6.30.2010

නුඹට........


මීදුම අස්සෙන්.....
තරුකැට වලින් වෑස්සෙන පිනබින්දු..
පුංචි රෝස පෙති වලට වැටිලා.... ඉර එලියට දිලිසෙනවා....!
ඉතින් පුංචි මල් පෙති බරවෙනවා තමයි...
ඒත් ලස්සනයි.....!!
ඉර එළියට ඔය පිණි බින්දු මැකිලා යාවි....
මල් පෙති ඉර දිහා බලාගෙන...තවත් විකසිත වෙවි
හරියට නුඹ වගේ.....!!!

Read more »

6.19.2010

ආයෙමත්....!! (ලෝකයත් එක්කම....)


ලොකු නින්දකින් ඇහැරුනා.....!!
ඒ ටිකට ගොඩක් දේවල් වෙනස් වෙලා..
සමහර විට ඒ සිද්ධ වෙන්න තිබුණ විදිය වෙන්නත් ඇති...
සමහර අය ජීවිතයට එනවා සමහරු යනවා.. ඒත් හැමදේම තාවකාලිකයි නෙ..!
දැන් සහෝදර ලොකයාත් ටිකක් විතර දුර.. උගෙ බ්ලොග් එකත් මේ දවස් වල ඇණහිටලා... ඉතින් උගේ බ්ලොග් එකේ මම ලියපුවා ත් ඌ ලියපුවත් එකතු කරගෙන ආයෙත් සයිබර් අවකාශයේ නිරුවත් වෙන්න ලෝකයාගෙ භූමිකාවත් එක්කම එන්න හිතුනා........!!

Read more »

1.13.2010

සින්තටික් යථාර්තය....


බිම් මහලෙන්,
තනිවුණු ලෝකයට රිංගලා..
හිතේ හැටියට ජීවිතය තුරුළු කරගෙන...
පියාගත් නෙතුපියන් අතරින්
පුංචි තරුකැට සිඹිද්දී....
ළයට කා වැදුණු උණුසුමට..
ගුලිවෙන්න දගකරන
හදවත සංසිඳුවනු වස් හැමූ...,
සීතල පිණි බින්දු තැවරුණු,
පිපාසිත දෙතොලග තෙමා ගිය
ආත්මානුගත මදනළට මත්තෙන්
උඩුමහලට ළගා වුනු....
සෝපානය......

Read more »

10.31.2009

නුඹයි..මමයි....!!




ඈත ඉම පෙරමං හිඳ අත වනන නුඹ...
මැත මා හා සිනාසෙන නුඹ...!
සඳ මඬල පීරා දිලිසෙන..
සඳ මඬලව පායන...!
අනාගතය නුඹ..
වර්තමානය නුඹ...!!
වර්තමානය නැති අනාගතයක් අතර...
අනාගතයක් නැති වර්තමානයක් අතර..
දියවුණු අතීතයක මං සලකුණු අතර මම....!
අඩන්නද...? බෑ..
හිනාවෙන්නද..? බෑ..
නුඹද..? නුඹවද...?
හැම දේම තිබුණා තියෙනවා..
තවමත් මොකුත් නෑ...!!!

Read more »

10.23.2009

නුඹද.... මමද....පමාවද...........

නිල් රතු පාට සලුවට
හැඩ වෙච්චි..............
මටමද......

මීන නුවන් යුග යොමන
මග යනවුන් ගනින......මග හරින
ඇය......නුඹමද
හිරුත් සමග
හෝරා ගනින.....

උදෑසන දවල් වන
කැඩපතට විරිත්තන
උරුම කලිසමේ... කමිසයට
බාටා කෑලි ගලපන
හෙවනැල්ල
නුඹද....මම ද.......

සාපේක්ෂවූ කාලයට
නොපමාව පමාවන
දෑස් හමුවන
ගිනි නොවුනු දෑස් පෙන්වන
මන්දහාස... නගන
නුඹද...මමද.....
නිවැරදිද...

