12.29.2011

රෑ හීනෙන් මුවෙකුට විද්දා

පපුවටම මානා 
දුණු දිය ලොවෙත් ඇදලා
බඩගින්න හන්දා 
රෑ හීනෙන් මම මුවෙකුට විද්දා

නත්තල් සීයගේ මුවෙක්ද මන්දා
ෂර්වුඩ් කැලයේ මුවෙක්ද මන්දා
රසවත් පෙනුමට හීනෙන් පෙනිලා
උදේ බලන විට හිටියා මැරිලා


සුභ අළුත් අවුරුද්දක් වේවා ඔබ සියළු දෙනාටම

Read more »

12.27.2011

කේස් කාරයා

අන්තිම පේළිය බලන උන් මේක බලන්න එපා.... ඒකෙ දාපු එකම තමා මේ.... හැබැයි කතෘ මම




දොලහ වසරට අළුතින් සෙට් වෙච්චි කේස් කාරයා ටිකක් පණ්ඩිතයා උණාට එළ පොරක්.. වලියක් එහෙම ගහගන්නවනං හරි කැමතියි පොර වෙන්න.. ඉස්කොලෙන් හොරෙන් පනින්න කාරිය… එහෙම කියාපු…
කොල්ලෙක්ගෙ ඔන හොර වැඩකට සපෝට්.. එහෙව් එකාට කරදරයක් උණාම අපි අහක බලන්නෙ කොහොමද…. ස්පොර්ට්මීට් දවස්වලට අපි පිට්ටනියට බහින්නෙ ඉතිං හොරපොල් කඩන්න වැවට පැනලා නාන්න ආදී හොරකං වලට මිසක් අපි ස්පෝට්මීට් කොල්ලො නෙවෙයි ඇත්තටම… ස්විමිං විතරක් කරලා තිබ්බා.. මාළු අල්ලන්න ගියාමයි නාන්න ගියාමයි…
කේස් කාරයාට දඩ බොකක් සෙට් වෙලා මුක පූට්ටු කරගෙන දුවගෙන ඇවිත් දුක කිව්වෙ ලෝකයාටයි මටයි… ඔකෙ ආතල් එක විඳලා තියෙන නිසා අපි ඉස්සෙල්ලාම විනාඩි පහක් විතර හිනා උණා… අරුගෙ ඇස් වලින් කඳුලු පැනලා දාඩිය වැක්කෙරෙනවා..
“අනේ මචං… !!!”
මූට ඇඩෙන්න වගෙ…
“ඉතිං පලකො.. තො රෙන්නේ අපේ පුකෙන්ද… ”
“මට බෑ බන් ඉස්කොලෙ ඒවට යන්න.. මට ගෙදර යන්න ඔනේ… ”
“එහෙනං හොස්ටල් එකට යමු… ”
“අනේ මචං මාව ගෙදර එක්කන් පළයල්ලා කොහොම හරි… ”
අන්න එතකොට තමයි අපේ මුක පූට්ටු උනේ… මොකෝ මුගෙ ගෙවල් තියෙන්නෙ හැතැම්ම 6ක විතර දුර…. තව ඉස්කොලයක් ළග... අපේ කෙරුවාව කියන්නෙ ඒ ඉස්කොලෙ උන් අපිත් එක්ක පොඩ්ඩක විතර මල… දැක්කොත් කෑමේ සම්බවිතාවක් සහිතයි…. 
තෙරුම් කරලා දෙන්න බැරිම තැන බයිසිකල් පාර්ක් එකට ගිහින් ලොක් කරලා නැති බසිසිකලයක් හෙව්වා මේ ගොතයාව දාගෙන යන්න….. බස් වල යන්නත් බෑලුනේ අමාරුවේ හැටියට… හොයල හොයලා ලොක් එක නැති එකකුයි, අනිකෙ ලොක් එක කඩලා අපි ඉස්කොලෙන් පැන්නා… දැං මූව තියාන වැව් බන්ට් එක දිගේ පාගනවා හුළගට විරුද්ද පැත්තට.. මොකෝ ප‍්‍රධාන පාර දිගේ ගියොත් අපි ගෙදර යන්න කලින් ඉස්කොලෙට නිවුස්එක කියන්නම කට්ටියක් ඉන්නවානෙ.. 
මුගෙ ගෙදරට යන්න බෑ… උගෙ අම්මත් ටීච කෙනෙක්… අහල පහල සැරි සරන්න බෑ.. ඉස්කෝලෙ ඇඳුම පිටින්… අපි දෙන්නා මූව ගේ ගාවින් බස්සලා… බැජ් එක ගලවලා සාක්කුවේ දාගෙන කලින් කියපු ඉස්කොලෙට රිංගුවා… උන්ගෙන් ගුටිකන එක සැපයි සමාජ අපවාද වලට වඩා… උන්ගෙ පිට්ටනියට වෙලා අපිදෙන්නා බට්ටො පනින නංගිලා ටිකකට මුවා වෙලා හිටියා… 
අරුන් දැක්කොත් අපි විනාසයි.. ඉස්කෝලෙට ආරංචි උනොත් ඊට හපං.. බයිසිකලේ කාගෙද දන්නෙත් නෑ… කන්න වෙනවා අම්බානක… බට්ටො පනින නංගිලත් වැඩේ නවත්තලා අපිට රවාගෙන යන්න ගියා මොන වැරද්දක් කලාටද මන්දා.. දැං බඩේ බඩඉරිගු තම්බන ගානට බයවෙලා.. පිට්ටනියෙ අදුනන්නෙ නැති උං ඉන්නවා කියලා මුං අපිට නෙළයිද….?? 
ඔන්න ගියපු ඉක්මණටම මේකා එනවා….
“වැඩේ හරිද…??”
වැඩක් නෑ බන් පඩයක් විතරයි ගියෙ…”
“තොට පඩයක් ඇරවන්නද අපි මෙච්චර කුණක් කෑවෙ…!!!” අපි මූට බිම දාගෙන හොඳට නෙලලා ආපහු ඉස්කොලෙට ආවා…

නම් ගම් හා සිද්ධිය සත්‍යයි....

