8.02.2010

ඩිස්කවරියක්ද......


ලෝකයාගේ බ්ලොග් එකේ ඇක්සස් නැතිඋනාට පස්සේ සිද්ධි ගොඩක් තිබුණා උනත් ලියන්න තැනක් නැතිව කරවෙවී හිටියා....
දැන් ඉතින් අච්චාරුවක් වගේ කලවම් වෙච්ච නරකයාගේ පිහිට තමයි...

එදා මෙදා තුර ආස්සරේට වැටිච්චි කැනහිලෝ රංචුවක් ඉන්නවා එකට හාකුට්ටර වෙච්චි. ඉතින් පුළුවං විදියට මතක්වෙන වෙලාවට එක එකා ගැන ලියන්න හිතුනා. ඔතනින් එක වසුපැටියෙක් ඉන්නව අල්ලි කියලා. ඌ කටකම සිරියාවෙ ප‍්‍රතිමූර්තිය. කියලා වැඩක් නෑ ඌත් මැරිලා අපිවත් මරවන කතාවක් කියලා ඇති කට ඇරියොත්. මෙ ලගදි දවසක අපි හිටියා බස් එකක් එනකන් (මේ පාරෙන් බස් එන්නෙ පොයට උණත් සාඩම්බර ශ‍්‍රීලාංකිකයන් විදියට බලාපොරොත්තු අතහරින්නේ නෑ කවදාවත්). මෙහෙම ඉන්නකොට අපි දකිනවා කාන්තාවක් ඇහැටයි කනටයි දකින්න පුලුවන් හැමතැනටමයි පේන. ඉතිං බස්එකක් එනකන් මේ සක්කරවට්ටම ගැන කියව කියව ඇද හොයනවා මුං ටික.....
අනේ හාංකවිසියක්වත් නරක හිතකින්නම් නෙවෙයි. ඔය කතන්දර අස්සෙ අපේ කතානායකයා කියුවා මෙයාව මං අඳුනනවා කියලා...... ඇත්ත වෙන්න ඇති රටේ ලෝකේ හැම ගෑණියෙක් පාහෙම අඳුනන ජාතියේ පොරක්....... මූට එකෙක් කියුවා.......
"වෙන්න බෑ...."
"නෑ නෑ ඒකිම තමා මොකෝ මං නොදන්නේ....."
"කවුද හා.......?"
"අර අහවල් දිහා.... අරූ බැඳලා ඉන්නෙ....." කියලා මූ නම් දෙකකුත් කියුවා....
අනේ ඉතිං අපිටත් වැඩ නැතිව මේ වල් පල් අහංඉන්නවනෙ දෙයියනේ... ඒ මදිවට මෙ ගැස්තරයෝ හූ මිටිත් තියනවා..
"කවුද....?"
"අර අරූ බං මේ ළගදි ඩිස්කවරියක් (බයික් එකක්) ගත්තේ....?"
"ෂුවර්ද....?"
"හිටපිය අහලා බලන්නං.... තොපිට මාව ෂුවර් නෑනේ......!!"
මෙකා හෙමිං අරකි ගාවට කිට්ටු කලා අපේ කටෙ කෙල පුළුං වෙලා....මෙකා මොන ඉලවුවකට මේ බැඳපු ගෑණියක් පස්සෙ යනවද මන්දා..
ළගට ගිහින් කෙල්ලගෙන් අහනවා........
"ම්..... නංගී......!!"
අරකිත් හැරිලා බැලුවා...
"නංගි බැඳලා ඉන්නෙ ඩිස්කවරියක්ද......?"

අපි පයින්ම ගමන් පටන් ගත්තා.......!!

2 අදහස්..:

  • Anonymous says:
    November 24, 2011 at 2:17 PM

    maruuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

  • නරකයා....!! says:
    November 24, 2011 at 3:13 PM

    mechchara kalayak giyane mekata comment ekak watenna

    thankui very much

Post a Comment

Followers