වෙසක් බලන්න යන්න කලින් ෆේස්බුක් එකෙන් මැක්සා කතාවක් දැක්කා...
"ඇයි අද වගේ දවසකවත් තෙරුම් ගන්නේ නැත්තෙ.. අද තිලෝගුරු බුදු පියානන් වහන්සේගේ සම්බුද්ද තෙමගුල සිහි සිදුවෙච්ච උතුම් දවස. ඒත් බෞද්ධ රටක් වෙච්ච අපේ රටේ මගේ යාලුවෙත් බොහෝ දෙනාත් සුබ පතනව,,
" සුබ වෙසක් මන්ගල්‍යක් වේවා" එහෙම නැත්නම් Happy wesak day කියල.. ඇත්තටම මේ හැත්තට පිස්සුද.. එහෙම ප්‍රාර්ථනා කරපු අයට කියන්න තියෙන හොදම වචනේ ඒක වෙන්න ඇති කියල මට හිතුන.. මගේ ප්‍රාර්ථනාව නම් අද වගේ ද්වසකවත් මේ වගේ අයට හිතට කුසල් සිතුවිලි පහල වෙන යමක නියම අර්තය තේරුම් යන දවසක් වෙන්න කියන එකයි,,"
මේ ගැන කීප දෙනෙකුගෙන් අදහස් විමසපුවාම සමහරු කීවේ
"සුභ පතන එකේ වැරුද්දක් නෑ" කියලා..
මොනවා උණත් මටත් හරිහමං තර්කයක් ගොඩනගාගන්න බැරි උණා මේ කතාව හරි කියන්න..
මෙක පෝස්ට් කරපු ඔරිමජිනල් එකාවත් මේකට හේතු පැහැදිලි කරොත් හොඳයි මෙතනින් දැකලා....
හැබැයි මට හිතුණා මේක කියපු එකාගේ කටට රුපියලයක් දාන්න...
කියන්න ගියේ මේ ආලවට්ටං ගැන නෙවේ... වෙසක් සතියේ පොළොන්නරුවෙ ගත කරද්දි මේ පැත්තෙත් වෙසක් කලාප කීපයක් තියෙනවා කියලා ආරංචි වෙලා සැදැහැවත් ගැන්සියක් සෙට් කරගෙන වෙසක් සිරි බලන්න ගියා එක කලාපෙකට...
තැන තඹලවැව...
මුලින්ම මේ ආරංචිය ආවේ අපේ අයියා මල්ලිගෙන්...
"මචං අහවල් දිහා වෙසක්කලාපයක් තියෙනවා අපෙනුත් සම්මාදම් එකතු කරන්න ආවා.... ඒ දවස් වල අපිත් ඔෆිසියෙං විසිදාහක්ම දුන්නා.... යංද බලන්න...?"
"හෆ්ෆට සිරි 20000ක්... යකෝ මාර සල්ලියක් එකතුවෙන්න ඇති නේ එහෙනං ලෙසටම ඇති..."
ඔන්න ඉතිං බැතිබර සිතිං යනකොට යනකොට ඇතිවෙච්ච තිබහ නිවා ගන්න කියලා අපි කතා උණේ තේ පැන් දංසලක් වගේ එකක් අල්ලා නවත්තන්න...
වෙසක් කලාපේ ගේට්ටුව පෙනි පෙනී යන්තං එකක් හම්බුණා... අපිත් එතෙනට ගිහින් තේඑකක් කාරිය බීලා එන්න පිටත් වෙද්දි තරු විසි උණේ...
"මල්ලි සල්ලි දීලා යන්න.... "
හුටා....! ඒක කඩයක්... විලි ලැජ්ජාවයි... එතනින් ගැලවිලා බයික් කටු ටික නවත්තගන්න තැනක් හොයා ගෙන ගියා... ඉතිරිවෙලා තිබ්බ ඉඩෙන් අපි බයික් නවත්තද්දි පොරක් දුවගෙන ඇවිත් ටිකට් එකක් කැඩුවා....
"මේ මොකද්ද මේ.....?"
" වාහනයක් නවත්තන්න රු 20ක ටිකට් එකක් ගන්න ඔ්ණේ... හෙල්මට් වලට වගකියන්නෙත් නෑ..."
තොපිට හෙන ගහපියවු... දැන් ඉතිං මොනවා කරන්නද.. අපි ඇතුලට ගියා....
"හෝව්..! හෝව්...!! ටිකට් අරන් යන්න...."
යකෝ වෙසක් කලාපේ ටිකට් වලටද පෙන්නන්නේ... රු 20ක ටිකට් අරන් ඇතුලට ගියා....
අටපට්ටං කූඩු ටිකකට අමතරව ගොනි වලින් වට කරපු පොඩි පොඩි කුටීර... එක එක සද්ද බද්ද... කෝ වෙසක් කලාපෙ..... වට පිට බලද්දි දැක්කා කුණු ඇලකට උඩින් දාපු ඒ දණ්ඩක්... ඒකෙන් මිනිස්සු එහාට එගොඩ වෙනවා... ළං වෙලා බලපුවාම මෙන්න බොලේ ඒක දිගේ යන්නත් රු10 ක් ගන්නවා...
හැමදාම ගේ ළග තඩි ඔයකට උඩින් ඒදණ්ඩෙන් එගොඩවෙලා යන මට සල්ලි දීලා ඒදණ්ඩේ යෑමේ උණක් නැති නිසා ඒක පහුකරන්ගියා..
උණ පතුරු වලින් හදපු නෙළුම් මලක් උඩ සිදුහත් කුමරුගෙ පින්තූරයක් හයි කරලා එතනම ඍජිෆෝම් වලින් හදපු ගෑණු රූපයක්... එක අතකින් මයිළ ගහක එල්ලා...
මහාමායා දේවි වෙන්ට ඇති... අපහාසයක් එහෙම කොරනවා නෙවේ.. මේවා බලන පොඩි එවුන්ගේ හිත්වලට ඔ්වා කා වැදුනොත් ලොකු වෙලා උන් කියයි "සිදුහත් උපත සිදු උණේ මයිළ වණයක" කියලා....
තැන් තැන් වල තිබුණු අටපට්ටං වලට අමතරව තිබුණු අනිත් ඒවා බලන්න සල්ලි ගන්නවා... ආ... තව ගොල්ෆේස් එකේ වගේ විජ්ජුමබර විකුනන කඩවල් ටිකකුත් තිබ්බා ඒවත් බැලුවාම ඉතුරු වෙන්නෙ පසුතැවිල්ල විතරයි නිසා ඒ වෙසක් කලාපෙට හෙණ ගහන්න කියලා අපි හැරිලා ආවා....
හයියෝ වෙච්ච දෙයක්...!! අපිට නෙවේ.... මේ මිනිස්සුන්ට...