11.27.2011

බැහැයි කියලා බෑ....

"ආ...පෝ ලංකාවනං......!"
"අප්පෝ මේක ඉතිං ලංකාවනේ...!! "
"ලංකාවේ එවුන්නං බං.....  කවදාවත් හැදෙන්නෙ නෑ... "
"අඩේ එහෙනං එහෙම නෑ...!! "
"ඔන්න ලංකාව....." 


ඒ දවස් වල මට ඔව්වා ඇහිලා එපා වෙලා තිබ්බෙ... මං වැඩ කරපු තැන පියන් අංකලුයි තේ හදපු ඇන්ටියි මායි ඇරුණාම අනිත් උන් ඔක්කොම පිටරටක අවුරුදු 5ක්වත් හිටපු එවුන්... වෙන රටකට කියලා රජරට විතරක් ගිහිල්ලා තියෙන මම සමාජ ඉරිසියාව ජාතිමාමකත්වය බවට පෙරළගෙන නිසා හෝ.... මම ලංකවේ විදියට ආදරෙයි සහ ලංකාවට අනං මනං කියනවට කැමති උණේ නෑ.. 
එක දවසක් එකෙක් දුවගෙන ඇවිත්... 
"ලංකාවනං පට්ටයි බන් මෙහේ බෑ කියලා දෙයක් නෑනෙ..." 
කියපුවාම මට ඇති වෙච්චි සතුට හප්පේ...... 


මූ මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවට..., තේරෙන සිංහලෙන්නම්.. RMV එකට ගිහින් තියෙනවා ඔන්න වැඩකට... වැඩේ මොකද්ද කියන එක ඇත්තටම වැඩක් නෑ... එතන හරි පිලිවෙලට වැඩකෙරුනු තැනක්.. පිලිවෙලට ගිහින් නොම්බරයක් ගන්න ඔනේ... ඊට පස්සෙ නොම්මර පිලිවෙලට කතා කලාම එතන ඉඳන් වැඩෙ පිලිවෙලට කරගෙන යන්නයි තියෙන්නෙ.. ඉතිං මෙ මනුස්සයාගෙ ග‍්‍රහචාරෙ තරමට ලැබුණෙ නොම්මර 516 ලු.. ඉතිං පස්ස රත්වෙනකං ඉඳගෙන මූණ ආම්ලාකාර වෙනකන් හිටියට පස්සෙ නොම්මර කියවන කෙල්ලගෙ කට ගාවට කණ ළං කරලා බැලුවලු දැං කියවෙන්නෙ කීවෙනි නොම්මරෙද කියලා... අංකෙ 68 මුන්දැට අහවල් තැනින් ඉක්කාවක් ගියාලු... ආයෙත්නම් වාඩි වෙලා ඉන්න බෑ කියලා දැඩි අධිෂ්ඨාන කොරලා එළිපහලියට යන්න හැරුණා විතරයි දැකලාවත් නැති බුවෙක් ඇවිත් දන්නවා වගේ කතාවට වැටුණලු... එක අදහස් ඇත්තෝ එකට සැරි සරති කියනවනෙ...


"මහත්තයා මොකෝ මෙ පැත්තේ......" බැලූ බැල්මට කාක වර්ණ දෙහදාරී පොරක්.. 
"මම මේ..... ලයිසම මොකද්දෝ එකක් කරගන්න ආවේ....." 
"කීයද නොම්බරේ... න්සිය ගණන්ද හප්පා අද කර ගන්න වෙන්නෙ නෑ...." 
"කරගන්න විදියක් ඇත්තෙම නැද්ද.....??"
"පුලුවං ක‍්‍රම දෙකක් තියෙනවා.... එක ක‍්‍රමයක් 1500 යි අනික 1700 යි... කොහොමද ඔ්නේ... 


මේ කාලේ හැටියට රු200 ක් කියන්නෙත් වටිනවා... 
"1500 පැකේජ්  එක මොකද්ද... "
"මෙහෙමයි මම දෙනවා ඔයාට වී අයි පී(VIP) ටෝකන් එකක්... ඔයා ඒක පෙන්නගෙන යන්න..... පොලිමේ ඉන්න ඔනේ නෑ.... වැඩේ කෙරෙයි රුපියල් 1500ක් මට දීලා යන්න...., අනික මට ඔයාගෙ නොම්මරෙ දෙන්න මම ඔයාට වෙන්න ඔනෙ විදිය කියන්නම්...."  


