2.04.2012

නිදහස් අධ්‍යාපනය - මට හිතෙන දේ



මේක ලියපු ගමන් අම්බානෙකට බැනුම් අහන්න වෙයිද දන්නේ නෑ.. මේක මගේ දර්ශනය නිසා සමා වුව මැනව. ඉස්සල්ලාම මා ගැන කියා සිටීම සුදුසු යැයි සිතමි.. 
මම අ.පො.ස. උ/පෙ දක්වා නිදහස් අධ්‍යාපනයේ සුව වින්දෙමි. 
ඉන් පසු පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක උසස් අධ්‍යාපනය හදාරමින් සිටියදී මාගේ අසාමාන්‍ය ග්‍රහ පිහිටීමේ පල විපාකයක් විදියට මට නැවතත් ගමන වෙනස් කොට වෙනත් දෙයක් ඉගන ගැනීමට සිදු විය. 
මෙම ආයතනය එක්තරා මට්ටමකට රජයේ උසස් අධ්‍යාපන ආයතනයකි. අනෙක නම් මා හැර අපේ පවුලේ සියලුම දෙනා නිදහස් අධ්‍යාපනයේ උපරිම පල නෙලා ගත්තවුන් ය.
මාගේ නම් අදහස පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිකළ යුතුය. !!
පාසල් වලට මුදල් අය කල යුතුය. !!
මෙය ගොඩක් දෙනා දකින පැත්ත මා නොදැකීමට හේතු ගණනාවක් මා හට ඇත.
නරකයා සහ මම අප හා  පරිසරය ඉගන ගත කාලයේ පටන් බිමට ලොසින්ජර කොලයක් වත් බිමට නොදැමීමට වග බලාගත්තෝය. අඩිය නොමැති කුණු බක්කි අපට හමු වී ඇත. පාසලේ බිතියේ කුණුහරුප ලියන බල්බ් වලට ගල් ගසන ළදරුවන් අනන්තවත් දැක ඇත්තෙමු. බිත්තියේ සපත්තු අඩිය තබන්නට උත්සහ කරන, පුටු ඇන්ද නමන ඩෙස් එකේ ලෑලි ගලවා වන් බවුන්ස් ගහන මී හරක් අපි දැක ඇත්තෙමු. එම සිදු වීම් කාලයේ වැරැද්ද නොව ආකල්ප සංවර්ධනයේ ප්‍රශ්නයක් බවට මා හට ඉඳුරා ප්‍රකාශ කල හැකිය.
බස් එකෙන් බිමට බුලත් කෙල ගසන, දොඩම් පොතු ටික පාරට විසික්කන, ටිපි ටිප් පැකට්ටුව චුක්කන්න කියා දෙන අම්මලා අපි දැක ඇත්තෙමු.
මා දන්නා පරිදි විශ්ව විද්‍යාල සිසුවෙකු හට මෙම ආකල්ප සංවර්ධනය අලුත් දෙයක් නොවේ. මන්ද යත් ඩෙස් බංකුවක එකක ඉරක් ඇදීමට ඔවුන්ට අවශ්‍යතාවයක් නොමැත. මෙය මට වඩා හොඳින් වෙන අයෙකුට පැහැදිලි කල හැකි බව සිතමි. 
ජාත්‍යන්තර පාසලක ඩෙස් බංකු බිත්ති වල ලස්සන පවතිනුයේ එම ආයතන මුදල් ලබා ගන්නා නිසාම නොවේය. 
කොළඹ තියන ලොකු ඉස්කෝලෙට තුන් වෙනි ලෝකයේ කොල්ලෙකුට කෙල්ලෙකුට යාමට නොහැකිය. ඒවා බැලූ බැල්මට නිදහස් අධ්‍යාපනයට අත වනන දෙවියන් වැනිය. 
රට යන එකා මොනවා උනත් රට යනවාමය අපිට ඔහෙලාට තරහක් නැති උනත් අහිංසක කොල්ලන්ට කෙල්ලන්ට මොනවා හිතෙනවාද කියා  සිතා හිත රිදවා ගැනීමට මම අකමැතිය  .
සමහර ආයතන වල ඩෙස් බංකු බෝර්ඩ් හැම එකකම එදා සිට අද දක්වා සිටිය උන්ගේ නම් කොට ඇත. ලියා ඇත වැරැද්ද සෙවීමට මම උත්සහ නොකලෙමි. 
අතිගරු ජනාදිපති තුමා කොළඹ පාට කිරීමට උත්සහ ගත්තාට වැඩක් නැත. අපේ මිනිස්සුන්ට පැයෙන් යතා තත්වයට ගැනීමේ හැකියාව උපරිම ලෙස පවතී..
ජපානය ඔතරම් ඉක්මනට දියුණු වුවේ රටට කලින් මිනුස්සුන්ගේ හිත හදපු නිසා බව මම අසා ඇත.
ලී ක්වාන් යූ මහතා මිනුස්සුන්ගේ හිත අව්රුද්දෙන් වෙනස්  කළේය.
පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිකළ යුතුය - සැහෙන්න සල්ලියක් රටට ඉතුරු කල හැකිය. එත් වැඩේ හරියට වෙනවානම් අමාරුවෙන් අවුරුදු ගානක් ඉගෙන ගෙන උගන්වන කථිකාචාර්යවරු පාරට බසින්නේ ඇයි. මේවා ඇති කරනවානම් රජයේ විශ්ව විද්‍යාලත් උපරිම මට්ටමට ගෙන ඒමට කටයුතු නොකරන්නේ මන්ද. 
විනි විද භාවයෙන් යුතුව මේවා ඇති කරනවානම් සිසුන් විශාල ප්‍රමාණයකගේ සිහින සැබෑ කල හැකිය.
ලොකු ඉස්කෝල වලට පොඩි එකාට යන එක සිහිනයක් වැනිය. කොළොඹ තියන ලොකු ඉස්කෝල නිල නොවන මට්ටමෙන් පෞද්ගලික පාසල් බව රහසකි. 

