    January 7, 2012 at 9:20 PM

    කට බොරු කිවුවත් දිව බොරු කියන්නේ නෑ කියනවනේ... :)

  • duliponline says:
    January 8, 2012 at 1:27 AM

    //ඉන්දික උපශාන්ත :ඇම්ඩාගේ ඔය කතාව කියවද්දි මට හිතුනෙ ඔ්නයාට වෙච්ච වැඩක් වගේ ඇයිද මන්දා..//
    ඈ යකෝ . . . ‍තෝ අහවල් දේකටද මේකට මේ අහක ඉන්න අහිංසක මාව ගාවගත්තෙ ???

  • අසරණයා says:
    January 8, 2012 at 9:25 PM

    අඩෝ..තාරුකා සස්තෙරේ කලින් දැනගෙන උන්නේ නැහැ නේ.චික්.මල්ලි වගේම නැතෑ අයියා.

  • සිත්රූ සිහින says:
    January 9, 2012 at 10:23 AM

    මාලු නෙමෙයි පොලොස්..:D අයියෝ අපරාදෙනෙ බෙල්ල රිදෙනකන් තරු ගනන් කලේ..:D

  • නරකයා....!! says:
    January 9, 2012 at 4:21 PM

    Dinesh :සිරාවට
    නන්නාඳුනන්නී : :ඩී
    අසරණයා : කරලා බලපන් ලොවෙත් හරියනවා
    සිත්රූ සිහින : අන්තිමට හීනෙන් පෙණුනෙ නෑ ඉතිං එකක් සෙට් කරගන්නම උණා

Post a Comment

Followers