4.27.2012

ඔන්න ඔහොමයි යාළුවෝ

යාළුවෝ ඇතුවත් බැරි නැතුවත් බැරි වෙලාවල් තියෙනවා.. පොඩි පිස්සුවක් කෙලින්න රස්තියාදුවක් ගහන්න.. වලියකට.. ඇයි කෙල්ලෙක් සීන් කරගන්න.. බොකක් සෙට් උණොත් කියන්න වේන්නෙත් යාළුවෙකුටම තමා... එකපාරක් ලොකයා කියලා එකෙක් හන්දා බයික් එක හැතැම්මක විතර තල්ලු කරන් පොලිසි ගියා...

ජයායි මායි.. අනුන්ට සීනි කිරන්න තිරිකුණාමලේ පැත්තෙ ගියපු දවසක රු 12ට විතර ටවුන් එකේ නැවතුනා දවල්ට කන්න.. ඇරලා තිබ්බ එකම කඩේට ගොඩ වැදිලා අතේ තිබ්බ සල්ලි ගණං කලා.. රුපියල් 150යි
 සිගරට් දෙකකට සල්ලි රු 20 ගානෙ 40යි 110ක් ඉතුරුයි...!
"අයියෙ කන්න මොනවද තියෙන්නෙ...??"
"කොත්තු විතරයි..."
"චිකන් කොත්තුවක් කීයද...?"
"180යි..."
"හුටා සල්ලි මදිනෙ...! මාළු... ?"
"150යි..."
"ම්හු... බිත්තර.... ?"
"120යි... චහ් රු 10ක් මදිනෙ.."
"එහෙනම් කරවල කොත්තුවක් දෙන්න"

ඒ පාරනම් මුදලාලිට මල පැන්නා..
"110යි.."
"නෑ මේ කරවල හොදි විතරක් දාන්න... 100ක් දෙන්නං.."
බල්ලොන්ට ලෙලි පොල් දානවා වගේ කොත්තුවක් මේසෙට ආවා.... ඇස් දෙක පියාන ලොකයා විට කනවා වගේ ඒක ගිලලා කඩෙන් එළියට පැන්නා දුම් වැටි දෙකත් පත්තු කරන්, ඉතිරි රු10ට වඩෙ දෙකකුත් අරගෙන..
විනාඩියක් ගියේ නෑ.. ජීප් එකක් ඇවිත් නතර කලා කකුල් දෙක ගාව... කාන්දම් වගේ.... කොහෙ ගියත් පොලෝසියෙන් ඇදෙනවා අම්මපා අපායට ගියත්... වෙරි පිටම අයි පී මහත්තයා බහින කොටත් අපිදෙන්නගේ එක අතක දුම් දාන වඩේ එකකුයි අනික් අතේ දුම් දාන බටේකුයි

මං ටක් ගාලා දුම් බටේ බිම දැම්මා..., අරූ වඩේ එක බිම දැම්මා...
අයි පී මහත්තයා අරූගේ කමිසෙන් අල්ලගෙන ප‍්‍රශ්න කරනවා... කොහෙද යන්නෙ... අරකද.... මෙකද... අන්තිමට...
"තො දන්නැද්ද මෙතන සිගරට් ගහන්න තහනං කියලා..."
"නෑ අයියෙ ....
"අයියෙ..??? කණ පැලෙන්න දෙන්නෙ..... විසික් කරපිය  ඔ්ක දැනවත්..."
"අයියෙ එහෙම කරන්න එපා ආයෙ ගන්න සල්ලිත් නෑ..."
"අරූ විසික්කරා තො මෙතන ලොකු සීන් දෙනවා නේ...?"
"එකනේ ඌ විසිකරපු හින්දා මං තියා ගත්තෙ බාගෙ බාගෙ හරි ගහන්  පුලුවන්නේ.."

මෙහෙම මූ එකට එක කිය කියා හිටියා එකපාරටම ටොහ් ගෑවා අරූගේ කණ හරහා
හොදවැඩේ නරියට මට කරවල හොදි කොත්තු කැවුවට...
දැන් අරු අඩනවා...
"අනේ සර් එහෙම කරන්න එපා සර්... අරූටත් එකක් හරි ගහන්න නැත්තං මට ගමේ වසන්ඩ හම්බෙන්නෑ... ඔ්කා හෙන චීත්තයා...."

ආයෙත් ටොහ් ගෑවා..  පොලිසියේ සියල්ල සතුටින් විසිර ගියා ....

9 අදහස්..:

  • ශානි says:
    April 27, 2012 at 8:59 PM

    ලෝකයා ඔහොම්මයි නේද නරකයෝ :-P

  • sAm (සෑම්) says:
    April 27, 2012 at 9:22 PM

    සිරා.. ගුටිය වුනත් බෙදාගෙන කන එක තමා හරි විදිහ..

  • කිරිපුතා says:
    April 27, 2012 at 9:50 PM

    යාලු ෆිට් එක ගුටිය වගේද......

  • හිතහොඳ පිස්සා says:
    April 27, 2012 at 9:58 PM

    ඒ පාර වලහා ඇවිල්ල මොනවත් කිව්වෙ නැද්ද....?

  • MR. KING says:
    April 27, 2012 at 10:41 PM

    හිකිස්...කන තියනවා නේ තිබ්බ තැන? :-))))

  • අසරණයා says:
    April 27, 2012 at 10:49 PM

    අන්න නියම යාළුවො...කන කිසි දෙයක් තනියෙන් කන්නේ නැහැ.....

  • වින්චැට් කිරිල්ලි. says:
    April 28, 2012 at 2:39 AM

    හික්ස්..!!

  • නරකයා....!! says:
    April 28, 2012 at 8:02 PM

    @ශානු :
    ලෝකයා නේමෙයි සීන් එකේ ඉන්නෙ.. කොහොමත් උගෙ කියලත් වෙනසක්නම් නෑ..


    sAm (සෑම්) : ඔව් ඔව් චාටරෙ උනත් සම සමව


    කිරිපුතා : ඔව් ඉතින් තෙල ගහන්නෙත් ඔහොමමනෙ..


    හිතහොඳ පිස්සා : කිව්වා යාලුවෙක් එනකොට මැරිලා වගේ හිටපන් කියලා


    අඩවි රජා : තියනවා තියනවා ...


    අසරණයා : කටින් කන දෙයක් නම් ඉතින් බෙදා ගනීයි මුං


    වින්චැට්කිරිල්ලි : හැමාදාමත් වගේ කියවනවට තැංකුයි කිව්වා ඈ...

  • Anonymous says:
    May 3, 2012 at 9:58 PM

    maxxa mata enna tawa tika dawasak one
    subhash

Post a Comment

Followers