ආකල්ප සංවර්ධනයකින් තොරව පෞද්ගලික පාසල් විශ්ව විද්‍යාල තියා මොන බම්බුව හැදුවත් වැඩක් නැත,
තියන එකට තියනවාය නැති එකට නෑමය. යන එකා කොරහත් බිදගෙන යනවාය.මා කියන්නේ 
මානසික සංවර්දනය නැති මිනිස්සුන්ට  නිදහස් අධ්‍යාපනයේ සුව දැනෙන්නේ නැත. ඔය ඉස්කෝලෙක තියන වටිනාකම දැනෙන්නේ ඕකට සල්ලි ගත්තනම්ය. 
ආකල්ප වෙනසක් නැති එකාට නිදහස් අද්‍යාපනය දිරවන්නේද නැත.

අනික නම් අපේ රටේ ඉහලම තැන් වල සිටින්නේ නීති විද්‍යාව කරපු වුන්ය. නැත්නම් කලා උපාදියක් තියන අමාරුවෙන් පරිපාලන විභාග පාස් වෙච්ච එවුන්ය. 
ඉංජිනේරු අංශයේ ලොක්කා නීතිය ඉගෙන ගත්ත එකෙක් නම් වෛද්‍ය අංශයේ ලොක්කා කලා කරපු එකේ නම් ...................කියන්න දෙයක් නෑනේ
ඉංජිනේරුවෙක් වෛද්‍යවරයෙක් පරිපාලනයට ගෑවෙන්න පවා අකමැතිය.
ජාතික ලැයිස්තුව තියෙන්නේ මොන මගුලටද කියා සිතෙන්නේ මේ වෙලාවටය ... දැන් ජාතික ලැයිස්තුවෙන් යන්නේ මිනිස්සු චන්දෙ දෙන නැති එවුන් ඔබා ගන්නටය
ඉතින් අපේ රටට දළදා හිමි සරණම තමා ... 
තව ඉස්කෝල ටිකෙනුත් සල්ලි අරන් විශ්ව විද්‍යාල ටිකෙනුත් සල්ලි අරන් ඕන මගුලක් කොර ගන්න කියලා ඉගන ගත්ත මිනිස්සු ටික වෙන රටකට ගියා නම් හරියටම හරි...
දැන් මට බැනපල්ලා ................

