
ජීවිතය එක්ක දුර යන්න
එන්න කිව්වම ආවට මොකද
ඇහුවද ඇයි කියලා
මම කව්ද කියලා දන්නවද
අඩු තරමේ අඳුරනවද....
කඳුලු හංගන්න එපා කිව්වට
ඇහුවේ නෑනේ
ප්‍රශ්ණ නැත්තේ කාටද...........
එන්න කලින් තව පාරක් හිතන්න තිබුනනේ
හිතුවෙ නෑ නේද ?........
හිත රිදෙයි කියලා
පුරුදු වෙනකන් ඔහොම තමා
කාලයක් යනකොට තේරේනවා
ඔක්කොම කරන්නේ බොරුව
සෝබනේ විතරයි..
හැමතැනම මෙහෙම තමා
සම්මත රාමුවෙන් පිට පැන්නම
රණවිරුවෝ කියන්නේ හැමෝම නෙමේ
මමත් නෙමේ
පොලවට ලේත් එක්ක ජීවිතය දුන්න
පොඩි එකත් නෙමේ
කැරකෙන පුටුවේ ඉන්න
පරිමාව වැඩි ලොකු එකත් නෙමේ
උගේ...................
තෙරුනේ ආවට පස්සේද....
ඇහුවේ නෑනේ කියපු දේ
හොඳ වැඩේ.....................


