4.06.2011

අවුරුදු


අවුරුදු ඇවිල්ලලු...
ඔය කියන්නෙ රෙඩියෝ වල..
භාතිය සංතුෂ් කොළුවා හිටු කියලා රබන් තලන සද්දෙත් ඇහෙනවා....
එෆ් එම් වලට නම් කොහාත් ඇවිත්..
දැන් ඉතින් සෙට් වෙයව් අවුරුදු මේසෙට......
කුකුළෙක් රෝස් කරලා රෙඩ් ලේබලේට දුං අල්ලන්න.......

Read more »

1.13.2011

ලෝකයා හා නරකයාගේ ජීවන රෙඛාවේ ආරම්බය...........

හැමදාම කරැවල වැටෙන්න ඔන්න මෙන්න කියලා ඉර හැංගෙන්න යනකොට අනන්තයට යන පාර දිගේ බයිසිකල් කටු පාගගෙන කොහෙට හරි කමන් නෑ මුක්කුවක් ගහගෙන ලොකයාගේ වගේ මොන්ගල් ඔලු තියන තව එකෙක් එක්ක එක්ක හඳ පේනකන් බොරු කියලා....
පපුවට හුස්මත් එක්ක අපේ කාලකණ්ණි කමට පුරුදුවෙච්ච දුන් ටික අමාරුවෙන් ඔබාගෙන පේර ගස් වල කොල කකා ගෙදර යන එකේ ඇත්තටම තියන ආතල් එක මොකද්ද කියලා ලොකයෝ දන්නවා නං.....
ඌත් මොන්ටිසොරි ගියපු එකෙක් වෙන්ඩ බෑ කියලා මගේ කර වෙච්චි ඔලුව කියනවා... තව කවුරු හරි ලියන්න පෑනක් ගනිං කියලා කියනවනං උගෙන් අහන්න තියෙන්නෙ... එතකොට මට වදිනවද ?????......
උනුත් මොන්ටිසොරි ගියපු එවුන් වෙන්ඩ බෑ..... කවමදාකවත් හොර ගමනක් යන්න බැරි.. අමුතු අමුතු සද්ද දාන බයිසිකල් වල හොරෙන් ගෙදරට සේන්දු වෙලා කුස්සිය පැත්තෙන් ගෙට රින්ගනවා... ගෙදර මිනිස්සුන්ට ගඳ එයි කියලා, එහෙම ඇවිල්ල මාත් එක්ක ගෙදර ආපු කාලකණ්නියා ගෙදරින් එලව ගන්නකන් පිළිකණ්නට වෙලත් පච හලන එක නෙවෙයි පුදුමෙ මෙ ලෝකේ මෙච්චර පච තියෙනවද කියන එක
ඔය කතන්දරෙ ගෙදර යනකොට.....
ගෙදර එන්න පටන් ගන්නෙ ගණන් පන්තියේ ඉඳලා.. පුරුද්දකට වගේ පන්තියට යන ගමන් පංතිය ළගටම ළගටම ගිහිල්ලා ග‍්‍රහයො දෙන්නගෙන් එකෙක් අහන්න පටන් ගන්නවා පරණ පුරස්නෙම... "මචං අදනං මට පන්....!!" එතකොට අනිකා කියනවා.. "මාත් මෙ කියන්න හිටියෙ බෑ වගේ කියලා.....!!" ඉතිං දෙන්නටම පංති නෑ... පංතියට 40යි... දෙන්නෙකුටනම් 40 x 2 = 80යි එනම් දෙදෙනාටම 80යි... ඔකත් අරං වඩෙ කඩෙට රිංගලා ඇති වෙන්න වඩෙ 2 ගානේ 4ක් කනවා හොදි දාලා... 1ක් 5 බැගින් 4ට 5 x 4 = 20 ඉතිරි 80-20 = 60 ඔක හරියටම ඒ කාලේ 12න් බෙදුනා උත්තරෙ රන්පත් 5යි... ඔක තමයි අපේ ගණන් පන්තිය.. නිකන් ගණන් නෙවෙයි 'කොම්බයින් මැස්' හැමදාම එකම පාඩම.. එකම ගාන.. එපා වෙනවා...!! දැන් හරි.. පන්තියේ පැය බාගයක් ඉවරයි වෙලාව 5.00යි තව පැය 3.00ක් තියෙනවා
අපිත් එක්ක තව එකෙක් හිටියා උගේ නම නොකියා අපි උට එම්.පී කියලා කියමුකෝ ඔකත් අපිත් එක්ක තමා හිටියේ ඌ ගැන කියන්න ගියොත්......