විලිය නොපෙන්වන
මගේ යයි හැඟුන
පලමු දවසද
එදාද...... අදද
නුඹද

පමාව නුඹද උරුමද.... පොදුද...නුඹටමද....නොපමාව මටද මටමමද......
______________________________________________
අවකාශයට එක් කලේ.......
ගිනියම් සිතුවිලි රේඛා අතර වල් වැදිච්ච ඉසව්වට නූතන පාඨකයා ගෙන යන
සයිබර් අවකාශයේ ලෝකයා.......
______________________________________________

Read more »

වධ මලයි වද මලුයි....!



ඉස්කෝලේ යන්න පටන් ගත්ත කාලේ... (මම කියන්නේ ලෝකයා ප්ලග් වෙන්න හේතු සාධක වෙච්චි ඉස්කොලේ ගැන ඒක රාජකීය ඉස්කෝලයක් ඒ ගැන කාරණා පස්සෙ කියන්නං) උදේ පාන්දරින් යනවා බස් එක අල්ලන්න.. 10-11 වසරට යනකොට පොඩ්ඩක් පරකුවෙනවා ඉඳල හිටලා ගුටිත් කනවා...

හැබැයි A/L කරණ කොටනම් ලෝකයයි මායි ඉස්කෝලෙට ගියේ පාන්දර 9 බස් එකේ... එ වෙලාවට යන කොට කිසි කරදරයක් නෑ... ඉස්කොලෙ ළගට යනකොට 9.45 විතර වෙනවා දවල්ට කන්න ගෙනාපු සල්ලි වලින් පිට්සා එක වගේ හදපු පාන් පිටි ගුලියක් (ලැජ්ජා පිට්සා 1ක්..) එහෙම ගිලලා ඉස්කොලේ ඇතුලට යනකොට 10.15 විතර වෙනවා එතකොට පන්ති බාර ගුරුතුමාගේ අපි ආසම විෂය කෙමිස්ටි‍්‍ර ඉවරවෙලා... විනය පාලක තුමාවත් පි‍්‍රන්සිපල් වත් ඉස්රහින් හම්බ වෙන්නෙත් නැ.... ඉතින් දවසම සුභවෙන්න ප‍්‍රාර්ථනා කරගෙන ඉස්කෝලෙට ගොඩ වෙනවා... 

දැන් නාමලේඛනය හොයාගන්න ඔනේ නමට ඉස්සරහින් වැටුනු 0, 1 කරන්න හැමදාම ඉස්කොලේ ඇවිල්ලත් 80‍% බලනකොට කෙලඋණොත්...... 11.20 ට විතර ඉන්ටර්වල් එක දුන්නට දෙයියනේ..... අපි දැන් කන්නෙ මොනවද....? ගෙදරින් දුන්න සල්ලිත් ඉවරයි.... සීසන් ටිකට් එක විතරයි සාක්කුවෙ.... ඒ වෙලාවට කන්න අනිත් සහෝදරයො ගේන කැම වෙලාවට කලින් ඉවර කරනවා.. ඊට පස්සෙ උංගෙන් ආදරෙට වගේ කුණුහරුප ඩිංගකුත් අහගන්නවා.... පන්තිය අපායක් වෙනවා, කෑම එකක් දිග ඇරපුවාම.... මුං හැත්ත පොරකනවා ඉතිං කෑම වැඩි හරියක් හැලෙනවා... 
ඒක ඉවසන්න පුලුවන්.... ඔය වෙලාවට මං මහා සමාජ අසාධාරනයට ලක් වෙනවා මං වගේ යන්තම් බර 49Kg විතර එකෙක් අර ලෝකයා වගේ කිලෝ 79යි ග‍්‍රෑම් 720ක් විතර එකෙකුයි ඊට පෝඩ්ඩක් විතර විශාල හිපෝ පැටවු රංචුවකුයි එක්ක පොරකනනේ කොහොමද....?? මොකද අපේ කුජීත සැට් එකේ පොඩිම එකා මමද කොහෙදෝ...?? තාමත් හීනයක් වගේ අමු බත් මුලින් කාලා එළවළු පස්සෙ ගිලිනවා මං අහන්නෙ මොන පොල් බූරුවාද මේවා ඉවසන්නේ මං ඉවසනවා ඉතිං.... වෙන මොනවා කරන්නද.....?? 