මූ ළග තිබ්බ ජනේල් වීදුරුවෙන්, මූන බලලා හිතුවලු VIP ටෝකන් ගත්තොත් මේ මූනේ හැටියට මාට්ටු වෙනවා... කකුල් දෙක මැඩලින් ගැහුවොත් වහෙම... අඳුනන කෙනෙක් ආවොත්..... 
"මට 1700 එක දෙන්න....." 
"රායිට්....!! මම කෝල කරන්නම්...."කියුවලු... පොර සල්ලිත් අරන්, මොකක්දෝ එකක් ලියපු කොලකැල්ලකුත් අතට දීලා.... පාස්වර්ඩ් එක නැතිකරගන්න එපා..... කියාගෙන ගියාලු...... ටික වෙලාවකින් කෝල් එකක්.... 
පොරට කීවලු පළවෙනි දොර ගාවට ගිහින් එතන සිකියුරිටිට කියන්න සුමිත් මහත්තයා හම්බෙන්න ආවෙ කියලා.... මූ ඒවිදියටම කලාලු.... 
"එ.. එන්න මහත්තයා මෙහන් යන්න අර දොරෙන්...." මූ ඊළග දොරගාව...... සික්කා සැර උනාලු.... "කොහෙද යන්නෙ..." 
ෆෝන් එකෙන් උපදෙස් එනවා..... සෆ්රාස් මහත්තයාව අහන්න....... 
"මේ සෆ්රාස්.......??" 
"ආ... එහෙම කියන්න එපායැ.... අර අතෙන්ට යන්න...." 
එතෙන්ට ගියාම එතන මෙඩිකල් රිපෝර්ට් දෙන තැනලු ඔන්න එතන ඉන්න බුවා කියනවලු 
"හ්ම්... ඩොක්ටර් හම්බෙලා රිපෝට් එක ගන්න 100යි...., හම්බෙන්නෙ නැතුව ගන්න 150යි.." 
මූ රිපෝට් එකත් අරන් ෆෝන් එකෙන් එන උපදෙස් පරිදි වැඩෙ කරගෙන ගිහන් අන්තිමට ආවලු දිග පෝලිමකට.... අරූගේ කෝල් එකත් කට් වෙලා.... මූ දැක්කලු එතන කවුන්ටරේ හිටපු පොරට කෝල් එකක් ඇවිත්... ඊට පස්සෙ පොර කැගහනවලු 
"ඔය ඔතන රතුපාට එකක් ඇඳන් ඉන්න මහත්තයා පොඩ්ඩකට එන්න..." ඒ කියන්නෙ කතා නායකයා ගැන.... මෙයා ඉස්සරහට ගියාම... 
"කෝ ඩොකියුමන්ටස් ටික දෙන්න මෙහාට... යටින් පාස් වර්ඩ් එකත් එක්ක එවන්න..." 
හැමතැනම කැමරා හයිකරලා ඒවට පේන්නෙ නැතිවෙන්න පොර පාස්වරඩ් එක කියවලා වැඩේ සින් ගාලා කරලත් දුන්නලූ... එතනින් පාස් උනාම තියෙන සුළු සුළු වැඩ ටිකත් ටක්ගාලා කරගෙන එළියට ආපුවාම අර මනුස්සයා ආයෙත් හම්බෙලා..... 
"හරි නේ වැඩේ ඔනේ වැඩක් තියෙනම් මට කියන්න..... ඔ කොරෙකුට කොටෙකුට  ලයිසන් උනත් අරන්දෙන්නං... රු 13000 යි ඔනේ..." කියලා වාශ්ප වුනාලු....


"බලපන් දැං ජපානේ බෑ කිවුවොත් බෑම තමයි මෙහෙ එහෙම නෑ.... මොනවා හරි ක‍්‍රමයක් තියෙනවා වැඩේ කර ගන්න...."
"ඔන්න ලංකාව....." 





ප.ලි
නම් ගම් සහ සිද්දි සියල්ල සත්‍යය වේ.....

12 අදහස්..:

  • Anonymous says:
    October 6, 2011 at 12:09 PM

    මට තේරුනේ නෑ නෙ - අල්ලස් ද?
    :පි

  • නරකයා....!! says:
    October 6, 2011 at 12:17 PM

    ඒ වගේ තමයි.... V.I.P ටෝකන් සාමාන්‍ය මිනිස්සුන්ට දෙන්නෙ එහෙමලු....
    කතාව ඉක්මනට සම්පූර්ණ කරනවා...

  • Anonymous says:
    October 7, 2011 at 11:16 AM

    කෑලි කෑලි ලියන්න හිතුවේ වෙලාව නැති හින්දා නේද? හැබැයි දැන් මේක කියවද්දි නිකන් කොටස් වශයෙන් විකාශය වන ටෙලියක් වගේ...

    හරි යන්නේ නෑ. හරියන්නෙම නෑ...

  • Anonymous says:
    October 12, 2011 at 2:32 PM

    ඇත්ත තමයි....... චාටර්.....

  • නරකයා....!! says:
    October 12, 2011 at 2:33 PM

    හරි හරි... මෙ ලියනවා මෙ ලියනවා...!!

  • නරකයා.... says:
    November 27, 2011 at 12:05 PM

    යන්තම් ලියලා ඉවර කලා..... පොඩි පොඩි වෙනසකමුත් එක්ක...

  • duliponline says:
    November 27, 2011 at 1:37 PM

    පාස්පෝට් කන්තෝරුවයි අයිඩෙන්ටිටි කන්තෝරුවයිත් ඔය වගේම තමයි මචෝ

  • නරකයා....!! says:
    November 27, 2011 at 1:59 PM

    @ඕනයා
    හැබෑට......????
    ඔන්න ලංකාව....

  • KC says:
    November 27, 2011 at 6:54 PM

    ඔන්න ලංකාව.....

  • නරකයා....!! says:
    November 27, 2011 at 9:10 PM

    ඒකනේ කියන්නෙ... හැබෑටම මොකක්ද KC කියන එකේ තේරුම...

  • Niroshan says:
    November 28, 2011 at 5:55 AM

    මගේ පලවෙනි පොස්ට් එක..

    ලියන විදිහ ඉස්තරම්. ඉදිරියටත් ලියන්න ..සුබ පැතුම්

  • නරකයා....!! says:
    November 28, 2011 at 9:46 AM

    බොහොම ස්තුතියි.........!!

Post a Comment

Followers