Read more »

12.25.2011

ඇත්තම කියනවනං... 4 (නරකයාගේ ඇස් දෙක පල්... )

'ඇත්තම කියනවනං...' කතා සෙට් එක මුලින්ම දැම්මෙ අන්තිම පේළියේ.... හැබැයි මගේ මෙම්බර්ෂිප් එක ඇපෘ උණේ පරක්කු වෙලා... ඉතින් ඒ වෙනකොට මේකේ පබ්ලිෂ් වෙලා ඉවරයි අන්තිම පේළියෙ උන්...සොරි ඈ.....


යාල් කවි (යාල් කවි1,යාල් කවි2) වලට හේතු වෙච්ච කතා වස්තුව මෙ දවස් වල යන්නෙ... පළවෙනි එක දැකපු නැති, බලන්න ආස කෙනෙක් ඉන්නවනං.. ඔන්න...
(පළවෙනි එක.....)
(දෙවෙනි එක......)
( තුන්වෙනි එක...)

යාපනේ ට‍්‍රිප් එකක් ගියා.. පළවෙනි දවසේ තව එකෙක් එක්ක පිස්සු කෙල කෙල ඉඳලා.... උගෙම නංගිට පැණියදාලා... කොහොම හරි නොයෙකුත් බාධක මැද ඔන්න යන්තං වචනයක් කතාත් කර ගත්තා... ගෙවල් පැත්තෙ එකෙක්ගෙන් කෙල්ලගෙ විස්සතර ටික අහලා බලද්දි තේරුණේ මේක එසේ මෙසේ කේස් එකක් නෙවේ කියලා... කොහොම හරි ඒකිගේ අයියගෙ කොම්පීතරේටත් කෙලවන්න හිතාන වෛරස් එකක් ඩවුනලෝඩ් කරලා ඌට යැවුවට කෙල උණේ මගේ එකට... මං දැං බලන් ඉන්නෙ අරුගෙන් ආරංචියක් එනකං... 


මේ අවසාන කොටස

හවස කෝල් එකක් එනවා...
" මචන් මගේ මැෂිම වැඩ නෑ පොඩ්ඩක් හෙට බලමුද....? මම අරන් එන්නද....."
මට නිකන් බැලුම් බොලේ හුලන් ගියා වගේ.....
"පිස්සුද මචන්  යාලුවන්ට එහෙම කරනවද.... මම හෙට ගෙදරටම ඇවිත් හදන්නම්... අයියා ඉතින් මගේ  යාලුවනේ..." 
මම ඉතින් පහුවදා ගියා මගේ බයිසිකල් කට්ටේ.... අයියා පාර අයිනේ ඉන්නවා..
අනී යනකොට නංගී ඉන්නවා ගෙදර... මම ෆුල් ඩම් එක දාලා කතා කරා.....
"ආ කොහොමද නංගී අම්මී නැද්ද......?" (අම්මී වැඩට ගිහින් අයියා) ඔන්න ඔච්චරයි දවසටම...........

මම ඉතින් අරූගේ මැෂිමේ තිබ්බ නංගීගේ තව ෆොටෝ ටිකකුත් හොරා කාලා ගෙදර ගෙනාවා...දැන් දන්නවනේ දවල්ට ගෙදර කවුරුත් නෑ කියලා මම ඉතින් අයියට කතා කරන්න වගේ බොරුවට ගෙදරට ගන්නවා. මම ඒ කාලේ කවදාවත් උගේ අතේ ගෙනියන එකට කතා කොරලා නෑ ඔන්න....

ඔන්න ඔහොම දින සති ගෙවී යනකොට නේවික හමුදාව එන්න කියලා ලියුම ඇවිත් තිබුනා ඔය වෙනකොට ඔය ජර මර වෙලා මාස එක හමාරක් ගොහින්, අර කෙල්ල ගැන මතක් වෙනකොට උන්ඩුක පුච්චිය රතු පාට වෙනවා.ආයි ඉතින් එන්න වෙන්නේ මාස ගානකින් නේ.... කොහොම හරි ගැහුවා මාස්ටර් පැලැන් එකක්.
පියවර ටික මෙහෙම..

1 ආදරේ හිතෙන්න ලියුමක් ලියන්න ඕනෑ .... කවියක් ඕනෑ
2 යන්න කලින් කෙල්ලට ඉඟියක් දෙන්න ඕනෑ  (දෙන්න දෙයක් තිබුන් නෑ ) 
3 යන්න කලින් ප්‍රස්නයක් අහන්න ඕනෑ  කෙල්ලගේන්

ආදරේ හිතේන කවිය හා කතාව තමා අර යාපනය පායනය හා හමුවීම කියන්නේ. 
ඉඟිය තමා "නංගී මම අහවල් දවසේ යනවා....."
අහපු ප්‍රශ්නේ තමා "ඉබ්බාගේයි කැස්බෑවගේයි වෙනස මොකද්ද..?" කියලා.

ඔන්න ඕකයි තත්වේ... කන්නේ පාන්.. දෙන්නේ මාලු පාන්... කෙල්ලේක් ඉස්සරහා අම්මපා මොන තරම් ලැජ්ජා නැති වැඩ වෙනවද හැබෑට නේද,,,,,? ඊට පස්සේ ගියා නේවික හමුදාවට 

මේක ඇතුලේ වෙච්චි දෙවල් වෙන පොතක් ලියන්න පුලුවන්..... ඒවා කියන්න වෙලාව මේක නෙමේ....
ඔය මූලික පුහුනුවෙදි ෆොන් තියා ගන්න බෑනේ... අපිට ඒ වුනාට මම එකක් හොරට තියන් හිටියේ හැබයි මාට්ටු උනා නම් තාම දුවනවා........

කොහොම හරි මාසෙකට විතර පස්සේ මම කොල් එකක් ගත්තා කෙල්ල තමා දැන් කතා කරන්නේ ....
"ආ කොහොමද අයියා...." 
"හොඳයි නංගී #@#$$#$##$$#.........." 
ඔය වල් පල් කියන අතරේ "අයියා මට කැම්පස් ආවා කිව්වා...." 

හුටා ඒ පාර මොකද්ද පාත් වෙන්න යන හේනේ
ඇයි ඉතින් කැම්පස් ගියාම අනිවා ගොඩ යනවනේ මම හිත හදාගේන වල් ඌරේක් වගේ කියන දේ කරගෙන ජීවත් වුනා තව මාස දෙකක්.... 
වමටප් හැරෙන්....! ගමනේප් යා......!!

