12.06.2011

උසාවියේ දවසක්....1

කසිප්පු කාරයෝ... වලි කේස්.., කුඩු..., ගන්ජා කාරයො.. අස්සෙන් එබිලා මගේ නම කතාකරනකං බකන්නිලාගෙන හොටඋලාගෙන හිටියෙ.. කාපු දොඹගෙඩිය දැං දිරවගන්නත් එපායැ.. 
මමත් බයටම ගිහින් ලොයර් කෙනෙක් හම්බෙලා විස්තරෙ කියුවා.... කවදාවත් ඇවිල්ලා නැති එකේ අප්පුවා කොළඹ ගිහින් වාගෙ හැසිරිලා නෝන්ඩි වෙන්න බෑනෙ.... 
අදාල ගාස්තුව ගෙවන්න යන වෙලාවෙ එතන තව කීපදෙනෙක් හිටියා..
දැං පෝලිමට කසිප්පු අහුවුණ ඒවා... එයාලා විත්ති කූඩවට නගිද්දි අදාල නීතිඥ්ඥයා නැගිටිනවා... 
"වරද පිලිගන්නවා සවාමීනි මින් මතුවට මෙවන් වැරද්දක් නොකරන බවට පොරොන්දුවෙනවා... දඩුවම විඳීමට සූදානම්.. "
කියනවා වාඩිවෙනවා... තොල්කයා විනිසුරුවගෙ තීරණේ කියවනවා.. 
"රුපියල් 5000ක් දඩ..., 10000ක් දඩ..., ගෙවිමට නොහැකිනම් දින මෙච්චරක සිර දඩුවම්..." 
මේ අතරෙ මං කතාකරපු නීතිඥ්ඥයත් එහෙම කරනවා... යකෝ මුංට සල්ලි ගෙවන්නෙ ඔයටික කියන්නද... අපිටත් බැරියැ ඕක... මගෙ වාරෙ ආවාම මමම යටික කියලා මුගෙන් ආයෙමත් සල්ලිටික ඉල්ල ගන්න ඔනේ..!! 
වටපිටාවෙ චාටර් ඩයල්ස් ඉන්නෙ..රස්තියාදු පාටයි... මන් දිහා බලන අනිත් උන්ටත් මෙහෙම හිතෙන්න ඇති.... 
නැන්දම්මාට කොටපු ලේලි කෙනෙක්..., තාත්තට ගහපු පුතෙක්....(අම්මට ගහනවා දැකලලු ගැහුවෙ...) ඔයවගේ විකාර කේස්... ඒ අස්සෙ ඝෝෂාවත්.. යහමින්... මොකො තමංගෙ කේස් එක විතරයි වැදගත්.. උසාවි ඇවිත් පුරුදු එවුන් දන්නවා ඕඩර් එක... කොයිවෙලාවෙද නම කියන්නෙ කියලා... මං වගේ එවුන් ඉතිං ර සද්ද අස්සෙං කන් උල් කරගෙන මැච් එක අහන ආබරං මාමා වගේ ඉන්නවා.. ඉඳලා හිටලා තොල්කයාට මල පනිනවා.... 
"නිශ්ශබ්ද වනු...!!!" ගානවා... 
උසාවියෙ ලස්සන ලොයර් නෝනා කෙනෙක්වත් හිටියනං මනෝ පාරක්වත් ගහන්න තිබ්බා.. කොහෙද උංගෙ කඳ බඩ ආරලා පපුව මොකක්ද, බඩ මොකක්ද, බෙල්ල කොහෙද හොයාගන්ඩ බෑ....
හොඳට ජැන්ඩියට ඇඳපු මහත්තයෙක් විත්ති කූඩුවට ආවා... මං හිතන්නෙ කාර් එක සුදු ඉරි කපලද කොහෙද.... 
"ගන්ජා සුරුට්ටු දෙකක් ළග තබාගැනීම... තමා වරද කරුද නිවරද කරුද...??"
හුහ් හුහ්...  ... බකස් ගාලා පැන්න හිනාව කැස්සකට කන්වර්ට් කරගෙන ටිංකිරි ගෑවෙන්ඩ ගියපු එකෙන් ශේප් උනා... 
ඊළගට ඔන්න කෙල්ලෙක් නැග්ගා පැමිණිළි කූඩුවට..! හ්ම්... සුදුයි.. කොණ්ඩෙ කලුයි දිගයි.. කන්පෙති බෙල්ල කැපිලා පේන්නෙ නෑ ආභරණ මොකුත් නෑ...චිත්ත ගවුමට හොඳට කැපිලා පේන පපු... 
අයියො...!! මට දැං ඇතිවෙලා... මගේ කේස් එක ඇහුවනං යන්ඩත් තිබ්බා... 
යකො මෙන්න උසාවිය නිශ්ශබ්ද වෙලා.. 
කට ඇරගෙන අර කෙල්ල දිහා බලං ඉන්නවා.. මේ මොන මගුලක්ද...  තොල්ක කම දෙන්ඩ තිබ්බෙ මේකිට... 
ඒකත් හොදයි.. කම්මැලිකම යන්නත් එක්ක.....



