11.22.2011

බ‍්‍රව්න් බ‍්‍රදර්ස්..

අපේ අම්මා හරි ගැඹුරු චරිතයක්... මගේ හිතේ  ඉපැදුණු සමහර අදහස්.... කවි විදියට කලින් දැම්මා... වෙලාවකට හරි සැරයි... මට ප‍්‍රසිද්ධියෙම බැනපු අවස්ථාත් තියෙනවා... හැබැයි ඉක්මනට හිත උණුවෙනවා... 
එයා විදුහල්පති වශයෙන් සෙවය කරන්නෙ ටිකක් විතර දුර ඉස්කෝලෙක... 'චැලි' වර්ගයේ බයිසිකලේකින් තමයි ඉස්කෝලෙට ගියෙ.... 
වෙසක් මාසේ දවසක අම්මා දැකලා තියෙනවා අම්මා යන පාරෙ තැනකට බලුපැටව් දෙන්නෙක් ගෙනත් දාලා... බණ්ඩිය බිම වැදි වැදී ටික දුරක් පස්සෙන් ආවලු... අම්මට දුක හිතිලා බැණ බැණ හිටියා ගෙනත් දාපු මිනිස්සුන්ට... 
ඊළග දවසෙ එයා යනගමන්... දවසක් විතර කන්නත් නැතිව, අම්මගෙන් කිරිත් නැතිව ඉඳලා හාමත් වෙලා  හිටපු මුන් දෙන්නාට..... දවල්ට කන්න අරන් ගියපු කෑම එක දුන්නලු.... ඔහොම හැමදාම ඔය විස්තර මාත් එක්ක කිය කියා හිටියා... 
එයා වෙසක් දවසෙත් ඉසකොලෙට ගියා... මොවදෝ වැඩ වගයකට... අම්මා හවස ගෙදර එන සද්දෙ ඇහුණා.... වෙනදට වඩා වෙනස්... වෙගෙන් එනවද කොහෙදෝ... අම්මට ඔහොම බයික් අරන් යන්න එච්චර පුරුදු නෑ ගෑණු කෙනෙක්නෙ මොනවා උණත්... මම එළියට බැහැලා බැලුවා.. බයික් එකේ හැඬල් එකේ බර මල්ලකුත් එල්ගෙන  වේගෙන් එනවා වැනි වැනී... අම්මටත් එකපාරට නවත්ත ගන්න බැරි උණා..  වේගෙ අඩු උණාට ඉස්සරහා දොරෙ ගැට්ටෙ වැදිලා තමයි නැවතුනෙ... එතකොටම මල්ල කඩාගෙන ගේ ඇතුලට වැටුණා... මේ  මොනවද...එහෙම අහනකොටම මල්ලෙන් එලියට බළු පැටියෙක් ආවා... අම්මා මට සීන් එක විස්තර කලේ මෙහෙම... 


"මං එන කොට අර බල්ලො දෙන්නා මගේ ඉස්සරහට ආවා... අද කෑමත් නෑනෙ... මට ඉතිං ගේන්න හිතුණා.. මං එකෙක්ව වඩාගත්තා ගේන්න විදියක් හිතාගන්න බෑ....  පාර මම එතන කඩෙට ගිහින් රු5ක් දීලා මේ චූටි බෑග් එක අරං කට දැම්මා... ඉතිං අනිත් එකා අඬ අඬා පස්සෙන් එන්න ගත්තා..... ඒ උණාට දෙන්නෙක් දාන්න මල්ල ඉඩ නෑ... මම මේකව මල්ලෙන් එළියට අරන් ඌව සිරස්ව දැම්මා..අත්දෙක මල්ලෙන් එළියෙ... ඊටපස්සෙ අනිකවත් එහෙම්ම දාලා පොඩ්ඩක් ගැස්සුවාම හොඳට හිර උණා..කවුරුත් දකින්න කලින් මං මෙ වෙගෙන් ආවෙ..." 
එහෙම කියද්දි තමයි තව එකෙක් එළියට ආවෙ... පොඩි මල්ලෙහිටියෙ කොහොමද කියලා හිතා ගන්න බෑ... මොනවා උනත් මරු ඩබල... එකම වගේ.. නිවුන්නුද කොහෙද... අපේ අයියාමල්ලි වගේ..... අපි උන්ට නම දැම්මා බ‍්‍රව්න් බ‍්‍රදර්ස්.. කියලා ඒත් ඒ නම අපේ කිරිඅම්මාට කියවගන්න බැරි නිසා පස්සේ ගෝමස් කියලා දැම්මා...

9 අදහස්..:

  • duliponline says:
    November 22, 2011 at 9:38 PM

    නියම වැඩක් අම්ම කරල තියෙන්නෙ . . . .
    මම කාලයක් යාලුවෙලා හිටිය මහරගමට ටිකක් එහා හිටපු කෙල්ලෙක් එක්ක. එයා සත්තුන්ට හරිම ආදරෙයි . . . . එයාලගෙ ගෙදර පුරෝල බල්ලොයි පූසොයි . . . ඔක්කොම පාරෙං ගෙනාපු එවුං . . . නියම සීන් එක කියන්නෙ මෙයා පාරෙං ගේන බල්ලො ඔක්කොම කනා‍ටු වෙලා මැරෙන්න ඔන්න මෙන්න කියල ඉන්න එවුං . . . ලෙඩ වෙලා මැරෙන්න පන අදින එවුං . . . එහෙම ගෙනල්ල උංව නාවල, බේත් කරල, කෑම දීල මැරෙනකංම බලාගන්නව . . .

  • Anonymous says:
    November 23, 2011 at 8:48 AM

    අම්මලා හැම තිස්සෙම ඔහොම තමා. එකනේ එයාලට අපි අම්මා කියලා කියන්නේ.. මොනවා වුනත් අන්තිමටම දාපු නම නම් ෆ්ට්ට !!!!

  • නරකයා....!! says:
    November 23, 2011 at 7:19 PM

    @ඕනයා : එයා සත්තුන්ට ආදරෙ නිසාද ඔයාටත් සෙට් උණේ....
    ලොල්....
    විහිළුවක් හොඳේ....


    @Anonymous : ගෝමස් කියලා දැම්මෙත් මරු හේතුවකට... උං පාරෙ ඉඳලා ජරාව කාලා පුරුදු වෙලා කාලයක් යනකං අම්මා මල් පෝච්චි වලට දාපු ගොම පොහොර ටික බේරන්න බැරිව හිටියා......

  • Anonymous says:
    November 24, 2011 at 2:24 PM

    oya liyana widiya nam niyamai

  • නරකයා....!! says:
    November 24, 2011 at 3:12 PM

    @Ano : Thank you ano...

  • MP ya says:
    November 30, 2011 at 1:32 PM

    &%*$*(#)*!(#@ adooo kohenhari mata arinawa neda

  • නරකයා....!! says:
    November 30, 2011 at 5:28 PM

    @MP.... ගෝමස් heh heh.....

  • වර්ණා says:
    December 17, 2011 at 9:51 AM

    අම්මා හරිම හොදයි. අපේ අම්මාත් එහෙමයි..

  • අසරණයා says:
    December 19, 2011 at 11:10 PM

    මචන් උඹ දාන හැම පොස්ට් එකටම හිනා කාල මැරෙනවා.

Post a Comment

Followers