ඊට පස්සෙ සුපුරුදු පරිදි අපේ සර්ට අපි මාට්ටු වෙනවා.... උදේ හිටියෙ නෑ කියලා මනුස්සයා දන්නවා... "තොපි ආවද..?" කියලා ආදරෙන් කතා කරනවා... තොපි කියන්නෙ අපි 3දෙනෙක්ට මායි, ලොකයයි, පන්තියේ පලවෙනියයි. 'පලවෙනියා' කියන්නෙ උගේ කාඩ් එක.... ඇත්තටම ඒකා පන්තියේ 29...! 30 දෙනයි හිටියේ 30 වෙනියා මම.... ලෝකයා ෆේල් ද කොහෙදෝ "තොපි රෙජිස්ටි‍්‍රය කන්න එපා යකුනේ... 80% දාලා දෙන්න්ං..." සර් අපිට හරි ආදරෙයි නම්පොත වෙනස් කරා කියලා දැනගෙනත් පොඩ්ඩක් අපේ කොණ්ඩෙන් අදිනවා විතරයි... ගානට ජෙල් ගාලා පීරපු කොන්ඩෙ ටැප් එකට අල්ලලා හෝදනවා.... වෙන මොකටවත් නෙවෙයි සර් ගෙ ඉල්ලීම අහක දාන්න බැරි නිසා... එතුමා විනය කමිටුවෙ ඉන්නවා අපේම වාසනාවට... 

හුටා...!! ගෙදර යන්න වෙලාව හරි හොඳටම පරක්කුයි... වෙලාව 12.00ත් උණා... අපේ ආදර පීපී ත් සෙට් වෙනවා ඉස්කොලෙන් හොරෙන් පනින කොට ඒක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පැනිල්ලක් පනින්න පුලුවන් කොටම තැන අඩි 15ක් විතර ඇති... මායි පීපී යි ලෝකයයි කොහොම හරි පනිනවා.. අන්න එතනදී මගේ කෙසගත්වයට පින්සිද්ධ වෙන්න අවම හානි වලින් සාර්ථකම පිම්ම පනිනවා.. අනිත් එවුන් දෙන්නා අත පය නැත්තං ඇගිල්ලක් වත් අඩුම ගානේ කඩා ගන්නවා... අනිත් එකා, පලවෙනියට පනින්න තියා උඩට නැගගන්නවත් හිතන්නවත් බෑ...! ඌට එතරම් ස්ලිම් ඇගක් තියෙනවා...ඌ මොකක් හරි රොමයක් දාලා ඉස්සරහ දොරෙන්ම එනකන් අපි පිට්ටනියෙ හොරා පොලිස් කරනවා පීටි සර් නිතරෝම පිට්ටනියේ... 
එකාත් ආවට පස්සෙ මායි MPයි ලෝකෙයෝ දෙන්නයි (එකෙක් ගෙ නම ලොකයා අනිකා කොහොමත් ලෝකයා) ඔවිටි පාලු සොහොන්පිටි බඩවැටි... පසුකර පාරට ඇවිත් සී.ටි.බි බස් එකක් එනකල් ඉඳලා නැති උනාම ටිකදුරක් පයින් එනවා අඳුනන වාහනයක් එනකන්.....සීසන් එක විතරයි වටින දේකට තියෙන්නේ...වෙන මෙනවා කරන්නද ඉතිං..!! වාහන වලට අත දැම්මට අපේ පජාත මූණු දැක්කම ඒවත් නවත්වන්නෙ නෑ.. අන්තිමට ස්කූල් බස් එකත් යනකන් එතන හාල් ගරනවා... ඒක නවත්තන්නෙ ඉස්කෝලෙ ගාව විතරයි..! 
බස් එක ඈතින් එද්දී ඉස්කෝලෙන් පනිද්දි ගලවපු නිලලාංජන ටික එලියට ආවා... මොකද ඌ බැජ් එක දැක්කොත් තමයි නවත්වනනේ.. දැං කට්ටිය හිටු කියලා බැජ් හයි කරන්න දගලනවා... මමනං බෙල්කො කෑල්ලක් හයිකරලා තිබුණ නිසා ටක්ගාලා අලවගෙන පළවෙනියා දිහා බැලුවා.... ඌ අල්පෙනෙති ගහගෙන ඇවිත්..! ඒක ආයෙත් හයි කරගන්න දගලනවා.... කටත් ඇදවෙලා..... ලෝකයා බයින්ඩර් ගාලා අයන් කරලා උදේ අලවන් ආපු එක අලවගන්න බැරිව... ඇටිකෙහෙල් කාපු වල්බල්ලා වගේ බලන් ඉන්නවා... දැන් ගම් කොහෙන් හොයන්නද..? හොයාගත්තත් අයන් කරන්නෙ උගෙ ලොකුඅප්පච්චිගේ තට්ටෙන්යැ... අනිකා පීපියා...! උගෙ උපතින්ම බැජ් එක නෑ... මෙ හැමදේම කොරගන්නකන් බස් එක නවත්තං ඉන්නෙ නෑනෙ. දැං ඉතිං බැජ්එක තියෙන එකා විදියට මුංගෙ වගකීම මටම උරුම වුණා, මං බැජ් එක පේන්න පපුව ඉස්සරහට දාලා, තේජවන්ත රිලා මූණ ඩැයිවර අයියට පෙන්නුවා... 
ඔන්න ඉතිං වෙනදා වගේම උගෙ අහවල් රෙස්පට් එක අපිට පෙන්නලා තවටිකක් පාගලා ඇරලම ගියා... ඒකේ හිටපු හරක් ටිකත් හරිම විනීතව දත් විලිස්සලා උම්බැ කියන්නෙවත් නැතිව ගියා ඒක ඉවසුවහැකි.. මෙතන හිටපු කැස්වටුවො ටික හැංගිලා මං විතරයි බස් එකේ යන්න ඉඳලා තියෙනනේ ඒ මදිවට උංගේ ජාතකේ මතක් වෙන විදියට හිනාත් වෙනවා.... 