"ඔය ඉස්සරහා ඉන්න මීමා උඹට ඇහෙන් නැද්ද මම උඹේ කන් සුද්ද කරන්නද...??"
 ඔන්න ඔහොම තමා අපිට ඒ දවස් වල කතා කරේ, ඔය තමා ආදරේට කතා කරන විදිය.
"හරියට යුනිෆොර්ම් එක අඳින්න බැරිද...?" 
තුවක්කුව ගත්තා උඩට 5රවුන්ඩ්ස් ඔෆ් ද ෆෙරඩ් ග්‍රවුන්ඩ් 
"yes sir.........!!"
කොහොම කොහොම හරි මාස තුනේ පුහුනුව ඉවරකරලා එනකොට මම නිකන් හුඹහෙන් ගත්ත හැකරැල්ලා වගේ යනකොට නිකන් හිටියේ චයිනීස් ෆොන් එකක් වගේනේ කොහොම කොහොම හරි ආපු ගමන් ගියා යාලුවා බලන්න...
අනේ අම්මේ යනකොට ඉන්නවා නේද ඉස්සරහම පුටුවේ වාඩි වෙලා. මම නිකන් දැම්මා හිනාවක් අම්මපා සූකිරි කාපු බේකරි කාරයා වගේ.... කට කනේ දත් තිස් හතම පේනවා.............

"අනී...... අයියා කෙට්ටු වෙලා.."
මේ වෙනකොට මම ඒ වචනෙට පුරුදු වෙලා මොකද පාරේ යන්ඩ නෑ .....
"ඒයි මේ බලපන්කෝ මුගේ හැටි...."
" තොට ඔහොම වෙලා මදි......"
"අනී මල්ලි මොකෝ මේ....."
"අඩෝ මොකෝ බන් පිස්සොත් එක්ක ජිල් ගැහුවද"
"අනේ මොකද පුතේ උනේ..... ඔයා නේවික හමුදාවට ගියාලු නේද ...... " (දන් නෑ වගේ අහන්නේ මුන් ඔක්කොම බලන් ඉඳලා තියෙන්නේ මට කෙලවෙනකන් ගහන්න හිතෙනවා... උස්සලා හඳේ...... )

මේ වගේ ආදරේ හිතෙන කතා වලට කන් පිරිලා තිබුනේ

"ටිකක් කෙට්ටු වුනා නංගී මේ කාලේ ඔහොම තමා..." 
දැන් ඉතින් ඉවරයිනේ... මම දැන් හෙන ඩීසන් එකේ කතා කොරලා තේ එකක් එහෙම බීලා දෙයියනේ කියලා හිතේ තිබ්බ මොකුත් කියන් නැතිව ආවා..... 
"තෝ නන් මෙලෝ රහක් නැති හු#$@#..."
 මගේ කුඩා මොලෙන් අම්බානෙට බනිනවා.. කොහොම අහන්නද අහලා කෙල වුනොත් එහෙම පෝයට යන්න වෙන්නෙත් අල්ලපු ගමේ පංසලට...... 

අනේ ඉතින් මගේ කෙන්දරේ බලවගන්න ඔනේ කියන චෙතනාවේන් ගල් ඉබ්බො ජිල් ගහනවා වගේ පරේ තියන ගල් වලට පයින් ගගහා මම ගෙදර ඇවිත් මගේ පාඩුවේ අපහු කෑම්ප් එකට අවා.....

ඔහොම ආපහු දෙවෙනි නිවාඩුවට ඇවිත් ෆුල් ට්‍රයි එකක් දීලා අයියගේ ෆොන් එකෙන් නංගීගේ නම්බර් එක ඉස්සුවා.... උස්සලා වෙන දෙයක් වෙච්චි දෙන් හරි ගියොත් ගොඩ නැත්තන් ඒත් ගොඩ කියලා හිතාගෙන සති දෙකක් තිස්සේ මම කෙල්ලගේ මොලේ කනවා...

එක පාරටම කෙලලගේ ෆොන් එක වැඩ නැතිව ගියා .... මම දැනගත්තා වැඩේ වල් දැන් ඉතින් ගෙදර යන් නෑ.... නරකයාට කතා කරලා බෝඩිමට තමා යන්න වෙන්නේ පඩිත් තියන නිසා කාලා බීලා ඉන්න පුලුවන්..... අවුලක් නෑ ... ඔන්න දැන් මගේ අනාගත සැලසුම..

ගල් ගැහුවනන් ගඳ ඉවසපන් කියලා මම ඉන්නවා අයියා කාරයා කෝල් කරනවා. උත් එක්ක කතා කොරොත් ඌ මගේ ලේ බොනවා ෆොන් එකෙන්ම... අම්මපා උපන් වෙලාව වෙනස් කරන්න පුලුවන් නන් ඒකත් කරනවා.....ඔහොම ටික දවසකින් නොදන්න අංකයක් මට මග ඇරුන ඇමතුම් එවනවා...බයයිනේ නැන්දම්මා ජාතික ගීය කියන්න කතා කරනවද කියලා කව්ද දන්නේ...බැරිම තැන කතා කරා ....

"හිලොව්ව්... අයීයේ මී මම.... ම්ගී ෆූන් එක නැතී වූනානී.. අද තමයී එකක් ගත්තේ " 
යකෝ ෆොන් එකක් නැති උනත් එකත් මම කතා කරන කෙල්ලගේ

කතරගම දෙයියන්ට ටැට්ටරයක් දෙන්න තරන්.......තංතෝසෙට ළඟ ඉන්න එකාට පයින් එකකුත් ගැහුවා උන්ඩුක පුච්චිය දිඩින් දිඩින් ගානවා.. දැන් ඉතින් වැඩේ ගොඩ වගේනේ.... එදා රෑම ඇහුවා ... 

"නංගී.... ඔයා මාත් එක්ක ෆොටෝ එකක් ගහන්න කැමතිද.....?"
"මම නන් කිමතී හැබයි අයියා බී කිව්වොත් බී ඕන්......."

ඔන්න මගේ දෛවය කියන එක........ මොනා කරන්නද ඉතින්   දැන් ඉතින් ලාම්පු තෙල් වලින් හරි අල බදිනවා කියලා පහුවදා ගත්තා කොල් එකක් අයියට අම්මපා අද නන් කෙලින්ම අහනවා... 