26 අදහස්..:

  • Niroshan says:
    February 4, 2012 at 10:10 AM

    මේක කෙටුවේ ඔහෙට අම්බානක බනින ගමං..ඇහුනද මන්දා?

  • ලහිරු says:
    February 4, 2012 at 10:24 AM

    // කොළඹ තියන ලොකු ඉස්කෝලෙට තුන් වෙනි ලෝකයේ කොල්ලෙකුට කෙල්ලෙකුට යාමට නොහැකිය.
    …එහෙමම කියන්නත් බෑ ඉතින්. සිස්සත්තේ පාස් වුනොත් නම් යා හැකිය.
    …සල්ලි විසමතාවය නැති කළ යුතු ය මුලින් ම...

  • ලෝකයා... says:
    February 4, 2012 at 11:08 AM

    ආහ් මේක මම දාන්න හිතුවේ එකෙක් දාල තිබ්බ කොමන්ටුවක් හන්දා............ මට බනින එකේ වුටත් බැනපල්ලා...........

  • ලෝකයා... says:
    February 4, 2012 at 12:45 PM

    @ ලහිරු
    ශිෂ්‍යත්වය පාස් උනා කියලා විතරක්ම යන්ද බෑ නේද මචන් සල්ලි නැත්නම් ලොකුම පන්දමක් ඕනේ. මොකද
    පොඩි එකා දාගන්න කන කට්ට..... මම නම් දැකලා තියනවා ....

  • Observer says:
    February 4, 2012 at 1:08 PM

    කියෙව්ව ආයෙ එන්න ඕනෙ කට්ටිය මොකද කියන්නෙ බලන්න...හෙහ්...හෙහ්...මගේ ජොබ් එක observe කරන එකනෙ.

  • ලෝකයා... says:
    February 4, 2012 at 1:22 PM

    හෙහ් හෙහ් මම නම් කන් වහගෙන ඉන්නේ ...............

  • yuga says:
    February 4, 2012 at 1:24 PM

    මමත් ලෝකයාගේ අදහස සමග එකග වෙමි
    රෙන්න බැරුව බෙටිට හිර උනත් ආන්ඩුවට බනින මිනිසුන් ඉන්නා රටක මොන ආකල්ප සංවර්ධනද.
    අපේ රට එද්දහස් නවසිය බර ගණන්වල සිට ඉන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වලය. සංවර්දනය වෙමින් පැවතියානමි අදවන විට
    ආර්ථික බලවතෙකු විය යුතුය චිනයේ ආදර්ශ පාඨය පිලිපැදිදානමි අද අප සංවර්දිතය
    “නිරාහාරව මැරෙන්න යන මිනිසාට කෑමට මාළුවෙකු නොව බීලිපිත්තක් ලබා දෙන්න“
    ආධාර පසෙක ලා ආකල්ප සංවර්ධනයට මුල් තැන දිය යුතුය
    ස්වයං රුකියාවක යෙදිමට ලබාදෙන සමෘද්දියෙන් එදා වේලකා ඉන්නා උන් ඉන්නා රටක සල්ලි විසමතාවය නැති කරන්නට වයිමාටවත් නොහැකිය
    අප ආකල්ප ලෙස සංවර්දනය කල යුත්තේ මේවාය.

    “දැන් ඉතින් මාව මරාගෙන කන්න හදපල්ලා“
    යකෝ ආකල්ප සංවර්ධනය කරගනිල්ලා...............

  • yuga says:
    February 4, 2012 at 1:38 PM

    ලෝකයා කියෙව්ව නමි ඇති ආ
    සදා එකග මම නමි...........