කොහොම හරි වාහනකටුවක් නවත්වා ගැනීමේ එකායන අරමුණ පෙරදැරිව බස් අපිව පහුකරං යන දිහා අසරණව බලා ඉන්නවා.... වැඩි හරියක් බස් ප‍්‍රයිවට් වෙච්චි... බලන් ඉන්න සිද්ධ වෙනවා තමයි... ඒවගෙ යන අඳුනන එවුන් අපිට දෙපැත්තෙන්ම හිනා වෙනකොට අපි මළ පැන්නෙ නෑ වගේ ඉන්නවා... 
ඔන්න ඉතිං වාහනයක් නවත්වනවා... ඒ හොඳසැප ලොරියක් වගේ එකක්.. අපි නගිනවා.... නැගලා බලපුවාම කිරිඅප්පට බල්ලො පනින්ඩ ඒකත් වැලි ලොරියක්. ඉඳගන්න තැනකුත් නෑ... හතර දෙනාටම යන්තම් පස්ස පොඩ්ඩක් තියාගන්න කියලා ලොරිය හරියටම තිබුණෙ තැඹිලි ගෙඩි දෙකයි.. ඒදෙකේ මහතම එවුන් දෙන්නා ඉඳගත්තා.. ආයෙත් මෙ අසාධාරණ සමාජය මාව හිටගෙන ගේ ළගටම යනකන් යැවුවා... 
ළගටම කියුවට එතනින් බැහැලා තව විනාඩි 5ක විතර චූටි දුරක් යන්න තියෙනවා හැබැයි විනාඩියට කිලෝමීටරයක් වත් දුර යන්න ඔනේ... මගෙ බයිසිකල් රාජයාට ඒ වගේ හපන්කමක් කරන්නනම් රු20ක පෙට‍්‍රල් මගෙ කොහෙටහරි ගහගන්න ඔනේ... එත් කියන්න බෑ ඒකේ දම්වැලත් පනිනවා ස්වයංක‍්‍රීය ගියර් පද්ධතිය අනර්ගයි හිටගෙන එහෙම පෑගුවොත්........!! මන්නං ඒ ගැන මතක් කරන්නවත් කැමති නෑ ඒතරම් අශික්කිතයි, කුජීතයි...

