12.12.2011

නැට්ට පුකේ ගහගෙන ඉන්නෙ නැතිව නැගිටපියවු...!


බම්බුව.. උත්සව කාලෙට ගෙදර යන්න ගියාමත් මළවදෙ... නිවාඩු ඉවරවෙලා කොළඹ එන්න ගියාමත් වදේ... ගමනට වඩා දිගයි පෝළිම... 
පෝළිං පැටලිලා, විරෝපට්ටං ගැහිලා.. කුණුහරුප අස්සෙං, ගෑණු ළමයිංගෙත් හැප්පීගෙන.... දාඩිය නාගෙන, කුණු පෙරාගෙන, ගුටිකාගෙන.... පැය තුනකට විතර පස්සෙ බස්එක ළගට එන්න පුළුවං උණේ... කාපංකො ජිල්,... 'සුඛොපබෝගී'... හයියෝ සල්ලි... දැං ඉතිං වෙන පොලිමකට සෙට් වෙන්න ගියොත් අද යන්ඩ වෙන්නෙ නෑ... නැග්ගා ඉතිං... 
ඇත්තටම පිටිපස්සෙං ආපු තල්ලුවකින් විසිවෙලා බස් එකට වැටුණා...!!
ෂා... සීතලයි... මාර සනීපයි..!! 
ගමෙ කඩේ මුදලාලි මහත්තයාගෙ ෆ‍්‍රිජ් එක ඇරියා වගේ.. මළකඩ ලෝකයයි... අසරණ කමකට නැග්ගා මිසක් සීතලට මං එච්චර කැමති නෑ.. පීනසේ... මේකෙ ගියාවගේ නෙවෙයි දවස් දෙකක් විතර හුචිස් ගගා තමයි ඉන්න වෙන්නෙ... 
ඔන්න ගමන පටං ගත්තා මම බෑග් එක පොරවගෙන ඒසී එකෙන් හැංගිලා නිදාගෙන ආවා... බස් එක ඇතුලෙ පොඩි කුටු කුටුවක්.. මොකෝ මේ.. මෙයා අරයට මොනවද කියනවා..! එයා අනිත් කෙනාට...!!
"ඒකනෙ බලන්ඩකො...!" 
"සල්ලිනං ගන්නවා...!!"
"මාර මිනිස්සු... !!!"
ඇන්ටනාව කරකලා බලද්දි තේරුණේ මගට එද්දි ඒසී නැවතිලා... හුහ් හුහ් පට්ට...!!
මුං එක එකා හොරෙන් බනිනවා.... මටනං වෙච්ච වැඩේ හොඳයි.. එත් අයියෝ සල්ලි...
මැද හරියෙන් කොල්ලෙක් නැගිට්ටා... කොන්දට කතා කරා.. 


"අයියෙ.... ඒසී එක ඔෆ් වෙලා නේද...??"
"එක කැඩිලා මල්ලි... ඒසී වදින්නෙ නෑ.. "
"මේ ෂටර්ස්ත් අරින්න බෑනෙ.. අපෙන් සල්ලි ගත්තෙ ඒසී වලටත් එක්කනෙ..."
"හිතලා කලේ නෑනෙ මල්ලී...."
"හරි හරි ඔයාලට වැරුද්දක් කියනවා නෙමේ... ඒසී දාන්න බැරිනං වැඩිපුර ගත්ත සල්ලිවත් ආපහු දෙන්න... "
"මෙ පැහෙන් නැතුව වාඩි වෙනවද.. මේ යකඩවලට තේරෙනවද ඔවා..."


 කොල්ලට මල රිවස් උණා.. 


"ඔයි...!! මොන බම්බුවටද එහෙනං ඩබල් චාජ් කරෙ...? උඹලට හොඳිං කියපුවාම තේරෙන්නැද්ද...??"
කොන්දත් වැඩේ අත රින්නෑ.... ගේමනං ගේම...


"අපිත් ගමේ මල්ලි හරී... "
අන්තිමට එහෙමත් කියනවා ඇහුණා.. කොල්ලා අපි දිහාවට හැරුණා.. 


"ඕයි කතා කරපියවු... දැන් තොපිට ඒසී නෑ කිවුවා නේද... ?රස්නෙයි කිවුවා නේද... ?? මෙකෙ යන්ඩ බෑ කියපු උං නැගිටපියවු.. නැට්ට පුකේ ගහගෙන ඉන්නෙ නැතිව.. "


ම්හු.. නොට් රෙස්පොන්ඩිං.. සමහරුන්ට නින්දත් ගිහින් මෙ කලබල අස්සෙ.. සමහරු දැං කොයි හරියෙද ඉන්නෙ බලනවා.. !!
මම කිවුවා...


"සිරාවට අයියෙ වැරදියි නේ වැඩේ.. ඒසීනං දාන්ඩ එපා.. සල්ලි ආපහු.. "
"මහත්තයාගේ සල්ලි ආ.. බැහැලා යන්ඩ මළවදේ... "


කියලා මූ අර බුවාට සල්ලි දුන්නා ඌ අපිටත් රවාගෙන ගස්සගෙන සල්ලිත් අරන් බැස්සා... හුටා දැං මං විතරක් කෑගහලා මටත් බහින්ඩ උණොත්...!!! 
මම ෂේප් එකේ ෂීට් එකේ හැංගුණා.. මොකූත් නොවිච්චි ගානට බස් එක ඉස්සරහට ගියා......
බස් එකේ හිටපු උංගෙන් භාගයක් නැගිට්ටනං කුඩුකරන්ඩත් තිබ්බා.. කොන්දට බයෙ ඔක්කොමලා සරෙන්ඩර්...