"හෙලෝ අයියා යාලුවා කොහොමද ... ??...මේ මචං මම වැදගත් දෙයක් කතා කරන්න ගත්තේ .."
"මොකදද මචං... ??"
"මේ.. ආ.. මේ නංගී ගැන... "
"මොකද්ද මචං....??"
" මේ නංගී කැම්පස් ගියාද.........?"
" ඔව් මචං ගෙදර ඇවිත් ඊයේ ගියේ..." 
"අහ්.. එහෙමද නෑ... මචං මන් මේ කිව්වේ මම මේ....."
"උඹ නංගීගෙන් ඇහුවද....?" (හුටා)
"ඔව්නේ ...."
"කැමතිද..... ?"
"ඔව්නේ......" 
"සිරවටද කරන්නේ ... "
"ඔව්නේ....."
"මට නංගී කිව්වා සීන් එක මම දන්නවා කලින් ඉදන්.... වෙන එකෙක් නන් අවුලක් නෑ උඹ හින්දා බයයි... "

ඔන්න ඔහොමයි කතාව ගියේ මේ අතර වෙච්චි තව මරු මරු සීන් තියන්වා ඒ ටික ලියන්න කතා නායිකවගේන් අහන්න ඔනේ මොකද පවුලයි වට්ටක්කයි දෙකම ඔනෙනේ
මේකේ වෙච්චි සිද්ධාන්ථ ඔක්කොම ඇත්ත නරකයාගේ ඇස් දෙක පල්... ඔක්කොම සිරා.....
වැඩේ ගොඩ ගියාට පස්සේ තමා ඔන්න මලට විල මට වල ලිව්වේ....

කථාව එළ නන් කියන්න ලියන විදිය කැතයි නන් එත් කියන්න
__________________________________________________
ලෝකයා...


Read more »

12.24.2011

උම්මාව.....




ඔයා දැන් එනවද...... 
ඔව් ගේ ගාව ඉන්නේ.....
ආහ්.... මොකද පරක්කු උනේ ... 
පරණ යාලුවෙක් හම්බ උනා
#@#$%$$#%%$%%^&&


එන්නකො උම්මා එකක් දෙන්න.....
ඇයි ඔයා මං කියන දේවල් අහන් නැත්තේ... 
ඇයි මොකද.......??
සිගරට් බිව්වා නේද.......??
පිස්සුද මම දතුත් මැදලනේ ආවේ....
.......!!
___________________________________


ප:ලි
අද දින මාට්ටු විය නැවතත් මාට්ටුය....

Read more »

ඇත්තම කියනවනං... 3 (ජිවිතේ පලවෙනි වතාවට සිස්ටම් ගියම සතුටු උනා...)


'ඇත්තම කියනවනං...' කතා සෙට් එක මුලින්ම දැම්මෙ අන්තිම පේළියේ.... හැබැයි මගේ මෙම්බර්ෂිප් එක ඇපෘ උණේ පරක්කු වෙලා... ඉතින් ඒ වෙනකොට මේකේ පබ්ලිෂ් වෙලා ඉවරයි අන්තිම පේළියෙ උන්...සොරි ඈ.....


යාල් කවි (යාල් කවි1,යාල් කවි2) වලට හේතු වෙච්ච කතා වස්තුව මෙ දවස් වල යන්නෙ... පළවෙනි එක දැකපු නැති, බලන්න ආස කෙනෙක් ඉන්නවනං.. ඔන්න...
(දෙවෙනි එකත්...)


අහම්බෙන් යාපනේ යන්න උණා... බස් එකේ පට්ට කෑල්ලක්.... අහගන්ට බැරුව කකුලෙ නියපොතු කකා හිටියෙ ඒකිගේ අයියා මගේ ගොං කං වල් කං ඔක්කොම දන්න ෆිට් එකක් නිසා...
ට‍්‍රිප් එක අවසන් වෙනකං ම ඔ්කිට කතා කරගන්න බැරිව හොට බිම උලාන ඉද්දි ඒකිම ඇවිත් කතා කලා.....

මේ තුන් වෙනි කොටස 

 පැත්තේ අයියා කෙනෙක් ඉන්න්වා මගේ ෆිට් එකක්... ටිකක් විතර කට හොඳ නෑ.. මම පොරට කිව්වා සීන් එක..

"අර සුදු කෙට්ටු උස මහත චූටි ඇඟිල්ලේ ලපයක් තියන කෙල්ල දන්නවද.. ?"
කෙල්ලෙක් ගැන අහනවනන් පොරගෙන් තම අහන්න ඕනේ...
"කවුද බන් ...."
"ඇයි අර....&^@#$##"
"අර අර 3 වසරෙදි පැන්සල නැතිවෙච්ච කෙල්ලද...??"
"අන්න හරි අර රෝස පාට පැන්සල නැති උනේ.....ඔයා හරි ඔන්න ඔයාට මතක් උනා..එයා තමා..."
පොර කෙල්ලව දන්නවනේ මට නිකන් කොල බොක්කට උනු වතුර දැම්මා වගේ ......
"තොට පිස්සුද යකෝ ඒ කෙල්ල පස්සේ යන්ඩ...??" ("ඔව්")
"තොගේ මදර් බොර්ඩ් අවුල්ද" (අප්පච්චිත් කියනවා )
"උඹ අමු කාලද...??" (එ කාලේ ඉදන්ම කනවනේ )

මූ මට බනිනවා පිස්සු බල්ලා රබන් ගහනවා වගේ ඇයි යකෝ පොඩ්ඩ්ක් විස්තරේ කියනවකෝ බනින්න කලින් මොන වැරද්දක් කරාටද අඩු තරමේ කතා කරනං කමක් නෑ....

"ඇයි ඕයි කියනවකෝ මොකද්ද කේස් එක.....?"
"යකෝ ඒ ලොකු හාමුදුරුවන්ගේ දුව.... "
"ලොකු හාමුදුරුවො බැඳලද...?"
නියම ප්‍රශ්නේ දීපං  උත්තර.... ඇයි බඳින්නම ඔනෙද ළමයි ඉන්න...යකෝ මෙ යකා මේ මොනාද කියන්නේ.........

