5.22.2011

ලෝකයාට හොඳ වැඩෙ......


සුමිහිරි ස්කූටර් නළා හඩ මැද්දෙන් මතුවන ධූලි පුසුඹ නාස් ගොබ සිසාරා යන හිමිදිරියේ... පස්සට අව්ව වැටෙන්නටත් මත්තෙන් නැගුනු ගොරහැඩි කටහඩක් ලෝකයාව කීද්දුවා.... කොටින්ම කියනවනම් ජොබා කොලුවා උදෙන්ම ඇවිත් මෙකට කතා කලා..

"තොට ලයිසන් තියෙනවා නේ.. මාත් එක්ක වරකො ගමනක් යන්න...."

ඉතින් අපේ ලෝකයා කොකටත් රෙඩි හන්දා ලැස්ති වෙලා ආදර ජොබාට උදවු කරන්න ගියා. ලෑස්ති උණා කීවට කොහොමත් මූ කොණ්ඩෙ පීරන එකෙක් නෙවේ, ඩෙනිම ඇඳගෙනම නිදියන්නෙ.. ඉතිං කමිසෙ විතරයි ඇඳගන්න ඔ්නෙ.. මූණත් රූට හෝදලානෙ ඉන්නෙ, කට විතරයි හෝදන්න තියෙන්නෙ.. ඔය විදියට උදේ තේ එකටත් කෙලවපු මේ කැනහිල් රාජයාගේ අම්ම අප්පට මොකූත් නොකියා දෙන්නාම ලෝකයාගෙ ගෙදරින් එලියට බැස්සා.... මමනම් ලෝකයත් එක්ක කොහෙවත් යන්නෙ නෑ.. එදා පොලිසියෙන් නැවතුණාට පස්සෙ (ඒ කතාව පසුවට දාන්නම්) මුන් දෙන්නා පැයගානක් බයික් එක පස්ස පැත්තෙ ගහගෙන ඉන්නකොට ලෝකයාගෙ ලොවෙත් පොඩි බන්ඩියෙන් රේඩාර් සිග්නල් එන්න ගත්තා..... අනේ ඉතින් මේ බන්ඩිය වයිබ්‍රෙට් වෙන සද්දෙට ජොබා ගෙ පාණ්ඩු ෙසෙලාසනේ උණු වෙන්න ගත්තා.. ඇත්තටම උගේ බයික් එකේ තියෙන්නෙ ෙසෙලාසනයක් තමයි.. ඉඳගත්තාම පස්ස ඉක්කා ගහනවා.. අනේ ඉතින් ලෝකයාගෙ රිළා මූණට අවඅටවක සඳ පැව්වා වගේ උණා කඩයක් ගාව නවත්තන කොට... දත් මැදලා නැති උණාට මොකද දත් තිහම පෙන්න ගෙන කඩේ ඇතුලට ගියා (මුගේ එක දතක් තාම ඇවිත් නෑ.. තව එකක් ඉස්කෝලෙ තාප්පෙන් පනිද්දී කැඩුණා) මෙසෙක මූ ඉඳගත්තෙ හොඳට කන්න කියලා.. වේටර් කොළුවා ළගට එන කොට මූ බත් එකක් දෙන්න කියන්න යද්දිම කවදත් ඉස්සර වෙන ජොබාගේ කට ඉස්සර උණා....

"බනිස් ගේන්න...."

ලොකයාගේ කට දෙකොනින් කඳුලු පනින්න ගත්තා.... කමක් නෑ ගේන වට්ටක්කයක් හොඳට අනුමත කරලා සැනසෙන්න හිතා ගත්තා.. වෙටර් කොළුවා අත් දෙකෙන්ම බදාගෙන අවා... බනිස් ගොඩාක්.... සීනි බනිස්, ජෑම් බනිස්, ඩබල් බනිස්.... ලෝකයා තීරණය කලා සීනි බනිස් වලින් වැඩේ පටන් ගන්න... ඇස් දෙක පියාන කිඹුලා කිරිමැටි ගිලිනවා වගේ දවස් දෙකකට වඩා පරණ නැති මැටි වගේ රසම රස බනිසෙ ගිලින්න ගත්තා...ඒක ඉවර කරලා තව එකක් දිහා බලන්න මත්තෙන් ජොබා....

"ඇති නේද මචං අපි මොනවා හරි බොමු...."

කියුවා... ලොකයා කාපු බනිසෙ හිස්පොල්ලෙන් ගියා.. අහින්සක හීන ලෝකෙ බිඳවැටෙද්දි කිරි එකකින් බඩ සනසා ගන්න හිත දැඩිකර ගත්තා...

"ප්ලේනටි දෙකයි..."

ජොබාගේ නාදය කන විනිවිද යද්දී මූට මල පැන්නා ඇත්තටම කලින් පැනලා තිබ්බ මල අතට ගත්තා

"මචං මගේ බඩ පිරිලා තේ බොන්න බෑ..."

මලපැනපුවාම ඔකා හෙන මෝඩයා..... ඉතිං ගෙදර එනකන්ම ඩෙනිමෙ පටිය තදකර ගෙන ආවා... අනේ සාධු....... මොනවා උණත් හොඳ වැඩෙ.......

7 අදහස්..:

  • mage jeewithe says:
    May 22, 2011 at 10:22 PM

    නිදි නොමැති නෙතු අග කුමක් කියන්නද කුමක් කරන්නද
    කියන්නට කොපමන ඇතත් කෙලෙසද මගේ සිත
    දෙන් කියන්නට වචන නැත ජොබා ..............

  • නරකයා....!! says:
    May 22, 2011 at 10:24 PM

    හුටා.....

  • පන්සල් හංදිය says:
    May 23, 2011 at 5:27 PM

    ලෝකයා පාතාලේ නමක්නෙ ...........

  • නරකයා....!! says:
    May 23, 2011 at 6:37 PM

    හෙහ් හෙහ්..... ඇත්ත නම දාන්නත් පුළුවන් හැබැයි අහලා ඉන්න වෙනවා....
    කොහොමත් ඌට එහෙම පෙනුමක් තමා තියෙන්නෙ....

  • ලෝකයා... says:
    May 25, 2011 at 8:53 PM

    මට අමතක වෙලා තිබුන සීන් එකක් නේ හිටපන්කො මම එනකන්

  • නරකයා....!! says:
    May 25, 2011 at 9:53 PM

    හහ්... හරි නේද ලියලා තියෙනවා..... ඔන්න මම නම කිව්වෙ නෑ...

  • ලෝකයා... says:
    June 13, 2011 at 7:32 AM

    ඒක තමා කිව්වේ නෑනේ.......
    ^&%$^&*()_

Post a Comment

Followers