7.06.2010

තේරමක් නැති කතාවක විවරණය......




ආහ්... උඹලට කිරිබත් හම්ඛෙලා...!
පළවෙනිදා උදේ අම්මා කෝල් කලා....
"සුභ අළුත් අවුරුද්දක් වේවා මගේ පුතාට...!!"
කියලා කිවුවා....
"උඹ උදේට කාලද ඉන්නේ....?" ඇහුවා..
කාලා හිටියෙ නැති උණත් නිදිමතේම ඔවු කියුවා..
තවටිකකින් කන්න අදහසක් තියෙන නිසා...
පස්සෙ මතක් උණා අම්මා දීපූ සල්ලි ඉවරයි....
කන්න විදියක් නෑ කියලා....
බඩගින්න අමතක කරලා....
ඇහැට ආපු කඳුළු බිනදුව කොට්ටෙන් පිහදාගත්තා......!!


නිමිත්ත :: ජනවාරි පලමුවැනිදා (පළමුවැනි අවුරුද්ද.....)

Read more »

6.30.2010

නුඹට........


මීදුම අස්සෙන්.....
තරුකැට වලින් වෑස්සෙන පිනබින්දු..
පුංචි රෝස පෙති වලට වැටිලා.... ඉර එලියට දිලිසෙනවා....!
ඉතින් පුංචි මල් පෙති බරවෙනවා තමයි...
ඒත් ලස්සනයි.....!!
ඉර එළියට ඔය පිණි බින්දු මැකිලා යාවි....
මල් පෙති ඉර දිහා බලාගෙන...තවත් විකසිත වෙවි
හරියට නුඹ වගේ.....!!!

Read more »

6.19.2010

ආයෙමත්....!! (ලෝකයත් එක්කම....)


ලොකු නින්දකින් ඇහැරුනා.....!!
ඒ ටිකට ගොඩක් දේවල් වෙනස් වෙලා..
සමහර විට ඒ සිද්ධ වෙන්න තිබුණ විදිය වෙන්නත් ඇති...
සමහර අය ජීවිතයට එනවා සමහරු යනවා.. ඒත් හැමදේම තාවකාලිකයි නෙ..!
දැන් සහෝදර ලොකයාත් ටිකක් විතර දුර.. උගෙ බ්ලොග් එකත් මේ දවස් වල ඇණහිටලා... ඉතින් උගේ බ්ලොග් එකේ මම ලියපුවා ත් ඌ ලියපුවත් එකතු කරගෙන ආයෙත් සයිබර් අවකාශයේ නිරුවත් වෙන්න ලෝකයාගෙ භූමිකාවත් එක්කම එන්න හිතුනා........!!

Read more »

1.13.2010

සින්තටික් යථාර්තය....


බිම් මහලෙන්,
තනිවුණු ලෝකයට රිංගලා..
හිතේ හැටියට ජීවිතය තුරුළු කරගෙන...
පියාගත් නෙතුපියන් අතරින්
පුංචි තරුකැට සිඹිද්දී....
ළයට කා වැදුණු උණුසුමට..
ගුලිවෙන්න දගකරන
හදවත සංසිඳුවනු වස් හැමූ...,
සීතල පිණි බින්දු තැවරුණු,
පිපාසිත දෙතොලග තෙමා ගිය
ආත්මානුගත මදනළට මත්තෙන්
උඩුමහලට ළගා වුනු....
සෝපානය......

Read more »

10.31.2009

නුඹයි..මමයි....!!




ඈත ඉම පෙරමං හිඳ අත වනන නුඹ...
මැත මා හා සිනාසෙන නුඹ...!
සඳ මඬල පීරා දිලිසෙන..
සඳ මඬලව පායන...!
අනාගතය නුඹ..
වර්තමානය නුඹ...!!
වර්තමානය නැති අනාගතයක් අතර...
අනාගතයක් නැති වර්තමානයක් අතර..
දියවුණු අතීතයක මං සලකුණු අතර මම....!
අඩන්නද...? බෑ..
හිනාවෙන්නද..? බෑ..
නුඹද..? නුඹවද...?
හැම දේම තිබුණා තියෙනවා..
තවමත් මොකුත් නෑ...!!!

Read more »

10.23.2009

නුඹද.... මමද....පමාවද...........

නිල් රතු පාට සලුවට
හැඩ වෙච්චි..............
මටමද......

මීන නුවන් යුග යොමන
මග යනවුන් ගනින......මග හරින
ඇය......නුඹමද
හිරුත් සමග
හෝරා ගනින.....

උදෑසන දවල් වන
කැඩපතට විරිත්තන
උරුම කලිසමේ... කමිසයට
බාටා කෑලි ගලපන
හෙවනැල්ල
නුඹද....මම ද.......

සාපේක්ෂවූ කාලයට
නොපමාව පමාවන
දෑස් හමුවන
ගිනි නොවුනු දෑස් පෙන්වන
මන්දහාස... නගන
නුඹද...මමද.....
නිවැරදිද...

විලිය නොපෙන්වන
මගේ යයි හැඟුන
පලමු දවසද
එදාද...... අදද
නුඹද

පමාව නුඹද උරුමද.... පොදුද...නුඹටමද....නොපමාව මටද මටමමද......
______________________________________________
අවකාශයට එක් කලේ.......
ගිනියම් සිතුවිලි රේඛා අතර වල් වැදිච්ච ඉසව්වට නූතන පාඨකයා ගෙන යන
සයිබර් අවකාශයේ ලෝකයා.......
______________________________________________

Read more »

Followers