"මී හරකෝ ඒ ලොකු හාමුදුරුවන්ගේ අක්කගේ දුව .. 
කෙල්ලගේ අයියා ලොකු හාමුදුරුවන්ගේ පුතා 
ඔය ඉස්සරහා තියන ලොකු ගෙදර කෙල්ලගේ ලොකු මාමාගේ... පන්සලට හැරෙන තැන.. තියන ස්ලැබ් එක දාපු ගෙදර එකිගේ පොඩි මාමාගේ ... 
ඉස්සරහා හන්දියෙ තියන ගැරෙජ් එක (ඔව් ඒක අරූගෙ තාත්තගේනේ ඌ කේස් එකක් නෑ )
ඒ එකිගේ කා## මාමා..... 
එතකොට තොපේ ගෙදරට අල්ලපු ගෙදර දකුනු පැත්තේ... ඒ එකිගේ ලොකු අම්මා.......
තොට ගෙදර හිටියා ඇත්ද දැන්.................."

අම්මපා මේකිගේ නැදැයෝ ටික ඉන්නේ අපේ ගේ වටේ මට දැන් ජිවිතේ නිකන් ඔලේ ක්‍රීම් සොඩා එකක් වගේ . ෂිහ් .....

ජීවිතයේ කිනම් හෝ වැදගත් සංදිස්ථානයකදී මෙවන් සිදුවීමක් නියත වශයෙන් අපෙක්ෂා කල නරකයා... සහ මා(ලෝකයා...) හට මෙවන් සිදුවීම් සාමාන්‍ය සිදුවීම් වුවත් නිරපෙක්ෂ සිදුවීම් මාලාවක් සාපෙක්ෂව 
නිරීක්ෂණය කිරීමට වෙනත් සිදුවීම් මේ අවශ්ථාවේ මගේ කුඩා මොලේට සිහි...
අනේ අම්මපා අපි වැඩක් කරන්න ගිය විට නියත වශයෙන්ම මොල් ගසේ හරක් බැඳ සීටීම.........අනිවාර්ය වේ
ඇයි යකො මටම වෙන්නේ ඔය නෑදැයන් ටික වෙන කෙල්ලෙක්ට ඉන්න තිබ්බනේ. නැත්තන්... ඇයි දෙයියො මාවම අල්ල ගන්නේ මට .....පොල් ගසේ දෙබල් ගානට මට සිතිනි ....
ඔය වගේ වෙලාවට සිංහල ග්‍රැමර්.ර් මට හරියට මතක් වෙනවා එවා ලියන්න බෑනේ කොහොමද එහෙම දෙයක් උනාම තියන සැප. මට කලින් අම්මට වෙන කවුරුහරි කියන සීන් එකක්නේ තියෙන්නේ......


ඇත්තටම දැන් නම් බැරක් ඔබාමට රටකජු විකුනන්න තරම් තරහයි. ඒ දවස් වල මට නිවාඩු... සෙමෙස්ටර් එන්ඩ් එක ඒක නිසා කොල්ලා ගෙදර මම ඉතින් අහසයි පොලවයි පොහොර ගොනියකට දාන්න කල්පනා 
කරනවා වගේ මම කෙල්ල ගැන කල්පනා කරනවා කොහොමද ගොඩ දාන්නේ..............???
ඔන්න ඒ දවස් වල තමා යාපනය පායනය හා හමුවීම ලියලා දැම්මේ.

හදිසියෙම අයියා කාරයා කෝල් එකක් දුන්නා 
"මචං මට ෆොටෝ ටික ගන්න ඕනේ මම එන්නද..??" 
"වරෙන් මචන් දෙන්නම්කො ජම්බෝල ජිල් ගහන්න..." 
කම්පීතර මකබෑවෙන ස්ක්‍රිප්ට් එකක් හොයලා ඩවුන්ලෝඩ් කරලා ඔටෝරන් එකක් තියන් ඉන්නවා දැන් ඌට දෙන්න... හරි යනවද කියලා චෙක් කරන්න විදියක් නෑ මට කෙලවෙනවනේ... 
පස්සේ පොර ආවා. 
"කෝ මචං පෙන් එක...?" 
"පෙන් එකක් නෑ මචං ෆෝන් එකට දාපන් මම කේබල් එක අරන් ආවා...."
දෙයියො ඔය කිව්වට අපි ගැනත් බලනවා මොකද මූ යාපනේ ෆොටෝ ගැහුවේ මේ බෑයේන් කියලා මට මතකයි. ඌට හොරා මම දාගත්තා උගේ තියන ඔක්කොම..... පස්සේ අම්ම දුන්න තේ එකත් බීලා මූ ගියා..

ගේම් එකක් දාගන්න කොම්පීතරේ දානකොට බඩු වැඩ නෑ.... අම්මපා මට මාර සතුටුයි ජිවිතේ පලවෙනි වතාවට සිස්ටම් ගියම සතුටු උනා .ඇයි ඔටෝරන් එක වැඩනේ.. මට ලාවට වගේ සුවර් එකක් තිබුනා අරූ මට කියයි  කියලා... ...

දැන් මාත් සිස්ටම් දාන්න එපැයි.........




තව තියනවා පස්සේ දාන්නම්.....

Read more »

12.23.2011

ඇත්තම කියනවනං.. 2 (ඇයි යකො මටම වෙන්නේ)


'ඇත්තම කියනවනං...' කතා සෙට් එක මුලින්ම දැම්මෙ අන්තිම පේළියේ.... හැබැයි මගේ මෙම්බර්ෂිප් එක ඇපෘ උණේ පරක්කු වෙලා... ඉතින් ඒ වෙනකොට මේකේ පබ්ලිෂ් වෙලා ඉවරයි අන්තිම පේළියෙ උන්...සොරි ඈ.....


යාල් කවි (යාල් කවි1,යාල් කවි2) වලට හේතු වෙච්ච කතා වස්තුව මෙ දවස් වල යන්නෙ... පළවෙනි එක දැකපු නැති, බලන්න ආස කෙනෙක් ඉන්නවනං ඔන්න...


මම යාපනේ ගොහින් එකට පිස්සු කෙළපු බුවාගෙ නංගිට වහ වැටිලා ඒකිගෙ පස්සෙන් යනගමන්.... නාග දීපෙ ට‍්‍රිප් එක මිස් උණා.... උන් ගිහින් එනකං මම හිටියා...



