ගෙදරටම පැමිණ උගන්වනු ලැබේ.....


පදින්නා හරි පෝරිසාදයා උණාට හිත හොඳ එකා....
ඒනිසාම තමයි ඌ ළමයින්ගෙ ඇස් පාදන්න හිතාන පන්ති කරන්න පටන් ගත්තේ.... ඒකම කොච්චර පිනක්ද අම්මපා, මං අහන්නෙ පැයට දාහක් විතර ගත්තට මොකෝ ගෙදෙට්ටම යනවා නෙව. ඉතිං කොහොමද දැං පන්තිය පටන් ගන්නෙ.. ඉස්ඉස්සෙල්ලාම දෙන්ට ඔනැ හොඳ ප‍්‍රචාරයක්, ආයෙ පොරි හැලෙන්ට...
හොඳවැයින් කැලෑපත්තර ටිකක් හෙම ගහලා කාරිය වැඩට බැස්සා... ඔන්න ඉතිං තව එකෙක් දෙන්නෙක් සෙට් කරගෙන ගියා ඒවා අලවන්න... ඒ පුණ්‍ය කරුමෙට අපිට සහභාගි වෙන්ට පින නැති උණාට බොක්කෙන්ම ආශිර්වාද කලා..... දවසක් ගියා දෙකක් ගියා ම්හු තාම බල්ලෙක්වත් කතා කලේ නෑ... තුනක් ගියා..... හතරවෙනි දවසෙ යාන්තම් කෝල් එකක් ආවා...

"හේලෝ....... මේ..... ක්ලාස් කරනවා කියලා පොස්ටරයක් ගහලා තියෙනවා නේද....?"

"ආ ඔව් ඔව්...... කීය වසරෙද.....?"

"මටනම් දැන් අවුරුදු 28ක් වෙනවා.... මම මෙ පොලිසියෙන් කතා කරන්නෙ...... අර පෝස්ටර් ගහලා තියෙන්නෙ ප‍්‍රසිද්ධ තැන් වල කරුණා කරලා ඒවා ගලවන්න......"

පදින්නාගෙ අහවල් පැත්තෙන් ඉක්කා යන්න ගත්තෙ එතකොට.....
ඉතිං ආයෙත් මහ රූ ගියා පෝස්ටර් හොයා ගෙන
ඔන්න ඒ කරුමෙට නම් කර ගැහවා අපිත්.....!!

Comments

  1. he hee.. postar gahanna one then pennapu ekage hene thamai mutagehuwe...nama nokiwwata mokada..mada goiya ekka newa giye...

    ReplyDelete
  2. Narakayage NarakayaMay 30, 2011 at 11:20 PM

    Nodakin ... dan mama pali ...
    @ narakaya ..
    Owa ratatama kiyala ka ganna one nahane ...magula

    ReplyDelete
  3. @ narakaya
    eththatama ratatama kiwwa eka nam chater wede hode....

    ReplyDelete
  4. හෙහ්... ඒකෙත් ඇත්තක් තියෙනවා... අදාල පුද්ගලයා ඉල්ලීමක් කලොත් නම් මේක අයින් කරනවා...

    ReplyDelete
  5. paw oyy padinna uge aga serama business ekane ohoma wenne paw ban

    ReplyDelete
  6. anemanda... e dawaswala poster gelewwata dennam polisiye unath class ekak karanna baya ne ban... :):)

    ReplyDelete
  7. අනේද කියන්නෙ.....!!

    ReplyDelete
  8. අනේ පව් හෑන්ඩ් බිල්ස් ටිකක් ගහන්නනෙ තිබ්බෙ :)

    ReplyDelete
  9. හා එව්වා තමා ගැහුවෙ..... ඔකට කියන නම දන්නෙ නැතිව හිටියෙ....

    ReplyDelete
  10. වැදගැම්මකට නැති සිතුවිලි පිරුණු.... නරකයා......!!!
    පදින්නයි තව එකෙකුයි පන්ති කරන්න කැලැපත්තර(නදී මිස් කියන හැන්ඩ් බිල් ප්‍රමානය තමයි. පොඩි පරහකට තියෙන්නෙ එවා බෙදුවෙ ලයිට් කනුවලටයි තාප්පවලටයි. ) ගැහැව්වයි කියමුකො ...
    උන් දෙන්නා කොච්චර ශ්‍රද්ධාවකින්ද ඒ කටයුත්තට මුල් පුරන්න ඇත්තේ..
    නරකයට තේරෙවිද පන්ති කරලා එකෙක්ගෙ මොලේ පාදන එකේ තියෙන පුණ්ණයකර්මය...
    ඌට එවා තේරෙනවනම් මේ වගේ පින් වැඩ වලට කොහොම බොක්ක දෙන්න ඕනෙද ?
    හොන්ද වැඩකටවත් කැලැපත්තර ගහන්න ඉඩදෙන්නේ නැති නරකයෝ ඉන්න රටේ මේ නරකයා ගැන මොනවට කියනවද !!!!!!!!!
    (මොන රටේද ලයිට් කනු ප්‍රසිද්ධ තැන් උනේ )

    ReplyDelete
  11. ඇත්තටම පොලිසියෙන් කිවුවෙ ලයිට් කනුවල තිබ්බ කීපයක් ගැන තමයි...... එක අතකට ඉතින් ප‍්‍රසිද්ධ තැන් වල නැතිව අහවල් තැනක අලවන්නයෑ පෝස්ටරයක් උණාම......

    ReplyDelete
  12. ඉස්සර හැම ප්‍රින්ට් කරන පෝස්ටරයකට ගහනවා ප්‍රසිද්ධ තැන්වල ඇළවීම තහනම් කියලා.

    ReplyDelete
  13. මෙන්න කතන්දර උන්නැහේ අපේ බ්ලොග් එක පැත්තෙ ඇවිත්... සතුටුයි සතුටුයි....

    ReplyDelete
  14. මමත් ඔය කට්ට කාලා තියනවා .....
    හැබැයි ක්ලාස් වලට නම් නෙමේ ......

    ReplyDelete
  15. කල්හාර උන්නැහේ හොඳ කැලෑපත්තර කාරයා වගේ... දේශපාළුවෙක්ට සෙට් උණානම් ගොඩ...

    ReplyDelete

Post a Comment