11.25.2011

පෝස්ට් එකට වඩා හොඳ..... ප‍්‍රතිචාර...

සමහර බ්ලොග් වලට වඩා ඒවායේ කොමෙන්ට් කියවන එක ආතල්.... තේරුමක් නැති කතාවෙද කොහෙද එක පෝස්ට එකක් මං දැක්කා පේලි හතරක ලස්සන කවියක්.... ඒකට දාලා තිබ්බ කොමෙන්ටුවේ පේළි 54ක් තිබ්බා... හෙවනැල්ල පෝස්ට් එකට දිනුෂි දාලා තිබ්බ එකත් ඒ වගේ..... ඒක කීප වාරයක් කියවලා ලස්සනයි කියලා හිතුන නිසා මට අනිත් අයටත් පෙන්නන්න හිතුණා.... පහලින් තියෙන්නෙ දිනූෂිගෙ අදහසක්.....





උඹ යාන්තම් දනගාද්දි
මම උඹේ පස්සෙන් දුවගෙන ආව
ඒ උඹව ඉස්සර කරන්න නෙවෙයි
උඹේ වැටුනොත් මට රිදෙන නිසා
උඹේ හෙවනැල්ල පෑගෙද්දි
මම පැත්තකට උනා
ඒ උඹට රිදෙයි කියල
ඒ කාලෙ මම හිතුවෙ එහෙමයි

අද උඹ මටත් වඩා ලොකු වෙලා
මගේ කරට අතදාගෙන
ලොක්කෙක් වගේ පාරදිගේ යද්දි
උඹට වඩා සතුටු උනේ මම
මම උඹෙ දිහා හොරෙන් වගේ බැලුව

ඔහේ කියවනව
අරූ ගැන, මූ ගැන, අරකි ගැන
ඉස්සරවගේ හුරතල් කටහඬක් නැතත්
තාමත් මම ආසයි අහගෙන ඉන්න
ඉස්සර වගේම
ඒක මට කොච්චර වදයක් උනත්....

මුලු ලෝකෙම එක්ක තරහවෙලා
මුල්ලකට වෙලා උඹ අඬද්දි
මට හිතුන මුලු ලෝකේම ඉවරයක් කරන්න
එත් මට බැ ඒක කරන්න කියල උඹ දන්නව
උඹ දන්නව ඒත් උඹට කවුරු නැතත් මම ඉන්නව කියල
ඒකයි උඹේ ඔච්චර ලොකුව
එහෙම නේද???????????

මෙ මගේ අක්ක මං ගැන හිතපු හැටි
කවිය ලියුවෙ මම උනාට මම මගේ අක්කගෙන් දැක්ක දේ තමයි මේ.......

1 අදහස්..:

  • Anonymous says:
    December 27, 2011 at 10:27 AM

    matath me scn eka me widiyatama wela thiyenawa machan,,mage akka mathakwenakota andennaa wage mata ,,
    -ROX

Post a Comment

Followers