  • Anonymous says:
    February 4, 2012 at 3:49 PM

    shishyathwe pass wunama mona pandamakwath ona na. Nikanma yanna puluwan. Ekata ne shishyathwe thiyenne. Kawuda kiyanne ekata wena monawahari balapamak ona kiyala? Ona tharam dura palath wala duppath lamai colombo loku iskola wala innawa shishyathwen awith.

  • අසරණයා says:
    February 4, 2012 at 4:06 PM

    //මානසික සංවර්දනය නැති මිනිස්සුන්ට නිදහස් අධ්‍යාපනයේ සුව දැනෙන්නේ නැත. // සහතික ඇත්ත.

  • Tikiriliya says:
    February 4, 2012 at 4:18 PM

    100%ක් එකඟයි. තියන විශ්ව විද්‍යාල වලිනුත් සල්ලි ගත්තනම් තව හොඳයි. මොකද ඔය arts faculties වල එහෙම වැඩිපුරම කරන්නේ strike කරන එකයි, rag කරන එකයි. අනික ඔය වැඩි හරියක් senior lecturers ලා කියන එවුන් වැඩ කරන්නේ මුළු සතියටම පැය 20ක් විතර. සමහරුන්ට ඇවිද ගන්න බැරි තරම් වයසයි. හැබැයි ගන්න පඩියෙන් අලුත pass out වෙලා රස්සා පෝලිමේ ඉන්න අය 4 5 දෙනෙක්ම ගන්න පුළුවන්. ඔන්න ඔව්වත් වෙනස් වෙන්න ඕනේ.

  • duliponline says:
    February 4, 2012 at 5:57 PM

    අඩෝ . . . . .@#$%^&*%$#$%^&*(&%%%(*&(*(%^#$#!#@$$^*^$^%$#$#^&&***%^%#$#!@#@#@#%%$%&^^**&^&^$%$#$#@$%$%%^%^^%&^*&^(&(^&^$%$@#$#!#@#^%%&^&^*&*^&^%^$%#@#@#@@%%%&*&^(*&*&%^%$%$#%$#@$%%$^$%^$>>>>>...............!!!!!!!!!!!

  • මාතලන් says:
    February 4, 2012 at 9:51 PM

    පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්බ කළ යුතුමයි. නමුත් පද්දතිත් තියෙන්න ඕන සියළු දෙනා ආර්ථිකව ශක්තිමත් වෙනකම්. මේ රටේ හැදියාව හදන්න නම් නීති තද කරන්නම ඕන..

  • ලෝකයා... says:
    February 4, 2012 at 10:25 PM

    මම නං මොකුත් කියන නෑ උඹලම කියපල්ලකෝ

  • Anonymous says:
    February 4, 2012 at 11:06 PM

    @#$%^&*%$#$

  • sAm (සෑම්) says:
    February 4, 2012 at 11:16 PM

    හැදියාව පිලිබද සින් එකක් බං.

  • බිම්සර says:
    February 4, 2012 at 11:24 PM

    අර කොළඹ තියෙන ඉස්කෝලත් නිල‍ නොවන මට්ටමෙන් පෞද්ගලිකයි කියන එකට එකඟ වෙනවා. නිදහස් අධ්‍යාපනය නැති කරන්න ඕන කියන එකනම්....

  • Anonymous says:
    February 5, 2012 at 2:09 AM

    ජාතික පාසැල් කියන ලොකු ලොකු ඒවාට යන්න පුළුවන් සල්ලි තියෙන එකාට විතරයි. සිස්සත්තේ පාස් උනා කියලා වැඩක් නෑ. ඉස්කෝලෙට රිංගන්න අඩු නැතුව ලක්ෂ දෙකක් තුනක් දෙන්න ඕන. ඒ විතරක්යැ....දැම්මට පස්සේ අර ෆීස් මෙ ෆීස් අර උත්සවේට මේ උත්සවේට...හැම අවුරුද්දෙම තව ගෙඩි පිටින් තිස් හතලිස් දාහක් ඉවරයි...ඔන්න ඕකයි අද ආණුඩුවෙන් පාලනය වෙන (පුද්ගලික වගේ) ඉස්කෝල වල තත්තේ.....
    මෙන්න මේකට තමයි අති උතුම් නිදහස් අධ්‍යාපනය කියලා කියන්නේ...

