5.30.2011

ගෙදරටම පැමිණ උගන්වනු ලැබේ.....


පදින්නා හරි පෝරිසාදයා උණාට හිත හොඳ එකා....
ඒනිසාම තමයි ඌ ළමයින්ගෙ ඇස් පාදන්න හිතාන පන්ති කරන්න පටන් ගත්තේ.... ඒකම කොච්චර පිනක්ද අම්මපා, මං අහන්නෙ පැයට දාහක් විතර ගත්තට මොකෝ ගෙදෙට්ටම යනවා නෙව. ඉතිං කොහොමද දැං පන්තිය පටන් ගන්නෙ.. ඉස්ඉස්සෙල්ලාම දෙන්ට ඔනැ හොඳ ප‍්‍රචාරයක්, ආයෙ පොරි හැලෙන්ට...
හොඳවැයින් කැලෑපත්තර ටිකක් හෙම ගහලා කාරිය වැඩට බැස්සා... ඔන්න ඉතිං තව එකෙක් දෙන්නෙක් සෙට් කරගෙන ගියා ඒවා අලවන්න... ඒ පුණ්‍ය කරුමෙට අපිට සහභාගි වෙන්ට පින නැති උණාට බොක්කෙන්ම ආශිර්වාද කලා..... දවසක් ගියා දෙකක් ගියා ම්හු තාම බල්ලෙක්වත් කතා කලේ නෑ... තුනක් ගියා..... හතරවෙනි දවසෙ යාන්තම් කෝල් එකක් ආවා...

"හේලෝ....... මේ..... ක්ලාස් කරනවා කියලා පොස්ටරයක් ගහලා තියෙනවා නේද....?"

"ආ ඔව් ඔව්...... කීය වසරෙද.....?"

"මටනම් දැන් අවුරුදු 28ක් වෙනවා.... මම මෙ පොලිසියෙන් කතා කරන්නෙ...... අර පෝස්ටර් ගහලා තියෙන්නෙ ප‍්‍රසිද්ධ තැන් වල කරුණා කරලා ඒවා ගලවන්න......"

පදින්නාගෙ අහවල් පැත්තෙන් ඉක්කා යන්න ගත්තෙ එතකොට.....
ඉතිං ආයෙත් මහ රූ ගියා පෝස්ටර් හොයා ගෙන
ඔන්න ඒ කරුමෙට නම් කර ගැහවා අපිත්.....!!

15 අදහස්..:

  • Anonymous says:
    May 30, 2011 at 10:37 PM

    he hee.. postar gahanna one then pennapu ekage hene thamai mutagehuwe...nama nokiwwata mokada..mada goiya ekka newa giye...

  • Narakayage Narakaya says:
    May 30, 2011 at 11:20 PM

    Nodakin ... dan mama pali ...
    @ narakaya ..
    Owa ratatama kiyala ka ganna one nahane ...magula

  • Anonymous says:
    May 31, 2011 at 9:19 AM

    @ narakaya
    eththatama ratatama kiwwa eka nam chater wede hode....

  • නරකයා....!! says:
    May 31, 2011 at 9:30 AM

    හෙහ්... ඒකෙත් ඇත්තක් තියෙනවා... අදාල පුද්ගලයා ඉල්ලීමක් කලොත් නම් මේක අයින් කරනවා...

  • mage jeewithe says:
    May 31, 2011 at 6:43 PM

    paw oyy padinna uge aga serama business ekane ohoma wenne paw ban

  • Lochana lolinda says:
    May 31, 2011 at 9:40 PM

    anemanda... e dawaswala poster gelewwata dennam polisiye unath class ekak karanna baya ne ban... :):)

  • නරකයා....!! says:
    May 31, 2011 at 9:46 PM

    අනේද කියන්නෙ.....!!

  • නදී says:
    June 2, 2011 at 10:13 PM

    අනේ පව් හෑන්ඩ් බිල්ස් ටිකක් ගහන්නනෙ තිබ්බෙ :)

  • නරකයා....!! says:
    June 2, 2011 at 10:16 PM

    හා එව්වා තමා ගැහුවෙ..... ඔකට කියන නම දන්නෙ නැතිව හිටියෙ....

  • Anonymous says:
    June 2, 2011 at 11:24 PM

    වැදගැම්මකට නැති සිතුවිලි පිරුණු.... නරකයා......!!!
    පදින්නයි තව එකෙකුයි පන්ති කරන්න කැලැපත්තර(නදී මිස් කියන හැන්ඩ් බිල් ප්‍රමානය තමයි. පොඩි පරහකට තියෙන්නෙ එවා බෙදුවෙ ලයිට් කනුවලටයි තාප්පවලටයි. ) ගැහැව්වයි කියමුකො ...
    උන් දෙන්නා කොච්චර ශ්‍රද්ධාවකින්ද ඒ කටයුත්තට මුල් පුරන්න ඇත්තේ..
    නරකයට තේරෙවිද පන්ති කරලා එකෙක්ගෙ මොලේ පාදන එකේ තියෙන පුණ්ණයකර්මය...
    ඌට එවා තේරෙනවනම් මේ වගේ පින් වැඩ වලට කොහොම බොක්ක දෙන්න ඕනෙද ?
    හොන්ද වැඩකටවත් කැලැපත්තර ගහන්න ඉඩදෙන්නේ නැති නරකයෝ ඉන්න රටේ මේ නරකයා ගැන මොනවට කියනවද !!!!!!!!!
    (මොන රටේද ලයිට් කනු ප්‍රසිද්ධ තැන් උනේ )

  • නරකයා....!! says:
    June 3, 2011 at 12:35 AM

    ඇත්තටම පොලිසියෙන් කිවුවෙ ලයිට් කනුවල තිබ්බ කීපයක් ගැන තමයි...... එක අතකට ඉතින් ප‍්‍රසිද්ධ තැන් වල නැතිව අහවල් තැනක අලවන්නයෑ පෝස්ටරයක් උණාම......

  • කතන්දර Kathandara says:
    June 4, 2011 at 7:31 AM

    ඉස්සර හැම ප්‍රින්ට් කරන පෝස්ටරයකට ගහනවා ප්‍රසිද්ධ තැන්වල ඇළවීම තහනම් කියලා.

  • නරකයා....!! says:
    June 5, 2011 at 10:19 PM

    මෙන්න කතන්දර උන්නැහේ අපේ බ්ලොග් එක පැත්තෙ ඇවිත්... සතුටුයි සතුටුයි....

  • පන්සල් හංදිය says:
    June 6, 2011 at 3:28 PM

    මමත් ඔය කට්ට කාලා තියනවා .....
    හැබැයි ක්ලාස් වලට නම් නෙමේ ......

  • නරකයා....!! says:
    June 6, 2011 at 6:49 PM

    කල්හාර උන්නැහේ හොඳ කැලෑපත්තර කාරයා වගේ... දේශපාළුවෙක්ට සෙට් උණානම් ගොඩ...

Post a Comment

Followers