ඉතින් ඕකගේ කාමරේ තියෙන්නේ ගෙදරින් පිට, ඌව ගෙදර තියගන්න පොඩි පොඩි අපහසුතා උන්ගේ දෙමව්පියන්ට තිබුනා කියමුකෝ...
ඌ ගණන් පන්තියේ අපි උගේ කාමරේ......අපේ දෙමව්පියන්ගේ කරුමෙට අපිට පරම්පාර්වෙන් ජාතියයි ආගමයි ඒ ගොලොලො අමාරුවෙන් හොයාගත්ත වැදගත්කමයි දෙයියනේ කියලා අපිට තිබුනා.. තියනවා කියලා හිතෙනවද මන්දා. ඒක නිසා ඒ ගෙදර කඩුල්ල උට වඩා ඒ කාලෙ අපිට ඇරිලා.අපි ඉතින් දැන් මේ ලොකේ නැති බොරු කියනවා.පැයක් හමාරක් බොරු කිව්වා කියන්නකෝ.දැන් දෙකක් විතර ඉවරයි. දැන් අපි යනවා රේල් පාර හොයගෙන බයිසිකල් කටු තල්ලු කරනවා.එතන අපි දෙන්නා සහෝදර බැම්මෙන් බැඳිලා එකක් දෙකට බෙදා ගෙන හෙමින් හෙමින් අපි බයිසිකලේ පැදගෙන කාටවත් නොපෙනෙන ගහක් යට කරුවලකට ඇවිත් දෙකම දල්වලා බොරු දෙකක් විතර කියලා පාර දිහා බලනකොට අඳුරන කියනකියන මනුස්සයෙක් පොඩි මොටෝ බයික් එකක් කකුල් දෙක අස්සේ ගහගෙන යන ගමන් අපිට සැලා එකක් දැම්මා මාත් උඩ පැනලා අත වනලා නරකයාගේ මූන දිහා බැලුවා ඌ මගේ දිහා බලන් ඉන්නවා.මම දැනගෙන හිටියා ඌ හරක් මස් කන් නෑ.. අම්මට සිරි උනේ එතනදි.මුගේ ආච්චිට හුරුල්ලො වැලයි......
අනේ අපේ ගණන් සර් නෙද මේ යන්නේ. මම අහන්නේ හැමදාම කාර් එකක යන මනුස්සයා හරියටම එදාට එතනින්ම යන්න ඕනද.....?????
මොනවා වුනත් හරි හොඳයි අපේ ගෙදරට කියලා තිබුනේ නෑ......

__________________අදහස ලෝකයාගේ_____________________

Read more »

1.02.2011

මාව හිර කරපු උඹලට.......!






හිරිගඩු පිපෙන තරම්.....
සන්තානික හීතලට නලියද්දී...
උණුසුම් හුස්ම පොදක් ඇතම් විට අතාත්වික අස්වැසිලක පැටලිලා...
ඒත් පරණ කඩමාළු පොරවනය යටට දුවලා ගුලිවෙන්න...
ප‍්‍රත්‍යාසන්න මිරිගුවෙන් මොහොතක ළ නිවා..
සුපුරුදු ඉඳුල් පුසුඹ ළග..
අතරමං වූ සිතුවිලි ඩිංගිත්තකට බිමින් තියන්න....
මට ඉඩ දීපල්ලා.....

Read more »

12.31.2010

පරණ අවුරුදු

අද දෙසැම්බර් 31...
හප්පා.... හෙට ඉඳන් අළුත් අවුරුද්දක්
කස්ටිය දැන් ඉඳන් සැට් වෙනවා..
කිරිබත් හදන්නයි... රතිඤ්ඤා පත්තු කරන්නයි.....
අපේ ගෙදරත් කිරිබත් උයනවා කියලා අම්මා කිවුවා...
හුටා හෙට බෝඩිම ගාව කඩවල් ඇරලද දන්නෙ නෑ
එහෙම උණොත්....
මෙ අවුරුද්දෙත් පලවෙනිදා බඩගින්නෙ....

Read more »

12.13.2010

දේශදේ‍්‍රාහියා....


මම.....!
බෙදුම් වාදී මිනී මරු කොටි තස්ත‍්‍රවාදයට උඩගෙඩි දෙන..
පර දේසකකාර අධිරාජ්‍යවාදයට පන්දම් අල්ලන...
කුමන්ත‍්‍රණ කාරී බටහිරයන්ට ගැතිකම් කරන....
දේශදෙ‍්‍රා්හියෙක්මි...!

මක්නිසාද යත්.

මම......!
තැන් තැන් වල පෝස්ටර් කටවුට් ගහලා ටවුන් කැත කරනවට අකමැති....
ගැස්තර ආගම් අනවශ්‍ය විදියට ප‍්‍රචාරණයට අකමැති...
සරසවි ශිෂ්‍ය මර්ධණයට විරුද්ධ.....
ප‍්‍රයිවට් කැම්පස් වලට විරුද්ධ....
කොට්න්ම අන්තරෙ ට අකමැත්තක් නොමැති..
ලොකු සීන් දාන පොලිසියට අකමැති...
..................................
.............................
ඉංගිරිසි බැරි
සිංහල බෑ වගේ පොෂ් ලයින් දෙන පඩත්තලයන්ව පේන්න බැරි
..........
.....
ඇමතිලාට බුලට්පෲෆ් දෙනවට අකමැති
උං ගාව අපේ හමුදා කොල්ලො බලු කරලා තියනවට අකමැති....
................
...........
..........
...............

Read more »

11.23.2010

අවශ්‍යතාව...



අපි දෙන්නා රණ්ඩු වෙමුද....?
ඇයි අපි දෙන්නා රණ්ඩු වෙන්නෙ...?
නිකං...අපි දෙන්නා රණ්ඩු වෙමු..
කොහොමද අපි දෙන්නා රණ්ඩු වෙන්නෙ...?
උඹ කියපං මෙක උඹේ කියලා..
මම කියන්නං මගේ කියලා..!!
මේක මගේ..!!
නෑ නෑ ඔක මගේ.. මමයි මුලින් දැක්කේ මං මේක කාටවත් දෙන්නෙ නෑ..!!!

ඌට කලින් ඉදන්ම රණ්ඩුවක් ඕනෙ වෙලා....!!

Read more »

Followers