  • අහවලා says:
    February 5, 2012 at 3:20 AM

    @ලෝකයා & ලහිරු : දැන් තත්වෙ නම් කොහොමද මන්දා, ඒත් මටත් සිස්සත්තෙ පාස් වෙලා ('93 දි ) ඔය ලොකුම ඉස්කෝලෙකට යන්න හම්බ උනා... පටන් ගන්න දවසෙම, ගෙවන්න තියෙන පොඩි පොඩි දේවල් ගෙවල ඔක්කොම ඉවර උනහම තව ටීචර් කෙනෙක් හිටිය වෙනම මොකක්ද ආදාර එකතු කරන්න... තාත්තගෙනුත් ඇහුවම, තාත්ත කිව්ව, පුතා ලොකු වෙලා හොඳ රස්සාවක් කරල ඉස්කෝලෙට උදව් කරයි කියල... ඒ ටීචරුත් හිනා වෙලා නිකන් හිටිය... හැබැයි, අපිට කවදාවත් ලොකු ලොකු ගනන් ඉස්කෝලෙට දෙන්න උනේ නැහැ... :)

  • ලෝකයා... says:
    February 5, 2012 at 11:51 AM

    නිදහස් අධ්‍යාපනය නැති කරන්න ඕනේ කියලා මම නම් කිව්වේ නෑ..... පාලනය හා පාලකයා පිලිබඳ ප්‍රශ්න ටිකක් නේද තියෙන්නේ ...
    නිදහස් අධ්‍යාපනය නැති වෙන තැනට වැඩ කරන නැද්ද................. වෙන්නේ නැද්ද ........

  • නරකයා....!! says:
    February 5, 2012 at 12:04 PM

    ඒක හරිම ආත්මාර්ථ කාමියි.. අපේ ඉස්කොලෙ 3000ක් දෙනාගෙන් 300ක් විතර දෙනෙක්ට තිබ්බ ඇම්මට අනිත් උන් මොනවා කරන්නද... අපේ පන්තියම ගත්තොත් ටොයිලට් එකේ සීලිමේ සපත්තු අඩි තිබ්බෙ ඔතනින් 5 දෙනෙක් ගෙ විතරනෙ

    කැමපස් වල කෙසේ වෙතත් මම ගියපු එකේ බැජ් 6ක් ඉඳලත් ඩෙස්ක් පුටුවල එක පෑන් ඉරක් නෑ... ඒක රුග් එකේ හොඳ ප‍්‍රතිඵලයක්
    මට හොස්ටල් හම්බුනේ නැතිනිසා බොඩිමක් ගන්න උණා ඒකට ඇඩ්වාන්ස් ගෙවන්නයි.. මට ලැප් එකක් අරන්දෙන්නයි අම්මා උකස් කරපු රත්තරන් බඩු තාම බේරගත්තෙ නෑ මචං....
    තව අපෙන් සල්ලිත් ගත්තනං මගේ අම්මා මට සල්ලි ගෙවනවා ෂුවර් ගේයි ඉඩමයි උකස් තියලා හරි...

    උඹයි මායි එක්ක එකට හිටපු එකෙක් හිටියා මතකද අම්මා තාත්තා දෙන්නම ජොබ් කරන්නෙ නැති එකෙක්.. උන්ටත් ඉඩමක් තියේනං උකස් තියලා කැම්පස් ඒවි... එක්කො... සල්ලි ගන්න ඉස්කොලවලින්ම හැලිලා ඉඳිවි...