මේ දෙවනි කොටස....

දැන් ඉතින් රෑ අටට විතර කට්ටිය අවා නාග දීපේ ගොහින්. කොහොම කොහොම හරි අයියගේ නංගී සහ අම්මා බස් එකට ටිකක් විතර කලින් ආවා. බස් එක ගාව බිම ඉටි රෙද්දක් දාගෙන වාඩි වෙලා කස්ටිය එනකල් ඉන්නවා.
ගිහින් කතා කරපිය යකෝ හරකා පො#$@@ මගේ කුඩා මොලෙන් මට බනිනවද කොහෙද......
මම ඉතින් මගේ ඇඟේ තිබුන පුරුෂ ශක්තිය ඔක්කොම දාලා නංගී ළඟට යනවා කතා කරන්න ඇන්ටිත් ඉන්නවා ළඟ.. මම ගියා මොකද කෙල්ලෙක්ට කතා කරන එක මහ ලොකු කජ්ජක්ද....

ඔන්න මම ආවා පපුව නිකන් ටාටා නැනෝ වගේ දුවලා වැඩි කමට ගිනි ගන්න හදනවා.
මම බැලුවා නංගි දිහා........
"ඇන්ටි කොමඩු කනවද....?????"
ඔන්න ඕකයි තත්වේ..
කයිය නන් පු#න් නැංගුරන් දාන්ඩ ...ළඟට ගියාම ඩයලොග් 3.5G වගේ කියන තරන් නෑ
කොහොම හරි දැන් බස් එක ආවා යාපනේ ස්කොලෙට රෑ නවතින්න. අපි දැන් උයන අයට හෙල්ප් එක දෙනවා උයන තැනට එනවනේ ඉතින් කවුරු උනත් අයියත් ආවා..
"මචන් යමුද ගල් ගහන්න...."
මම බොන් නෑ නැවත්තුවා කියන්නද නැත්තන් උඹේ නංගී හින්දා බෑ කියන්නද.... අනික ඇඟටත් අමාරැයිනේ............
"හා............."
යකෝ මම හා කියන්නත් කලින් කටින් පැනලා........
එදා දවස ඔතනින් ඉවරයි

පහුවදා දත කට මැදලා එහෙම(බොරුවට ) යනවා නාග විහාරෙට... මම ටක් ගාලා ගිහින් ඇවිත් දොර ඉස්සරහා හිටගෙන ඉඳලා ගැහුවා ෆොටෝ එකකින්... හරියටම හරි....
වැඩේ නොන්ඩි ඇන්ටි දැක්කා සීන් එක දැන් ඉතින් ඩිලීට් කරන්නද.. එදා දවසේ ඔය යාපනේ පුස්තකාලේ කොටුව වගේ තැන් වලට ගියා බුස් එකේ හිටපු ගොඩක් අය මට කියලා ෆොටෝ ගහ ගත්තා.. ඒත් මේ කෙල්ල ආවේ නෑ... එකත් කියන්න එපැයි.
ඊට පස්සේ ත‍්‍රිකුනාමලේ කෝනෙශ්වරන්... 
"මම දැන් දවස් තුනක්ම බුස් එකේ හිටගෙන ..යන්න පණ නෑ..." අයියා කිව්වා
"මට නං බෑ මචන් අම්මලා නන් ගියා...."

අම්මා ගියා නන් මම යන්නම එපයි...මම ටක් ගාලා  මාරු... අයියට හොරෙන් මාත් යනවා කෙල්ල මගේ ඉස්සරහින් යනවා.. මමත් යනවා ගස්ලබු කාපු වල් ඌරා වගේ...

"අනී.. ශෝක් මුව පටියා..."
"අනී.. අම්මී මගේ කකුල් රිදෙනවා ......" ( අනී.. මම වඩා ගන්නද අහැන්නැයි ඉතින් )
"නැන්දී කෝ..." ( හුටා නැන්දත් ඉන්නවද )
"ඕන් පොඩි මාමිත් එක්ක කලින් ගියා..." ( එතකොට මාමත් ඇවිල්ලා )
අනේ මම ගමේ වැදගත් විදියට හිටපු කාලේ ඉවරයි වගේ........... මම ඉතින් දෙවාලෙට ගිහින් එතන තියන පඬුරකින්ම රෙදි කෑල්ලක් ගලවගෙන රු5 ක්ම ගැට ගහලා....
මේ කෙල්ල මට දෙවියනි, වැඩේ හරි ගියොත් ගහට ආපහු රු5ක් බඳින පොරොන්දුව පිට හිත හදාගෙන මම ආපහු බස් එකට අවා... ඇයි යකො නැන්දලා මාමලා ඔක්කොම ඉන්නවා මම කලිසම ඇඳන් ගමට යන්නත් ඕනනේ........

වචනයෙන් වත් හින්සාවක් කරේ නෑ ඔන්න.
දැන් කෙලින්ම බස් එක ගෙදර එන්නේ හිතට අවුල් ශිහ් දවස් 5ක් වත් ගියා නන්... යාලුවො ටික ඉඹින්න හිතෙනවා උන් ආවානන් දැන් අහලා කරලා බොක වෙලා ගෙදර යන් නැතුව බෝඩිමට තමා යන්න වෙන්නේ......
කොහොම හරි බුස් දෙක (බස් දෙකක් ගිය කියන්න බැරි උනානේ ) පන්සලට ආවා... ආහ් එන ගමන් ඩයිවර් අයියට නින්ද ගියා...  මම තමා ඉස්සරහා හිටියේ මම ඌව ඇහරවලා වීරයා උනා...!!
නැත්තන් බස් එක නාඋල කඩයක් ඇතුලේ තාම.....

මම දැන් පන්සල ගේට්ටුව ගාව කකුලේ නියපොතු කනවා..
"යන්නං අයියා........."
ඉතින් මට මොකෝ කියන්න කලින් කව්ද කිව්වේ කියලා බලපුවම මේ අර කෙල්ලනේ අනේ දුක හිතිලද කොහෙද මම කාපු කට්ටට....
"ගෙදරද නංගී යන්නේ ? ... "
නියම ප්‍රශ්නේ පුලුවන්නං දීපන්කො උත්තර........
"නෑ අයියා අද පොඩි මාමීලගේ ගෙදර ඉඳලා හෙට උදෙම යනවා ......."
දැන් ඉතින් උදේම නැගිටින්නත් වෙනවා .....
ඔන්න ඒ සීන් එක ඉවරයි.......