අනිත් උං ගමනාන්තයටම යනවා.. එහෙම ගිහිල්ලා බහින කොට අර තාප්පෙන් පැනගන්න බැරි උණ එකා ඉඳගෙන ගිය තැන දැකපු ලොකයා කෑ ගැහුවලු 
"අම්මට සිරි උඹ ඉඳං හිටපු තැඹිලි ගෙඩිය කෝ...." කියලා.... 
මටනං හිතාගන්න බෑ ඌ ඒක සාක්කුවෙ දාගන්නයෑ..... අනික බෑග් එකක් ගෙනියනව කියලද... අපිට පොතක් හරි තියෙනෙවා ඌට එහෙමත් නෑ... එක අතකට ගෙදර පොල් හොරෙන් විකුණන එකාට තැඹිලි ගෙඩියත් කජ්ජක්ද.... පස්සෙ සීන් එක අහලා බලද්දි උගේ බරට ඒක වැලි ඇතුලට කිඳා බැහැලා.... ඌ වැල්ලෙ ඉඳගෙන ඇවිත් තිබුනේ හොඳවැඩෙ.... ඔකට හොඳම වැඩෙ.... ඇයි මට ඉඳගන්න දුන්නෙ නැත්තේ.....!!

දැන් මම පුටාර් එක පාගනවා ගෙදර යන්න තව පැයකින් ක්ලාස් එක පටන් ගන්න ගෙදර ගිහින් කාලා නාලා ඔක්කොම පැයෙන් කරන්නෙ කොහොමද නාන්නෙ නැතිව ගියොත් එච්චර පරක්කඅ වෙන්නෙ නෑ එහෙම උනත් මං ලැල්ලට පාගන්න ඔනෙ නැත්තං කන්න වෙනනෙත් නෑ මෙවා ඔක්කොම මතක් කර කර මම පාගනවා තියාගෙන....! මට පාර දෙපැත්ත පේනනෙ නෑ. පේන්නෙ කාපට් පාරෙ වලවලුයි උඩට මතු වෙච්චි ගලුයි... මම ගානට රටාවට ඒවා මග ඇරගෙන ආතල් එකේ එනකොට.... 

ඈතින් පෙනුනා වද මලක් ඒක ලොකුයි... මරුවට පේනවා....! මං ඒකත් පාගනවා... අම්මප මගෙ කරුමෙට මට ඔවා පේන්න බෑ.... කිරි අප්පට බල්ලො දෙනන්නෙක් පැනපි කිවුවලු.... ඒක එසේ මෙසේ මලක් නෙවෙයි... මලට යටින් තඩි බලුවසුරු පිඩක්.... මං අහන්නෙ මෙ ගෙරි බල්ලට මෙතනම කැත කරන්න ඔනෙද....? ටොයිලට් එකකට යන්න බැරිම නං අයිනකට දාපිය... ඒකත් හරි මල තියපු වල් බල්ලට මං යන වෙලාවටම ඔක තියන්න ඔනෙද....? ඔක උඩින්ම තියන්න ඔනෙද....?? දැං ඉතිං බ්‍රෙක් තියා බ්‍රෙක් ලිවර්වත් නැති බයිසිකලෙත් අරං ඒක උඩින් යනවා ඇරෙන්න වෙන දෙයක් කර ගන්න පරක්කු වැඩියි.... අනේ මගෙ රත්තරං බයිසිකලේ මජ්ගාඩ්වත් නෑ දෙයියනේ....!!
ඇයි මටම මෙවා වෙන්නේ....
මං ඇස් දෙක පියා ගත්තා...
සිරිබිරිස් ගාලා දෙපාරක් සද්දෙ ආවා... පොඩි නුරා රහක් ආවා..!!.
කෙළ ගහලා ඇග දිහා බලන කොට මට මාවම අඳුන ගන්න බැරී උණා...
තිත් මුවෙක් වගේ ලස්සන වෙලා දැං ඉතින් කොහොමත් නාන්න වෙනවා.. කන්න වෙන්නෙ නෑ
මල් කඩන උන්ට හෙන ගහපියවු....!!

Read more »

Followers