පස්සෙ ආරංචි උණා.. අරූ ජපුරෙ ශිෂ්‍යය ක‍්‍රියාකාරියෙක්.. බස් එකෙන් බැහැලා පොර පාරිභෝගිකසේවා අධිකාරියේ පැමිණිල්ලකුත් දාලා...


 හුහ් හුහ් පට්ට...!!

12 අදහස්..:

  • ඔබ නොදු‍ටු ලොවක්..... says:
    December 12, 2011 at 10:23 AM

    මගේ යාළුවෙක් පික්පොකට් කාරයෙක් අල්ලල දීලා...මූ හෝල්ට් එකෙන් බහිනකොට බස් එකේ මිනිස්සු ඉස්සරහම අර පොකට් කාරයගේ බඩියා මුගේ පිටට දැලිපිහිපාරක් දීලා..බස් එකේ උං අහක බලාගෙන..මූ නිකං ටිංකිරි කෑවා..ලෝකේ හරි විෂමයි මචං කියලා දැං ඌ එකෙක් පාරේ මැරිලා හිටියත් බලන්නේ නෑ..

  • මාතලන් says:
    December 12, 2011 at 10:30 AM

    උඹලත් කොල්ලොද අන්න කොල්ලෝ මම නම් මරාගන්නවා.. කොල්ලා කාළේ.. දැන් බස් එකේ යනවා අඩුයි...

  • duliponline says:
    December 12, 2011 at 1:10 PM

    බස්වල ඔය වගේ වෙලවල මරාගන්න සෙට්වෙන කස්ටියනං එමටයි . . . හැබැයි එකෙක්හරි වලිය ඇදගත්තාම අර හිටපු සිංහයො ඔක්කොම නිදි . . . මම දෙතුං වතාවක් ඔය චාටරේ කාල තියනව 175 බස් එකෙයි 152 බස් එකෙයි ඩ්‍රයිවර්ල කොන්දොස්තරල එක්ක වලි ඉල්ලල . . . .

  • නරකයා....!! says:
    December 12, 2011 at 5:18 PM

    අර කතාවක් තියෙන්නෙ 18දී විප්ලවවාදී උණේ නැතනම් ඌට හදවතක් නෑ... 40දී විප්ලවවාදියෙක් උණොත් ඌට මොළයක් නෑ....

  • Anonymous says:
    December 13, 2011 at 8:31 AM

    එහෙම වෙලාවක්දී නම් සල්ලී අරන් බැස්සත් කමක් නෑ බං.....

  • නරකයා....!! says:
    December 13, 2011 at 10:49 AM

    දැන්නම මම ඉතිරි රුපියලයත් කොහොම හරි ඉල්ලගන්නවා..

  • Kush කුෂ් says:
    December 13, 2011 at 1:07 PM

    ලංකාවේ ප්‍රවාහනය බාරව ඉන්නේ නපුංසක රැළක්. කරදරයක් නැතිව ගමනක් යන්න කියල නගින සුඛෝපබෝගී බස් එක කරදර විමානයක්.. ඒසී නෑ, තිබුණත් වතුර බේරෙනවා, ඇතුළෙ සීට් ගඳට ඔළුව කැරකෙනවා, හිටගෙන යන්නත් පටවනවා, මළකඩ.. ඔය ටිකක් විතරයි.. මමත් ඕනේ තරම් ගාල්ල කොළඹ බස්වල කෑගහල තියෙනවා.. ඒත් හැමදාම එකම දේ... කවදාවත් හරියන දෙයක් නොමෙයි, ඒවයේ යන අපිටයි ගහන්න ඕනේ... ප්‍රවාහානය බාර එවුන් කවදාවත් ඒවගේ ප්‍රමිතිය ගැන සොයා බලන්නේ නෑ....

  • පන්සල් හංදිය says:
    December 13, 2011 at 3:04 PM

    හැමදාම යන බස් එකක් නං ඔය විදියට ගේම ඉල්ලුවොත් උං අනිත් දවසෙ නවත්තන්නෙ නැතුව යනවා, එතකොට අපිටමයි පාඩුව, ඕවා විසඳන්න ඔයිට වඩා හොඳ ක්‍රමයක් තියෙන්න ඕන ...

  • නරකයා....!! says:
    December 13, 2011 at 3:15 PM

    බස් එකට සැහෙන්න ප‍්‍රශ්න වෙලා තියෙනවා අරූගෙ කම්ප්ලේන් එකෙන්... හැබැයි හැමෝම දන්නෙ නෑ කරන්න පුළුවන් කියලා එහෙම උණත් කරදර වෙන්න කස්ටිය කැමති නෑනේ...

  • අසරණයා says:
    December 19, 2011 at 2:17 AM

    සිරා සින් එකක්ද බන්

  • නරකයා....!! says:
    December 19, 2011 at 9:42 AM

    ලොවෙත් සිරා එකක්....

  • Unknown says:
    March 14, 2012 at 11:12 PM

    අරූ මොකද බන් හරි අසරන විදිහට "සිරා සීන් එකක්ද" කියල අහන්නේ. මේ හුට්ටප්පරේට මූන දීපු නැති එකෙක් නැතුව ඇති. රෑ වෙල ඒ.සී. බස් එකකට නැග්ගම ඔය හැත්ත කරන්නෙම ඒක. ඒත් හිතට දුක කොන්දට විරුද්දව නැගී හිටින එකා අනික් එවුන් අතරෙ කින්ඩි වෙන නිසා එකෙක් වත් කටක් අරින්නෙනැ. බස් කාරයා හැමදාමත් අරින්නෙ පාරිබෝගිකයට, මුන්ගෙ ආච්චිලාට හුරුල්ලො පුච්චන්ඩ ආන්ඩුවත් කොච්චරවත් අරින්නෙ ඌටමයි...

Post a Comment

Followers