11.07.2011

ඉස්කොලෙ යනකාලේ

ඉස්කොලෙ යනකාලේ අනේ ඇත්තට කොච්චර අපූරුද..!! කිසි බරක් පතලක් නැතිව, මං කියන්නෙ පොත් බෑග් එක ඇරෙන්න.. හරි සැහැල්ලුයි, උදේ ට නැගිටින්නයි... නැගිටලා ඇඳෙන් බහින්නයි.... මූන හෝදන වැඩ ඇරුනාම මාර සැහැල්ලුයි.
පොත් බෑග් එකේ බර අඩු කර ගන්න මුලදිම කලේ අච්චු පොත් ටික ගේන්නෙ නැතිව හිටපු එක... එක එකා ගේ පස්සට වැඳ වැඳ පොත් ඉල්ලපු ඒකයි, අයියා මල්ලිගෙ චිත‍්‍ර කතා ඇඳපු පොත ලග තියන් ඉඳලා අම්බානක කාපු එකයි... මට ඒ වැඩේ එපා කෙරෙව්වා.....!! මම පොත් ටික ඉස්කොලෙන් තියලා ආවා.. කවුරු මොනවා කීවත් මං මගෙ පොත් වලට ආදරෙයි... මොකෝ ගෙදර ගෙනියනවට වඩා පරිස්සං...
මගේ බෑග් එකට පටියක් තිබ්බෙ නෑ එල්ල ගන්න.. කඩෙන් ගද්දි තිබ්බා.... දවසක් බයිසිකලෙන් යද්දි පොත්වල බරට වෙලට කඩා ගෙන වැටුන දවස වෙනකන්ම...! හොඳ වෙලාවට වෙලේ වතුර තිබුණෙ නෑ.. මඩ විතරයි..
බෑග් එක ලගෙජ් එකෙ තියා ගෙන මම උජාරුවට ඉස්කොලෙ ගියෙ.. අයිගෙ දඩුමොණරෙ චේන් එක කැඩිලා මගෙත් එක්ක යන්න ගත්තාම දිගට හරහට පරක්කු වෙන්න ගත්තා.. මොකො උගෙ ගැට්ට මෝරණ කාලෙනෙ, මට තමා ඒකෙනුත් කෙල උණේ... උදේට ගිහින් පිට්ටනියෙ වල් ගලවලාම පන්තියට යන්නෙ... මෙයා මාව ෆුටාර් එකේ පොල්ලෙන් තියාගෙන... උගෙ පොත් ටික මගෙ අතට දීලා.. මගේ බෑග් එක ලගෙජ් එකේ තියාන පාගනවා... 
පයිං යන උන් අපිව පහුකරන් යනවා අම්මපා මූ පාගන වේගෙට...!! කඳු ගැට පාලං මුඳුනට එද්දි අනිවා ප‍්‍රවෙගය ශුන්‍ය වෙනව බොහො වෙලාවට... කකුලක් බිමින් තියලා වාරු අරන් තමා ඉතිරි ටික යන්නෙ.. ඔහොම, පාලමක් උඩ ඇට්ටිම්බෙන් දත් මැද මැද හිටපු කොල්ලෙක්වත් පෙරලගෙන ඇලට වැටෙනකං අපි සතුටින් ආවා...
මගෙ පොත් ටික ගොඩගන්න මං වින්ද දුකක්..!!
ඊට පහුවදා ඉඳලා එතනින් යනකොට ඇට්ටිම්බගෙ මහ එකා ඉඳගෙන කෑ ගහනවා... "පුතා මෙන්න එදා ඇළට වැටිච්චි මෝඩයෝ දෙන්නා එනව" කියලා...
පුරුදු විදියටම ෆුටාර් එකෙ තාලෙට වලවල් ගල්කැට ගොම්බෙටි අතරින්..... මම ගෙදර යනකොට... කවුරු හරි ගොං වස්සෙක් හරකෙක් බැඳලා පාර හරහට...!! මං හරක්ට ටිකක් කැමති නෑ... දැං කරන්න තියෙන හොඳම වැඩේ හරකා දකින්න කලිං ඔතනින් මාරු වෙන එක.. කෝකටත් උගෙ පස්සා පැත්තෙං යන එක තමා හොඳම වැඩේ.. අං දෙක වදිනවට වඩා නැට්ට වදින එක ෂේප්... මං උගෙ වලිගෙ අරය වන වෘත්ත චාපයක් ඇඳ ගත්තා මගෙ හිතෙන්.. දැං ඔක ඡේදනය නොවෙන්ඩ... උපරිම වෙගෙන්.. හිටගෙන... පාගද්දි... දඩස් ගාලා සද්දක් ආවා....!! හරකට බයෙ පපුව ගැහෙන සද්දෙ හරි, පාරෙන් උපරිම අයිං කරද්දි බයිසිකලේ වලට වැටුණු සද්දෙ හරි, දෙකෙන් එකක්... කොහොම හරි ගොනාව පාස් කරපු සතුටට මම ඌට කෝචොක් එකක් දාන්න පස්ස හැරුනා... ඌ උගේ පාඩුවෙ තණකොල කකා ඉන්නවා... පවු....
හුටා.....!!!
මගෙ බෑග් එක උගෙ කකුල් දෙක ගාව... මිනිස් පුලුටක් නැති පාරෙ බයිසිකලෙ නවත්තගෙන ඌ එතනින් අයිං වෙනකන් හිටියට.. මට තිබ්බ හදිස්සිය ඌට තිබ්බෙ නෑ...!!!