තව තියනවා පස්සේ දාන්නම්.....





Read more »

12.22.2011

ඇත්තම කියනවනං... 1 (යාපනයට කරගැසීම)

'ඇත්තම කියනවනං...' කතා සෙට් එක මුලින්ම දැම්මෙ අන්තිම පේළියේ.... හැබැයි මගේ මෙම්බර්ෂිප් එක ඇපෘ උණේ පරක්කු වෙලා... ඉතින් ඒ වෙනකොට මේකේ පබ්ලිෂ් වෙලා ඉවරයි අන්තිම පේළියෙ උන්...සොරි ඈ.....



කලින් දාපු යාල් කවි දෙක සමහරුන්ට තේරිලා නෑ... 

මලට විල මට වල

යාපනය පායනය සහ හමුවීම

යාල්පානම් යද්දි පිළුව කාන්සිය මකාගන්න කියපුවා.... ඒකට වස්තුබීජෙ වෙච්ච කතා වස්තුව අහනවද...


ඇත්තම කියනවනන් මම ස්ලිට් යන කාලේ ගමේ පංසලෙන් පොඩි චාරිකවක් ගියා දවස් 3 විතර ඔය කියන යාපනේට... ලොකු හාමුදුරුවෝ මාත් එක්ක හෙන ෆිට්, ගමටම වැදගත් කොල්ලන්ට මායි තව දෙන්නයි හිටියේ. වුනාට ලොකු හාමුදුරුවන්ගේ කම්පීතරේට ඇක්ස් පී[xp] දාන්නේ මමනේ..! ඒක නිසා මම පොර.ඉතින් මටත් එන්න කිව්වා යාපනේ යන්න මම බෑ කිය කිය ඉඳලා යාලුවෝ ටික එනවා කිව්ව හින්දා කුකුලත් වඩාගෙන මම පන්සලට ආවා.

තමා හිසට තම අතමය හෙවනැල්ල මට මතක් උනා... ඔක්කොම මට ඇරලා...!! මම හාවා වුනා. ගෙදරට කිව්වේ දවස් තුනකින් එනවා කියලා. හිත හදාගෙන දර ටික එහෙම බස් එකට පටවලා බස් එකට නැග්ගා...අපරාදේ කියන්න බෑ ලස්සණ අත්තම්මලා ටික තරුණ කලේ ලස්සනට ඉන්න ඇති.මට මගේ එන්න හිටපු යාලුවන්ගේ ගෙවල් වල කට්ටිය මතක් උනා ආදරේ වැඩිකමට
අපේ සමාජයේ වර්ගීකරනයෙන් නොවැදගත් යැයි සම්මත ත්රීවීල් කාරයො [මල ගෙදරකට පන්සලේ වැඩකට විතරයි මේ අය වැදගත්, නිදහස්ම ජීවිතයක උරුමකාරයො කියන්න උන්වත් දන්නේ නෑ]හතර පස් දෙනෙක් මේකෙ හිටියා මම උන් එක්ක සෙට්වෙලා මාවා කියන පුවක් සහ පප්පා කියන බුලත් විට කමින් පැයක ගමනිකින් සුපුරුදු ඉස්සරහා ෆුට් බෝර්ඩ් එකට ස්ම්ප්රාප්ත උනා.

එතන හිටියා මගේ ක්රමයට අඳින, බුලත් විට කන සිගරට්ටුව උරන[පස්සෙ දන්නේ] කොටින්ම එල කොල්ලෙක්... පොරත් එක්ක චැටක් දාගෙන උගේ අච්චිගෙ සීයගෙ විස්තර ටික අහගෙන අපි යනවා. ඔය කැකිරාව හන්දියෙදි විතර මම නැග්ගා උඩට වතුර බොන්න. ආච්ච්ගේ අම්මට සිරි වෙන්න අපේ භාෂාවෙන් කියනවනන් එල කෑල්ලක් [මට හිතුන විදිය මොකද .......], මම දැන් ඒක දිහා බලන් ඉන්නවා බල්ලා ගොටුකොල කන්න බලනවා වගේ. මගේ ඇස් දෙක විතරයි අනික් ඔක්කොම හිටලා වතුර තිබහත් නැති වුනා.කෙල්ල මගේ දිහා බලලා විලි ලැජ්ජාවට බිම බලගත්තා හිනාවෙලා.... අනේ මුලු බස් එකම පිටි පස්සේ ඉඳන් මගේ දිහා බලාගෙන ලොකු හාමුදුරුවෝ විතරක් අහක බලාගෙන ඉන්න ඇති කියල හිත හදාගෙන මම අහක බලාගෙන හොරෙන් බල  බලා හිටගෙනම ත‍්‍රිකුනාමලයටම ආවා.

බත් ජුන්ඩකුත් කාලා අලුත් පොරත් එක්ක සිගරට්ටුවකුත් හොරෙන් පරන ළිඳක් ගාවට වෙලා බොන ගමන් පරන කෑලී ගැන විස්තර එහෙමත් කියලා අපි කරපු බලු වැඩ ගැන කතා කරනවා.... ඇත්තට එක ජාතියේ බල්ලො දෙන්නෙක් සෙට් උනාම පන්සලක් පල්ලියක් ගැන කතා කරන් නෑනේ. සිගරැට්ටුව ඉවරවෙලා නැගිට්ටම කහ පාට බොර්ඩ් වගයක් දැක්කා"අන්තරාවයි බිම් බෝම්බ වලලා ඇතබිම් බෝම් අයින් කරපු සීමාව වෙනම ලකුනු කරලා. අනේ කඩවර නැන්දේ අපි යන්නෙ කොහොමද ආපු පාර මතකත් නෑ අරක සීතල වෙලා දැන් ඉතින් මොනා කරන්නද තව සිගරට්ටුවක් බීලම යන් දැන් ඉතින් උන්නත් මලත් දෙකම දෙකයිනේ.