    උඹ කියපු සමහර කාරණා වලටනං එකගයි....
    මගෙම අයියට ශිෂ්‍යත්වෙට ලකුණු 172යි... නුවර ඉස්කොලෙකට ඇප්ලයි කලා... රුපියල් 60 000 ක් අරන් එන්න කියලා ලියුම් ආවා... එච්චර සල්ලි නැති නිසා පොලොන්නරුවෙ ඉස්කොලෙකට ගියෙ... මෙක මං කීවෙ @ ලහිරු ට....

    මෙ ප‍්‍රශ්ණ උඹට දැනෙන්න උඹේ අක්කයි අයියයි ඉඩ තියෙන එකක් නෑ..
    ලංකාවේ ආදායම් මට්ටම අනුව අඩුම 10% දෙනෙකුට කෑම සඳහා ආදායමෙන් 130% ක් යනවා ඊළග 10% 110ය් ඊළග 10%ට 90%යි (මෙවා මං නෙමෙෙ කියන්නෙ..) එ 30 ගත්තොත් උන්ට කවදාවත් උන්ගෙ ළමයි කවදාවත් කැම්පස් එන්නෙත් නෑ....

    පිටරට කැම්පස් යන් උන් මෙහෙ ඒවට සල්ලිගෙවලා ගියොත් අවුරුද්දකට අපිට ඉතිරිවෙන මුදල වගේ කී ගුණයක් ඉතිරි කරගන්න පුළුවන්ද බුද්ධි ගලනය අඩු කලොත්.. අර ලංකාවට ආපු එකම අත්ල සම්බන්ධ වෛද්‍යවරියට ලංකාව දාලා සදහට යන්න උණා වගේ ගොං වැඩ නතර කලොත්... (නොදන්න අයට: ඇයගෙ ළමයා රජයෙ පාසලක ඇතුලත් කරගෙන නෑ... සහ තවත් හේතු...)

    රජයේ ඒවාත් තියෙද්දි ප‍්‍රයිවෙට් ඒවා ගැන කතා කරනවනම්.... ඔය දැනටමත් තියෙන එකේ තව ආවට අවුලක් නෑ... හැබැ ඊට උඩින් සිද්ධ වෙන ක‍්‍රියාමාර් ගැන කතාකරනවම්.....(උදාහරණයක් විදියට UGCයට උඩින් දාන අනුකමිටුව ) අපිට දුකයි... අපිටත් රට දාලා යන්න වෙයි කියලා කවදා හරි

  • ලෝකයා... says:
    February 5, 2012 at 8:42 PM

    මේකයි සල්ලි ගන්නවානම් සමානාත්මතාව තියෙන්නේ ඕනේ....
    නැත්නම් ආකල්ප සංවර්ධනයක් මුලදීම මොලේට දෙන්න ඕනේ මේ තියන නිදහස් අධ්‍යාපනයේ වටිනාකම තේරෙන්න ... ගොඩක් මිනිස්සුන්ට ඔකේ වටිනාකම තේරෙන්න වයස විස්සට වඩා වැඩි වෙන්න ඕනේ....
    අපිට රට දාල යන්න හිතෙන්නේ පාලනය හා පාලකයෝ පිලිබඳ ප්‍රස්නේ නිසා නෙමේද......

  • සිත්රූ සිහින says:
    February 7, 2012 at 12:47 PM

    බනින්නෙ මොකටද..ඇත්තනෙ කියල තියෙන්නෙ..:P

  • අලුත් කොල්ලා | The New Guy says:
    February 11, 2012 at 3:48 PM

    පට්ට... උඹ හිතන විදිහ මරු..

  • Dude says:
    February 14, 2012 at 5:05 PM

    කෝ මම හිතපු තරන් උඹට බැනලා නෑනෙ!

    henryblogwalker the Dude

  • Unknown says:
    June 14, 2014 at 8:44 AM

    එල නියම පෝස්ට් එකක්.. මගෙ සයිට් එක පැත්තෙත් ඇවිත් යන්න http://saviya.lk

Post a Comment

Followers