10 අදහස්..:

  • Anonymous says:
    November 7, 2011 at 12:09 PM

    haha.... pajathai... hodama eken....

  • yasas says:
    November 7, 2011 at 1:43 PM

    sirawatama.... ලියලා තියෙන විදිය නම් මරු. යකෝ මේවා අන්තිම පේලියේ ( http://tlr.thelastrow.net/ )දාපන්.

  • නරකයා....!! says:
    November 7, 2011 at 1:48 PM

    ස්තූති වෙවා... ඔබ දෙපලටම.... අන්තිම පේලිය ගැන දැනගෙන උන්නෙ නෑ... :ඩී

  • Unknown says:
    November 7, 2011 at 4:25 PM

    ඉතින් ඌ උඹේ මල්ල උඩට ගොම තැම්බක් අතඇරියැ වෙද මයෙ හිතේ....?

  • නරකයා....!! says:
    November 7, 2011 at 4:27 PM

    නෑ නෑ... ඌ උඹ තරං පඩත්තල වැඩ කොරණ එකෙක් නෙවි...

  • Anonymous says:
    November 7, 2011 at 4:54 PM

    ඔව් ඉතින් උබල එක්ක බලද්දි උගේ පඩත්තල කම් කොහොමත් අඩුයි . මොනා උනත් SWEET story එක.

  • නරකයා....!! says:
    November 7, 2011 at 8:36 PM

    mama, Fairy Owner,Anonymous..... අනේ මන්ද මුන් තුන්දෙනාගෙ නම් ටික බැලුවාමනම් තේරෙන්නෙම එකෙක්ම වගේ... මට හිතා ගන්න පුළුවන්...... තැංකුයි මචෝ....

  • Dude says:
    November 10, 2011 at 9:34 AM

    නරකයටත් වෙන දෙවල්. මම මේ අන්තිම පේලියෙ ලින්ක් එකෙන් ආවෙ. මාත් අහල තියෙනව ඔහොම සූත්‍රයක්. හරකගෙ නැට්ටෙනුයි බල්ලගෙ හොම්බෙනුයි තමයිබයික් එක ඉස්ස්සර කරන්න ඕනෙ. මොකද හරක රිවස් කරන්නෙ නෑලු. නමුත් බල්ල එහෙම නෑලු.
    henryblogwalker the Dude

  • නරකයා....!! says:
    November 10, 2011 at 11:54 AM

    හරක් පුකෙන්
    බලු ඔළුවෙන්
    එළුවෙක්නම්
    පරිස්සමෙන්

    කියලා තමයි මම අහලා තියෙන්නෙ. :)

  • Dude says:
    November 11, 2011 at 9:31 AM

    අහ් හහ්.. එලුවගෙ කොටස මම දැනගෙන හිටියෙ නෑ. තැන්කූ වේවා.

    henryblogwalker the Dude

Post a Comment

Followers