"උඹ හොඳට සිගරට් ගහනවා නේද"  
"ඔව් මචං හිටියා කියලා ජනාදිපති වෙන්ඩද...?"
මම පොර ටෝක් එකකුත්දුන්නා. ඇස් දෙක පියාගෙන දෙයියනේ කියලා දෙන්නම ආපදාවක් නැතිව ආවා.
කොහොම හරි කෙල්ල පේන ඇන්ගල් එකක් කකුල් දෙකට අරගෙන යාපනේටම අවා. රෑ වෙලානේ මායි අරුයි අර කොල්ලො ටිකයි යාපනේ ටවුන් එකට ගිහින් වැදගත් තැනක මුල් තැන වන 'ගල්' අරන් ආවා බස් එකට ගහන්න.. අරුයි මායි දෙන්නා හොඳට බීලා  වල් පල් කියනවා බඩු පිටම මම ඇහුවා


"කවුද බන් අර ඉස්සරහා හිටිය කෑල්ල.....?"
"ඒ මගේ නංගී මචං....."
"මොකද්ද මට ඇහුන් නෑ...?"
"ඒ අපේ අම්මයි නංගීයි..."


මගේ කන් දෙකට මී පැණි දැම්මා වගේ උනු කරපු.... යකෝ පැය දහයක් බස් එකේ එකට අවා මේ එළුවට කියන්න තිබ්බනේ මගේ අම්මයි නංගීත් අවා මචන් කියලා . එහෙනම් මම ඌව ආස්සරේ කරන්නේ නෑනේ වැඩිය. අම්මපා මටමයි වෙන්නේ, මං ගැන දැනගත්තා ඕනෑවට වැඩී.... මට හිතෙනකොට පරක්කුයි කියලා මට පස්සේ හිතුනා.
මේ වගේ දෙවල් නරකයාට සහ මට පොදු සංදිස්ථාන මන් හිතන්නේ 198* ගනන් වල අම්මලා බය වෙලානේ හිටියේ අපි ඉපදෙන්න ඉන්නකොට JVP කේස් නේ ඒක නිසා අපිට වෙන්නෙම බය,ලැජ්ජා සහ ලැජ්ජා බය ඇති හෝ ලැජ්ජා නැති වැඩ.

පහුවදා නාගදීපේ යනවා රස්නේ වැඩිකමට ටී ෂර්ට් කෑල්ලයි ෂොර්ටයි... යටට නෑ.පෝලිම අහස උසට. කොහොමහරි මම දැන් අරූව මග ඇරියා... අයිය්ත් එක්ක නංගි පස්සේ යන්න බෑනේ. මම දැන් පොලිමේ යනවා කෙල්ල පස්සේ කොහොමහරි මගේ ඉස්සරහට වෙන කෙල්ලෝ වගයක්.... මගේ එක සාක්කුවක කැමරාව අනිකේ පසුම්බිය.... දෙකම පරිස්සම් කර ගන්න ඔනේනේ මම සාක්කුවට අත් දෙක දගෙන තමා යන්නේ 
ටික වෙලවකින් ඉස්සරහා හිටිය කෙල්ලෙක් මට රවනවා.... මාත් රැවුවා උන්ට පුලුවන් නන් මටත් පුලුවන්නේ... වෙන කෙල්ලෙකුත් රැවුවා මට නිකන් ඉවට වගේ දැනුනා. සෙරප්පු පාරක් කුඩ පාරක් නැත්නම් කම්මුල් පාරක් බැටන් පොලු පාරක් වගේ දෙයක් මම පොඩ්ඩක් අවධානය යොමු කරා කෙල්ලන්ගේ නිතඹ ප්රාදේශික ප්රදේශයට.... අනේ අම්මපා..!!! පස්සේ හිටපු කවුරු හරි මේ කෙල්ලන්ගේ පස්ස මිරිකනවා.  
කාට උනත් රිදෙනවනේ නේද..... දකින එව්න්ට පෙන්නේ මම වගේ.. මගේ අත් දෙක යටනේ, විහුලුවට වෙන්න ඇති...! මම මල පැනපු ආකරයට පිටිපස්ස බැලුවා.... 
බලපුවම කොල්ලො පහක් විතර හිටියා... එතන හිටියනම් මට පස් දෙනාටම ගහන්න වෙනවා... තනියම පහකට ගහන එක හරි නෑනේ, නැත්නම් අර කෙල්ලන්ගෙන් ගුටි කන්න වෙනවා දෙකම මගේ වැදත් කමට හරි නෑනේ අර කෙල්ලත් ඉන්නවනේ . ඒක නිසා නාග දීපේ කැතයි කියලා හිතගෙන පොලිමෙන් අයින් වෙලා කොමඩු කෑල්ලක් කාල හිත හදා  ගත්තා.

 නාගදීපේ ගිහින් එන්න දවසම යනවලු. දැන් ඉතින් කලපුවට බැහලා බෙල්ලො අහුලනවා කියලා හිතාගෙන ආපහු එන්න පාරෙන් නැතිව පොඩ්ඩක් එහාට වෙන්න කැලෙන් එන ගමන් නිකමට බිම බැලුවා. ෂැහ් ලස්සන බලු පැටව් පාට පාට, එක එක සයිස්, ෂුවර් එකටම දෙ_ _ මිනිස්සුන්ගේ වැඩ සිංහල අය කවදාවත් එහෙම කරන් නෑ කියලා මම දන්නේ නෑනේ...!! එහෙම හිතාගෙන බස් රථයේ ඩයිවර් අයියා එක්ක තල් රා පොඩ්ඩක් බීලා බස් එක එහා පැත්තේ නිදා ගත්තා
නැගිටින කොට ඔලුව ගාව අලි ගොම් බෙට්ටක් නිදියනකොට තිබුන් නෑ ඒක. හරකාගේ ^%$#@@@ ..... මිනිස්සු ඕන තරම් හැමතැනම නිදි ඕන තරම් ඉඩ තියනවා වෙන තැනකට හරි වෙන මිනිහෙක් ගාවට හරි උට යන්න තිබුනනේ...අඩු ගානේ මගේ කකුල් දෙක ගාව දාන්න තිබුනනේ...බ්රෑන්ඩ්නිව් උනු උනු භාන්ඩේ... ස්ප්රේ එක නම් සුවර් එකටම වදින්න ඇති

Read more »

Followers