13 අදහස්..:

  • නදී says:
    December 6, 2011 at 7:54 PM

    මොකද්ද ඔයාට තිබ්බ කේස් එක අහ්

  • නරකයා....!! says:
    December 6, 2011 at 8:18 PM

    මලා... ඉස්සෙල්ලාම ඒ පොස්ට් එක දාලා මෙක දාන්නයි හිතාන හිටියේ.... ඒක තාම ඩ‍්‍රාෆ්ට් එකේ...
    ලයිසම නැතුව බයික් පැදලා....

  • Anonymous says:
    December 6, 2011 at 8:18 PM

    ඇත්තටම මොකද්ද ඔයාට තිබ්බ කේස් එක ????

  • harshana1985 says:
    December 6, 2011 at 11:29 PM

    වරද පිලිගන්නවා ස්වාමීනී....

    රුපියල් 2500/- ක් දඩ...
    දඩ ගෙවූ පසු චූදිත මුදාහරින්න

  • ඔබ නොදු‍ටු ලොවක්..... says:
    December 7, 2011 at 4:13 AM

    වෙච්ච සීන් එකකියලා නෑ නේ...හික් හික් මේ කෙල්ල විත්ති කූඩුවට නැග්ගම ඔක්කොම අමතක වෙලා...

  • නරකයා....!! says:
    December 7, 2011 at 8:52 AM

    @Anonymous: & @ඔබ නොදු‍ටු ලොවක්..... :
    මම එක දිගට කතාව ලියලා කොටස් 4කට විතර කැඩුවා... පොලිසියට අහුවුණ හැටියි. මෙකයි... උසාවියෙන් දුන්න තීන්දුවයි... අර දැරිවිට වෙච්චි සෝචනීය සිද්ධියයි... ඊටපස්සෙ පිළිවෙලට දාන්න ගිහින් පැටළුනා බොලල්ලා... මේක කලින්ම පෝස්ට් වෙලා සොරි ඈ... අනිත් ටිකත් දාන්නම්...

    @harshana1985:හුහ් හුහ් හර්ෂණයා මෙන්න උසාවිගිහින්... සිරාවට එහෙම තමා කියන්නෙ...

    @ඕනයා...:හි හි මම ඒ කතාව කලින්ම කියවලා තිබුණා ඔ්නයා.... දැනුත් එක්ක දෙපාරයි..

  • Anonymous says:
    December 7, 2011 at 9:12 AM

    ඒ කෙල්ල මොන වගේ වරදකටද අයියෝ අහුවෙල තියෙන්නේ...
    පුද්ගලික දේපලක් විකුණලාද?

  • නරකයා....!! says:
    December 7, 2011 at 11:42 AM

    @lahirucc:
    නෑ නෑ.. ඒ කෙල්ල තමයි පැමිනිල්ල....

  • ගින්නා says:
    December 7, 2011 at 2:31 PM

    මොකක්ද උබේ කෙස් එක .. ඇත්ත කියහන් කෙහෙල් කැනක් කපල නේද

  • නරකයා....!! says:
    December 7, 2011 at 2:40 PM

    @ගින්නා: තොට පිස්සු....

  • කතන්දර Kathandara says:
    December 9, 2011 at 2:53 PM

    මාත් ට්‍රැෆික් උසාවියට ගිය දවසේ ලෝයර්ලාට බම්බු ගහගන්න කියලා මගේ වැඩේ මංම කර ගත්තා!

  • නරකයා....!! says:
    December 10, 2011 at 1:58 PM

    @කතන්දර:
    අපොයි ඔව් මම දැක්කා කරපු හැටි.... හිහ් හිහ්... පස්සෙ දවසක යන්න උණාම... මමත් එහෙම කරගත්තා..

Post a Comment

Followers